අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විවිධ චෝදනා පරීක්ෂා කිරීම සඳහා හිටපු ආරක්ෂක ලේකම්, නාවික හමුදාපතිවරුන් උසාවියට කැඳවීම පිළිබඳ ව තම අප‍්‍රසාදය පළ කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (12) ‘සත්විරු උරුමය‘ ආරක්ෂක අංශවලට නිවාස හා ඉඩම් හිමිකම් පිරිනැමීමේ උත්සවයට කොළඹ පදනම් ආයතනයේ දී එක්වෙමින් පැවසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව යන ආයතන දේශපාලන න්‍යාය පත‍්‍රවලට අනුව කටයුතු කරන්නේ නම් එම ආයතනවලට එරෙහි ව ක‍්‍රියාමාර්ග ගන්නා බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
අග‍්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය සමඟ අඟහරුවාදා (11) පස්වරුවේ කළ සාකච්ඡාවක දී ද තමා මේ බව ප‍්‍රකාශ කළ බව ජනාධිපතිවරයා කී ය.
ස්වාධීන කොමිෂන් සභා ඇතුළු වංචා හා දූෂණ චෝදනා පිළිබඳ ව පරීක්ෂණ කරන ආයතන තම පරීක්ෂණ පිළිබ`ද ව ජනාධිපතිවරයා හා අග‍්‍රාමාත්‍යවරයා දැනුවත් කළ යුතු යැයි ද ජනාධිපතිවරයා පැවසීය.
තමාට කිසිවකු සිරගත කිරීමට වුවමනාවක් නොමැති බව ද ජනපති කීය.
හිටපු ජනාධිපතිවරයා බලය තිබිය දී එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා හා ඉන්දීය විදේශ අමාත්‍යවරයාට දුන් පොරොන්දු ගැන බලය අහිමි වූ පසු ප‍්‍රකාශ නොකරන බව ද ජනාධිපතිවරයා කී ය.
රටේ ප‍්‍රශ්නවලට මුහුණ දීමට තිබූ නොහැකියාව හේතුවෙන් හදිසි ජනාධිපතිවරණයකට ගිය හිටපු ජනපති වර්තමාන ආණ්ඩුව රටේ ප‍්‍රශ්න විසඳීමට කටයුතු කරමින් සිටින විට විවිධ කතන්දර කියමින් සිටින බව ද ජනපති පැවසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද මේ හතරබීරි කතාව? මටත් තේරෙන්නෙ නැහැ (නි)
කතාව හොඳට තේරුම් අරගෙන අදහස් දාන්න. (නි)
කොහොමත් මේ ආණ්ඩුව ඔබතුමාට වැඩිය ඇහුම්කන් දෙන්නේ නැතිබවකුයි අපිටත් පෙනෙන්නේ. (නි)
රටේ ජනාධිපති වුණත් වැරදි කර ඇත්නම් නීතිය එකයි (නි)
එතකොට එයාලා අතින් වැරදි සිදුවෙලා නම්...? (නි)
ඕනෑම කෙනෙකුට තේරෙනවා නේද අපරාධ විමර්ශන කොට්ඨාශය හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව යන ආයතන දේශපාලන න්‍යාය පත‍්‍රවලට අනුව කටයුතු කටයුතු කරන බව. මහ බැංකු කොල්ලයේ වගකිවයුත්තන් සහ ඔවුන්ව ආරක්ෂා කරන අය තවම නිදහසේ ඉන්නවා. මේවායින්ද තේරෙනවා නේද වැඩ සිද්ධවෙන්නේ දේශපාලන න්‍යාය පත‍්‍රවලට අනුව බව. (නි)
