IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


‘හීනයක ආදරේ’ සමගින් කලාවට ආ රුවන්

2016-09-28-ent-43

 

පෞද්ගලික රැකියාවක නිතරවෙමින් කලාවට එකතුවූ ඔහු චානක රුවන්ය. කුඩා කාලයේ මෝටර් බයික් ධාවකයෙකු වීමේ සිහින ගිලිහුණු පසු කලාවට එක්වී කරනු ලැබූ පළමු ගීතය ලෙස ‘හීනයක ආදරේ’ ගීතය හැඳින්විය හැකිය. මේ ඔහුගේ කලාව පිළිබඳව අපත් සමග කළ සංවාදයකි.

 

ඔබේ නම කිව්වොත්?

2016-09-28-ent-42මගේ නම චානක රුවන්.

 

රැකියාවක් කරනවාද?

ඔව්, මම රැකියාවක් කරන ගමන් තමයි මියුසික් කරන්නේ. මේක තමා මගේ පළවෙනි මියුසික් වීඩියෝව.

 

මියුසික් වීඩියෝ එක ගැන කිව්වොත්?

‘හීනයක ආදරේ’ තමයි ඒ ගීතයේ නම වෙන්නේ. සංගීතය කරේ DNA විසින්. වීඩියෝව කළේ දිලුක පෙරේරා. පද රචනය සහ තනුව මගෙයි.

ඒ මියුසික් වීඩියෝව එළිදක්වලා තියෙන්නේ. දෙවැනි ගීතය සඳහා වැඩකටයුතු පටන් අරන් තියෙන්නේ.

 

ආදර ගීතයක්ද? විරහ ගීතයක්ද?

මේක විරහ ගීතයක්. අද කාලේ තියෙන ගීතයක්. මගේ හිතට දැනිච්ච දුකක් හින්දා ලියපු සිංදුවක්.

 

කොහොමද යාළුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර?

යාළුවන්ගෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. යාළුවෝ තවත් එකක් කරන්න කියනවා. සල්ලිත් දීලා තියෙනවා.

 

රැකියාව කරන ගමන් කලාවට එකතු වෙන්න කාලය තියෙනවාද?

වෙලාවක් කොහොම හරි වෙන් කරගන්න පුළුවන්. කලාවට පොඩි කාලේ ඉඳන්ම කැමතියි. නමුත් මම පොඩි කාලේ ආසාව තිබුණේ බයික් රේස් පදින්න. ගමේ ඉඳන් කොළඹ එන්නේ රේස් පදින්න. ඊට පස්සෙ සිදුවුණු අනතුර නිසා ඒ හීනය අත්ඇරලා කලාවට එකතු වුණා.

 

ක්ෂේත්‍රයට එන්න නවකයන්ට උදවු කරනවද?

කවුරුත් උදව් කරන්නේ නැහැ. මම සල්ලි දුන්නායින් පස්සෙ මාව රවට්ටපු කට්ටිය ඉන්නවා. ප්‍රසිද්ධ ගායකයෝ පවා මාව රවට්ටලා තියෙනවා. ඊට පස්සේ ක්‍රිස්කෝ කියලා පුද්ගලයෙක්ව හම්බවුණේ. එයා තමයි මට හරිමාර්ගය පෙන්නුවේ. ඊට පස්සේ දිලුක පෙරේරා.

 

ඒ කියන්නේ නවක ගායකයන්ට කවුරුත් අතදෙන්න කැමති නැහැ කියන එකද?

ඔව්. මම හිතන්නේ කවුරුත් කැමති නැහැ. කෙනෙක් ප්‍රසිද්ධියට පත්වුණාම ඊට පස්සේ ඒ කෙනා හදන්නේ ඔහුගේ ආදායම් තත්ත්වෙ හදාගන්නයි. DNA අය කියන අය ඊට වඩා හුඟක්ම වෙනස් අය. ඒ අය ඉතාමත් අඩු මුදලකින් නවක ගායකයන්ට ඉදිරියට එන්න අතහිත දෙනවා. අඩුවට කළා කියලා කිසිම බාල විදිහකට කරන්නේ නැහැ. හොඳ උසස් මට්ටමේ රසිකයන්ට ඒ සංගීතය විඳින්න පුළුවන් විදිහට ඒ දේ කරලා දෙනවා. දිලුක පෙරේරාත් අඩුම වියදමින් මට වීඩියෝ එක කරලා උපරිම සහයෝගයක් ලබා දුන්නා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-09-28-ent-45
2016-09-28-ent-44
2016-09-28-ent-41



අදහස් (0)

‘හීනයක ආදරේ’ සමගින් කලාවට ආ රුවන්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ප්‍රභා ගනේෂන්ගෙන් නව සන්ධානයක්
2024 ඔක්තෝබර් මස 09 8 0

හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා(8)පිහිටුවා ගනු ලැබීය.


ඇමෙරිකාවට ඉන්න ලොකුම සතුරා ඉරානය
2024 ඔක්තෝබර් මස 09 144 0

ඇමෙරිකාවට සිටින ලොකුම සතුරා ඉරානය යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසයි. ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අතර, ජනාධිපත


වැස්සෙන්-සුළඟෙන් පොළොන්නරුවේ ගම් කිහිපයක නිවාසවලට හානි
2024 ඔක්තෝබර් මස 09 32 0

පොළොන්නරුව අරලගංවිල දෙහිඅත්තපිටිය හා ජයමුතුගම ගම්මාන හරහා වර්ෂාවත් සමඟ හමා ගිය සුළඟකින් එම ගම්මානවල නිවාස 20 කට අර්ධ හා පූර්ණ ලෙස හානි සිදුව තිබේ.


හොරෙන් රැඳී සිටි චීන්නු 20ක් මාට්ටු:18 පැන ගිහින්
2024 ඔක්තෝබර් මස 09 301 0

වීසා බලපත් නොමැතිව රැදී සිටී චීන ජාතිකයන් විසි දෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.


නෙදන්යාහු ලෙබනන් වැසියන් අමතයි
2024 ඔක්තෝබර් මස 09 842 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ලබනන් වැසියන් ආමන්ත්‍රණය කරමින, ඔවුන්ට අනතුරු ඇඟවීමක් ද කරමින් වීඩියෝ පණිවුඩයක් නිකුත් කර ඇත.


‘විනී ද පූ’ ට ගහලා
2024 ඔක්තෝබර් මස 09 907 0

වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39538 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25751 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1197 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site