IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘හිටපු ජනපතිට ඇති තරම් ආරක්ෂාව දීලා‘

‘යුද හමුදාවක් තියෙන්නේ මන්ත්‍රිවරුන් ආරක්ෂා කරන්න නොවේ. රට ආරක්ෂා කරන්නයි. ජාතිය ආරක්ෂා කරන්නයි. මට ඇත්තෙත් අනෙක් මන්ත්‍රිවරුන්ට ඇති ආරක්ෂාවමයි රාජ්‍ය ආරක්ෂාවමයි‘  යැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (10) සර් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයයේ වේරහැර ශිෂ්‍ය නේවාසිකාගාරය විවෘත කිරීමට ගිය අවස්ථාවේදී පැවසීය

ශ්‍රි ලංකාවේ පළමු විශ්ව විද්‍යාල රෝහල ලෙස වේරහැර ඉදිකෙරෙන ශික්ෂණ රෝහල සහ සිසු නේවාසිකාගාර ගොඩනැගිලි සංකීර්ණය කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාල උපකුලපති මිලින්ද පීරිස් මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නංවා ඇති අතර මෙම ගොඩනැගිලි සංකීර්ණය මහල් අටකින් සමන්විතය.

කාමර 300ක් විවේකාගාර දේශන ශාලා ආපන ශාලා යන සියලු පහසුකම් සහිත මෙම ගොඩනැගිලි ඉදිකිරීමත් සමග දේශීය මෙන්ම විදේශිය සිසුන්ටත් මෙහි නවාතැන් පහසුකම් සැලසෙනු ඇති  අතර  ලබන වසරේ මැද භාගය වනවිට රෝහලේද ඉදිකිරීම් නිමකිරිමට නියමිතව ඇත.

‘හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍ය ආරක්ෂාව අප ලබාදී තියෙනවා.  ඒ වගේම විපක්ෂයේ මන්ත්‍රිවරුන් කණ්ඩායමක් මතයක් ගොඩ නගන්න හදනවා මේ රජය රාජ්‍ය ආරක්ෂාව පිළිබඳව සැලකිල්ලක් දක්වන්නේ නෑ කියලා. ඇත්තෙන්ම ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත්, මමත් ආරක්ෂක ලේකම්තුමත් ත්‍රිවිධ හමුදාවේ සියලුම නිලධාරිනුත් ජාතික ආරක්ෂාවට බලපෑම් කරන්න කිසිම සංවිධානයකට ඉඩ දෙන්නේ නෑ‘ යනුවෙන්ද ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

ruwan_20151210 ruwan_20151210-2 ruwan_20151210-3 ruwan_20151210-4jpg ruwan_20151210-5 ruwan_20151210-6 ruwan_20151210-7



අදහස් (0)

‘හිටපු ජනපතිට ඇති තරම් ආරක්ෂාව දීලා‘

ජනක Thursday, 10 December 2015 10:42 PM

ඔබට සාර්ථක, දිගු ගමනකට ආසිරි! (නි)

:       0       0

නිවන්තක Thursday, 10 December 2015 12:50 PM

ඔබතුමා සැබෑම දක්ෂයෙක් (නි)

:       0       0

උපාලි Thursday, 10 December 2015 01:14 PM

මේ වගේම අනිත් විශ්ව විද්‍යාල වල නේවාසිකාගාර ප්‍රශ්නත් විසඳනවා නම් වඩාත් හොඳයි. (නි)

:       0       0

අදිකාරම් Friday, 11 December 2015 02:50 AM

තරුණ පරපුර රටේ අනාගතයයි. ඔවුන් ආරක්ෂා කළයුතුයි. ඒ සඳහා ඔබට ශක්තියත් මඟපෙන්වීමත් ලැබේවා! (නි)

:       0       0

යමුනා Friday, 11 December 2015 03:04 AM

ඔබතුමා කියන කතාව අපිත් පිළිගන්නවා (නි)

:       0       0

ශාන් Thursday, 10 December 2015 01:38 PM

ඔබතුමා සැබෑම දක්ෂයෙක්. ඔබ රටත් ජාතියත් ආරක්ෂා කරාවි යැයි අපි බලාපොරොත්තු වෙනවා. ඔබට ජය! (නි)

:       0       0

ටුආන් Friday, 11 December 2015 03:10 AM

ඔබ වැනි වීර පුරුෂයින් තමයි රටට අවශ්‍ය (නි)

:       0       0

නිරාන් Thursday, 10 December 2015 01:57 PM

හොඳ කතාවක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 139 0

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 1203 0

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 1505 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 180 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1120 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1232 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26233 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23469 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 392 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site