පසුගිය අගෝස්තු 01 වැනි දා පිරිසිදු ජලය ඉල්ලමින් වැලිවේරිය - රතුප්සවල පැවැති ජනතා උද්ඝෝෂණයට සහ එය වාර්තා කරමින් සිටි ජනමාධ්‍යවේදීන්ට යුද හමුදාව විසින් අමානුෂික ලෙස වෙඩි තබා ප්‍රහාර එල්ල කොට පාසල් ශිෂ්‍යයින් දෙදෙනකු ඇතුළු නිරායුද වැසියන් තිදෙනෙකු ඝාතනය කොට තිබියදී ආණ්ඩුව සහ හමුදාව තෙවැනි පාර්ශවයක් වෙත චෝදනා එල්ල කරමින් ජනසමාජය නොමග යවතියි ජනමාධ්‍ය සංවිධාන හතක් නිවේදනයක් නිකුත් කරමින් කියයි.
ජනමාධ්‍ය සංවිධාන එකතුව වෙනුවෙන් ධර්මසිරි ලංකාපේලි මහතා නිවේදනය නිකුත් කර ඇත.
ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, ශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍යවේදීන්ගේ සංසදය, ශ්‍රී ලංකා දෙමළ ජනමාධ්‍යවේදීන්ගේ සන්ධානය, දකුණු ආසියානු නිදහස් මාධ්‍ය සංගමයේ ශ්‍රී ලංකා පාර්ශ්වය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍ය ව්‍යාපාරය එම සංවිධාන හතයි.
‘ආණ්ඩුව එසේ කිසිදු වගකිවයුතු සාධාරණ පරීක්ෂණයක් සිදුනොකර කල් මරමින් සිටියදී මේ සම්බන්ධයෙන් සාක්කි ලබාදෙන ලෙස හමුදාව අභ්‍යන්තරයේ පැවැත්වෙන යුද හමුදා පරීක්ෂණ උසාවියක් වෙත ජනමාධ්‍යවේදීන් කැඳවීම ශ්‍රී ලාංකික ජනසමාජය මිලිටරිකරණයට ලක්කිරිමේ තවත් බරපතල නීති විරෝධී සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුත්තක් බව අපගේ නිරීක්ෂණයයි. ‘
‘එන්.ජේ.සී. ඩයස් නැමැති මේජර් ජනරාල්වරයකුගේ අත්සනින් යුතුව සාක්කිකරුවෙකු වෙත යවන සිතාසිය යනුවෙන් නම් කළ ලිපියක් මගින් සිවිල් පුරවැසියන් වන ජනමාධ්‍යවේදීන් මෙලෙස හමුදාවේ අභ්‍යන්තර උසාවියක් වෙත කැඳවීමට අපගේ විරෝධතාවය තරයේ පළකරන අතර එලෙස සිවිල් පුද්ගලයින් වන ජනමාධ්‍යවේදීන් හමුදාවේ අභ්‍යන්තර උසාවියක් වෙත කැඳවීමට බලය ඇත්තේ කවර නීතියක් යටතේදැයි අපි අදාළ බලධාරින්ගෙන් ප්‍රශ්න කරන්නෙමු. ‘
‘එහෙයින් ආණ්ඩුවට අපි බලකර සිටින්නේ මෙලෙස ජන සමාජය නොමග යවමින් බොරු රඟපෑම් නොකොට වහාම මේ පිළිබඳව සාධාරණ ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකරන ලෙසයි. ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නමේ අගට තියෙන අනික් අකුරු දන්නා කෙනෙක් කවුරු හරි ඉන්නවද? අනික මොකද්ද යුද හමුදා මුලික පරීක්ෂණ උසාවිය කියන්නේ? (නි)
ඇයි සාක්කි දෙන්න බැරි? (නි)
ඔය පටන්ගත්තා පමණි (නි)
අගතියට පත් පාර්ශවයට දඬුවම් ලබා දීමේ නව ප්‍රවණතාවයක් මේක. (නි)
පුදුම ආශ්චර්යක් මේක. (නි)
මේ කවුරු කවුරුත් ලංකාවේ මිනිස්සු හොදට අදුනනවා. (නි)
බන්දුල , ඔන්න හමුදාවේ තවත් ප්‍රතිපලයක්. දැන් මොකද කියන්නේ? (නි)
එයාලා ගැන තියන වැරදි ආකල්පය වෙනස් කර ගන්න කියලා කිවුවේ,මේවා එවන්න වෙන්න ඇති. (නි)
හැබැයි හැමදේම දවසක පාරා වළල්ලක් වෙලා මේ ගොල්ලන්ටම කැරකිලා එනවා. ජනතාවට පාඩම් උගන්නන්න ගිය හැමෝම ඉතිහාසය තුළ හොඳ හොඳ පාඩම් ඉගෙන ගෙන තියෙනවා. (නි)
මේක ලත් තැන ලොප් විය යුතු භයානක ප්‍රවණතාවක්. ජන මාධ්‍යවේදීන් සහ සිවිල් ජනතාව 'යුද හමුදා උසාවියකට' කැඳවීම මොනම තත්වයක් යටතේවත් සිදු නොවිය යුත්තක්. රජය මේ ගැන පැහැදිලි කිරීමක් නොකළොත් ප්‍රතිපල රජයටම අවාසියට හිටියි. (නි)
මේ සිදුවීම් වලින් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් කියන දේවල් ඔප්පු වීමයි සිද්ධ වෙන්නේ (නි)
මේ වගේ දේවල් වලට හොද ජාත්‍යන්තර පරික්ෂණ තමා (නි)
බන්දුල (දම්මික)පෙරෙරා ඔබ සාපයට ලක්වූ කෙනෙක් (ස)
හමුදාවේ සෙබළුන් ගැන අභන්තර පරීක්ෂණයක් තියන කොට පුද්ගලයින් කැදවා සාක්ෂි ලබා ගන්න බැරිද? මාධ්‍ය වේදීන් වෙනම කොට්ඨාශයක්ද? (ස)
මෙහෙම ගියොත් ළඟදීම ජිනිවා යන්න වෙන්නේ සිංහල අපිටයි (නි)