රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහර දීමේ නඩුව සම්බන්ධයෙන් 2009 වසරේ සිට මේ දක්වා සිටි පොලිස්පතිවරුන් නිසි ලෙස අධීක්ෂණය කර ඇත්දැයි විමර්ශනයක් කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්දා නානායක්කාර මෙනවිය අද රහස් පොලිසියට නියෝග කළාය.
එම සිද්ධියට සැක පිට සිටින යුද හමුදා බුද්ධි අංශයේ හිටපු මාණ්ඩලික සැරයන් ප්‍රේම් ආනන්ද උදලාගමට ඔහුගේ නීතීඥවරුන් අද ඇප ඉල්ලා සිටි අතර වෛද්‍යවාර්තා ලැබෙන තෙන් ඇප ලබා දිය නොහැකි බව මහේස්ත්‍රාත් කීවාය.
එම සැකකරුට මිනී මැරීමට තැත් කිරීම යටතේ චෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කරමින් සිටින බව රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
මේ අතර මෙම නඩුව සම්බන්ධයෙන් පළ කළ එක්තරා වෙබ් අඩවියක් ගැන ලැබී ඇති නිර්නාමික ලිපියක සඳහන් කරුණු සම්බන්ධයෙන් විමර්ශන සිදු කර වහාම වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය රහස් පොලිසියට නියෝග කළාය.
මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යෑමට ලොතරැයි මණ්ඩලයෙන් දායකත්වයක් සපයන බව එම ලිපියේ සඳහන් වෙතියි අධිකරණයේදී කියැවිණි.
මහේස්ත්‍රාත් - ලියාපදිංචි නොකළ වෙබ් අඩවියකට රාජ්‍ය ආයතනයකින් මුදලක් ලබා දිය හැකිද?
රහස් පොලිසිය - බැහැ
විත්තියේ නීතීඥවරුන් - එලෙස ලබා දෙනවා නම් එය රාජ්‍ය මුදල් අවභාවිතයක්
වෙබ් අඩවියට දැන්වීම් දෙන්නේ කෙසේදැයි ලොතරයි මණ්ඩලයේ අධ්‍යක්ෂගෙන් ප්‍රකාශයක් ගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා(8)පිහිටුවා ගනු ලැබීය.
ඇමෙරිකාවට සිටින ලොකුම සතුරා ඉරානය යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසයි. ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අතර, ජනාධිපත
පොළොන්නරුව අරලගංවිල දෙහිඅත්තපිටිය හා ජයමුතුගම ගම්මාන හරහා වර්ෂාවත් සමඟ හමා ගිය සුළඟකින් එම ගම්මානවල නිවාස 20 කට අර්ධ හා පූර්ණ ලෙස හානි සිදුව තිබේ.
වීසා බලපත් නොමැතිව රැදී සිටී චීන ජාතිකයන් විසි දෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ලබනන් වැසියන් ආමන්ත්‍රණය කරමින, ඔවුන්ට අනතුරු ඇඟවීමක් ද කරමින් වීඩියෝ පණිවුඩයක් නිකුත් කර ඇත.
වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හිටපු අයිජීලා මොනවා කළාදැයි උසාවිය වාර්තාවක් ඉල්ලයි