(සුජිත් හේවාජුලිගේ)
කොඩ්බේ ධීවර වරාය නැගෙනහිර පළාත් සභා හිටපු මන්ත්රීවරියකගේ ධීවර යාත්රා සහ වාහන සඳහා ඩීසල් ණයට සපයා ඇතත් ඒ වෙනුවෙන් ලැබිය යුතු රුපියල් ලක්ෂ දාහතරකට ආසන්න මුදලක් මෙතෙක් අය කර ගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
මේ අතර හැඳල දික්ඕවිට වරායේ උතුරු පර්යන්තයේ භූගත ඉන්ධන බට සවිකිරීමේදී සිදු වූ ඉන්ධන කාන්දුවේ පාඩුවද අදාල ආයතනය වෙතින් අය කර ගැනීමට මෙතෙක් කටයුතු කර නැතැයි එහි දැක්වේ
කාන්දුවෙන් ඉන්ධන ලීටර් 2700ක් පමණ නාස්ති වී ගොස් තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි
ආයතනය මෙම බට සවි කර ඇත්තේ 2019 වසරේදීය
මේ තොරතුරු සඳහන් වන්නේ ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ 2024 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕව නැවත නැවත හොයන්න එපා. මේ අය රට ගොඩගන්න වෙච්ච මහන්සිය දන්නේ අපිනේ. දැන් දියුණු රටවල්වලින් බේරෙන්න බෑ ණය ඉල්ලගෙන පස්සෙන් එනවා. අපේ විරුවෝ හොඳටම කරල ගියේ. දැන්නම් ඇතිවගේ, අම්මේ...හ්හ්හ්හ්...
ඔය වගේ දෙන්නම් කාසි වලට බඩු දීලා, යාළුවන්ට නොමිලේ බඩු භාණ්ඩ දී තිබෙන නිසා තමයි රාජ්ය සංස්ථා, දෙපාර්තමේන්තු ආදිය නට්ටම්වී තිබෙන්නේ. ඒ වගේම පෞද්ගලික සමාගම් ඔය විදියට ගණුදෙණු නොකරන නිසා තමයි ඔවුන් වසරෙන් වසරට ලාභ ලබමින් දියුණුවෙන් දියුණුවට පා තබන්නේ. රජයේ ආයතන මගින් අත් පිට මුදලට මිස, යාළු මිත්රකම්, දෙන්නම් කාසි මත ගණුදෙණු කිරිමි ආදිය නැවැත්වීම සදහා වහාම නීති ගෙන ආ යුතු බව මුළු රටෙම අදහසයි... එමෙන්ම හිටපු රජයේ මැති ඇමතිවරුන්ට, උන්ගේ ගජමිතුරන්ට, හෙච්චයන්ලාට ණයට දීපු බඩුවල හිග මුදල් පොළිය සමග රජයට ලබා ගැනීමට නීති කටයුතු ඉක්මන් කල යුතු වෙනවා. ඔය දීපු කිසිදු ණයක්, බොල් ණයක් හැටියට මකා දැමීමට කිසිවෙකුටත් ඉඩ දෙන්න එපා ...
ගෝටා ආව ගමන් විගණනය නැති කළා. තේරෙනවද ඇයි කියලා?
මුදල් වංචා සහ නාස්ති සම්බන්ධව කරන විගණනවල වාර්තා එළියට එන්න මෙච්චර ප්රමාද ඇයිද දන්නේ නැහැ.
රට වැටුනේ මේ වගේ හේතු ලක්ෂ ගණනකින්