වැරැද්ද කවුරු කළත් වැරැද්දමයි (නි)
දැන්ද මේවා දන්නේ? හැමදේම දැනගන්නේ පත්තරෙන්නේ. (නි)
දහම්ගේ සිද්ධිය යටගහන්න නම් එපා. ටිකක් සැරෙන් කතා කරනවා වගේ පෙනෙන්නේ (නි)
මෙතුමාටත් කාලයක් යනකොට හැම දේශපාලකයටම හැදෙන ලෙඩේ හැදීගෙන එන බවකුයි පෙනෙන්නේ. වැරදි කළා නම් හෝ නොකළා නම් ඒවාට උත්තර දෙන්න යන්න බැරි මොකද? හිටපු ආරක්ෂක ලේකම්, නාවික හමුදාපතිවරුන් උසාවියට කැඳවීම වරදක්ද? මේ අය නීතියට ඉහළින්ද ඉන්නේ? (නි)
හමුදා නිලධාරින් ඉදිරියේ ඔහොම කිව්වාට රටේ වෙන්නේ වෙන දෙයක් කියලා ඕනෑ කෙනෙකුට තේරෙනවා (නි)
යහපාලනය ආවේ හොරු අල්ලන්නද? හොරු රකින්නද? මේ මොකද වෙන්න යන්නේ? බලමු එක්නැලිගොඩ, තාජුඩීන්, ලසන්ත නඩු වලට මොකද වෙන්නේ කියලා (නි)
මොකද ඔබතුමා නිකම් බයවෙලා වගේ කතාකරන්නේ..? වැරදිකරුවන් ආරක්ෂා කරන්නද ඒ පාර හදන්නේ? (නි)
මේක පුදුම දෙයක්. විශ්වාස කරන්නේ කොහොමද? කොහෙන්හරි තර්ජනයක්වත් ඇවිල්ලද? (නි)
මේක අර සමාජ ශාලාවේ ප්‍රශ්නයටත් සම්බන්ධද? (නි)
අද මොකද දන්නේ නැහැ මෙතුමා සමහරු ගැන අනුකම්පාවෙන් කතාකරන්නේ? (නි)
අනේ මෙහෙමත් කතා? රටේ සේනාධිනායකයා දන්නේ නැද්ද රටේ ආරක්ෂක අංශ මොනවාද කරන්නේ කියලා. (නි)
අනේ මහත්තයෝ, කථාව නොවෙයි වැඩයි අවශ්‍යය. ඔබතුමා රැස්වීම්වලට ඇවිල්ලා හයියෙන් කෑගහලා ගියාට ඒ කිසිදෙයක් සිද්ධවෙන්නේ නැහැනේ (නි)
ඔබ ප්‍රමාද වැඩියි. ජනතාව ඔබට වඩා කලින් මේ දේ කිවුවා. උපදෙස් දෙන අයගෙන් හොඳටම ප්‍රවේශම් වියයුතුයි. බඩගොස්තරය රැක ගැනීම සඳහා සමහරු අකමැත්තෙන් වුණත් යම් දේවල් කරන්නේ තමන්ගේ මතු බලාපොරොත්තු පපුවේ තියාගනයි. ප්‍රවේශම්වීම ඉතාමත්ම වැදගත් (නි)
අපි බලය දුන්නේ හොරු අල්ලන්නනේ. අයියෝ! අපිව අමාරුවේ දාන්න එපා. (නි)
රණවිරුවන්ට සහ එහි නායකයින්ට ඕනෑම නීතිවිරෝධී වැඩක් කිරීමට අවසර තියෙනවාද?එකඅතකට එහෙම නොවේ නම් මේක ශ්‍රී ලංකාව වෙන්න බැහැනේ. (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
එතුමාගේ චින්තනය අනුව ඔහු කියන දෙය හරි (නි)
හිටපු කෙනා කියලා තිබුනා නේද ඔලුගෙඩි මාරුකරලා බලය අල්ලනවා කියලා. මේක පටන්ගැන්මද දන්නෙ නැහැ. (නි)
ඡන්දය දුන් 62 ලක්ෂයක ජනතාව අං තට්ටු ගෙන පළදවා ගන්න කාලය ඇවිත් (බ)
බොරු වැඩනේ.(හේ)
තැන තැන කියවන්නෙ නැතුව හොයල බැලුවනම් ඉවරනෙ ,බලන් ගියාම සේරම වැඩ වෙන්නෙ ජනාධිපතිට හොරෙන්නෙ (බ)
