IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


හෝමාගම උප සභාපති ටී 56 අරන් දන්සලට පනී

හෝමාගම ප්‍රාදේශිය සභාවේ වැඩ බැලු සභාපති හා උප සභාපති ඉන්දික කෝරලගේ ලෙනගල පොසොන් බත් දන්සලට මහ රෑ කඩා පැන සංවිධායකයකු වු ලලිත් කුමාර මහතා  (45) ක්‍රිඩා පිටියකට රැගෙන ගොස් දණ ගස්වා  ටී පනස්හය අවියකින් පහර දී ඇතැයි  අතුරුගිරිය පොලීසියට පැමිණිලි කැර ඇත.

පහර කෑමට ලක් වු ලලිත් කුමාර මහතා හෝමාගම රෝහලට ඇතුළු කරනු ලැබ සිටි.

පසු ගිය 13 වැනිදා හෝමාගම ලෙනගල දන්සලකට පසු පස දොරෙන් ඇතුළු වන්නට ආ උප සභාපතිගේ පුතා  හා තවත් අයකුට අනෙක් දොරටුවෙන් එන්නැයි  කී බවත් එහෙත් ඔහු හා ඔහුගේ සගයා එම දොරටුවෙන්ම දන්සලට අතුළු වී බත් කා බත් පාර්සල් කිහිපයක් ද රැගෙන ගිය බවත් ලලිත් කුමාර මහතා පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.

එම සිද්ධියෙන් පැය කිහිපයකට ටී පනස් හය ගිනි අවියක් ද අතැතිව තවත් කිහිප දෙනකු සමඟ එහි ආ උප සභාපති තමා පුස්තකාලය අසල ක්‍රිඩාංගණයට රැගෙන ගොස් දණ ගස්වා පහර දුන් බව ලලිත් කුමාර මහතා පොලීසියට කියා ඇත.

අතුරුගිරිය පොලීසිය පවසනුයේ උප සභාපති සොයා දෙවරක්ම ඔහුගේ නිවසට ගිය නමුත් ඔහු සොයා ගැනීමට නොහැකි වු බවයි.

 

 

 



අදහස් (0)

හෝමාගම උප සභාපති ටී 56 අරන් දන්සලට පනී

ලලිත් Sunday, 15 June 2014 05:12 PM

පොලිසියට තව සිය පාරක් ගියත් ඔය උප සභාපති සොයාගන්ඩ බැහැ. ඕන ඔට්ටුවක්?

:       0       0

මුදිත Sunday, 15 June 2014 05:13 PM

එල කොල්ලෙක්නේ. සෙල්ලම් ටී 56 වෙන්න ඇති.(නදී)

:       0       0

නිසාර් Sunday, 15 June 2014 05:24 PM

ඔය බලන්නකෝ ඉතින් (නදී)

:       0       0

රංගන විරාජ් පාලිත Sunday, 15 June 2014 05:29 PM

මේ වගේ දේශපාලුවන්ගේ වැරදි වැඩ වලට විරෝධී අදහස් දාලා අපිත් හෙම්බත් වෙලා. මේවා කවදා නතර වෙයිද? මේ වගේ දේශපාලුවන්ට පාඩමක් උගන්වන්න ජනතාව පෙළ ගැසිය යුතුයි. එහෙම දෙයකදී මම ඉදිරියෙන්ම යනවා. (නදී)

:       0       0

නිවන්ත Monday, 16 June 2014 03:06 AM

අනේ මන්දා මොනවද කියලා මේ දේවල්? මැරකමින් සියල්ල ජයගන්න බැහැ නේද? (නි)

:       0       0

සුජිත් Sunday, 15 June 2014 05:30 PM

එතුමා මේ පොසොන් දවසේ කරන ලද මහා කුසල කර්මය හේතුකොට ගෙන ගෙදරදිම නිවන් ගිහින් වගේ (නදී)

