IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


හෙට අරගලයට දේශපාලන පක්ෂ රැසක සහය

(ඩයනා උදයංගනී, නිමල කොඩිතුවක්කු සහ මුදිතා දයානන්ද)

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු ආණ්ඩුව වහා ඉවත්විය යුතු බවට බලකරමින් හෙට (9) කොළඹදී පැවැත්වෙන දැවැන්ත අරගලයට සහය දක්වන බවට සමඟි ජන බලවේගය ඇතුළු විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ ගණනාවක් ප්‍රකාශ කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුව පලවා හැරීමට හෙට (9) ආරම්භ වන සාමකාමී අරගලයට සමගි ජන බලවේගය පූර්ණ සහයෝගය පළ කරන බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

සාමකාමීඅරගලකරුවන් ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියලු පාර්ශවකරුවන් සමඟ එක්ව මෙම සටන ජයග්‍රහණය කිරීමට කටයුතු කරන බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය.

සමගි ජන බලවේගය සියලුම දේශපාලන පක්ෂ වෘත්තිය සමිති බහුජන සංවිධාන මෙම සටනට සහයෝගය ලබාදෙන බවත් ඔහු පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ද මෙම අරගලයට සහය දෙන බව එහි සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (8) පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදි රාමුවක් තුළ ප්‍රචණ්ඩත්වයෙන් තොරව එම අරගලය පවත්වන්නේ නම් තම පක්‍ෂය එයට ආශීර්වාද කරන බවත්, මෙම විරෝධතා අතරතුරදී කිසිඳු ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක නිරත නොවන ලෙස අරගලකරුවන්ගෙන් ඉල්ලා සිටින බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ගාලු මුවදොර අරගලකරුවන් කැඳවා තිබෙන විරෝධතා දිනයට ජාතික ජන බලවේගය දේශපාලන ව්‍යපාරයක් ලෙස සහාය දක්වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ජාතික ජන බලවේගයෙ විධායක සභික ටිල්වින් සිල්වා මහතා ද පැවසීය

තෙල් හා ගෑස් පෝලිම්වල සැලකිය යුතු පිරිසක් මියගොස් රටම ගිනිගෙන තිබියදීත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හැඟීම් දැනීම් නැති හිරිවැටුණු නායකයින් සේ ගිණිකෙළි සංදර්ශන බලමින් විනෝද වන බව කී ටිල්වින් සිල්වා මහතා ජනතාවගේ ප්‍රශ්නවලට පාලකයින්ට උත්තර නැති බව පෙනී යන බවද කීය.

43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේ මෙම අරගලයේ දී කිසිවකුත් ප්‍රචණ්ඩකාරී නොවිය යුතු බවයි.

රාජපක්‍ෂවරුන්ගේ ආණ්ඩුවේ ඉලක්කය ලේ වැගිරීමක් හරහා බලය තහවුරු කරගැනීම බැවින් මෙම අරගලයේදී අවිහිංසාවාදීව හා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන ලෙස සියලු අරගලකරුවන්ගෙන් ඉල්ලා සිටින බවත්, ප්‍රකෝපකාරී වැඩ කරන අය අරගලයේ සතුරන් බවත් රණවක මහතා කීවේය.

තමන්ගේ රාජකාරිය නීත්‍යානුකූල වපසරිය තුළ කරන ලෙස ආරක්‍ෂක අංශවලින් ඉල්ලා සිටින බව කී මන්ත්‍රීවරයා මිනිස්සුන්ගේ බඩට පයින් අනින්න, තුවක්කු බලය පෙන්වන්න මේ රටේ ඉඩක නැති බවත් , පීඩාවට පත් පවුල් අතර ඔවුන්ගේ පවුලුත් සිටින බවත් පැවසීය.

මේ අතර ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ලේකම් වෛද්‍ය ජී.වීරසිංහ මහතා පැවසුවේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉවත්වී සර්වපාක්‍ෂික අන්තර්කාලීන රජයක් පිහිටුවන ලෙස බලකරමින් ගෙනයන ජනතා අරගලයට හා ඒ වෙනුවෙන්පැවැත්වෙන විරෝධතාවයට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ සහය ලබාදෙන බවයි.



අදහස් (5)

හෙට අරගලයට දේශපාලන පක්ෂ රැසක සහය

chandima Friday, 08 July 2022 05:36 PM

වෙනත් වචනවලින් කියනවා නම් ‘‘ගෝඨාභය ඉවත් කර රනිල්ට විධායක බලතල දෙන අරගලයට දේශපාලන පක්ෂ රැසක සහාය..!‘‘

:       31       12

malakaFriday, 08 July 2022 06:35 PM

අනේ උබ වගෙ අම්බරුවො තවත් ඉන්නව නේද රටෙ ඉතින් කොහෙද රට හදන්නෙ

:       0       0

Prabath Friday, 08 July 2022 05:53 PM

නිර්පාක්ෂිකයිද? මෙහෙමත් ගොන්නු ටිකක් කවදාවත් දැකලා නැහැ...

:       15       14

Bamunuarachchi Friday, 08 July 2022 06:00 PM

අපි ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන නිසා තමයි අරගලවලට එකතුවෙන්නේ නැත්තේ... ප්‍රජාතන්ත්‍රවාදීව පත්කළ රජයක් අවුරුදු 57 ක්ම බලයට එන්න බැරිවුණු 3% පක්ෂෙකට තිබෙන රජය අතරමග පෙරලා බලය ලබාදෙන්න අපි සූදානම් නැත. ජෙප්පන්ට රට කරගන්න බැරි වුණොත් ඔවුන්ව පෙරළන්නේ කව්ද? රණවක ගොයියෝ රාජපක්ෂ රජයද රට ගිනිතිබ්බේ ලේ වැගිරුවේ ජෙප්පන්ද රට ගිනිතිබ්බේ... ලේ වැගිරුවේ? මෙයාගේ හිතේ අපි ඊයේ ඉපදුණා කියලා...

:       25       20

swene Saturday, 09 July 2022 06:36 AM

ඔයා කියන ප්‍රජාතන්ත්‍රවාදීන් රට බංකොළොත් කරලා ඉවරයි. සියයට 3 වුවත් කියන කතාවේ සත්‍යතාවය හොඳින් අහන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 547 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 160 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 1170 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 151 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 353 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2272 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1764 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site