2008 අප්‍රේල් හය වැනි දා වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගනය අසලදී බෝම්බ ගසා හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු 16 දෙනකු මරා දැමීමේ සිද්ධියේ අධිචෝදනා භාර දීම අද ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය ඉදිරියේ දී සිදු විය.
හිටපු සහකාර පොලිස් අධිකාරී ලක්ෂ්මන් කුරේ සහ සෙල්වරාජ් කිරුබාකරන් ත්‍රස්තවාදී කොට්ඨාසය භාරයේ සිට අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර තම්බයියා ප්‍රකාශ් රිමාන්ඩ් භාරයේ සිට අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
තමන් නිවැරදිකරුවන්යැයි සියලු විත්තිකරුවෝ කීහ.
නඩුව නැවත කැඳවීම සැප්තැම්බර 15 වැනි දාට කල් තැබුණු අතර ලක්ෂ්මන්කුරේ සහ සෙල්වරාජ් කිරුබාකරන් තවදුරටත් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය භාරයේ තබන ලෙස නියෝග කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධි චෝදනා බාර දෙන්න අවුරුදු හයක් ගියා. කාටද මේවා කියන්නේ. (නදී)
එකට තමයි චමින්ද මහත්තයෝ ආශ්චර්යය කියන්නේ! (අ)
චමින්ද, ඔයා මේක ප්‍රමාදයි කියා චෝදනා කරනවා. තවත් සමහරු හිටපු අගවිනිසුරුවරියගේ චෝදනා පිටු දහස් ගණනක් පැය කීපයකින් කියවා ඉක්මන් තීන්දුවක් දුන්නා කියා චෝදනා කරනවා.මේවා ආශ්චර්යයට යන එක ඉවසන්න බැරුව කරන අභූත චෝදනා ලෙසයි මම නම් දකින්නේ. (නි)
"මේවා ආශ්චර්යයට යන එක ඉවසන්න බැරුව කරන අභූත චෝදනා ලෙසයි මම නම් දකින්නේ. " ආශ්චර්ය ගැන සිහින දකින කෙනෙක්ද කොහෙද? අනේ හොඳයි (නි)
සෑම්, ඔබ ජීවත්වන රටේ අධිකරණ පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ඔබට අවබෝධයක් තියෙනවා නේද? (නි)
ආශ්චර්යය කියන වචනය යොදනවාට ඇතමෙක් විරුද්ධ නිසා අපි ඕකට "සිහින රාජ්‍යය" කියලා කියමු නේද පිටිගල මහත්තයෝ? (නි)
පිටිගල මහත්තයෝ, ඔය ආශ්චර්යය කියන වචනය `ආර්ස්` කියන ඉංගිරිසි වචනයෙන් බිඳුන එකක් කියලයි මට නම් හිතෙන්නේ (නදී)