:       0       0

දීපාල් Monday, 16 June 2014 03:09 AM

දේශපාලකයින්ට කොහෙන්ද ටී56? (නි)

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Sunday, 15 June 2014 05:41 PM

දැන් පිස්තෝල වලට බය වෙන්න ඕන නැහැ. දේශපාලකයන් ළඟ තිබෙන්නේ සෙල්ලම් පිස්තෝල. දැන් උසාවියට සෙල්ලම් පිස්තොලේ ඉදිරිපත් කරයි.(නදී)

:       0       0

ගයානි Monday, 16 June 2014 03:16 AM

ලංකාවේ දේශපාලනයට අපි පත්කරගෙන තියෙන්නේ චණ්ඩි ටිකක්නේ. මෙහෙම ගියොත් තව ටික දවසකින් මඟුල් ගෙවල් වලටත් කඩා පනියිද දන්නෙ නැහැ (නි)

:       0       0

රුවන් Sunday, 15 June 2014 05:43 PM

දේශපාලකයන්ගේ රැකියාව රඳා පවතින්නේ අපේ අතේ. ඔහුන් මෙවැනි වැරදි වැඩ කරනවා නම් මීලග ඡන්දෙන් පස්සේ මේ අයට සොරිම තමා. (නදී)

:       0       0

හසිත Monday, 16 June 2014 03:21 AM

මේ රටේ ඕනෑම කලබලයකදී දේශපාලුවෙක් හෝ පවුලේ කෙනෙක් සම්බන්ධයි . හෙට අනිද්දාට මේ චන්ඩි තාත්තලා පුතාලා ටික පන්සලේ දානයටත් කඩාගෙන වැදිලා පිස්සු නටන කන් අපි බලාගෙන ඉමු. (අ)

:       0       0

සුගත් Monday, 16 June 2014 03:22 AM

මේක කුමන්ත්‍රණයක් විය හැකිය . T56 ක් කිව්වට, ඒක සෙල්ලම් එකක් වෙන්නත් පුළුවන්. හරියට කරුණු දන්නේනැතුව අදහස් පල කරන්න එපා මිතුරනේ. (අ)

:       0       0

බහනුක Monday, 16 June 2014 03:26 AM

තාත්තලා මහජනතාව ට හොඳ මුණ පෙන්නලා දේශපාලනයට පත් වුන පසු පවුලේ ඉතිරි ඔක්කොම කොහොමත් පස්ස දොරෙන් නේ හැම තැනටම රිංගන්නේ. දන්සල කියලා ඒකේ වෙනසක් නැහැ. (අ)

:       0       0

බිමල් Monday, 16 June 2014 03:31 AM

දේශපාලුවන් ගේ ගේ දරුවන් ඉස්සරහ දොරෙන් ගිහින් වැදගත් විදියට සුදුසු විදියට වැඩ කටයුතු කරගත්තේ මීට දශක ගණනාවකට කලින්. හැමෝටම ඉන්නේ චන්ඩි පුතාලා . හැබැයි ජනහමු වලදී වයස අවුරු 80 අත්තම්මලාටත් දරුවෝ හරියට හදා ගන්න එක ගැන උපදෙස් දෙනවා. කවුරු හරි කියන්නකෝ අද කාලයේ විනයක් ශික්ෂණයක් එක්ක හැදුනු දරුවෝ ඉන්න බලවතෙකුගේ නම. ! (අ)

:       0       0

ශානක Sunday, 15 June 2014 05:58 PM

දුන්නයි ඊතලෙයි හොයා ගන්න බැරි වෙන්න ඇති. ඒ නිසා ටී 56 ගෙනල්ලා. (ස)

