තෙලිජ්ජවිල විදුහලේ විභාග සමීක්ෂණ ශාලාවක මත්පැන් සාදයකින් පසු නව හැවිරිදි දැරියක කෙළෙසූ හිටපු ගුවන් හමුදා භටයකු වන බුද්ධික නුවන් කුමාරට (32) මාතර මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ද සිල්වා මහතා අද බරපතල වැඩ සහිතව වසර 15ක සිර දඩුවමක් නියම කළේය.
දැරියට රුපියල් දෙලක්ෂයක වන්දියක් ද, රුපියල් දස දහසක දඩයක් ද ඔහුට නියම විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බය වෙන්න එපා.. මෙයාව හිර ගෙදරටම ක්ෂය වෙලා යනවා..(අ)
මේවට වග කියන්න ඕනේ අපේ ඉහළ ඉන්න කටිටිය තමයි. මොකද වැරදි කරන අයව උකුලේ තියලා නලවනවානේ.(නදී)
නුවන මද නුවන් ගුවන් බටයෝ ඔබට නිවන් සැප නම් නොලැබේ .(නදී)
දෙවියනේ, අපේ ශ්‍රී ලංකාවට මොකද වෙලා තියෙන්නේ ? හමුදාව පොලිටික්කෝ බහුතරය වනචරයෝ ,අනේ අපේ රට ,පොඩි දරුවෝ?? කාට කියන්නද මේ දුක (නි)
මේ කෙනා නිදහස් වෙලා එනවිට ඔහුගේ වයස 47යි. තව මල් කැකුලු 100ක් තලා දාන්න කල් තියනවා. දැරියට 25යි. මෙයා මේ දැරියගෙන් පලි නොගෙන සිටී යැයි කියන්න පුළුවන් කාටද? මේ දඬුවම ලිහිල් වැඩියි. ජීවිතාන්නය දක්වා හිරේ දැමිය යුතුයි. (නි)
ඔන්න ආයෙත් දකුණේ කොල්ලෙක් වැඩ පෙන්නලා. මේ වගේ දේවල් කරන අය ඉන්න දකුණට විතරක් අපි අර නිවාසයක් වත් දෙමුද? (නි)
ඔන්න ආයෙත් දකුණ පෙන්නන්න බැරි කෙනෙක් වැඩ පෙන්නලා කිරි මාටින් කියලා. මීට කලින් ලංකාදීපේ වාර්තා කරපු අපරාද වැඩි හරියක් දකුණෙන් පිට. දකුණේ මොකක් හරි වෙච්ච ගමන් ඔන්න කෑ ගහනවා අන්න දකුණේ වැඩක් කියලා.(නදී)
මේ විදියේ වැරදි කරපු සමහර අය ඇප පිට තවම නිදැල්ලේ ඉන්නවා. (නදී)
දඬුවම මදි (අ).
මේ දඩුවම් කාලයට ඔබින අයුරින් සංශෝධනය විය යුතුයි.රුපියල් දෙලක්ෂයක වන්දිය, රුපියල් දස දහසක දඩය අද කාලේ මොකක්ද? (නි)
මේවගේ වැරදි වලට මරණ දඩුවම දෙන විදියට වහාම නීති සංශෝධනය විය යුතුයි. (නි)
කිසිම වග විභාගයක් නැතිව පෝලිමේ හමුදාවට ගත්ත එකේ විපාක තමයි ඔය. නියම හමුදා නිලධාරියෙක් විනය ගරුකයි, සිවිල් ජනතාවට ලෙන්ගතුයි. ඔය වගේ වැඩ කරන්නේ නැහැ. මමත් අවුරුදු 22 ක් ගුවන් හමුදාවේ සේවය කල කෙනෙක්.(නදී)
සාරුවා සුනිල් නම් ආශිර්වාදයෙන් නිදහස් වෙනවා.(නදී)
දඩුවමක් නෙමේ තවත් මෙවැනි ක්‍රියා දිරි ගැන්වීමක්. (නදී)
