(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2010- 2014 දක්වා වසර හතරක කාලයේදී රුපියල් කෝටි තුන්සිය පනස් හතකට වැඩි මුදලක් වැය කර ඇතැයි අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද (27) පැවසුවාය.
රාජ්‍ය නායකයෙකු විදේශ සංචාර සඳහා වැය කළ වැඩිම මුදල එය බව පැවසූ අගමැතිවරිය ඔහු විදේශ සංචාර සදහා 2013 වර්ෂයේදී පමණක් රුපියල් කෝටි 114 කට වැඩි මුදලක් වැය කර ඇති බවද ප්‍රකාශ කළාය.
අමරසූරිය මෙනවිය මෙසේ පැවසුවේ ජනාධිපති, අගමැති, පාර්ලිමේන්තුව සහ උපරිමාධිකරණවල විනිශ්චයකාරවරුන් ඇතුළු ආයතන සහ පුද්ගලයන්ගේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදීය.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2015-2019 අතර කාලයේදී විදේශ සංචාර වෙනුවෙන් රුපියල් තිස් අට කෝටියකට වැඩි මුදලක් වැය කර ඇති බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2020-2022 කාලයේදී රුපියල් කෝටි දොළහකට වැඩි මුදලක් වැය කර ඇති බවත් ඇය ප්‍රකාශ කළාය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023-2024 කාලයේදී රුපියල් කෝටි පනස් තුනකට වැඩි මුදලක් වැය කර ඇති බව පැවසු අගමැතිවරිය ඔහු ගිය සංචාර තිස්තුනක් වෙනුවෙන් 154 දෙනකු සහභාගී කරවාගෙන ඇතැයිද සඳහන් කළාය.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2024 සැප්තැම්බර් සිට 2025 පෙබරවාරි දක්වා ගිය විදේශ සංචාර වෙනුවෙන් වැය කර ඇත්තේ රැපියල් ලක්ෂ 18ක මුදලක් පමණක් බවද ඇය කීවාය.
අසනීප තත්වයක් නිසා උදෑසන ක්‍රීඩා පුහුණුවට සහභාගී නොවුයේ යැයි චෝදනා කරමින් කැකිරාව විදුහලක ගුරුවරියක සිසුවියන් පිරිසක් පාසල් කාලය නිමවනතුරු දන ගස්ව
දළදා වන්දනාව සඳහා හෙට (24) සහ අනිද්දා (25) දෙදින තුළ මහනුවර දළදා මාලිගාවට පැමිණීමෙන් වළකින ලෙස පොලිස් මූලස්ථානයේ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටි.
හෙල්මට්වලින් පහර දී පාසල් සිසුවකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 2දෙදෙනකු අප්‍රේල් 29 දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමටත් වයස
සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම කොළොන්නාව නගර සභා අපේක්ෂයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීමට පෙර ඉකුත් (20) දා ඇතිව තිබූ ආරවුලක් මත ත්‍රි රෝද රථයකට ම
බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය මේ වනවිට වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකිකයන් මිලියන 10 ක් පමණ ලබාගෙන තිබෙන බවත් තවත් මිලියන 7 ක් පමණ ටින් අ
මාතර බන්ධනාගාරයේ ඇතුළු නොසන්සුන් කාරී තත්වය පැය 17කට පමණ පසු පාලනය කිරීමට හැකි වූ බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හිටපු ජනපති රට සවාරි වියදම් ගැන අගමැතිගෙන් හෙළිදරවුවක්
shantha Thursday, 27 February 2025 04:31 PM
අනුර කුමාර ජනාධිපතිතුමාට ප්ලේන් එකේ නොයා මීගමුවේ මාළු බෝට්ටුවක් අරගෙන විදේශ චාරිකා ගියොත් තවත් සල්ලි ඉතුරු කරගන්න පුලුවන් වෙයි.
Neel Thursday, 27 February 2025 04:31 PM
අන්න සහෝදරයා වෙනස.
Nihal Thursday, 27 February 2025 04:40 PM
අන්තිම මොහොතේ ගත්තු තීරණය ගැන පවුලේ ඤාතීන් සියලුදෙනාම ඉතා සතුටට පත්වෙනවා. මේ රට මේ තත්වයට මාරුවෙන් අප ඡන්දය දීලා අපි විසින්ම කරගත්තු විනාශයක්. ඉහගෙනම කෑවා. අනේ අපේ දරුවෝ මන්ද පෝෂණය අතපය කෝටු කෑලි වගේ. ඇයි ආයේ රට සුඛිත මුදිත කරන්න ඡන්දය ඉල්ලන්නේ? කාපු රස මතක් වෙනකොට දුක දරාගන්න බැරුව...!