:       0       0

කාන්ති Monday, 16 June 2014 03:38 AM

මේ උප සභාපති ඉන්න පක්ෂයේ ඉහල බලවතුන් පත්තර කියවන්නේ නැද්ද ? තමන් මේ නාමයෝජනා දීල පත් කරගෙන තියෙන්නේ , මැරයෝ ටිකක් කියලා තේරෙන්නේ නැද්ද ? තව ටික කලකින් මිනිස්සුන්ගේ ගෙවල් වලටත් මේ චන්ඩි පුතාල පැනලා ගෙදර බත් මුට්ටිය උස්සගෙන යාවි. (අ)

:       0       0

ඇල්බට් Sunday, 15 June 2014 06:01 PM

කෝල් කරලද ගියේ දෙවරක්? (ස)

:       0       0

විමල් Sunday, 15 June 2014 06:03 PM

මේක සෙල්ලම් ටී56 ක් . හම්බන්තොට හාදය වගේ මෙයත් නිදහසේ රසය වින්දද? (ස)

:       0       0

ලුම්බිණි Monday, 16 June 2014 05:37 AM

ඔය කියන විදියට අපේ රටට සාමය උදා වෙලා නම් මොකටද හැම මහජන නියෝජිතයටම ගිනි අවියක්. ඒ කියන්නේ මේ අයට තවම සාමය උදා වෙලා නැහැ කියන එකද? (අ)

:       0       0

සංජීව Sunday, 15 June 2014 06:08 PM

රුවන් එහෙම වෙන්නේ නැහැ කවදාවත්. අපේ රටේ අයට තාම හැකියාවක් නැහැ ඡන්දෙකදි සුදුසු පාලකයා තෝරාගන්න. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 15 June 2014 06:07 PM

පොලිසියට නිතිය කියා දෙන්න නම් අපිට බැහැ, හැබැයි ඉතින් පොඩි එකෙක් මොනවා හරි වරදක් කලොත් නම් කරපු එකා ගෙදර නැත්නම් ගෙදර ඉන්න බල්ලෙක් පුසෙක් හරි ගෙනියනවා පොලෝසියට. දේශපාලකයන්ට මේ මොනවත් නැහැ , එකක්ද දෙකක්ද නැහැනේ , මේවට විරුද්දව ජනතාව නැගිටපු දවසට (නදී)

:       0       0

ඉසුරන්දි Sunday, 15 June 2014 06:10 PM

ලස්සන කතන්දර මේවා. (නදී)

:       0       0

උපුල් Sunday, 15 June 2014 06:13 PM

මේ අයට නීතියක් කියා දෙයක් නැද්ද? (නදී)

:       0       0

පිටිගල Sunday, 15 June 2014 06:20 PM

මොන පිස්සුද? ඊ ළඟ සැරේ මීටත් වැඩිය ඡන්දෙ දෙනවා අපේ මිනිස්සු. මේකයි හේතුව. උගත් දේශපාලනඥයෙකුට කියලා වැඩක් කරවා ගන්න 10 පාරක් යන්න ඕනා, අර පිටපත , මේ සහතික, අරන් අහවල් දවසට එන්න. ඔයාගේ සහතික වල කොපි ගේන්න , අහවල් දේ කරගෙන එන්න කියනවා. එත් චන්ඩි දේශපාලකයා කියන්නේ එක පාරයි. වැඩේ කෙලින්ම ගොඩ. මොන පිටපතක්වත් නැහැ. නොකෙරුනොත් වැඩේ ජල්බරි කියලා දන්නා නිසා ඉහලින් වැඩේ එක දවසෙන් කෙරෙනවා. ඉතින් මහා ජනතාවට වඩා හොඳ කවුද? ඒ නිසා මිනිස්සු ඡන්දෙ දෙනවා. හැබැයි රට යන්නේ ආපස්සට. අද වැඩි දෙනෙකුට රට හරහට ගියත් කමක් නැහැ, තමන්ගේ වැඩේ කෙරුනොත්. (නදී)

:       0       0

නිලන්ග Monday, 16 June 2014 06:50 AM

පුදුමාකාර මහජන නියෝජිතයින්නේ අපිටත් ඉන්නේ! (නි)

