මාස ගණනාවක් කාමරයක දමා සිරකැර සිටි 84 හැවිරිදි මවක් දඹුල්ල හීන්මොරගොල්ල ව්‍යාපාරික නිවසකින් මුදාගෙන දඹුල්ල රෝහලට භාර දීමට දඹුල්ල පොලිසියට හැකි විණි.
දඹුල්ල නාගරින ග්‍රාම නිලධාරී කේ ජී විජේරත්න මහතාට ලැබුණු තොරතුරක් මත දඹුල්ල පොලිස් පරීක්ෂක එන් ජේ වීරසිංහ මහතාට දැනුම් දී මෙම මව සොයා ගැනීමට හැකි විණි.
ඇය ගල උඩ ගෙදර ඇලිස් නෝනා මහත්මියයි.
ඇයට දරුවන් නොමැති නිසා ඇය කුඩා කාලයේ සිට හදා වඩා ගත් දරුවා ළඟ ජීවත් වී ඇත.ඔහුද දරුවන් ඇති පියෙකි.
දඹුල්ල පොලීසියේ උප පොලිස් පරීක්ෂිකා ප්‍රමිලා වනිගතුංග ,එල් ආර් එන් නිලක්ෂිකා රාජසේකර ,දඹුල්ල නාගරික මන්ත්‍රී සරත් චන්ද්‍ර ග්‍රාම නිලධාරී කේ ජී විජේරත්න යන පිරිස මෙම නිවස සොයා ගත්හ.
ඔවුන් යන විටත් අසරණ මව කාමරයේ කුඩා ජනේලයකින් එළිය බලාගෙන සිටියාය.
කාමරය වසා ඇති නිසා ඇය ශරීර කෘතිය කැර එම ජනේලයෙන් එළියට දමන බව ඇය පැවසුවාය.
තමන්ට දුරුවන් නොමැති නිසා හදා වඩා ගත් දරුවා ළඟ සිටින බවත් තම ඥාතීන් තමන්ට නොසැලකීම නිසා අසරණ වී සිටින බවත් පැය කීවාය.
දරුවාට අපකීර්තියක වන නිසා ඇය දුක ඉවසාගෙන සිටින බවද අය කීවාය.
එම නිවැසියන්ගෙන් මේ පිළිබඳව විමසීමේදී කියා සිටියේ නිවස හැම තැනකම ඇවිදිමින් ජරා කරමින් අපවිත්‍ර කරන නිසා කාමරයකට දැමු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ අම්මා ගැන තොරතුරු ලබාදුන් අයටත් දඹුල්ල කාන්තා පොලිස් කාර්යඅංශයටත් ගොඩාක් පින්. දේපොළ ඉඩ කඩම් නිසා මිනිස් සිත් කුරිරුවෙලා , (දිල්)
මගේ පියාට ලේලියත් බාල සහෝදරයත් කලේ ඔය ටිකම තමා නමුත් කෑම බීම දුන්නා. හිටිය කාමරය ගෙයින් වෙන් කළ. අනිකුත් සහෝදර සහෝදරියන්ද මුනිවත රැක්ක නිසා මටද වෙන කල හැකි දයක් නැති උනා. දේපල ලියා දීමෙන් පසු මෙවැනි දේවල් අප සමාජයේ සුලබ දෙයක් පිට රටක සිට පැමිණි මා මේවා දැකීමෙන් කම්පා උනේ තාත්තගේ දෑසේ කඳුළු දැකලා.(නදී)
සාදු ... සාදු .. අනුමෝදාමි. ඒ මෑණියන්ගේ ඉදිරි ජීවිතය සැපවත් කල මිනිස්කම හැදිනගත් සියලු මහතුන්ට සහ මහත්මීන්ට නිදුක් නිරෝගී සුව පතමි. ඔවුන් සිදුකල ඒ සත් පුරුෂ ක්‍රියාවේ ප්‍රතිපලය අප තථාගතයන් වහන්සේට අනුව ඒ සියලු දෙනාට මේ අත් බවේදීම අත් දැකිය හැක.(නදී)
සරා ඔයා හරියටම හරි.(නදී)
අපේ රටේ අද ඕනෑම දෙයක් තියනවා මනුස්ස කම විතරයි නැත්තේ.(නදී)
දැන් ඉන්න දරුවන් ලග කිසිම ගුණ යහපත් කමක් නැත . තමන්ගේ දෙමව්පියන්ට සැල කීමට ඔවුන් ඉගෙන ගෙන නැත.(නදී)
මිනිසත් බව ලැබූ තිරිසනෙකුගේ පාපතර වැඩක්. පව් අසරණ අම්මා.(නදී)
