හෝමාගම ප්‍රාදේශිය සභාවේ වැඩ බැලු සභාපති හා උප සභාපති ඉන්දික කෝරලගේ ලෙනගල පොසොන් බත් දන්සලට මහ රෑ කඩා පැන සංවිධායකයකු වු ලලිත් කුමාර මහතා (45) ක්‍රිඩා පිටියකට රැගෙන ගොස් දණ ගස්වා ටී පනස්හය අවියකින් පහර දී ඇතැයි අතුරුගිරිය පොලීසියට පැමිණිලි කැර ඇත.
පහර කෑමට ලක් වු ලලිත් කුමාර මහතා හෝමාගම රෝහලට ඇතුළු කරනු ලැබ සිටි.
පසු ගිය 13 වැනිදා හෝමාගම ලෙනගල දන්සලකට පසු පස දොරෙන් ඇතුළු වන්නට ආ උප සභාපතිගේ පුතා හා තවත් අයකුට අනෙක් දොරටුවෙන් එන්නැයි කී බවත් එහෙත් ඔහු හා ඔහුගේ සගයා එම දොරටුවෙන්ම දන්සලට අතුළු වී බත් කා බත් පාර්සල් කිහිපයක් ද රැගෙන ගිය බවත් ලලිත් කුමාර මහතා පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.
එම සිද්ධියෙන් පැය කිහිපයකට ටී පනස් හය ගිනි අවියක් ද අතැතිව තවත් කිහිප දෙනකු සමඟ එහි ආ උප සභාපති තමා පුස්තකාලය අසල ක්‍රිඩාංගණයට රැගෙන ගොස් දණ ගස්වා පහර දුන් බව ලලිත් කුමාර මහතා පොලීසියට කියා ඇත.
අතුරුගිරිය පොලීසිය පවසනුයේ උප සභාපති සොයා දෙවරක්ම ඔහුගේ නිවසට ගිය නමුත් ඔහු සොයා ගැනීමට නොහැකි වු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ ඕනෑම කලබලයකදී දේශපාලුවෙක් හෝ පවුලේ කෙනෙක් සම්බන්ධයි . හෙට අනිද්දාට මේ චන්ඩි තාත්තලා පුතාලා ටික පන්සලේ දානයටත් කඩාගෙන වැදිලා පිස්සු නටන කන් අපි බලාගෙන ඉමු. (අ)
කලින් කන්න වෙන්න ඇති (දී)
ආයුධ පෙන්නන්න ගෙනිච නම් ගොඩ(දී)
චන්දෙදි හම්බවෙමු මහත්තයෝ (දී)
මේ මොනවා කලත් අපි චන්දෙ දෙනවානෙ ඕකනේ කරන්න බැරි (දී)
මේ වගේ කට්ටියට බෙහෙත තියෙන්නේ අපි ළඟ (දී)
ආයෙත් පළාත් සභා චන්ද වලට චන්දෙ දෙනවනම් මේ වගේ අය ගැන හොදට හොයල බලලා කතිරය ගහන්න (දී)
දැන් යන විදියට සාමාන්‍ය ජනතාවටත් අවි පුහුණුව අවශ්‍යයි වගේ නැත්තන් මේ අය මට්ටු කරන්න බැරි වෙයි. (අ)
පොඩි විහිළු ගතියකුත් තියෙනවා කතාවේ නමුත් මේක බරපතල තත්වයක් (දී)
මොන පිස්සුද සාන්ත ,අපේ අය මෙයාලටම තමයි ඊලග පාරත් චන්දේ දෙන්නේ (දී)
පිටිගල මහතා සමග මමද එකග වෙමි (දී)
අනේ මන්දා මොනවද කියලා මේ දේවල්? මැරකමින් සියල්ල ජයගන්න බැහැ නේද? (නි)
දේශපාලකයින්ට කොහෙන්ද ටී56? (නි)
ලංකාවේ දේශපාලනයට අපි පත්කරගෙන තියෙන්නේ චණ්ඩි ටිකක්නේ. මෙහෙම ගියොත් තව ටික දවසකින් මඟුල් ගෙවල් වලටත් කඩා පනියිද දන්නෙ නැහැ (නි)
මේ වගේ හොඳ කටයුත්තක් වෙන තැනකට මෙහෙම පැන්න එක නම් බොහොම වැරදියි (නි)
මේක කුමන්ත්‍රණයක් විය හැකිය . T56 ක් කිව්වට, ඒක සෙල්ලම් එකක් වෙන්නත් පුළුවන්. හරියට කරුණු දන්නේනැතුව අදහස් පල කරන්න එපා මිතුරනේ. (අ)
