හම්බන්තොට දිස්ත්‍රික්කයේ එකම දළ ඇතා ද බ්‍රහස්පතින්දා (07) රාත්‍රී ඉලුක්වැවේ දී වෙඩි තබා මරා දමා ඇතැයි වනජීවී නිලධරයෝ කියති.
ජලය සොයා ආ බව සිතිය හැකි ඇතා දිය සිඳුණු ඇලේ වෙඩි වැදී මැරී සිටි බව ඔවුහු පවසති.
ඇතාගේ දළයක් අඩි දෙක හමාරක් පමණ දිගය. දඩයක්කරුවනට දළ දෙක කපා ගැනීමට හැකි වී නැත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම කනගාටුයි වැටිලා මැරිලා ඉන්න හැටි දැක්කම . (දිල්)
අලියව මරපු එකත් ඉක්මනටම මැරීයන් (නදී)
මෙවන් අපරද කරන්නන්ට සැප වේවා ! (නදී)!
වසන්ත , පාලකයන්ට බලකරන්න නම් අපි සමගි වෙන්න ඕනේ. සල්ලි තියෙන මදාවියෝ නැතිව හොඳ මිනිස්සු ඡන්දෙ ඉල්ලන්න දාන්න ඕනේ. (අ)
අනේ ඇයි මේ (අ)
මොහාන්, ඒ විතරක් නෙමේ , ඉඩම් නීතියක් නැතිව අල්ලන අය එලවන්න ඕනේ . බල සේනාව විල්පත්තුවේ කොලනියක් බලන්න ගියාම එයාලව එලවල තිබුන හැටි යු ටියුබ් එකේ තියෙනවා . හම්බන්තොට සත්තුන්ට වෙන්කළ ඉඩම් මිනිස්සු අල්ලගත්තා. මොන සේනාවක් වත් ගියේ නැහැ ? රට පුරාම මේක වෙනවා මහා පරිමාණෙන්. අද සත්තු අසරණ වෙලා . මේක මහා පවක් . (අ)
මේක නම් අහස පොලොව නුහුලන අපරාදයක්,, මේ සත මරපු අයට ස්වභාධර්මයෙන් දඬුවම් දේවි (අ)
අහස පොළොව නූහුලන අපරාධයක්
මෙවැනි අපරාද කරන්නවුනට සහ අනුබල දෙන්නන්ට දැඩි දඬුවම් පැමිණ විය යුතුයි.(අ)
ලොකු අපරාධයක් (දිල්)
මේ තිරිසන් සතාට මේ දේ කරපු කෙනාටත් මේ වගේ කරන්න ඕනේ (නදී)
දැන් කාලේ සිදු වෙන මෙවැනි දේවල් වලට දෙවියන් යදිනවා හැර නීතිය ගැන එහෙම කවුරුත් කතාකරන පාටක් පෙන්න නැහැ. මේ අපරාධය කරලා තියෙන්නේ ගිනි අවියකින්නේ. එසේ නම් එය නිත්‍යානුකුල ගිනි අවියක් වෙන්න ඕනේ. නැතිනම් එකත් ප්‍රශ්නයක්? ඉදිරියේදී මේ ගිනි අවියෙන්ම තව අපරාධ කියක් නම් සිදු කරයිද? දළ දෙක කපාගන්නත් සාහසිකයින්ට අමතක වෙලා එකත් පුදුමයක්? මේවා අපිට අපරාධ ලෙස පෙනුනට සමහරුන්ගේ විනෝදාංශ වගේ කියලයි මට නම් හිතෙන්නේ. බැරිවෙලාවත් මේ අත් දළ දෙක රාජසන්තක කලොත් එහෙම ඒ පවට කරගහන්න වෙන්නෙත් අහක ඉන්න අපට තමයි. ඇයි ඉතින් රජය කියන්නේ මහජනතාවගේම නියෝජනයනේ. (අ)
කොහොමද ලංකාවේ වැඩ. පව් අහිංසක සතුන්.(අ)
හරිම සංවේදී දර්ශනයක්. - මීට වඩා මම මුකුත් කියන්නේ නෑ. (අ)
අනේ පවු! (අ)
අලියා මැරිලා දළ දෙක ඉතුරු උනාට වැඩක් තියනවද ?(අ)
