විහාරස්ථානය අලුත්වැඩියා කරගැනීමට විහාරයට අයත් කුඹුරු ඉඩමේ කොටසක් ගොඩකිරීමට ඉඩ නොදෙන බවත් නමුත් වෙනත් අයට මාර්ගයක් සැකසීමට එම කුඹුරේම කොටසක් ගොඩ කිරීමට ඉඩ ලබාදී ඇති බවත් කියමින්කලවාන ගොල්ලුම්පාන ශ්‍රී ඛෙත්තාරාමයේ විහාරාධිපති පෑබොටුවේ ශ්‍රී සුමනරතන හිමියෝ අද (6) කලවාන - විස්කම්ගොඩ පාරේ උපවාසයක් ඇරඹූහ.
තම ගැටලුවට විසඳුමක් දෙන තුරු නොනැගිටින බව කියමින් ඒ හිමියෝ මාර්ගයේ වැතිර සිටිති.
මෙරටේ කුඹුරු ඉඩම් ගොඩ කිරීම නීති විරෝධී ක්‍රියාවක් බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව කියයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ නිදන්න ඔබ නිදන්න , සුවෙන් සැතපිලා ,,ඉහ ඉද්දර මම ඉන්නම් පවන් සල සලා ඕවට තම දායක සබාව කියල දෙයක් තියෙන්නේ පන්සල් වල, එයාල මේකට මැදිහත් වෙන්න ඕන (බ)
මේ හමුදුරුවන්ගේ ප්‍රශ්නයට පිළිතුරක් ලබා දෙන්න.(හේ)
හිමියන්ගේ ගැටලුව අපේ රටේ බෞද්ධ පිංවතුන්ට වැටහීමක් නෑ දොස් නැගීම හොඳ නෑ (හේ)
මේ වගේ තවත් රටක් ලෝකේ කොහෙහරි තියනවද?(හේ)
මේක හරි කෙළියක්නේ , ඉන්න පන්සල තියෙනවා ,තව මාලිගාවක් හදාගන්නද වෙලා ගොඩකරන්න හදන්නේ , (බ)
රට හදන්න හාමුදුරුවරු තමා ඉන්න ඕන ඕවා රටේ ඉහළ උදවියට පේන්නේ නෑ පොඩි අපිම තමා ඕවා දකින්නේ (බ)
දහමක හරය නොදන්නා පුජකයින් හා අඥාන අනුගාමික දායකයින් නිසා දහමට හානියක් නොවන නමුත් ඒ තුලින් සමාජයට දෙන වැරදි පුර්වාදර්ශය හා පණිවිඩය හේතුකොට ගෙන සමාජයට විශාල හානියක් සිදුවෙනවා. වර්තමාන ලංකික සමාජයට සිදුවී ඇත්තේද එයයි.(හේ)
කොමෙන්ට් මොකවත් බැලුවේ නැත ..මේ රූප ටික දැකලයි මේ සිතට නැගුනු දේ ලියන්නේ..? හැම උපවාසයක්ම මා දුටු ඒ කිසිම තැනක ..සුනඛ හාමිලා එකතුවෙලා හිටියේ නැහැ ..? පව් හදවත උණු වෙලා ගියා ..ඒ තිරිසන් සතුන් හිතන්න ඇති හාමුදුවන්ට මොකුත්වෙලා කියල උන් රැලත් පිටිපස්සෙන් ඇවිත් ලග වැතිරිලා ඉන්න දසුන ..නෙතට කදුළු ගෙන දෙන්නක්..කළගුණ දන්නා සතුන් ..? මේ හිමිනමට සාධාරණය ඉෂ්ටවේවා ..!! (බ)
ඔව් හාමුදුරුවනේ පළාත් සභා ප්‍රාදේශීය සභාවල සිදුවන දේවල් දැන ගන්න එ්හා සම්බන්ධ වැඩවලට යන්න ඕනේ. අපි ඔවාගැන හොඳට දන්නවා. ඕව කරගන්න ක්‍රම සහ විදිත් තිබෙනවා එහෙම කර ගන්න නම් වියදම් කොරන්න සල්ලි තිබෙන්න ඕනේ. (බ)
සුමන සහන් වගේ මිනිසුන් ප්රශ්නය දිහා බලන විදිහෙන් තේරෙනවා මිනිස්සු කොහොම අයද කියල (බ)