තාත්තලා මහජනතාව ට හොඳ මුණ පෙන්නලා දේශපාලනයට පත් වුන පසු පවුලේ ඉතිරි ඔක්කොම කොහොමත් පස්ස දොරෙන් නේ හැම තැනටම රිංගන්නේ. දන්සල කියලා ඒකේ වෙනසක් නැහැ. (අ)
දේශපාලුවන් ගේ ගේ දරුවන් ඉස්සරහ දොරෙන් ගිහින් වැදගත් විදියට සුදුසු විදියට වැඩ කටයුතු කරගත්තේ මීට දශක ගණනාවකට කලින්. හැමෝටම ඉන්නේ චන්ඩි පුතාලා . හැබැයි ජනහමු වලදී වයස අවුරු 80 අත්තම්මලාටත් දරුවෝ හරියට හදා ගන්න එක ගැන උපදෙස් දෙනවා. කවුරු හරි කියන්නකෝ අද කාලයේ විනයක් ශික්ෂණයක් එක්ක හැදුනු දරුවෝ ඉන්න බලවතෙකුගේ නම. ! (අ)
මේ උප සභාපති ඉන්න පක්ෂයේ ඉහල බලවතුන් පත්තර කියවන්නේ නැද්ද ? තමන් මේ නාමයෝජනා දීල පත් කරගෙන තියෙන්නේ , මැරයෝ ටිකක් කියලා තේරෙන්නේ නැද්ද ? තව ටික කලකින් මිනිස්සුන්ගේ ගෙවල් වලටත් මේ චන්ඩි පුතාල පැනලා ගෙදර බත් මුට්ටිය උස්සගෙන යාවි. (අ)
ඔය කියන විදියට අපේ රටට සාමය උදා වෙලා නම් මොකටද හැම මහජන නියෝජිතයටම ගිනි අවියක්. ඒ කියන්නේ මේ අයට තවම සාමය උදා වෙලා නැහැ කියන එකද? (අ)
පුදුමාකාර මහජන නියෝජිතයින්නේ අපිටත් ඉන්නේ! (නි)
පළමුව පිරිසක් ඉදිරියේ වැදගත් ලෙස හැසිරීමට ඉගෙනගත යුතුයි (නි)
මොනවා උනත් කියන්න සතුටුයි චන්ද්‍රිකා බණ්ඩාරනයක මහත්මියගේ ළමයි හොඳ හැදිච්ච දරුවෝ. කිසිම දවසක , තමන්ගේ පරම්පරාවේ පට්ටම අරන් අසාධරණදාරන විදිහට හැසිරුනේ නැහැ. නැති අයට ඇති උනාම තමයි මේ වගේ දේවල් වෙන්නේ.(නදී)
මේ අයට දෙවියන්ගේ හාල් කැවිලා ද ? (නදී)
අපි නම් එයා ගැන හොඳට දන්නවා (නි)
මේ බලවතුන් පාසල් වලට ඇවිල්ල ගුරු දෙගුරුන්ට දරුවන්ගේ විනය සහ හික්මීම ගැන දෙන දෙශ්නාවල් බලන්න ඕන. අපිට එහෙම ළමයි විනය ගරුකව හදා වඩා ගන්න කියාගෙන ආවොත් හොඳ උත්තරයක් මට තියනවා. (ස)
රටේ ජීවත්වන පුරවැසියන්ගේ මුදල් වලින් වැටුප් ගන්නා දේශපාලකයන්ගෙන් ඉටුවන යුතුකමද මේ ? (ස)
මහා ලොකුවට කතා කලාට "අයුක්තියට හිස නොනමන, සදරණය තේරුම් ගන්න පුළුවන් මිනිස්සු" කිසිම ආගමක් විසින් ලංකාවේ ගොඩනගලා නෑ. තරඟකාරී වාණිජ ලෝකයක එය කරන්නත් බැහැ. එවැනි මිනිසුන් ඇති වෙන තුරු මෙවැනි ආරංචි, හිඟයක් නැතුව ලැබේවි.(දී)
මොන පිස්සුද? ඊ ළඟ සැරේ මීටත් වැඩිය ඡන්දෙ දෙනවා අපේ මිනිස්සු. මේකයි හේතුව. උගත් දේශපාලනඥයෙකුට කියලා වැඩක් කරවා ගන්න 10 පාරක් යන්න ඕනා, අර පිටපත , මේ සහතික, අරන් අහවල් දවසට එන්න. ඔයාගේ සහතික වල කොපි ගේන්න , අහවල් දේ කරගෙන එන්න කියනවා. එත් චන්ඩි දේශපාලකයා කියන්නේ එක පාරයි. වැඩේ කෙලින්ම ගොඩ. මොන පිටපතක්වත් නැහැ. නොකෙරුනොත් වැඩේ ජල්බරි කියලා දන්නා නිසා ඉහලින් වැඩේ එක දවසෙන් කෙරෙනවා. ඉතින් මහා ජනතාවට වඩා හොඳ කවුද? ඒ නිසා මිනිස්සු ඡන්දෙ දෙනවා. හැබැයි රට යන්නේ ආපස්සට. අද වැඩි දෙනෙකුට රට හරහට ගියත් කමක් නැහැ, තමන්ගේ වැඩේ කෙරුනොත්. (නදී)
