මීරිගම පොහොන්නරුව පොදු සුසාන භූමියේදී නිකිණි පෝදා සාංඝික දානයක් පැවැත්විණි.
පිණ්ඩපාතයේ ගිය භික්ෂුහු විසිහතර නමක් එහිදී දන් වැළැඳුහ.
පොහොන්නරුව ශ්‍රී සුභද්‍රාරාම විහාරාධිපති කිතුල්වල සිරි විමල හිමියෝ හා ගැමියෝ මේ පිංකම සංවිධානය කළහ.
මීරිගම පොහොන්නරුව පොදු සුසාන භූමියේදී නිකිණි පෝදා සාංඝික දානයක් පැවැත්විණි.
පිණ්ඩපාතයේ ගිය භික්ෂුහු විසිහතර නමක් එහිදී දන් වැළැඳුහ.
පොහොන්නරුව ශ්‍රී සුභද්‍රාරාම විහාරාධිපති කිතුල්වල සිරි විමල හිමියෝ හා ගැමියෝ මේ පිංකම සංවිධානය කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ සොහොන් කොත් හරි ජරාවනේ. කොහොමද මේක අනුමත කරන්නේ? මේවා බුදුදහමේ තිබෙනවද ? (නි)
සමන් ලංකාතිලක, සුජීව පද්මකුමාර, ඔය බුද්ධිමතුන් දෙන්න කියනවද කරුණාකරලා, ඔය කියන න්‍යාය අනුව දන් වැළඳීමට වැසිකිලිය වුනත් කමක් නැද්ද කියලා? ස්ථානය මොකක් වුනත් කමක් නැහැනේ නේද? "ටිකක් දැනගැනීම නොදැනීමට වඩා භයානකයි". (ස)
දහම හොඳින් දන්නා හාමුදුරුවෝ හැමෝටම සුදුසුයි - ඒ ගැන නොදන්නා අදහස් පළ කරන සමහර අයට නුසුදුසුයි. (ස)
මළගෙදරක අවසන් කටයුතු කරද්දි 'මතක වස්ත්‍රය' කියලා සුදු රෙද්දක් මිනී පෙට්ටිය උඩින් තියල ඒක හාමුදුරුවන්ට පූජා කරනවා. නැත්නම් පන්සලට ගිහින් දෙනවා දැකලා ඇති නේද? ඒකෙන් සංකේතවත් වෙන්නෙ බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට දුන් උපදේශයක් අනුව, එකල මළමිනී කැලයට ගෙනගොස් දමනවිට එය ඔතා තිබෙන වස්ත්‍රය ගෙන සෝදා පඬු පොවා සිවුරු සකස් කරගැනීමයි. එවැනි වස්ත්‍රයකින් සිවුරක් සෑදීම මගින් බලාපොරොත්තු වන ප්‍රධානම දේ තමයි එවැනි වස්ත්‍රයකට ඇති පිළිකුල නිසා ඒ සඳහා තෘෂ්ණාව අවම වීමයි. එලෙසම ඉහත ප්‍රවෘත්තියේ සඳහන් භික්ෂූන් වහන්සේලාත් තෘෂ්ණාව/ගිජුකම අවම කරගෙන දන් වැළඳීමට ස්ථානයක් හොයාගෙන වගෙයි. තවත් දෙයක්, කෙනෙක් විද්‍යාත්මකව හිතලා කිව්වොත් සුසානයක ඇති විෂබීජ ප්‍රමාණය වැඩි නිසා එතැන ආහාර ගැනීම නුසුදුසුයි කියලා, මම අහන්නෙ ලංකාවෙ කොයි සුසානයෙද එළිපිට මළමිනී කුණුවෙවී තියෙන්නෙ කියලයි. (නි)
අනේ මන්දා මොනවා කියනවද කියලා. මේ උදවිය අපේ ආගම ගැන දන්නා දේ මදි. ලංකාතිලක ඔයා හරියටම හරි මේ දේවල් අපේ ස්වාමීන් වහන්සේලාට අකැප දේවල් නොවේ (නි)
බුදු හාමුදුරුවන්ගෙ කාලේ අමු සොහොනට මළ මිනී ඔතගෙන ගිය සුදු රෙදි අරන් පඩු පොවලා සිවුරු සකස් කරලා තියෙනවා. හාමුදුරුවරු පිළිකුල් භාවනාව වඩලත් තියෙනවා. නමුත් වස් විසීමට සුසාන භූමියක් තෝරගැනීම සුදුසු නෑ කියලා විනය නීතියකුත් පනවලා තියෙනවා . දන් වැළදීම ගැන නම් මොනවත් කියලා නෑ..... (ස)
උපාලි මහත්තයා, වැසිකිළියක වුණත් දන් වැලඳුවට කමක් නෑ පිරිසිඳු වාතාවරණයක් තියෙනවා නම්. වළඳන ආහාර ගැන තෘෂ්ණාවක්, ගිජු කමක් ඇති කර නොගෙන දන් වළඳන්න කියලයි බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නෙ. සුසානයක ආහාර ගනිද්දි ඔහු ප්‍රඥාවක් තියෙන කෙනෙක් නම් හිතන්නෙ "මම මේ කොපමණ ප්‍රණීත බොජුන් වැළඳුවත් එයින් සංතර්පණය වන මාගේ මේ ශරීරය කෙදිනක හෝ මෙහි වැළලී යන්නේය" කියලයි. එතකොට ආහාර ගැන තෘෂ්ණාවක් ඇති වන්නේ කාහටද? (ස)
