නයි නටවන්නකු ළඟ සිටි නාගයින් දෙදෙනකු රුපියල් 2500 ක් ගෙවා කැලයට මුදා හැරීමට ගල්ගමුව පාළුව යාය හය ශ්‍රී වර්ධනාරාමයේ පින්නවල ශාසන කීර්ති හිමියෝ ඉදිරිපත් වුහ.
නයි නටවන්නකු ළඟ සිටි නාගයින් දෙදෙනකු රුපියල් 2500 ක් ගෙවා කැලයට මුදා හැරීමට ගල්ගමුව පාළුව යාය හය ශ්‍රී වර්ධනාරාමයේ පින්නවල ශාසන කීර්ති හිමියෝ ඉදිරිපත් වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෙනට් 2500කින් මාසයක් ජිවත් වෙන්නේ කාලද...? නැත්නම් ලෙව කාලද...?(අ)
රු.2500 දෙන්න මාධ්‍ය ගෙන්නන්න ඕනද? (ස)
නියම නයි දෙන්නා (නදී)
ඔය නයි මිනිස්සුන්ට හීළා වෙච්ච සත්තු. සල්ලි අරන් ඔය මිනිහා ආපහු කැලේට ගිහින් නයි දෙන්න අල්ලාගෙන වෙන පළාතකට යයි. එහෙම වෙලා තියෙනවා සමහර තැන් වල.(නදී)
අම්මෝ මේ දෙන්නා ගෙවල් වලට රිංගන්න ගනීවිද දන්නේ නැහැ. (නදී)
අසංග, සමුදු ,සුජාන් , ඇතුලු හැම දෙනාටමයි තේරුනාද මේ දන් දීමේ ඇති අගය සහ එහි යථාර්තය. (නදී)
ඒ වුණාට ඒ සතුන් දෙදෙනාට සුපුරුදු ස්වාමියා නැතුව ඉන්න පුලුවන් වෙයිද? (නි)
ජගත්ගේ අදහස හරියටම හරි (නි)
"විෂඝෝර සර්පයා දැක නෑර මෝඩයා" කියන කියමන අපි කොහොමද පිළිපදින්නේ කියලා දන්නා කෙනෙක් කරුණාකරලා පහදා දෙන්නකෝ. (නි)
නයි නටවන්නා කැමති වෙන්න ඇති රුපියල් 2500ක් අරගෙන නයි දෙන්නාව නිදහස්කර හරින්න.. එතන බලහත් කාරකමක් වෙලා නැහැ, ඒ හාමුදුරුවෝ කරලා තියන්නේ හොද වැඩක්.. මටමතකයි කලින් මහියංගනය පැත්තේ වැවක මාළු අල්ලලා මිනිස්සු තියාගෙන පැකට්වල දමන් ඉන්නවා, පින් කැමති අයට පුළුවන් ඒ මාළු සල්ලි දීලා අරගෙන නිදහස් කරන්න, ඒ මිනිස්සු පහුවදාටත් එතනින් මාළු අල්ලලා ඒ වැඩේම කරනවා.. (දී)
සල්ලි වලින් මනින්න බැරි ඉතා වටිනා පින්කමක් (දී)
අර ලොකු පන්සල් වල ඉන්න අලි ටික බේරගන්න යන්නේ නැත්තේ එච්චර සල්ලි නැති හින්ද වෙන්න ඇති .. මේ දුප්පත් මිනිහ 2500 න් මාසයක් ජිවත් වෙයි ... ඊට පස්සේ මොකද කරන්නේ ? (දී)
වැඩේනම් හොඳයි... එත් මේ මනුස්සය ඊ ලඟට මොනවද කරන්නේ...? ජගත් කියන දේත් ඇත්ත...(අ)
නොදන්නා කමට අහන්නේ ඒ මනුස්සයාට නැවත ඔය නයි දෙන්නාව අල්ලා ගන්න පුලුවන්ද (දී)
කුසුම්, මිනිසා තුළ ඇති ඊර්ෂ්‍යාව විෂඝෝර සර්පයාට උපමා කර ඇති බවත් , ශරීරය තුඹසකට උපමා කර ඇති බවකුත් ඉහත කවියේ ඉතිරි පද වලින් කියවෙන බව අසා ඇත. මෙය දන්නා උගතෙකු කවිය සම්පුර්ණ කරන්න. (නි)