සුසන්ත රණතුංග ඒකාලේ ගිහිල්ල බොහොම කල්. මේකාලේ හිතවතුන්ට ඉඩම් ගොඩකර ගැනීම බොහොම ලෙහෙසියෙන් පුළුවනි පලමුව පරණ සිතියමක් හෝ ගුවන් ඡායාරූපයකින් තලවතුගොඩ ප්‍රදේශය බලා ගන්න ඊට පසු ඇවිත් බලන්න වෙල් කොපමණ ප්‍රමාණයක් ගොඩ කරලද කියල.(බ)
රටේ වගකිව යුතු පුද්ගලයන් මෙම හිමිනමට ඇති වු අසාදාරණය පිළබඳව මුනිවත රකියි නම් මෙවෙනි ක්‍රියා මාර්ගයක් ගැනීම හොඳ දෙයක් අපිත් උන් වහාන්සේට උදව් කළ යුතුයි (හේ)
අපි කවුරුත් දන්නවා දේශපාලකයෝ සහ ඔවුන්ගේ හෙන්චයියන් පහත් බිම් හා කුඹුරු ගොඩකර පරිසරයට විශාල හානියක් සිදුකරන බව. ඉතින් මේ හිමිනමට අවශ්‍ය කරන්නෙත් ඒ ටිකමනේ. එතකොට අරගොල්ලන්ගෙයි හිමිනමයි අතර තියන වෙනස මොකක්ද කියලා පින්වත් සැදැහැවතුන් ටික කල්පනා කළොත් හොඳයි. නැත්නම් ඉතින් අපේ රටට අබ සරණම තමයි!! (නි)
හාමුදුරුවරු තමයි අතීතයේ රජදවස සිටශාසනය බේරාගැනීම වෙනුවෙන් කැපවුණේ (නි)
අයෙක් කුඹුරක් ගොඩකරලා පාරක් හැදුවා නම් අැයි හාමුදුරුවන්ට විතරක් නීතියට වැඩකරන්න කියන්නේ? පන්සලක් දියුණු කරනවා කියන්නේ සමහරවිට දහම් පාසලට ඉඩකඩ හෝ අාවාස ගෙය කුඩා නිසා වෙන්න ඇති. නැත්නම් සිල් සමාදන්වෙන අයට ඉඩකඩ මදි ඇති. (නි)
භද්‍රානි, රජවරුන්ගේ කාලයේ පන්සල් වලට බොහෝ ඉඩකඩම් පූජාකර තිබෙනවා. විදේශිකයින් රට අල්ලාගත්තාට පසු අද වෙනතුරු තමන්ගේ උවමනාකම් ඉෂ්ඨකර ගැනීමට හාමුදුරුවරුන්ට පාරට බහින්න සිදුවුණා (නි)
මේ හිමිනමට අවසර ලබා දෙන්න.(හේ)
බමුණු ආරච්චි, මෝඩයෙක් සමග තර්ක කිරීමෙන් අපට ඔප්පු කල හැක්කේ එතන මෝඩයින් දෙදෙනෙක් සිටිනවා කියන කරුණ පමණයි. නිකමට වගේ හතරේ පන්තියේ දරුවෙකුගෙන් අහල බලන්න, කුඹුරේ යම් සීමාවක් ගොඩකර මිස්සුන්ට එහා ගමට යාමට පාරක් තනන එකයි, කුඹුර ගොඩකරලා වැඩිගානකට විකුන ගන්න එකයි අතරේ වෙනසක් මොකක්ද කියලා? එතකොට දරුවා කාරණය පැහැදිලි කරලා දෙයි රටේ පවතින නීතියත් එක්කම. (ර)
ස්වාමින් වහන්සේට ගම්වැසියන් සහය දියයුතුයි (නි)
අනුල, ඔබ හරි. සමහර අය අදහස් දන්නේ මතුපිට වචන ටික පමණක් කියවලා. (නි)
අපේ උතුම් බුදුදහම වනසන්නේ ඇයි? (නි)
ඇත්තටම කුඹුරට වැඩිය පන්සල වටිනවා කියන එක අපේ රටේ මිනිසුන්ට තේරෙන්නේ නැති හැටි. මම නම් කියන්නේ ඔය තියන ඔක්කොම කුඹුරු ටික ගොඩකරලා පන්සල් හදන්න ඕනෑ කියලයි. බඩ ගැන හිතලා වැඩකරන අයට තේරෙයි එතකොට ධර්මයේ වටිනාකම. (නි)
ලාල් එතන වෙලා තියෙන අසධාරණේ පෙන්නේ නැද්ද? ඒක හරිද එතකොට.? (ර)
