යුද හමුදා පොලිසියේ ලාන්ස් කෝප්‍රල් වරයකු නිල ඇඳුමෙන් පැමිණ අඟුලානේ දී රුපියල් 500ක පැකට්ටුවක් මිලදී ගනිද්දී අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය කියයි.
හමුදා නිලධරයකුගේ රියදුරා වන මොහු, හමුදා නිලධරයාගේ පුතා නාගොඩ පෞද්ගලික පන්තියකට ඇරැලවා කුඩු ගැනීමට අඟුලානට ගොස් ඇතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදා නිලධාරියාට පරීක්ෂණයක් තියන්න ඕනෑ (නි)
ගමගේ, රාජ්‍ය දේපල කියල කීවෙ කුඩු ගැනද? (නදී)
අනේ රාජ්‍ය දේපල (නදී)
එක රූපවාහිනී විවාදයකදී මම දැක්කා කොටිකාවත්ත පැත්තේ හාමුදුරු නමක් නම් ගම් ඇතිව විස්තරයක් කිවවා. ඒ වෙනුවෙන් බලදාරින් ගත් ක්‍රියා මාර්ග මහජනයට දැනගන්ඩ පුවත් පත් මගින් කිවොත් හොඳයි නේද ? දැනට හෙළ උරුමයේ නායක ස්වාමින් වහන්සේ අසන ප්‍රස්න ගැනත් අවදානය යොමු කරන මෙන් ඉල්ලා සිටිමි. (නදී)
මිලට ගනිද්දී ලාන්ස් කොප්‍රෙල් අත්අඩංගුවට ගත්ත,, එතකොට විකුනපු කෙනා ? (නදී)
කෝ කයිවාරුව ? මතට පාර කපල ඉවරයි. (නදී)
කුඩුගෙන්වන අයගෙ උත්සහය කවදාවත් පරදින්න විදිහක්නෑ ඔවුන් හදන්නෙ මුලුරටේම නිලධාරින්ට මෙය පුරුදුකරන්න.ඔවුන්ට මෙයඉතාමලෙහෙසි වෙනවා . (අ)
කුඩු කුඩු කුඩු සල්ලි.. කුඩු කුඩු කුඩු සල්ලි.... මේක මේ ටියුන් එකට කියන්න (නදී)
" රණවිරු රියල් ස්ටාර් " (නදී)
ලංකාවට කුඩු ගේන අය අල්ලන්නේ නැතිව මිලදී ගන්න අය අල්ලා ලොකුවට ප්‍රචාරය කිරීමෙන් බලාපොරොත්තුවෙන්නේ කුමක්ද? (නදී)
හමුදා නිලදාරීන්ගේ ළමුන්ව පෞද්ගලික පන්ති රැගෙන යාමත් ඔය ලාන්ස් කොප්‍රල්ගේ රාජකාරියේ කොටසක්ද ?හමුදා ප්‍රකාසක තුමාගෙන් දැනගන්න කැමතියි. (නදී)
යන්නේ කොහෙද මල්ලේ පොල්! ඇන්ටන්,අධිකාරි පත්වීම් ලැබූ හමුදා නිලධාරීන් වාහන එළවාගෙන යන්නේ නැහැ (නි)
කුඩු වල ව්‍යාප්තියේ තරම. බලාගෙන ගියාම දැන් ටික දෙනයිද කොහෙද කුඩු ගහන්නෙ නැත්තේ. ඒතරම් රට, කුඩු වලින් ස්වංපෝෂිත වෙලා තියෙන්නේ. (නි)
හැම තැනම කුඩු..කුඩු ..කුඩු . තව ටික දවසකින් මෙි විදියේ ප්‍රවෘත්තියක් අහන්නත් ලැබෙයි මෙි විදියට ගියොත්. “පෙර පාසල් සිසුන් දෙදෙනෙක් කුඩු උරද්දී පොළිසියට කොටුවෙයි” (නදී)
ඒ ඉස්සර තමයි රණවිරුවන් තුවක්කුව අතට අරගෙන යුද පෙරමුණට ගියේ. අද ඒ රණවිරුවන් මොකද කරන්නේ? (නි)
එතකොට කුඩු විකිණූ තැනැත්තා, ඔහුට කුඩු ලබාදුන් තැනැත්තා සහ ඉන් එහාට .... (නි)
යුද හමුදා පොලිසියේ ලාන්ස් කෝප්‍රල් වරයකු. එහෙනම් යුධ හමුදා පොලිසියත් ඉවරයි (නදී)
රටේ දුවා දරුවන් නාස්ති වෙනකොට, මගේ දරුවට ප්‍රශ්නයක් නැති නිසා හොඳයි කියලා අසාධාරන වලට ඇස් කන් පියාගෙන ඉන්න නිලධාරීන්ටත්, තමන්ගේ රාජකාරිය මුදලට බලයට පාවාදෙන ඉන්න රජයේ නිලධාරින්ටත් තේරුම් යන්න ඕනෑ තමන්ගේ දරුවන්ටත් මේ හෙණේම තමයි ගහන්නේ කියලා (නි)
මට බියක් දැනෙන්නේ ඔය කියන භටයා පුතාටත් ඔය වැඩේ පුරුදු කරලාද කියායි. (නි)