:       0       0

ෂෙහාහිර් ඩේවුඩ් Sunday, 15 June 2014 06:28 PM

දෙයියෝ සාක්කි (නදී)

:       0       0

මහේෂ් Sunday, 15 June 2014 06:26 PM

පිටිගල, ඔබ කිව කතාව හරියට හරි. (නදී)

:       0       0

ඉසුරන්දි Sunday, 15 June 2014 06:28 PM

මේ මහත්තයා දන්සලට ටී 56 අරන් පැන්නේ බෙදන්න හැඳි නැතිවෙන්න ඇති ඒ වෙලාවේ. (නදී)

:       0       0

විමසුම Sunday, 15 June 2014 06:33 PM

උප සභාපති සොයා දෙවරක්ම ඔහුගේ නිවසට ගියත් ඔහු හමු නොවූ බව පොලිසිය පවසයි! අපි නම් කියන්නෙ ආයෙ පාරක් ගිහින් බලන්න සමහර විට හම්බවෙන්න පුලුවන්? (ස)

:       0       0

ශීලා Monday, 16 June 2014 07:41 AM

පළමුව පිරිසක් ඉදිරියේ වැදගත් ලෙස හැසිරීමට ඉගෙනගත යුතුයි (නි)

:       0       0

යසිත Sunday, 15 June 2014 06:38 PM

දන්සැල වෙලාවටත් පොඩ්ඩක් ඉවසලා ඉන්න එපැයි (නි)

:       0       0

ශානි Monday, 16 June 2014 07:49 AM

මොනවා උනත් කියන්න සතුටුයි චන්ද්‍රිකා බණ්ඩාරනයක මහත්මියගේ ළමයි හොඳ හැදිච්ච දරුවෝ. කිසිම දවසක , තමන්ගේ පරම්පරාවේ පට්ටම අරන් අසාධරණදාරන විදිහට හැසිරුනේ නැහැ. නැති අයට ඇති උනාම තමයි මේ වගේ දේවල් වෙන්නේ.(නදී)

:       0       0

සිල්වා Sunday, 15 June 2014 06:44 PM

මෙහෙම හැසිරෙන එක හරිද? (නි)

:       0       0

විජේබා Monday, 16 June 2014 05:07 PM

මහා ලොකුවට කතා කලාට "අයුක්තියට හිස නොනමන, සදරණය තේරුම් ගන්න පුළුවන් මිනිස්සු" කිසිම ආගමක් විසින් ලංකාවේ ගොඩනගලා නෑ. තරඟකාරී වාණිජ ලෝකයක එය කරන්නත් බැහැ. එවැනි මිනිසුන් ඇති වෙන තුරු මෙවැනි ආරංචි, හිඟයක් නැතුව ලැබේවි.(දී)

:       0       0

රොෂාන් Sunday, 15 June 2014 06:47 PM

ඉතා අගයකළ යුතු වැඩක්නේ කරලා තියෙන්නේ. ඊළඟ ඡන්දෙට අවම ලෙස පළාත් සභාවටවත් යවන්න කියලා හෝමාගම ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලනවා. (නි)

:       0       0

අනුර ශාන්ත Monday, 16 June 2014 07:57 AM

මේ අයට දෙවියන්ගේ හාල් කැවිලා ද ? (නදී)

:       0       0

අරුණ Sunday, 15 June 2014 06:59 PM

එදා මිනිසුන් අත තිබුණේ දුන්න. අද ටී56... ඔහොම යමුකෝ (නි)

:       0       0

අසිත් Sunday, 15 June 2014 06:59 PM

මහජනතාව නිදහසේ කන බොන දන්සැලටත් පැනලා නේද? අනේ මන්දා මේවා? (නි)

:       0       0

දිල්හාන් Monday, 16 June 2014 08:11 AM

අපි නම් එයා ගැන හොඳට දන්නවා (නි)