අහවල් ඇමැතිද ඔය ගාණ කිව්වේ? (ස)
අනෙක් දේවල් කොහොම වුණත් මේ සතුන් දෙදෙනා සහ පුද්ගලයා ගැන ඇතිවෙන්නේ අනුකම්පාවක් සහ දුකක්. (නි)
මේ හාමුදුරුවන් වහන්සේ කරලා තිබෙන්නේ බොහොම වටිනා ආදර්ශවත් ක්‍රියාවක් (නි)
2500 න් ගෙයක් හදාගෙන හොඳට කාල බීල මැරෙන කල් ඉන්න. අපේ සුබ පැතුම් ! (ස)
හොද වැඩක්,නමුත් මම හිතනවා සතුන් මෙම පුද්ගලයා ළග හිටිය නම් කරදරයක් නැතිව ඉදියි කියල,කැලේදී කාට හරි අහු වුණොත් මරලා දායි(දිල්)
මේ අහිංසකයට 2500 ඇති සුකොපබෝගී ජීවිතයක් ගතකරලා මැරෙනකල් ජොලියෙන් ඉන්න. ඒ මදා. (දී)
මෙතන දෙපැත්තක් තියෙනවා. ඔය නයි නටවන අය නයි නටවනවා කියල කරන්නේ බොරුවක්. නයා නැටීමක් කරන්නේ නැහැ. නයි නටවන්න නලාවක් අරගෙන පිඹින ගමන් අතෙයි තියෙන දෙයක් හොලවනවා. සමහරවිට නයා ගෙනියන කුඩයේ පියන වෙන්න පුළුවන්. නයා ඉන්නේ එ් හොලවන දෙය ගෙන අවදානයෙන් එ්ක හරවන හරවන පැත්තට හැරෙනවා ඉතින් බලන් ඉන්න මිනිස්සු හිතන්නේ නටවන්නගේ නලාවට නයා නටනවා කියලා. අනික ඔය අහිකුන්ටකයෝ නයි අල්ලපු ගමන් උන්ගේ විස දල ගලවනවා. ඊට පස්සේ ඔය නයි ජිවත් උනත් මැරිලා වගේ තමයි ඉන්නේ. අහිකුන්ටකයා දෙන දෙයක් කාල ඉන්නවා. දැන් ඔය නයි දෙන්න කැලේට ඈරිය කියන්නේ මරන්න ඇරිය වගේ වැඩක්. මොකද දැන් ඔය නයාට කැලෑවට ගිහින් ජිවත් වෙන්න බෑ (නදී)
නයි නලඟනට දුන්නනම් ඉවරිනේ ඔය නයි දෙන්න. (අ)
මෙතන මුදල නොවෙයි වටින්නේ සත්ව ජිවිත දෙකක් තමයි නිදහස් කලේ (දී)
හරියට කෝටි එකහමාරක් දීල කලා වගේ (දී)
"2500 න් මාසයක් ජිවත් වෙයි ඊට පස්සේ මොකද වෙන්නේ මේ මනුස්සයට" ආයේ නයෙක් අල්ලාගෙන නැවත රැකියාව පටන්ගන්නවා ඕකත් අහන්න දෙයක්ද? (දී)
"හරියට කෝටි එකහමාරක් දීල කලා වගේ' ඒ මනුස්සයට එය කෝටි එකහමාරකට වැඩිය වටිනවා වෙන්න පුළුවනි (දී)
නයි නටවන්නා පෝය දවසේ පන්සලට ආවද? මේ විදියට කරත්තවල බඳින ගවයිනුත් නිදහස් කරන්න වෙයිද? ඒ මිනිසුන්ගේ රැකියාව නැති වුනාම දරු පවුල් ජීවත් කරන්නේ කොහොමද? නච්ච ගීත වාදිත ..... සිල්පදය කියල සිල් සමාදන් වුනු උපාසක පිරිස නයි නැටුම් බලනවා නේද? ප්‍රශ්න වැලක්. (නදී)
කිරිබොන පැටවුන් පවා කොටුකර හදන සමාජයක මෙවැනි පින්කම් ආදර්ශයක් (නි)
හොඳ වැඩක්. 2500 මාසෙකට නම් ඇති. (නි)
එතකොට මේ පුද්ගලයා ජීවිතයේ ඉතිරි කාලය ගෙවන්න හිතාගෙන ඉන්නේ කොහොමද දන්නෙ නැහැ (නි)