මම ගම්පල ඉන්නේ. උදේ හවස මහනුවර වැඩට ඇවිත් යන්නේ. ගෙලිඔය අවට පාර දෙපැත්තේ ගොඩකරන කුබුරු ඉඩම් බලන්න දුක හිතෙනවා. උඩුනුවර ප්‍රාදේශීය සභාවට යන පාරේ පැත්තක් දැන් ගොඩ කරනවා ජයටම. (හේ)
මිනිසුන්ට යහ මග කියා දෙන අය වැඩ කරන්නේ මෙහෙම නම් ඉතිරි හරිය හිතා ගන්න පුළුවන්. අනෙක මේ පොලිස් නිලධාරියට ඇඟිල්ල උලුක් කරගෙන ඉන්න එකනම් හරිම අශීලචාරයි (බ)
මවූ ගුණ නොදත් මෝඩ ලාල්. (ර)
ලැජ්ජයි අප්පා මේ දකිනකොට. මරණන් නියතන් ජීවිතය අනියතන්. (ර)
හාමදුරුවෝ මෙහෙම වැඩ කරනවානම් ගිහියෝ ගිහියෝ මොනවා නොකරාවිද.? (ර)
වෙල් යායක් ගොඩකරන්න දෙන්න එපා . ඒවයේ අගය ගම් වැසියන්ට කියා දෙන්න අපේ හාමුදුරුවනේ .මමත් ගොවිජන සේවාවේ කාලයක් සේවය කලා . පොලිස් නිලධාරියාගේ සීලවත් බව ඉතාම අගය කල යුතුයි. (ර)
බල්ලෝ දෙන්නත් උපවාස කරනවද ? කොහෙද? (ම)
නීතියක් දන්නේ නැති දුසිල්වත් භික්ෂුවක්. (ම)
වයසක කෙනෙක් වෙලත් හාමුදුරු නමක් ඉන්න තැනක තොප්පි දාගෙන වලාපට ගහගෙන ඉන්න ලජ්ජා නැද්ද ? (ම)
අනේ මන්ද හාමුදුරු නමකට මේක ගැලපෙනවද කියලා. දායක ගිහියෙක් නම් කමක් නැහැ. (ර)
සාදු සාදු ... හොඳ ආදර්ශමත් සීලවත් විහාරාධිපති හිමිනමක් ..පාරේ වාහන වල අවහිර වෙලා ඉන්න අය ඔබගේ මව් ගුණ ගයනු ඇත .(ම)
හොඳ නරක කියා දෙන්න ඉන්න අපේ බෞද්ධ බික්ෂුන් මෙලෙස හැසිරෙන විට රටේ අපරාද වැඩි වෙන එක අහන්නත් දෙයක් ද.? (ර)
බික්ෂුවට නොගැලපෙන ක්‍රියාවක්. (ර)
හිමි නම විතරක්යෑ ඇයි බලු හාමි.? (ර)
කරන්න දෙයක් නැත්නම් මොනවා කරන්නද.? (ර)
හිමිනමට ඇත්තටම කරලා තියෙන්නේ අසාධාරණයක්. නීතියට කාටත් පොදුයි. වගකිවයුත්තන් එය නිවැරදි කළ යුතුයි. (බ)
ඔව්ව ඔහොම තමයි, යහ පාලන ආණ්ඩුවේ පොලිස්පතිතුමාමනේ කිව්වේ "නීතිය කඩන්න බැහැ නමන්න පුළුවන් කියල " ඉතින් ඒ ප්‍රබල පුද්ගලයාටත් ආණ්ඩුවෙන් නීතිය නමලා කුඹුර ගොඩ කරලා දීලා ඇති, එ්ත් ඔබවහන්සේගේ ධෛර්යයට අපේ ප්‍රණාමය (බ)
ආගමක දහමක වටිනාකම දන්නා එවුන් අද හරිම අඩුයි. ඉන්නෙත් තමාගේ වාසියට ඡන්දෙ කාලෙට ඡන්ද ගන්න එන දේශපාලුවෝ තමයි. මේ පන්සලේ දායකයොත් මේ ස්වාමීන් වහන්සේට උදව් කරන්න ඕනේ. ජාති ආගම් පැත්තකට දාලා හැමෝම මේ හාමුදුරුවෝ සමග ඉදල මේ ඉල්ලීම දිනාගන්න ඕනේ. සාදු සාදු සාදු (බ)
දැන් මේකටත් කියයිද දන්නේ නෑ ජාතිවාදය අවුස්සනවා කියලා.? (ර)
මේ පිළිබඳව රටේ වගකිවයුතු නිළධාරින්ගේ අවධානය යොමු විය යුතුයි.(හේ)