මෙතන සේරමලා පුතාට විතරක් දොස් කියලා තියනවා. පුතාගේ බිරිදත් මේකට වගකියන්න ඕනා. එයාටත් අම්මෙක් ඉන්නවා. ලේලිල කොහොමත් නැන්දම්මට සලකන්නේ නැති බව මේකෙන් පේනවා.(නදී)
වැදු පුත්තුත් නොසලකන කාලෙට හැදු පුතුන් ගැන කවර කතාද? (නදී)
මේ තරම් දියුණුය කියන ලංකාවේ අධ්‍යාත්මිකව නොදියුණු , මුදලින් දියුණු මිනිසුන් ඉන්න බවට තවත් ශාක්ෂියක්. දුඹුල්ල පොලිසියට හා මේ සත් ක්‍රියාවට දායක වූ සැමට කුසල් සිත්ම වඩන්නට වාසනාව ලැබේවා!(නදී)
රටේ සදාචාරය පිරිහි ඇති තරම කියා පාන දුක්බර කතාවකි. (නදී)
ඒ පුතා අරන් හැදුව කියන්නේ එයාගේ ජිවිතේ ලස්සන කරන්න මේ අම්ම මොන තරම් දුකක් විදින්න ඇද්ද? බඩින් නොවැදුවත් තමන්ගේම දරුවක් වගේ හදා ගත්ත නිසාද පුතේ හදපු අම්මට මේ විදියකට සැලකුවේ.(නදී)
එයාලගේ දරුවොත් කවදා හරි සලකන්නේ ඔය විදිහට තමයි.(නදී)
නීතිය ක්‍රියාත්මක කරන නෝනාවරුනි,මහත්වරුනි,ඔය සිද්ධියට සම්බන්ධ පුද්ගලයාට දිය හැකි උපරිම දඬුවම් දෙන්න..මේ වගේ පුද්ගලයින්ට දඬුවම් නොදීම සමාජය තව තවත් වලපල්ලට ඇද දැමීමක්. (දිල්)
තමනුත් වයසට යන බව හිතට ගන්න (දිල්)
මවක ගේ ගුණධර්ම හදුනන්නේ නැති මේ වගේ අයට නීතීයෙන් නැතත් සොබාව ධර්මයේ දඩුවම් ලැබෙයි(දිල්)
පුංචි කාලේ සිට අතපය නොකඩා හදා ලොකු මහත් කළ දරුවන් තම දෙමාපියන්ට මෙහෙම සලකන මිනිසුන් සිටින රටකි ශ්රී් ලංකාව. මේ රටේ තුබූ මනුස්සකමට මොකද වුණේ. හැම දේටම වැඩිය ලොකු මුදල්..... අම්මේ නුඹට දැන්වත් නිදහස ලැබේවි ..... මේ හොඳ දේට උදව් කළ හැම දෙනාටම බොහෝ පින්.......... (ස)
එම දරුවා අම්මා අප්පා නැතිව හදා වඩා ගත්තට පව්.(නදී)
තම මවට මේ විදියට සලකන අය වෙනත් අයගේ මානව අයිතිවාසිකම් ගැන මොන විදියට හිතනවා ඇද්ද? (නදී)
දස මාසයක් කුස තුල දරා දුක් කමිකටොළු නොවින්දත් ඇය අම්මාගේ සෙනහස විඳින්න දරුවාට සැලැස්වුවා. ඒ අම්මාටද මෙහෙම කලේ? (නදි)
මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට.(නදී)
පව් අසරණ අම්මා. ගුණ දර්ම වලට ගිය කලක්. හදාගන්න ගත්ත ළමයාගේ හොඳ තමයි.(නදී)
ඔය පුතාට නම් දඩුවම් දෙන්න ඕනේ. ජිවිතාන්තය දක්වා හිරේ යවන්න ඕනා.(නදී)
දරුවන් ඇති පියෙක් හැටියට මවට සැලකු ආකාරයටම එයා වයසට ගිය දවසට එයාගේ දරුවොත් සලකාවි. කල කල දේ පල පල දේ. (නදී)
පොඩි කාලේ තමන් අපවිත්‍ර කරන කොටත් ඒ අම්මා කාමරයකට දාලා වැහුවද පුතේ. (නදී)
මව් ගුණ නොදත් මෙවැන්නන්ට යන්න අපායවල් ඇද්ද ? (නදී)
තිරිසන්නු මිනිස්සු වෙලා ඉපදිලා තිරිසන්නු වගේ වැඩකරනවා. මනුස්සකම මිනිස්සු ලග නැත.(නදී)