පලවෙනි වතාවට මට ඔබතුමා ගැන කළකිරීමක් ඇතිවුනා. රටේ සියලු පුරවැසියන් නීතියට යටත්, ඔබතුමාත් එහෙම හිතන පුද්ගලයෙක් කියල හිතාගෙන තමා ඔබතුමාට ඡන්දෙ දුන්නේ. දැන් සිද්ධ වෙන දේවල් බලපුවම ඔබතුමාත් හිටපු ජානාධිපති වරයාත් අතර වැඩි වෙනසක් නෑ. (බ)
මහා බැංකු මහා මංකොල්ලය සිදුවුණු බව හොදටම දැනගෙනත් එකට පියවර ගන්න රටේ නායකයට බැරි හැටි.(ම)
වරදක් කළානම් තමන්ගේ පුතාට වුනත් නීතිය කරන්නෝන ජනාධිපතිතුමනි .ඒකයි ආදර්ශය වෙන්නෝන. (බ)
කවුරු හොරකම් කලත් නීතිය කාටත් පොදුයි. (ම)
ඔය වරදිකරපු අය ඉන්නේ විරුද්ධ පක්ෂේ විතරද ?.පාලක පක්ෂේ ඉන්නේ වැරදි නැති අය විතරද? (ම)
අපිට නිලතල වලින් වැඩක් නෑ, වැරදි කරලා තියෙනවනම් එයට දඬුවම් කරන්න ඕනේ . (ම)
මිනිස්සු මැරු කොටියන් නිදහස් කරමින්,රණවිරුවන් හිරගෙට යවමින් විකාර දොඩවනවා. හිටපු ජනපති තුමාගේ වැරදි නැතුවා නොවේ.එහෙත් කොටි හිතවතුන්ගේ පදයට නටන්න ,නැටවෙන පාලනයකට වඩා ,මේ රටේ පිටකොන්ද ඇති නායකයෙක්ගේ පාලනය හොඳය. (අ)
කතාව නම් සහතික ඇත්ත,අපේ රණවිරුවන් ආරක්ෂා කරනවා වෙනුවට උසාවිවලට යොමුකරලා කරදර පටලවනවා. මෙතැනදී එතුමා කිව්වේ ජනාධිපතිතුමා දැනුවත්කළ යුතු බව මිසක් ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා දැනුවත්ව කල යුතුබව නොවේ. අගමැතුතුමා මේවා නොදැන ඉන්න විදිහක් නැත (අ)
මහා ලොකුවට කිව්වේ හොරුන්ට දඬුවම් දෙනවා කියලා. (නි)
හිටපු කට්ටිය වැරදි කරලා නම් ඒගොල්ලන්ට එරෙහිව පරීක්ෂණ කරන්න ඕනෑ නැද්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නෙ. (නි)
මෙතුමා නින්දෙන් ඇහැරිලා වගෙයිනේ. දැක්කේ පත්තරෙන්ද? (නි)
සිවිල් සහ වෘත්තීය සංවිධාන වල නායකයන් සියළු දෙනාටම මෙයට විරුද්ධ වියයුතුයි. අපිත් මේ පාලනය ගෙන්න උදව් කළ නිසා කළකිරිලා ඉන්නේ මේ කතා අහලා. (නි)
එයාලා අතින් වැරදි සිදුවෙලා නම් වැරදි තමයි. නමුත් කව්ද මේගොල්ලෝ වැරදිකාරයෝ කළේ? කාගේ පැමිණිල්ලටද? කගේ උවමනාවටද? අපේ මිනිස්සුත් තමන්ට සතේක වටිනාකමක් නැති දේවල් ගැන මෙහමෙරක් වගේ කරට අරගෙන කතා කරනවා. හැබැයි වැඩිපුර විස්තර ඇසුවොත් හෙමින් ලිස්සලා යනවා. (නි)
මෙතුමා කියන කතාවල මට නම් කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. කොහොමත් ගෝඨා වැනි ශ්‍රේෂ්ඨයෙකුට ගැරහීම හොඳ නැහැ. (නි)
