(පුෂ්පකුමාර ජයරත්න)
හම්බන්තොට වරාය චීනයට පැවරීම ඇතුළු කරුණු කීපයකට විරෝධය පළ කිරීම සඳහා වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ නියෝජනය කරන ප්‍රධාන අමාත්‍යවරයා සහ අමාත්‍යවරුන් හැර ආණ්ඩු පක්ෂයේ අනෙක් සියළුම මන්ත්‍රීවරු අත්වල කළුපටි බැඳ පෝස්ටර් ප්‍රදර්ශනය කළහ.
ඊට විපක්ෂයේ එජාප මන්ත්‍රීවරුන් විරෝධය දැක්වීමත් සමග සභා රැස්වීම දැඩි උණූසුම් මුහුණුවරක් ගත්තේය.
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ඩී හේරත් මහතා පෞද්ගලික කරුණු දැක්වීම යටතේ අදහස් දක්වමින් හම්බන්තොට වරාය ගිවිසුමට විරෝධය දැක්වීමත් සමග විපක්ෂ නායක ශමල් සෙනරත් මහතා ඇතුළු එජාප මන්ත්‍රීවරුන්ගේ හැසිරීම නිසා මෙම උණුසුම් තත්ත්වය ඇති විය.
නුවරඑළිය මහා නගර සභාව මගින් සංවිධානය කරනු ලබන “වසන්ත මල් දැක්ම” වික්ටෝරියා උද්‍යානයේදී දෙදිනක් පුරා පැවැත්විණි.
මහරගම නගර මධ්‍යයේ ඇති පෞද්ගලික බැංකුවක් ඇතුළු ආයතන කිහිපයක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලක ආරක්ෂක කුටිය ගිනි තැබූ බව කියන එම ගොඩනැගිල්ලේ ආරක්ෂක නියාමකවරය
පළාත් පාලන මැතිවරණයට ජනතාවගේ උනන්දුව ඉතාම අඩු බව මැතිවරණ නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාද
ශ්රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා අද 19 වන දිනයේදීත් ලක්ෂ ගණනක ජනතාවක් සැදී පැහැදී සිටියහ.
අතීතයේ ගමේ සංවර්ධනයට වෙන් වූ මුදල් ගමට ලැබී ඇත්තේ සුළු ප්‍රමාණයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
හාලිඇල ප්‍රදේශයට අද (19) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාෂාවත් සමඟ හාලිඇල නගරයේ දුම්රිය පල හරහා උණගොල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසාවෙන් රථව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හම්බන්තොට වරාය ගිවිසුම නිසා වයඹත් උණුසුම් වෙයි
ONE SRILANKAN Tuesday, 01 August 2017 07:40 AM
හොරු අල්ලන්න යනකොට හොරත් අල්ලපියව් කියල අනිත් මිනිස්සු සමග ඔහු පන්නවලු ,,ඔය බෝඅර්ඩ් අල්ලන අයගේ කිල්ලෝට වලත් හුණු තියනවා
dhamneth Tuesday, 01 August 2017 09:00 AM
ඔතන නැද්ද 1988දි පළාත් සභා පිහිටුවන කොට ඒවාට විරුද්ද වුන තමුන් බලයට පැමිණි පසු පළාත් සභා අහෝසිකරනව කියපු අයියල .ඕව ඔක්කොම නැවත බලය ලබාගැනීමට කරන උප්පරවැට්ටි .
මම1 Tuesday, 01 August 2017 12:42 PM
මොකද්ද දැන් ඔය බදු ගිවිසුමෙන් වෙන්නෙ?
rohan dayadara paris Tuesday, 01 August 2017 01:34 PM
රටේ හැමතැනම විනය පිරිහිලා, නිතිය අඩපන වෙලා, පොලිස්පතිතුමාට ඇගිලි ගහනවා, අධිකරණයට ඇගිලි ගහනවා, ඒවා අඩුවුණාට නතර වෙලා නෑ. විනය හා නීතිගරුක සමාජයක් නිර්මාණය කරන්න මොන්ටිසෝරිය පාර්ලිමේන්තුවෙන් පටන් ගන්න කියලා ගරු ජනාධිපතිතුමාගෙන් හා ගරු අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිමි.
SAHAN Tuesday, 01 August 2017 04:25 PM
එතකොට අර හැමදේටම විරුද්ධ වෙන, කටින් බතල හිටවන, රතු මල්ලිලා මොකද කරේ?