:       0       0

ගුණවර්ධන Sunday, 15 June 2014 07:04 PM

අනේ මන්දා මොනවද මේ මිනිසුන්ට වෙලා තියෙන්නේ? විනයක් හික්මීමක් ඇත්තෙම නැද්ද? (නි)

:       0       0

ගිහාන් Sunday, 15 June 2014 07:04 PM

දැන් නම් දන්සල් වලට හැමෝම යනවා තමයි. මොනවා වුණත් මේවා අහනකොට ඇඟේ මාළු නටනවා. (නි)

:       0       0

සමිරු Sunday, 15 June 2014 07:06 PM

මේ ගැන මොනවද කියන්නේ අපේ ඡන්දදායකයින්? (නි)

:       0       0

හර්ෂණී Sunday, 15 June 2014 07:08 PM

මේ වගේ හොඳ කටයුත්තක් වෙන තැනකට මෙහෙම පැන්න එක නම් බොහොම වැරදියි (නි)

:       0       0

නවිනි Monday, 16 June 2014 12:05 PM

මේ බලවතුන් පාසල් වලට ඇවිල්ල ගුරු දෙගුරුන්ට දරුවන්ගේ විනය සහ හික්මීම ගැන දෙන දෙශ්නාවල් බලන්න ඕන. අපිට එහෙම ළමයි විනය ගරුකව හදා වඩා ගන්න කියාගෙන ආවොත් හොඳ උත්තරයක් මට තියනවා. (ස)

:       0       0

දම්මික Sunday, 15 June 2014 08:15 PM

කලින් කන්න වෙන්න ඇති (දී)

:       0       0

දනුෂ්ක Sunday, 15 June 2014 08:17 PM

ආයුධ පෙන්නන්න ගෙනිච නම් ගොඩ(දී)

:       0       0

සරෝජි Sunday, 15 June 2014 08:20 PM

චන්දෙදි හම්බවෙමු මහත්තයෝ (දී)

:       0       0

අනුරුද්ධ Monday, 16 June 2014 12:21 PM

රටේ ජීවත්වන පුරවැසියන්ගේ මුදල් වලින් වැටුප් ගන්නා දේශපාලකයන්ගෙන් ඉටුවන යුතුකමද මේ ? (ස)

:       0       0

සුසන්ත Sunday, 15 June 2014 08:20 PM

මේ මොනවා කලත් අපි චන්දෙ දෙනවානෙ ඕකනේ කරන්න බැරි (දී)

:       0       0

සනත් Sunday, 15 June 2014 08:20 PM

මේ වගේ කට්ටියට බෙහෙත තියෙන්නේ අපි ළඟ (දී)

:       0       0

ශාන්ත Sunday, 15 June 2014 08:22 PM

ආයෙත් පළාත් සභා චන්ද වලට චන්දෙ දෙනවනම් මේ වගේ අය ගැන හොදට හොයල බලලා කතිරය ගහන්න (දී)

:       0       0

නිමල් Sunday, 15 June 2014 08:56 PM

දැන් යන විදියට සාමාන්‍ය ජනතාවටත් අවි පුහුණුව අවශ්‍යයි වගේ නැත්තන් මේ අය මට්ටු කරන්න බැරි වෙයි. (අ)

:       0       0

සමන් Sunday, 15 June 2014 09:05 PM

පොඩි විහිළු ගතියකුත් තියෙනවා කතාවේ නමුත් මේක බරපතල තත්වයක් (දී)

:       0       0

ශාන්ති Sunday, 15 June 2014 09:11 PM

මොන පිස්සුද සාන්ත ,අපේ අය මෙයාලටම තමයි ඊලග පාරත් චන්දේ දෙන්නේ (දී)

:       0       0

රවී Sunday, 15 June 2014 10:23 PM

පිටිගල මහතා සමග මමද එකග වෙමි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1347 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 828 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1893 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 483 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2784 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37157 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24474 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 623 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site