ඇල්කොහොල් බිවුවට පස්සේ ඉන්න තැන අමතක වෙන්න ඇති (නි)
මේ වගේ අයට ආයෙත් ජීවිතේට කම්සැප ලබන්නට බැරිවෙන විදියට එන්නතක් ලබදෙන්නයි තියෙන්නෙ. අනෙත් කාමාතුරයන්ටත් පාඩමක් ඉගෙනන ගන්නත් එක්ක. (නි)
නීතිය අවස්ථාවාදීන්ගේ අනිසි බලපෑමට යට නොවිය යුතුය. එවිට දඩුවම් ගැන කතා කල හැක සාධාරණ සමාජයකකට වගකියන හැගීම් වලට වහල් වී /නොවී !! (අ)
ඉස්ලාමීය සරියා නීතිය එනකම් ඔය කිසි දෙයක් නවත්වන්න බැහැ.(නදී) i
අපේ හමුදාවට අපහස කරන මේ වගේ පාදඩ තිරිසන් උන්ට ජිවිත කාලයම හිරේ ඉන්න සලස්වන්න . නම හැවිරිදි දරුවෙක් කියන්නේ කිසිවක් නොතේරෙන අහිංසක මලක් වෙනි ළමයෙක් (අ)
මට ඔය නඩුව අහන්න දුන්නා නම් මම කියන්නේ මෙයාව ගුවනින් ගෙනිහින් ඔය විභාග ශාලාව උඩට අත හරින්න කියලා. (නි)
හිටපු ගුවන් භටයෙක් වුනත් දැනට ඉන්න කෙනෙක් වුනත් ප්‍රශ්ණයක් නැහැ දඩුවම් නම් මදි වගේ.(නදී)
හරි හැටි පුහුණුව ලබපු මොනම අන්දමේ බටයෙක්වත් විශ්‍රාම ගියාට පසුවවත් ඔහොම හැසිරෙන්නේ නැහැ. එම බටයා හමුදා තුනටම නින්දාවක්. මමත් හිටපු හමුදා නිලදාරියෙක් නිසා හිතට දුකක් දැනෙනවා,එම හැසිරීම පිලිබදව. (නි)
අනේ මේ තරමින්වත් මේ අයට දඬුවම් කළාට විනිසුරුතුමාට අපේ ආචාරය! (නි)
තව දඩුවම් දෙන්න ඔනේ (අ)
අවුරුදු 15 ? මේක ජීවිතාන්තය දක්වා වෙන්න ඕන. අවුරුදු 9 ක ළමයෙක් නේද? තිරිසන්නු මිනිස්සු අතරේ සිටිය යුතුද කියන එක හිතන්න තිබුනා (අ)
නම දැම්මේ කවුද දන්නේ නැහැ.බුද්ධික නෙමේ මන්ද බුද්ධික කියලා දාන්න තිබ්බේ. (අ)
කලින් මම දඬුවමක් ලියා එව්වා ඒක දල නැහැ, එත් කියන්නේ, කරන්න ඕනේ එකමයි, ඔයාල හිතා ගන්න මොකක්ද කියලා...කාගෙනුත් ඉල්ලන්නේ ඔයවාගේ අයව නිදහස් වෙලා අවාත් මුහුණක්වත් බලන්න එපා, හිරිකිතය් ඕකුන් (අ)
නියමයි නියමයි (නි)
එල්ලා මරුවන් තමයි වටින්නේ...නැත්නම් එලියට දාන්න මහජනට දඩුවම් දෙන්න කියලා (අ)
සමහරවිට, අයගේ නංගිගේ දුව වෙන්න පුලුවන් එහෙම නේද? නැති නම් ඇයගේම නංගී වෙන්න පුලුවන් නේද? (නදී)
උඩ ඉදලා මුහුදට අතඅරින්නයි තියෙන්නේ.(නදී)
මරණ දඩුවම දෙන්න ඕනෑ හමුදාවේ නම කනවට (නි)
මොහුට මරණ දඩුවම දුන්නා නම් තමයි හොද (නි)
මෙයාටත් එයා කරපු වැරැද්දෙම දඩුවම කරන්න බැරිද? (නි)
සුරාව සුදුව නිසා තමා මේ සේරම (නි)