IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


හෝමගම හිටපු විනිසුරුගෙන් තව කටඋත්තරයක්

හෝමාගම හිටපු දිසා විනිසුරු සුනිල් අබේසිංහගේ නිල ආරක්ෂක පොලිස් කොස්තාපල් මිහින්ද තිස්ස රුපියල් 25000ක මුදල් ඇපයක් හා රුපියල් පනස් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.

හෝමාගම දිස්ත්‍රික් උසාවියේ නඩුවක තීන්දුවක් පාර්ශ්ව කාරියකට වාසි සහගත ලෙස ප්‍රකාශ කිරීම සඳහා රුපියල් තුන් ලක්ෂයක අල්ලසක් ගත්තැයි දිසා විනිසුරු හා ආරක්ෂකයා සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

තම සේවාදායකයා අල්ලස් හෝ දූෂණ කොමිසමට සිය මුල් ප්‍රකාශය කළේ බලපෑම් මත යැයි හිටපු දිසා විනිසුරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා කරුණු දක්වමින් ඉල්ලා සිටියේ දෙවැනි ප්‍රකාශයක් කිරීමට අවසර දෙන ලෙසයි.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සැරයන් ජී චන්ද්‍රසිරි ඊට විරුද්ධ විය.

නීතිය මැනවින් දැන සිටින සැකකරු මෙවැනි ඉල්ලීමක් කිරීම පුදුම සහගත යැයි ද ඔහු කීවේය.

හිටපු දිසා විනිසුරුට අලුතින් ප්‍රකාශයක් කිරීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරයා එම ප්‍රකාශය ඇතුළත් වාර්තාව සැප්තැම්බර් පළමු වැනිදා උසාවියට ඉදිරිපත් කරන්නැයි අල්ලස් කොමිසමට නියෝග කළේය.

 



අදහස් (0)

හෝමගම හිටපු විනිසුරුගෙන් තව කටඋත්තරයක්

චාන් Friday, 28 June 2013 07:50 PM

හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ වගේ අවසානය හිතා ගන්න පුළුවන් (නි)

:       0       0

තිසල් Friday, 28 June 2013 08:05 PM

මට නම් මේවා ගැන මොනවත් කතාකරන්නවත් එපා වෙලා. (නි)

:       0       0

තුෂාර,පර්ත් Friday, 28 June 2013 08:08 PM

ඉතින් මෙහෙම බලද්දී මුල් ප්‍රකාශය කළේ බලපෑම් මත යැයි කියනවා නම් ,බලපෑම් මත නඩු කීයකට සාදාරණය කළාද කියලත් සැකයක් මතුවෙනවනේ (නි)

:       0       0

බංඩාර - කුවෙට් Saturday, 29 June 2013 10:36 AM

දීකිරට බළල්ලුත් සාක්කි. මේ නිලධාරීන්ද ඉතාලියේ තානාපති වුනේ. පුංචි ළමයි කියන කතා වගේ.(නදී)

:       0       0

ලකී ජයසූරිය ලන්ඩන් Saturday, 29 June 2013 06:27 PM

දිසා විනිසුරු තුමනි, බල්ලොත් එක්ක ලැග්ගොත් මැක්කොත් එක්කලු නැගිටින්න වෙන්නේ. තමන්ගේ තත්වේ ගෙන කල්පනා කරන්න තිබුනා. පොලිසිය, උසාවිය ගැන දුප්පතුන්ගේ තිබුන විශ්වාසය ඔයාලම නැති කරනවා. අපේ රටටට කොන්දක් තියෙන නායකයෙක් ඕනේ.(නදී)

:       0       0

පද්මිණී Friday, 28 June 2013 11:31 PM

නිතිය ඉදිරියේ සිදු නොවිය යුතු සියලුම දේ සිදුවෙනවා. (නදී)

:       0       0

ෂෙරිෆ් Saturday, 29 June 2013 01:29 AM

හිටපු දිසා විනිසුරු මහත්මයත් නරකද හෙට අනිද්දා වෙනකොට අයියානායක දේවාලයට ගිහින් පොල් ගහලා ආවොත්? (නි)

:       0       0

රත්නසිරි Saturday, 29 June 2013 02:45 AM

අනේ බබා!(නදී)

:       0       0

පිටබෙද්දර ජයා Saturday, 29 June 2013 04:52 AM

ගම් වල ඉන්න නුගත් හොරු අල්ලාගෙන පොලීසියෙන් දෙකක් දෙනකොට පොලීසිය කියන ඕනෑම දෙකට ඔව් කියනවා කියන එක වෙනම කතාවක්. ඒත් නීතිය දන්නා විනිසුරුවරයෙකුට බලපෑම් කරන්න එන කෙනා කවුද? අපිට නම් දැන් වැඩේ පැහැදිලියි. හැබැයි අපිට නීතිය ගෙන ලොකු විශ්වාසයක් තිබුනා. (නි)

:       0       0

ලුම්බිණි Saturday, 29 June 2013 07:29 AM

මේ ඕනෑම දෙයක් වෙනස් කල හැකි කෙනෙක් ඉන්නවා. (නදී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Sunday, 30 June 2013 05:11 AM

අනේ තිසල් ,ඔයාගෙ ඔය සුරතල් කටින් මොනවා හරි අදහසක් කියනකල් අපි බලාගෙන ඉන්නවා. (නි)

:       0       0

රන්බණ්ඩා විජේසින්ග්හේ Saturday, 29 June 2013 07:38 AM

ඔන්න බලාගනිල්ල වෙන දේ හෙට අනිද්දා? මේක ශ්‍රී ලංකාව.(අ)

:       0       0

කුමාරි Friday, 28 June 2013 06:56 PM

කරන්න දෙයක් නැහැ. දෙයියොත් දැන් ඉන්නේ අහක බලන්.මොකද වැරදි කරන අයය් දෙයියන්ගේ පිහිට ඉල්ලන්නේ.දැන් තියෙන්නේ දෙන දේ කාලා වෙනදේ බලන් ඉන්න කාලයක්. (නි)

:       0       0

අමිල කටුනායක Friday, 28 June 2013 07:00 PM

විනිසුරුවරුත් සාමාන්‍ය අයගේ බල පෑම් වලට යට වෙනවා එහෙනම්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 900 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 317 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4043 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1454 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 693 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2450 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site