දෙවියනේ මේ අහිංසක සතා මරපු අයට හොඳක් සිද්ධවෙන්නෙ නෑ. (අ)
වන සතුන් ගැන නිරන්තරයෙන්ම , ආදරයකින්,කරුණාවකින් පසුවෙන සජිත් ප්‍රේමදාස මැතිතුමා තම බල ප්‍රදේශයේම සිදුකල ම්ලේච්ච ක්‍රියාව ගැන ඉමහත් කම්පාවකට ලක්වෙනු නොඅනු මානයි ! (අ)
නීතියේ ලිහිල් බව නිසා වන ජීවී සම්පත් ඇතතුළු ලංකාවේ තියෙන හැම සම්පතක්ම විනාශ වෙන එක වලක්වන්න බෑ. මේ වගේ අපරාධ කරන පුද්ගලයන්ට දැඩි දඩුවම් දෙන්න නීති හදන්න ඕන. ඊට අදාල බලධාරීන් නිදාගෙන ඉදල නම් හරියන්නෙ නෑ.(නදී)
මේවාට හේතුව නීතියක් නැතිකමයි (නි)
ටික ටික පේනවා නේද ලෝකෙට වෙනදේ මේ වගේ පාප කරනකොට දැන්වත් මේ වැරදී හදාගන්නවනම් හොදානේද(අ)
මරණ බිය කාටද නැත්තේ? දැන් ඉන්න මිනිස්සු තිරිසනුන්ටත් අන්තයි (නි)
මෙහෙම ගියොත් අනාගතයේදී දළදා පෙරහැරේ කරඩුව ගෙනියන්නවත් ඇතෙක් ඉතුරුවෙන එකක් නැහැ. (නි)
මරණ බිය කාටද නැත්තේ.දැන් ඉන්න මිනිස්සු තිරිසනුන්ටත් අන්තයි. (නදී)
සංජය, සත්තුන්ගේ කැලෑ අල්ලන මිනිසුන්ටත් මේ දේ කලොත් ? (දී)
මෙහෙමත් අපරාධ! මේවාට සොබාදහමින්ම දඬුවම් ලැබෙනවා! (නි)
මනුස්ස ජීවිතයක වටිනාකම නොදන්නා අපේ අය සතෙකුගේ වටිනාකම වටහාගනීද? (නි)
දැන් ඉතින් දළ දෙකට මොකද කරන්නේ? (නි)
ඕකත් ආණ්ඩුවේ ඇමතියෙක් ගේ ගෝල බාලයින්ගේ වැඩක් රටේ නිතිය ගැනනම් කතාකරලා වැඩක් නැහැ. (අ)
අනේපවු! (අ)
මේ කළ පවට අපරාධකරුවන්ට මිහිපිට අපායම අත්වේවා! (නි)
මෙතන ඉඳගෙන හෙණ ඉල්ලන කට්ටිය පොඩ්ඩක් කැළේට මායිම් වූ ගම්මානයක ටික කාලයක් ඉඳලා බලන්නකෝ. ලංකාවේ කැළෑ වල ඉන්න අලින්ගේ ඇඟේ වෙඩි උණ්ඩ කීයක් තියෙනවද කියලා හොයලා බලන්න. මේ ගම්මානවල ඉන්න මිනිසුන් අලියෙක් දැක්ක තැන බොහෝවිට වෙඩි තියනවා, මොකද අලින්ට වැඩිය ඔවුන්ට ඔවුන්ගේ ජීවිත වටින නිසා. (නි)
අනේ අසරණ සතා! (නි)
මේවා රටේ සම්පත්. රටේ සම්පත් විනාශ කරන අයට හොදක් නම් සිද්දවෙන්න එපා. (නදී)
අද මිහිපිට අපායේ දුක්විඳින්නේ මෙහෙම අපරාධ කළ මිනිස්සු තමයි. පව් අහිංසක සතා. (නි)
දියුණු සිතක් ඇති මිනිස් සතාගේ වැඩ ගැන ලැජ්ජයි (නි)
සංවේදී දසුනක්. ලොකු පාපයක් (නි)
ඔය සත්තු මහා කරදරයක් අපේ ගම්මාන වලට වැදිලා ඔක්කොම විනාශ කරනවා (නදී)
මිනිසකු මැරූ විට මරණ දඩුවම වගේම අලි මරණ මිනිසුන්ටද මරණ දඩුවම දිය යුතුමය (නදී) .