එල කොල්ලෙක්නේ. සෙල්ලම් ටී 56 වෙන්න ඇති.(නදී)
ඔය බලන්නකෝ ඉතින් (නදී)
මේ වගේ දේශපාලුවන්ගේ වැරදි වැඩ වලට විරෝධී අදහස් දාලා අපිත් හෙම්බත් වෙලා. මේවා කවදා නතර වෙයිද? මේ වගේ දේශපාලුවන්ට පාඩමක් උගන්වන්න ජනතාව පෙළ ගැසිය යුතුයි. එහෙම දෙයකදී මම ඉදිරියෙන්ම යනවා. (නදී)
එතුමා මේ පොසොන් දවසේ කරන ලද මහා කුසල කර්මය හේතුකොට ගෙන ගෙදරදිම නිවන් ගිහින් වගේ (නදී)
දැන් පිස්තෝල වලට බය වෙන්න ඕන නැහැ. දේශපාලකයන් ළඟ තිබෙන්නේ සෙල්ලම් පිස්තෝල. දැන් උසාවියට සෙල්ලම් පිස්තොලේ ඉදිරිපත් කරයි.(නදී)
දේශපාලකයන්ගේ රැකියාව රඳා පවතින්නේ අපේ අතේ. ඔහුන් මෙවැනි වැරදි වැඩ කරනවා නම් මීලග ඡන්දෙන් පස්සේ මේ අයට සොරිම තමා. (නදී)
දුන්නයි ඊතලෙයි හොයා ගන්න බැරි වෙන්න ඇති. ඒ නිසා ටී 56 ගෙනල්ලා. (ස)
කෝල් කරලද ගියේ දෙවරක්? (ස)
මේක සෙල්ලම් ටී56 ක් . හම්බන්තොට හාදය වගේ මෙයත් නිදහසේ රසය වින්දද? (ස)
රුවන් එහෙම වෙන්නේ නැහැ කවදාවත්. අපේ රටේ අයට තාම හැකියාවක් නැහැ ඡන්දෙකදි සුදුසු පාලකයා තෝරාගන්න. (නදී)
පොලිසියට නිතිය කියා දෙන්න නම් අපිට බැහැ, හැබැයි ඉතින් පොඩි එකෙක් මොනවා හරි වරදක් කලොත් නම් කරපු එකා ගෙදර නැත්නම් ගෙදර ඉන්න බල්ලෙක් පුසෙක් හරි ගෙනියනවා පොලෝසියට. දේශපාලකයන්ට මේ මොනවත් නැහැ , එකක්ද දෙකක්ද නැහැනේ , මේවට විරුද්දව ජනතාව නැගිටපු දවසට (නදී)
ලස්සන කතන්දර මේවා. (නදී)
මේ අයට නීතියක් කියා දෙයක් නැද්ද? (නදී)
පොලිසියට තව සිය පාරක් ගියත් ඔය උප සභාපති සොයාගන්ඩ බැහැ. ඕන ඔට්ටුවක්?
දෙයියෝ සාක්කි (නදී)
පිටිගල, ඔබ කිව කතාව හරියට හරි. (නදී)
මේ මහත්තයා දන්සලට ටී 56 අරන් පැන්නේ බෙදන්න හැඳි නැතිවෙන්න ඇති ඒ වෙලාවේ. (නදී)
උප සභාපති සොයා දෙවරක්ම ඔහුගේ නිවසට ගියත් ඔහු හමු නොවූ බව පොලිසිය පවසයි! අපි නම් කියන්නෙ ආයෙ පාරක් ගිහින් බලන්න සමහර විට හම්බවෙන්න පුලුවන්? (ස)
දන්සැල වෙලාවටත් පොඩ්ඩක් ඉවසලා ඉන්න එපැයි (නි)
මෙහෙම හැසිරෙන එක හරිද? (නි)
ඉතා අගයකළ යුතු වැඩක්නේ කරලා තියෙන්නේ. ඊළඟ ඡන්දෙට අවම ලෙස පළාත් සභාවටවත් යවන්න කියලා හෝමාගම ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලනවා. (නි)
එදා මිනිසුන් අත තිබුණේ දුන්න. අද ටී56... ඔහොම යමුකෝ (නි)
මහජනතාව නිදහසේ කන බොන දන්සැලටත් පැනලා නේද? අනේ මන්දා මේවා? (නි)
අනේ මන්දා මොනවද මේ මිනිසුන්ට වෙලා තියෙන්නේ? විනයක් හික්මීමක් ඇත්තෙම නැද්ද? (නි)
දැන් නම් දන්සල් වලට හැමෝම යනවා තමයි. මොනවා වුණත් මේවා අහනකොට ඇඟේ මාළු නටනවා. (නි)
මේ ගැන මොනවද කියන්නේ අපේ ඡන්දදායකයින්? (නි)