RathneThursday, 27 February 2025 08:31 PM
නිහාල්, ඔහේ කමෙන්ට් දාලා තියෙන්නේ පරණ ස්ක්‍රිප්ට් එකකට. ඒ කතාව දැන් කියන්නේ නෑ. මොකද රටේ හාල් හිඟයි. හාල් ආනයනය කර ගන්න ටෙන්ඩරයක් දාගන්න බැරි අය එනවා මෙතන මන්දපෝෂණය ගැන කියවන්න...
upul Attanayake Thursday, 27 February 2025 05:26 PM
කයිවාරු නැතිව ඔඩිට් වාර්තිවක් දාන්න.
karolis Thursday, 27 February 2025 05:27 PM
අධ්‍යාපනයට 6% කෝ?
Mideum Thursday, 27 February 2025 06:36 PM
ලක්ෂ 18 වියදම් කරලා තමයි අර උත්සවය මැද්දේ ශර්ට් ගලවාගෙන බොත්තම් දාගෙන විකාරයක් කරේ. ජනාධිපති සල්ලි ඉතුරු කළා කියලා වෙන්න ඕනෑ... වැඩේ හරියට වෙන්නේ නැත්තන්, ඒ ඉතුරු කිරීමට වඩා ලොකු හානියක් රටට වෙන්නේ... මොනවද මේ විහිළු වැඩ? රට ගිහිල්ලා මූණ පෙන්නන්න විතරක් නෙමේනේ යන්නේ. රටට මොනවා හරි ආධාරයක්, ආදායම් මාර්ග අරන් එන්න නේ යන්නේ. දැන් ඔය වියදම් වෙච්චි ගණන් එක්ක දාන්න අපි ලබාගත් සහනවල වටිනාකමත්. මොවුන් නම් අවුරුදු 5 ඉවර වෙනකන්ම අනිත් අයගේ කුණු අවුස්ස අවුස්සා ඉන්නවා මිසක් වැඩක් නම් කරන්නේ නෑ.
Rasika Thursday, 27 February 2025 06:42 PM
මෙහෙමයි ඇන්ටි, මහින්ද, සිරිසේන වියදම් කරලා වැඩියි. රනිල් නම් ගිය ගමන් වලින් රටට ලොකු වැඩක් වුණා. අනුර රට ගියාට වුණු වැඩේ මොකද්ද? ලක්ෂ 18 ගියාට බොත්තම් ටිකවත් හරියට දාගත්තද?
චතුරි Thursday, 27 February 2025 07:27 PM
තවත් බලා ඉන්නේ නාකි මයිනාට. පොඩි ගෙයක් හරි, අම්බලමක් හරි හොයලා දීලා. රජයේ වටිනා නිවස රජයට බාරගන්න. හැම මනුස්සයාම වයසට යනවා... මෙයාට විතරක් විශේෂයක් මොකටද? රටේ මිනිසුන් ගැන අනුකම්පාවක් නැති නාකි නඩේට තවත් සැප දෙන්නේ ඇයි? බලයට ආවේ එක රැයින් ඉවර කරන විදියට. දැන් ඒවා පෙන්නලා කියලා වැඩක් නැහැ. ක්‍රීයාවෙන් ඔප්පු කරලා ඊට පස්සේ පෙන්වන්න. අන්තිමට කියන්න එපා මේ තරම් වටිනා නිවසක. මෙපමණ කාලයක් ජීවත් වුණා කියලා. ඇයි ඔය පවුලට තියෙන වන්චා, දූෂණ... මිනීමැරුම් නඩු යට ගහන්නේ...!
ගුණරත්න Thursday, 27 February 2025 07:29 PM
ලක්ෂ 18 චීනෙත් ගිහිල්ලා ඉන්දියාවේත් ගිහිල්ලා, ඩුබායි ගිහිල්ලත් ආවා, අපි ඉතින් හාවෝ...