මිනිහා මෙල්ල කරන්න පුලුවන් නීතියෙන් පමණයි. ඒත් නීතිය තිබුනට එය ක්‍රියාත්මක වෙන්න එපායැ. දියුණු රටවල නම් ඒක වෙනවා. ඒත් අපේ වගේ රටවල් වල ඇයි නීතිය හරියට ක්‍රියාත්මක කරන්න බැරි? (නි)
නීතීය අවනීතිය වුණ රටක ඕවා ගැන බලන්න කෙනෙක් නැහැ. කෙනෙක් තව කෙනෙක් සමඟ අමනාප නම්, එයා තමයි තීරණය කරන්නේ මෙයා ජීවත් වුණා ඇති කියලා. එහෙව් රටක තමයි අපි ඉන්නේ. ඉතින් මේ තිරිසනා ගැන මොන කතාද? (නි)
මේක තිරිසන් වැඩක්! (නි)
පවු අහිංසක සතා! (නි)
හොඬය ඔසවාගෙන සිටින අයුරින් මට සිහිවූයේ තෙරුවන් සිහිපත් කරගෙන අවසන් හුස්ම හෙලුවාක් වැනි සිතුවිල්ලකි. මතු ආත්මයේ මෙවන් විපතක් නොවේවා !! (නි)
මේ අහිංසකයාට මොනවා හිතෙන්න ඇද්ද අවසන් මොහොතේ? තිරිසන්නුවත් නොකරන ජාති ජාතිත් සහගහන අපරාධ... (නි)
මේ සත්ව ඝාතනයට විරුද්ධ වෙන්න ඕනෑ. මට නම් මේ විනාශය දැක දැක තවත් ඉවසන්න බැහැ. මෙම සම්පත් අපි රැකගනිමු. (නි)
ජනතාව ඔවුන් කරන කියන දේ වලට වගනොකියන්නේ නම් සමාජයක් පාලනය කළ නොහැකිය (නි)
මට කණගාටු මේ සියලුම සත්වයින් සහ මනුෂ්‍යයින් ඝාතනය වෙන්නේ පැය 24 ම පිරිත්,බණ අහන බෞද්ධ රටක නිසයි. (නි)
මේක දකිනකොට පපුව පිච්චෙනවා.අහිංසක සත්තු මරන්නේ මොකද? (නි)
අප රටේ තිරිසන් සතුන් ගැන කුමන කතාද? (නි)
සහගහන අපරාධ මේවා. වෙඩි තියපු අයට නම් හොඳක් වෙන්න එපා (නි)
මෙව්වා වෙන්නේ කොහොමද කාගේ කවුද. එත් ඔව්ව පල දෙනවා ඉක්මනටම (අ)
මේ සම්පත් අපිට රැක දීමට බලධාරීන්ට බැරිද?. මේ කළ අපරාධයට සාප වෙනවා. (අ)
නිකවැරටියේ හස්තියාටත්, හම්බන්තොට එකම දල ඇතාටත් කර ඇති,සිදුවී ඇති වින්නැහිය බන්දුල පෙරේරා පුතාට පේනේනේ නැතුවය ! (නදී)
ඉක්මනින් සල්ලි හොයන්න කැමැති මිනිස්සු නොකරන්නේ මොනවද (නදී)
දින දින සිදුවන දේවල් දකිනකොට හිතෙනවා ලංකාවේ බහුතරයක් ඉන්නේ මිනිසුන් නොව තිරිසනුන් කියලා ,,,,,, අපේ රට බෞද්ධ රාජ්‍යයක් කියලා කියන්නත් ලැජ්ජයි ,,,,,,,,(අ)
වහාම ක්‍රියාත්මක වන පරිදි ගස් කපන එකයි සත්තු මරණ එකයි නවත්තන්න ඕන. (අ)
දෙය්යනේ , මහා පොළොවවත් උහුලන අපරාදද මේ ? වන සතුන්ට ආදරය කරන හැමෝම සිතින් කතරගම දෙවියන්ට කන්නලවු කරන්න මේ පාපතරයන්ට දින හතක් යන්න මත්තෙන් දඬුවම් කරන්න කියල . අද දෙවියන්ට කියනවා ඇරෙන්න අපිට වෙන කරන්න දෙයක් නැහැ. (අ) .