මොකද ගෝඨාට මේතරම් සැළකිලි. බලමු මොකද වෙන්නේ කියලා. හොරුන් බේරන්නද යහපාලනේ ආවේ? අපවත් වූ සෝභිත හිමියන් බලාපොරොත්තු වූ යහපාලනේ මේක නොවෙයි (නි)
ඒ කියන්නේ එතුමාටත් තේරෙනවා කරලා තියන චෝදනා කෘතිම, බොරු ඒවා කියලා (නි)
බලයෙන් ඔලුව උදුම්මවාගන්න එපා. මොන තනතුරු දැරුවත් වැරදි කරලා තියෙනවා නම් එයාලා උසාවියට ගෙන්නන්න ඕනෑ. දඬුවම් දෙන්න ඕනෑ. (නි)
හිටපු කට්ටිය වැරදි කරලා නම් ඒගොල්ලන්ට එරෙහිව පරීක්ෂණ කරන්න ඕනෑ නැද්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නෙ (නි)
කාගෙ කාගෙත් වැඩ දැන් දැන් එළියට එනවා වගේ. ඕවට තමා අපි කියන්නේ හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් කියලා (නි)
ඕව අපිට කියල වැඩක් වෙනවද (බ)
සෆ්රාස් , සරත් කුමාර රට විනාශ කිරීමට ආව කොටියන්ට සමාව දීල කොටින්ගෙන් රට බේරා ගත්ත වීරයන්ට අවමන් කිරීමට තරම් ඔබ ගුණමකුද (බ)
කථාවනම් දෝලාවෙන් (බ)
ඔය කතාව වැරදි පූර්වාදර්ශයක්, කවුද හරි කියල නොවෙයි බලන්න ඕන, මොකක්ද හරි කියලයි, කවුරු කළත් වරද, වරදමයි. (බ)
මහත්තයො, ඇයි ඒගොල්ල කරපු වැරදි , වරදවල් නොවේද ? නීතියට ඉහලින් කිසිවකුත් නැත (බ)
මෙතුමා මොන ලෝකෙක ඉන්නවද මන්ද ? මොහුට හැමදෙයක්ක්ම දැනගන්න ලැබෙන්නේ ප්‍රමාදවෙලා , ඒක අපේම අවාසනාවක් (බ)
මොනවද මේ කියන හතර බීරි කතාව ?,එතකොට ලොකු මිනිස්සු ආරක්ෂා කරලා පොඩි මිනිහ හිරකළ යුතු වෙනවා .? (බ)
උදය දම්මික සායක්කාර දෙකක් පිටට කියන්නේ එකක් අැතුලෙ වෙන්නෙ තව එකක්. ඕකයි තත්වෙ.. පිටට පිහියෙන් අැනිමේ කලාවේ ගූර සෙන්පතියෝ නේ මෙයාලා. (බ)
අනේ මෙයා නිකම් කතා විතරයි. කරන කිසි දෙයක් නැහැ. බලමුකෝ ඔය කියපු දේ කරයිද කියල එහෙනම්. (බ)
රටේ ඕනෑම කෙනෙක් නීතිය කඩනවානම් එයට දඬුවම් ලැබිය යුතුයි ! හිටපු එක්කෙනයි දැන් ඉන්න එක්කෙනයි කියල වෙනසක් කරන්නේ නැහැ කියල එදා පොරොන්දු වුණා නේද ? නීතිය සාධාරණයි කියන්න පුළුවන් එතකොට විතරයි ! (බ)
එන පොට හොඳ නැහැ. කිවුවේ නම් ඔහොම නෙමෙයි (බ)
ඔබතුමාත් ඒකාබද්ධ විපක්ෂෙට යන්නද ඔය කතා කියන්නේ. (බ)
එතකොට ලොකු නිලතල වල ඉන්න කට්ටිය මොන හොර වංචාවක් කළත් නීතිය ඉදිරියට ගෙන එම වැරදිද ? මෙම ප්‍රකාශයෙන් ඍජුවම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බලපෑමක් කරනවා ලොකු හොරුන් අල්ලන්න එපා කියල (බ)
ඇයි හිටපු ආරක්ෂක ලේකම් නීතියට තවම යටත් නැද්ද ? (බ)