අඬෝවැඩියාව Thursday, 27 February 2025 08:24 PM
ඔයාලාට ආණ්ඩුව දුන්නේ මේ රටේ ආර්ථිකය ගොඩගන්න ගමන් මිනිස්සුන්ට සහනයක් දෙන්න මිසක් පහුගිය ආණ්ඩු ගැන කියකිය වාතයක් වෙන්නේ නෙමේනේ. රාජපක්ෂ ඉන්නා කාලේ ඒ මිනිහා රටට ප්‍රොජෙක්ට් බර ගාණක් ගෙනාවානේ. ඔයාලා මොනවාද ගෙනාවේ? මොනවද අලුතින් පටන් ගත්තේ? රනිල් ලෝකෙ වටේ ගිහින් හිඟා කාලා අපේ ණය ප්‍රතිව්‍යුහගත කරා. ඔයාලා මොකද්ද අලුතින් රටේ ආර්ථිකය වෙනුවෙන් ගත්තු පියවර? ගෝඨා පත් කරපු මිනිස්සු ටික දාගෙන යන්තම් ආණ්ඩුව කරගෙන යන ගමන් ඒ මිනිස්සුන්ට බනිනවා. පුළුවන් නම් ඔවුන් අයින් කරලා පෙන්නපල්ලාකෝ...!
Krishan Thursday, 27 February 2025 08:34 PM
සමලිංගික අධ්‍යාපනේ ඉක්මනට පෙළ පොත් වලට දාන්න. එතකොට මාලිමාවට ඡන්දෙ දුන්නු අයගේ අමාරුව හොඳ වෙයි.
ChsthuriFriday, 28 February 2025 01:26 AM
ක්‍රිශාන් මේ කතාව ඔයා. රනිල් ඇතුලු නඩේට කියන්න. මොකද. සිරිපාල බලයෙ ඉන්නකොට කිව්වානේ ඒ අය. සමන රෑනක්සේ කියලා. ඒක ඇත්ත. තවමත් හොරුන්ට කඩේ යන්නෙ. හොරුන් ගෙන් වැඩ ගත්තු කට්ටිය. දැන් මුකුත් බැහැනේ. කට්ටඩියන්ගෙ. බලය බිදිලා. දැන් තටුන නඩයක් රට කරන්නෙ
Saman Thursday, 27 February 2025 08:36 PM
මම මේ කල්පනා කරන්නේ ඊළඟ සතියට දාන ලිස්ට් එක මොකක් වෙයිද කියලා...!
ලූට මූස් Thursday, 27 February 2025 08:39 PM
කරෝලිස්ගේ මොලේ පාදන්න නම් 6% නෙවෙයි, 116% මදිවෙයි. සාකච්ඡා වුණු වැය ශීර්ෂය මොකක්ද කියලාවත් දන්නේ නෑ...
karolisThursday, 27 February 2025 09:48 PM
ඔයාගේ නමේ හැටියට ඉස්කෝලෙකට වැස්සකටවත් ගිහින් තියෙන බවක් පෙන්න නෑ. මේ පාර අයවැයෙන් අධ්‍යාපනයට වෙන් කළේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 1% විතර. රජයේ වියදමෙන් 3%. රස්සාවට වැසිකිලි හෝදන ඔයාට අඩු ගානේ ඒ මොකද්ද කියලවත් තේරෙන්නේ නැතුව ඇති හැබැයි.
Srinath priyantha karunarathna Thursday, 27 February 2025 08:43 PM
මොවුන් සේරම රටේ මුදල් වලින් සුරසැප විඳලා... විස්තර හෙළිකළාට ඇක්ෂන් නෑනේ...
ජගත් Thursday, 27 February 2025 09:33 PM
ඒ airline එක අපිටත් කියන්නකෝ...? මට තනියම චීනේ ගිහින් එන්න ලක්ෂ 12ක් ගියා... මේ වගේ බොරු අහලා ඒවා පිළිගන්න අය ගැන ඇත්තටම කණගාටුයි...!
Toni Thursday, 27 February 2025 11:14 PM
කයිය නායකටම ගැළපෙනවා.
Nishan Friday, 28 February 2025 04:56 AM
අනුර කුමාර ජනාධිපති මේ මාස 4 ට තුන් පාරක් පිටරට ගියා ගෙනාපු ඩොලර් එකක් නම් නෑ. ඔහුගේ වියදම් පිළිගන්න අමාරුයි. ඒවා ස්වාධීන තුන්වෙනි පාර්ශ්වයකට දීලා විමර්ශණය කරන්න ඕනේ. ඔබලාගේ පක්ෂ අරමුදලෙන් වියදම් කරන්න ඇති. පක්ෂ අරමුදල විඝණනය කරනවාටත් ඔබලා විරුද්ධ වුණා නේද? ඒ අරමුදලට කෝටි ගණන් සල්ලි එන හැටි ජනතාව දැන ගන්න ඕනේ නැද්ද? අනිත් අයට එහෙම බිලියන ගනන් තියෙන පක්ෂ අරමුදල් නෑ.