(ඩී.ජී. සුගතපාල,ජේ.කේ.එල්. චාමින්ද , රවි ලියනගේ,බිමල් ශ්‍යාමන් ජයසිංහ, බී.එච්.රම්‍යා සහ ගයාන් සූරියආරච්චි )
හිනිදුම පනංගල පිහිටි නවාතැන් පොලකට පැමිණි දෙදෙනකු එල්ල කළ වෙඩි තැබිමකින් නවාතැන් පොලේ හිමිකරු සමග තවත් දෙදෙනකු එම ස්ථානයේම මියගොස් ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
යතුරු පැදියකින් පැමිණි නාඳුනන දෙදෙනෙකු ඊයේ (30) රාත්‍රී ටී.56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබිම සිදුකර ඇති බවද කියයි. මියගොස් ඇති තිදෙනා හිනිදුම මහාබෝධිවත්ත පදිංචි නවාතැන්පොලේ හිමිකරු (55) බටපොල නාමල් සෙවණ සහ හිනිදුම උතුර නැවතිමුල්ල පදිංචි තිදෙනෙකු බවට හදුනාගෙන තිබේ. මොවුන් තිදෙනා සාදයක් පවත්වමින් සිටියදි රාත්‍රි 11.30ට පමණ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පලාගොස් ඇත.
මින් දෙදෙනෙකු විවාහකයින් බව පොලිසිය පවසයි. සිද්ධිය වු ස්ථානයේ තිබි හිස් උණ්ඩ කොපු 14ක් පමණ සොයාගෙන ඇති බව පොලිසිය පවසයි. මුදල් ආරවුලක් සම්බන්දයෙන් මෙකි වෙඩි තැබිම සිදුකොට ඇති බවට පොලිසිය සැකකරුයි.
එක්සත් ජාතික පක්ෂය සමඟ මෙතෙක් පැවති සාකච්ඡා අති සාර්ථක බවත් ඒ අනුව ඉදිරි මැතිවරණ සඳහා පක්ෂ දෙක එක්ව තරඟ කරන බවත් සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අ
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති එන්.බි.එම්. රණතුංග මහතා ඊයේ (30) එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ පෞද්ගලික ගබඩාවක තිබි මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු කිලෝග්‍රෑම් 25 ඇසුරුම් 30000ක් ඊයේ (30) සොයා ගත් බව පාරිභෝගික කටයුතු
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ආසියා සංවර්ධන බැංකුවේ නියෝජිතයන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද(31)වන දා පැවැත්විණි.
ආරවුලක් දුර දිග යාමෙන් හේතුවෙන් අයියා විසින් ගුරුවරියක්වු තම නැගණියට පිහියකින් සහ යකඩ මල් පෝච්චියකින් පහරදි අද (31) අලුයම ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.
උඩරට දුම්රිය මාර්ගයේ තලවාකැලේ සහ කොටගල අතර ඩෙවෝන් ගේට්ටුව අසලදී අද (31) උදෑසන විශාල පස්කන්දක් දුම්රිය මාර්ගය ට කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධා
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
හිනිදුම වෙඩි තැබීමකින් තුනක් මරුට
Perera Friday, 31 January 2025 08:58 AM
වෙඩිකාලාම මැරෙන්න තරම් නොසන්ඩාල වැඩක් මෙයාලත් කරලා ඇති.
යෝගා Friday, 31 January 2025 09:26 AM
පාතාලය පිටුපස දේශපාලකයෝ ඉන්නව කිව්වනෙ ඒ කාළේ. දැන් නම් පේන්නේ ඒ කාලේ ඉඳලම පාතාලය පිටුපස ඉඳල තියෙන්නේ ජවිපෙ දේශපාලකයෝ කියලා. ඔවුන්ට බලය ලැබුණම පාතාලය වර්ධනය වෙලා!
ගම් වැසියා Friday, 31 January 2025 10:13 AM
සල්ලි සල්ලි පොලු, පොලී මුදල්, ඒවා තමයි මේවාට මුල තමන්ට ලද දෙයින් සතුටට පත්වෙන්න බැරිව අනුන්ගේ දේපල තමන් සතු කරගන්න යාම තමයි මේවාට මුල, ගම්වලටත් මේක පැතිරීම තමයි වඩාත්ම ඛේදවාචකය...!
Don perea Friday, 31 January 2025 12:11 PM
මේක තමයි රටේ පැතුම...