වන ජීවී ඇමති විජිත් විජයමුණි ද සොයිසා මහතා අද කිලිනොච්චියේ චුන්ඩි කුලමේ වන ජීවී කාර්‍යාලයක් විවෘත කළේය.
හිටි ගමන් ඇමතිවරයා දක්නට නොලැඹිනි.
තවත් මොහොතකින් ඔහු අඩි 30 ක් පමණ උස වතුර ටැංකියට නැග සිටියේය.
බිමට බට ඇමතිවරයා කීවේ අවට සිරි නැරඹීම සඳහා එතැන සිටි බවයි.
මහ මුහුද අසල වන රොදක වන ජීවී කාර්‍යාලය පිහිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් හිතන්නේ සුදු කැස්බෑවා ඉන්නවද කියලා බලන්න ඇති ! (අ)
මට හිතුනේ හෙඩිම දැක්කම'' උපවාසයක් ''කියල. (අ)
ටැංකියට නැග්ගේ බිමට පනින්න්නද දැන් නැහැ ! බලාගෙන ! (අ)
මෙයාට උඩදී මොන මොන අදහස් පහල උනාද දන්නේ නැත , ඔහොම යන්,...පසුව දැනගන්න ලැබේවි ,....(අ)
අලි මැරෙනවා නිසි රැකවරණ නොමැතිව. වනජීවී ඇමති සිරි නරඹනවා. පසුගිය දවසක මා දැක්කා මෙතුමා බුත්තල පැත්තේ වල් අලියකුට කෝචෝක් කරනවා නිල රථයේ පියස්සෙන් ඔලුව දාගෙන.(නදී)
මමත් පුදුම උනා අපේ ඇමති තුමාට මොකද උනේ කියලා.(නදී)
කොහොමත් දැන් ඉන්න මැති ඇමති වරු විතරක් නෙමෙයි, පලබබලත් උඩමනේ ඉන්නේ බිමට බහින්න විදිද්යක් නැතුව.(අ)
ඊළඟ ඡන්දෙදි ප්‍රතිපල එනකොට හැංගෙන්න තැනක් අත් හදා බලන්න ඇති. (අ)
හිතේ සැක ඇර ගන්න බලන්න ඇති (අ)
තවම බය ඇති එල්.ට්.ටි යට ,මොනවා හරි කියන්න. ඒ නිසා වට පිටව බලන්න ඇති. සත්තු ටිකවත් බලා ගත්තනේ.(නදී)
කෙහෙළිය ඇමති තුමා වගේ කොන්ද කඩා ගන්නද හදන්නේ ? (නදී)
නෝනා බැන්නද දන්නේ නැහැ හිටි ගමන් අතුරුදන් වුනේ. ඒත් ඉතින් වන අලින් මතක් වෙලා අදහස අත් හැරලා වගේ.(නදී)
" රජ්ජුරුවෝ උඩයි උඩයි... " (නදී)
උඩ ගිය තරමටම බිමට වැටෙන වේදනාව වැඩී.