මේවා ජාති ජාතිත් පඩිසන් දෙන අපරාධ. (නි)
අපොයි දෙවියනේ! මිනිසුන්ට හිතක් පපුවක් නැද්ද? (නි)
මේවාට සොබාදහමින්ම දඬුවම් ලැබෙනවා (නි)
ඔය සහගහන අපරාධය කළ මිනිසුන් දැන් කොහොම සැනසීමෙන් ඉන්නවාද දන්නෙ නැහැ (නි)
ඉවසීමෙන් බලාගෙන සිටිමු. දෙවියන්ගෙන් මීට දඩුවම් ලැබේවි (නි)
මේවා නම් මේ ආත්මයේදීම පළදෙනවා, අනිවාර්යයි (නි)
මේ අපරාධය කළවුන්ට හොඳක් නම් වෙන්න එපා දෙවියනේ! (නි)
අනේ දෙවියනේ මෙහෙමත් අපරාධ! (නි)
සතුන්ගෙන් භයානකම සතා දෙපා සතා කියන එක මෙවැනි දේවලින් පැහැදිලි වෙනවා. (නි)
මගේ පපුව හෝස් ගාලා පත්තුවුණා මේක දැකලා (නි)
මේවා ජාති ජාතිත් පටිසන් දෙන අපරාධ. මේවා පළදෙනවා ඉක්මනටම. (නි)
දියුණුයි කියන මිනිසුන් තරම් අකාරුණික ජීවින් කොටසක් මේ සක්වලම නැහැ. (නි)
මොන හිතකින්ද මෙහෙම දෙයක් කළේ? (නි)
අද මිනිසුන්ගේ හිත්වලින් කරුණාව, දයාව කියන දේවල් ඈත්වෙලා (නි)
මෙම අපරාධ වලට සොබාදහම දඬුවම් දෙනවා. වතුර ටිකක් හොයාගෙන එන සතෙකුට වෙඩිතියන මිනිස්සු?? මහ පොළව අයිති අපට පමණක්ද? (නි)
මේවා කරන අය මිනිස් වෙස්ගත් තිරිසනුන්ය (නි)
හොඳක් නම් නොවේවා මේ සතා මැරූ මිනිසාට! (නි)
මින් පසුවවත් මෙවන් පවුකාරයින් සිටින සමාජයක ඉපදෙන්න එපා කියා මම පතනවා! (නි)
සහගහන අපරාධ මේවා. කළ පවු පළදේවි මේ ආත්මයේදීම!! (නි)
සාමාන්‍යයෙන් වන සතුන් මිනිසා ජීවත්වන ප්‍රදේශ වලින් ඉවත්වීමටයි උත්සාහ ගන්නේ. මේ හා සම්බන්ධ රාජ්‍ය නිලධාරින් කරන්නේ කුමක්ද? මෙවැනි තත්වයන් ගොඩ නැඟෙන්නට ප්‍රථම සමීක්ෂණ සහ පරීක්ෂණ කර විසඳුමක් දියයුතුය. (නි)