නීතිය ක්‍රියාත්මක කරන ආයතන මොකටද කාවවත් දැනුවත් කරන්නේ . විශේෂයෙන්ම ජනාධිපති අගමැති වගේ අය ස්වාධින කොමිෂන් සභා වලට මැදිහත් වුණොත් වෙන්නේ එම ආයතන වල ස්වාධීනත්වය නැති වීම. මේක මාර කතාවක්නේ. දෙස්පාලුවන්ව දැනුවත් කරන්න ඕනෙනම් අල්ලස්. කොමිසමක් මොකටද ? ජනාධිපතිටම එම වැඩේ පැවරුවා නම් ඉවරයිනේ (අ)
මේ වගේ රණවිරු උලෙලෙකට ඇවිත් වෙන මොනවා කියන්නද? (අ)
මේ නිලධාරීන් රටේ පුරවැසියන් නොවේද, සිවිල් නීතියට යටත් නැද්ද.(අ)
ආවේ හොරු අල්ලනවා කියලා නේද? ජනාධිපතිගෙන් වුණත් චෝදනා තියෙනවා නම් ප්‍රශ්න කරන්න ඕනේ (අ)
හිටපු නාවික හමුදාපති වරුන් උසාවියට කැඳවීමට බැරි ඇයි එයාලට විශේෂ වරප්‍රසාදයක් හිමිද? වෙනත් පුරවැසියන්ට නැති. (ර)
හොරුන්ට දඬුවම් දෙන්න ඕන. හැබැයි හැමෝටම දේශපාලනය නැතිව. (ර)
කරන්න හොඳනම් කිව්වාම මොකද වෙන්නේ ඉතින්. (ර)
රටක පුරවැසියෙක් අධිකරණයක් ඉදිරියට යාම අගෞරවයක් නොවන නමුත් වැදගත් තාන්න මාන්න දරන අය නීති කඩා ඇත්නම් එය බලවත් වරදක් සහ එවැන්නන්ට රටේ නීතිප්‍රකාරව අච්චු කිරීම ස්වාධීන සහ ගෞරවනීය අධිකරණයට අයිති දෙයක්. (අ)
හදිසි ජනාධිපතිවරණයකට ගියේ පැරදෙන්න නෙමෙයි මහත්තයෝ කාලය ගෙවෙද්දි ඔබ තුමාටත් නැවත බලය අවශ්‍යයි වගේ මෙි කථා වලින් පෙනේන්නේ (අ)
උඩ බලා කෙළ ගැහුවම තමන්ගේම මුහුණටයි වැටෙන්නේ. රත්නපුර රැලියට බයවෙලා. දැන් තමයි නියම යහපාලනය ලබලා තියෙන්නේ (නි)
අනේ මන්දා මෙතුමා මේ කතාකරනනේ මොනවාද කියලා (නි)
දිමුත් තමයි හරි කතාව කියලා තියෙන්නේ. මේ කතා කිසිම විදියකට විශ්වාස කරන්න බැහැ. පොඩ්ඩක් හිතලා බලන්නකෝ (නි)
එතකොට අබරන්ලා, හරමානිස්ලා විතරද උසාවි ගෙනියන්නේ? මේකද යහපාලනය? (නි)
මෙචර දවසක් ගියද ඔය ටික කියන්න? පත්තරෙන් වෙන්න ඇති දකින්න ඇත්තේ. මට තියෙන ප්‍රශ්නය ඔබතුමා පසුගිය අවුරුදු තුළ මේවා නොදුටුවේද කියායි (නි)
මෙතුමා කියන එක හරි. පරීක්ෂණ කරනවානම් සැමට එක වගේ වෙන්න ඕනෑ. දැන් ආණ්ඩුවේ ඉන්න හොරකමට සම්බන්ධවූවන්ට මොන පරික්ෂණවත් නැහැ. (නි)
සියලුම දෙනා වැරදියට වටහාගෙන. එතුමා අදහස් කළේ එවැනි රටට වටිනා පුද්ගලයෙක් සැකකරුවෙක් විදිහට ඉදිරිපත් කරනකොට ඔහුගේ ගෞරවය ආරක්ෂාවන ආකාරයට සිදුවිය යුතුයි කියලනේ (නි)
මෙතුමාට මොනවා වෙලාද? නැත්නම් මෙතුමාට අමතක වෙලාද එතුමා ශ්‍රී ලංකාවේ විධායක බලතල සහිත ජනාධිපති කියලා? මෙතුමා කතාකරන්නේ හරියට වෙන කෙනෙක් රට පාලනය කරනවා වගේනේ (නි)
