හෝමාගම හිටපු දිසා විනිසුරු සුනිල් අබේසිංහගේ නිල ආරක්ෂක පොලිස් කොස්තාපල් මිහින්ද තිස්ස රුපියල් 25000ක මුදල් ඇපයක් හා රුපියල් පනස් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
හෝමාගම දිස්ත්‍රික් උසාවියේ නඩුවක තීන්දුවක් පාර්ශ්ව කාරියකට වාසි සහගත ලෙස ප්‍රකාශ කිරීම සඳහා රුපියල් තුන් ලක්ෂයක අල්ලසක් ගත්තැයි දිසා විනිසුරු හා ආරක්ෂකයා සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
තම සේවාදායකයා අල්ලස් හෝ දූෂණ කොමිසමට සිය මුල් ප්‍රකාශය කළේ බලපෑම් මත යැයි හිටපු දිසා විනිසුරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා කරුණු දක්වමින් ඉල්ලා සිටියේ දෙවැනි ප්‍රකාශයක් කිරීමට අවසර දෙන ලෙසයි.
අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සැරයන් ජී චන්ද්‍රසිරි ඊට විරුද්ධ විය.
නීතිය මැනවින් දැන සිටින සැකකරු මෙවැනි ඉල්ලීමක් කිරීම පුදුම සහගත යැයි ද ඔහු කීවේය.
හිටපු දිසා විනිසුරුට අලුතින් ප්‍රකාශයක් කිරීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරයා එම ප්‍රකාශය ඇතුළත් වාර්තාව සැප්තැම්බර් පළමු වැනිදා උසාවියට ඉදිරිපත් කරන්නැයි අල්ලස් කොමිසමට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන්න දෙයක් නැහැ. දෙයියොත් දැන් ඉන්නේ අහක බලන්.මොකද වැරදි කරන අයය් දෙයියන්ගේ පිහිට ඉල්ලන්නේ.දැන් තියෙන්නේ දෙන දේ කාලා වෙනදේ බලන් ඉන්න කාලයක්. (නි)
විනිසුරුවරුත් සාමාන්‍ය අයගේ බල පෑම් වලට යට වෙනවා එහෙනම්.(නදී)
හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ වගේ අවසානය හිතා ගන්න පුළුවන් (නි)
මට නම් මේවා ගැන මොනවත් කතාකරන්නවත් එපා වෙලා. (නි)
ඉතින් මෙහෙම බලද්දී මුල් ප්‍රකාශය කළේ බලපෑම් මත යැයි කියනවා නම් ,බලපෑම් මත නඩු කීයකට සාදාරණය කළාද කියලත් සැකයක් මතුවෙනවනේ (නි)
නිතිය ඉදිරියේ සිදු නොවිය යුතු සියලුම දේ සිදුවෙනවා. (නදී)
හිටපු දිසා විනිසුරු මහත්මයත් නරකද හෙට අනිද්දා වෙනකොට අයියානායක දේවාලයට ගිහින් පොල් ගහලා ආවොත්? (නි)
අනේ බබා!(නදී)
ගම් වල ඉන්න නුගත් හොරු අල්ලාගෙන පොලීසියෙන් දෙකක් දෙනකොට පොලීසිය කියන ඕනෑම දෙකට ඔව් කියනවා කියන එක වෙනම කතාවක්. ඒත් නීතිය දන්නා විනිසුරුවරයෙකුට බලපෑම් කරන්න එන කෙනා කවුද? අපිට නම් දැන් වැඩේ පැහැදිලියි. හැබැයි අපිට නීතිය ගෙන ලොකු විශ්වාසයක් තිබුනා. (නි)
මේ ඕනෑම දෙයක් වෙනස් කල හැකි කෙනෙක් ඉන්නවා. (නදී)
ඔන්න බලාගනිල්ල වෙන දේ හෙට අනිද්දා? මේක ශ්‍රී ලංකාව.(අ)
දීකිරට බළල්ලුත් සාක්කි. මේ නිලධාරීන්ද ඉතාලියේ තානාපති වුනේ. පුංචි ළමයි කියන කතා වගේ.(නදී)
දිසා විනිසුරු තුමනි, බල්ලොත් එක්ක ලැග්ගොත් මැක්කොත් එක්කලු නැගිටින්න වෙන්නේ. තමන්ගේ තත්වේ ගෙන කල්පනා කරන්න තිබුනා. පොලිසිය, උසාවිය ගැන දුප්පතුන්ගේ තිබුන විශ්වාසය ඔයාලම නැති කරනවා. අපේ රටටට කොන්දක් තියෙන නායකයෙක් ඕනේ.(නදී)
අනේ තිසල් ,ඔයාගෙ ඔය සුරතල් කටින් මොනවා හරි අදහසක් කියනකල් අපි බලාගෙන ඉන්නවා. (නි)