බොහොම හොඳ වැඩක් (නි)
ඔහුට රැකියාවකුත් හොයලා දෙන්න පුලුවන් නම් හොඳයි. නැත්තම් මොහු ජීවත් වෙන්නේ කොහොමද? (නි)
ඒ වුණාට ඒ නයි නැවතත් පුරුදු තැනටම එයිද දන්නෙ නැහැ (නි)
නයාගේ විෂ දළ ගලවලාද දන්නෙ නැහැ. එහෙම වුණොත් සතෙක් අල්ලා ගන්නේ කොහොමද? (නි)
බොහොම පින් හාමුදුරුවනේ! (නි)
එතකොට පන්සල් වල ඉන්න අලි ඇතුන්? අපි උන් ගැනත් හිතමු අලුත් විදියකට (නි)
2500 න් මාසයක් ජිවත් වෙයි ඊට පස්සේ මොකද වෙන්නේ මේ මනුස්සයට (අ)
අනිවාර්යයෙන් විෂ දළ ගලවලා ඇති (නි)
හැබැයි හාමුදුරුවෝ ගියාට පස්සේ නැවත ඇවිල්ලා නයි දෙන්නා අල්ලාගනියිද දන්නෙ නැහැ (නි)
මේ සත්භාවයේ දෙපැත්තක් තියෙනවා. මේ මනුස්සය මෙතෙක් ජීවත් උනේ නයි නටවල.රස්සාවක් නැතිනම් ඒ මනුස්සයාගේ ජීවිතේ ගෙනියන්නේ කොහොමද කියල කල්පනා කෙරුවොත් හොදයි නේද?. නයාට වධ හිංසා කලේ නැහැ නේ. මාධ්‍ය ගෙන්නලා කලේ ප්‍රසිද්දියක් ලබා ගන්නද?. (ස)
නයි නටවන්නා පවු කියලා හිතෙනවා (නි)
මේක නම් බොහොම පින් අතේ වැඩක් (නි)
සාධු සාධු සාධු! බොහොම පින්! (නි)
2500 අවසන් වුණහම එයා මොකද කරන්නේ? (නි)
උපාසක උපාසිකාවන්ට දැනුම්දීමක් කරන්න වැරදිලාවත් නයි දෙන්නා දාපු කැලේ පැත්තේ යන්න එපා කියලා. (නි)
නයාගේ දළ ගලවා තිබේ නම් තමයි ප්‍රශ්නේ... (නි)
සීල නමින් අදහස් දමන කෙනාට බුද්ධාගම ගැන දැනුමක් නැහැ වගේ නේද? මෙතන අදහස් දමන ගොඩක් අය පරිඝණකය ඉදිරියේ සියල්ලම දන්න උත්තමයන්. ඔතනදි වැදගත් වෙන්නෙ චේතනාවයි. හාමුදුරුවන් කළේ මෙච්චර කල් නිදහස විඳින්න බැරි වුණ සතුන් දෙදෙනෙක් නිදහස් කළ එක. (නි)
ඒත් අනේ මන්දා! කොහොමද අදින් පස්සේ මොහු ජීවත් වෙන්නේ? (නි)
ඔබ වහන්සේට ගොඩක් පින් (නි)
බොහොම පින් අතේ වැඩක් (නි)
සීල සහෝදරයාගේ කතාව හරියට වැදගත්. මේ වගේ මධ්‍යස්ත ලෙසින් හැම කෙනාම සිතුවොත් මේ රට ගොඩ එනවා (නි)
සීල සහෝදරයාගේ කතාව හරියටම හරි. මේ වගේ මධ්‍යස්ත මතධාරීව අන් අයත් සිතන්න පුරුදු උනොත් මේ රටේ වටිනාකම කියන්න බැහැ. ස්තුතියි ඔබට. (ස)
මිනිහා ආයෙත් කැළයට ගිහිල්ලා නයි දෙන්නා ආයෙත් අල්ලගෙන එයි. ඒක මිනිහාගේ රක්ෂාව නේ (නදී)
මනුස්සයෙක්ගේ ජීවිකාව නේද නැති වුනේ? (නදී)
සීලා, හොඳ යමක් කරාම අගය කරන්න පුරුදුවෙන්න. අද මාධ්‍ය ඕනෑම තැනක සිටිනවා. (නදී)
ජීවත් වෙන්න නයි නටවන්න ඕනෙමද ? බොහොම පින් හාමුදුරුවනේ (නදී)