ඔබතුමා බලයට ආවේ ඔහොම කියලා නොවෙයි නේද? වැරදි කරන ඕනෑම කෙනෙකුට දඬුවම් කරනවා කියලා නේද? (නි)
කෝ අපේ චතුරිගේ අදහස් නැද්ද අද? (නි)
හමුදාව ඉස්සරහට ඇවිල්ලා එහෙම කිවුවට යාපනේට කිලිනොච්චියට ගිහිනුත් මේ විදිහටම කියනවාද? (නි)
පත්තරය කියවන්න ප්‍රමාදවෙලාවද්ද? (නි)
ඔබතුමා කියන්නේ එක දෙයක්.. නමුත් රටේ වෙන්නේ වෙන දෙයක්.(අ)
අනේ මොකටද මගේ කට (නි)
මෙතුමාටත් මොකක්දෝ අසනීපයක් හැදීගෙන එනවා වගේ. හොරකම්, මැරකම් වලට විරුද්ධව ජනතාව කලින් ආණ්ඩුව ගෙදර යවපු බවවත් මෙතුමා දන්නේ නැද්ද? රටක පුරවැසියෙක් අධිකරණයක් ඉදිරියට යාම අගෞරවයක් නොවන නමුත් වැදගත් තාන්න මාන්න දරන අය නීති කඩා ඇත්නම් එය බලවත් වරදක් සහ එවැන්නන්ට රටේ නීතිප්‍රකාරව අච්චු කිරීම ස්වාධීන සහ ගෞරවනීය අධිකරණයට අයිති දෙයක් (නි)
අපි යහපාලනයෙන් බලා පොරොත්තු වුනේ ඔබ තුමා කියන එක නෙවෙයි. ඕනෙම ලොක්කෙක් රටේ නීති කඩලා නම් එයට දඬුවම් විඳින්න ඕනේ කියල. අපි නම් සතුටු වුනා අර වගේ අයත් දැන් නීතියට යටයි කියල. ඊට අමතරව රජ කුමාරවරුත් චන්ඩි කම් වලට ආවොත් කූඩුවට දමන්න ඕනේ. කරුණාකර ඔබ තුමාගේ නම රන් අකුරෙන් ලියවෙන විදිහට ඉන්න. (බ)
මෙතුමාටත් අර හැන්දෙන්ම බෙදන්න වෙයි වගේ .(බ)
පරීක්ෂණ කරනවනම් දේශපාලන භේදයෙන් තොරව චෝදනා අැති සෑම කෙනාටම එරෙහිව පරීක්ෂණ සිදුකළ යුතුය.අාණ්ඩුවෙ සමහරුන්ට අැති චෝදනාවලට තාම කිසිම පියවරක් නොගැනීම පිළිබඳව මෙතුමාගෙ අවධානය මේ අයුරින්ම යොමුවන්නේනම් මැනවි. (බ)
අන්න හරි..මේ මහත්වරුන් අල්ලස් කොමිසමට කැඳවීම සම්බන්ධයෙන් මහජනතාවට උපරිම දඬුවම් දිය යුතුයි. (බ)
මෙයාටත් මොකක්දෝ අසනීපයක් හැදීගෙන එනවා වගේ. හොර කම් , මැරකම් වලට විරුද්ධව ජනතාව කලින් ආණ්ඩුව ගෙදර යවපු බවවත් මෙතුමා දන්නේ නැහැ. දැනගන්න විදියකුත් නැහැ. මොකද මෙතුමා එලියට ආවේ රටේ මිනිසුන්ගේ ප්‍රශ්න දැනගන නොවේ. ජනතාව අතරින් මතුවුන නායකයෙක් සහ උඩින් පාත් වුන නායකයෙක් අතර වෙනස මේකයි.(බ)
රටේ වෙන්නේ මොනවද කියල මෙලෝ දෙයක් නොදන්නා සමහර නායකයොත් දැන් නන් දොඩවන බවයි අපිට පෙන්නේ! (බ)
රටේ වෙන දේවල් ගැන දැනගන්න පත්තර කියවන්න ඕන. කාලෙකින් පත්තර නොකියෙවුවම වෙන්නේ මොනවද කියල දැන ගන්න බැරි වෙනවා. එතකොට දැනටමත් වෙලා තියෙන දේවල් වෙන්න දෙන්නේ නෑ කියල නිකන් කුජිත වෙන්න ඕන නෑ. (බ)
වැරදි කළානම් ලොක්කත් එකයි. පොඩ්ඩත් එකයි. ජනාධිපති නීතියට අතගහන එක වැරදි. (බ)