පිණ්ඩපාත දානය ඉතින් කොතැන තියාගෙන වැලඳුවත් කැපයි අපේ හාමුදුරුවනේ. දැන් සමහර අය හදන්නේ මිනිස්සු කුපිත කරවලා ඒ අයගේ රීරි මාංශය වළදන්න නේ. ඒවා තමයි අකැප. (ස)
නුවණක්කාරයෝ දහසක් එක්ක කතා කර ගන්න හැකි වුණත් එක මෝඩයෙක් එක්ක කතා කරලා දිනන්න බැරි බව දන්නවා.මෙ බුදුන් ජීවමානව වැඩ වසන කාලයක් නෙමෙයි. (ස)
බුදු දහම නුවනැත්තන්ගේ දහමක් බව ඇත්ත. අනිත්‍ය මෙනෙහි කිරීමට මේ ස්ථානය භාවනා කිරීමට මිසක් අනුභව කරන්න සුදුසු තැනක්ද? (ස)
සමන් ලංකාතිලක, ගාමිණී, සුජීව පද්මකුමාර, වාසල ඔබලා සමග මම 100% එකගයි. මෙතන ඉන්න බහුතරය නමට බුද්ධාගමේ. අඩුගානෙ දහම් පාසලේ 9 ට වත් ගිහින් නැත්නම්, ඒත් නැත්නම් බුදුදහම ගැන අංශුමාත්‍රයක දෙයක් පොත්පත් වලින්වත් කියවලා නැත්නම්, කට පියාගෙන ඉන්න එක තමා හොදම දේ. (නි)
සමන් ලංකාතිලක මහත්තයා ඔක්කෝම පටලවාගෙන. විශේෂයෙන්ම අද කාලයේ ආහාර ගැනීම සඳහා සුසාන භූමිය භාවිතා කිරීම වැරදි පූර්වාදර්ශයකි. (ස)
පිනට කන්න තියනවා නම් කොහේ වුණත් අපිට කමක් නැහැ. (ස)
සමහරු ඇතැම් වෙලවෙට වෙනත් ආගම් විවේඡනය කරනවා වගේ ඔවුනුත් අවස්ථාව ලැබුණහම අපේ ආගමත් විවේඡනය කරනවා (නි)
තෘෂ්ණාව ක්ෂය කර ගන්න සොහොනේ කෑම කන්න තරම් හාමුදුරුවරුන්ට වෙන විකල්ප මඟක් ඇත්තෙම නැද්ද? මම නම් බලු කපුටු දානේවත් ඔතන දෙන්නේ නැහැ. (ස)
පිණ්ඩපාතය ගමන් කිරීම ඉතාම හොද වැඩක්. හැබැයි .... ඒ දේ කෘතිම නොවිය යුතුයි. (නි)
ඒඒ කියන්නේ කනත්ත වගේ තැන ඉදල කැවට කමක් නැද්ද හරිම අපුරුයි (දී)
සමන් රොහාන් රණසිංහ මෝඩකමට බෙහෙත් නැහැ, සංඝයා වහන්සේලාට අනකරන්න තිබුණා දානය පංසලට රැගෙන එන්න කියලා. කැමක් කැවත් සිරිත්තමක් තියෙන්න ඕනැ.(නදී)
හැමෝටම හාමුදුරුවෝ මොනවා කලත් වැරදි ...තමුන් දෙයක් කරලා අනුන්ගේ වැරද්දක් පෙන්නලා දෙන්න.(ස)
සුසානය තියෙන්නේ දන් වළඳන්නද. මේ ආගමත් දැන් දර්ශනයක් නැති නිකම්ම නිකන් අන්තවාදී තැනකට දමන්න දැනුවත්ව හෝ නොදැනුවත්ව කටයුතු කිරීම පිලිබඳ මහනායක හිමිවරුන්ගේ අවධානය යොමු වේවා!! (ස)
දැන් අපේ රටේ හාමුදුරුවන්ට මොනවා වෙලාද මන්දා ...? කිසිසේත්ම අනුමත කරන්න බැරි වැඩක් ''හෙලා දකිමු'' (ස)
මට නම් මුකුත් කියන්න බැහැ මේ ගැන ?අපේ අවිශ්ක,සම්පත් ,බණ්ඩාර වගේ මහාචාර්යවරු මේ ගැන මුකුත් කියයිද දන්නේ නැහැ? (ස)
ආනන්ද, කලබලවෙන්න එපා. හාමුදුරුවෝ සහ බුදුදහම කියන්නේ දෙකක්.මේ දෙක අතරේ කිසිම සම්බන්ධයක් නැහැ . හැකි ඉක්මනට හමුදුරුවරුන්ව බුදුදහමට සම්බන්ධ කරගත යුතුයි .ඉන්පසු සියලු ගැටළු නිවාරණයි.(ස)
අපේ යතිවරයාණන් වහන්සේලාට දානය වළඳන්නට මෙය සුදුසු ස්ථානයක්ද කියලා කල්පනා කරන්නට තිබුණා.දූවිලි සුලං හමන අපිරිසිදු තැනක කොහොමටත් ආහාර ගැනීම සෞඛ්‍යටත් හොඳ මදී නොවේද? (ස)
ධූතාංගධාරී ස්වාමීන් වහන්සේට එය කැපයි. මහා කාශ්‍යප මහා රහතන් වහන්සේ මෙහෙම කරලා තියෙනවා. (ස)
අහෝ ශ්‍රී විෂ්ණු දේවරාජෝත්තමයන් වහන්ස, අවුරුදු පන්දහසක් රැක බලාගන්නා ලෙස ඔබ වහන්සේට භාර කෙරුණු සම්බුද්ධ ශාසනය ඉන් අඩක් ගෙවුණ තැනදීම විනාශ කරන්නට තැත් දරණ අයගෙන් ශාසනය රැක දුන මැනවි!!! (ස)
දැන් මේකත් අර කට්ටියගේ කුමන්ත්‍රණයක් කියලා කියයිද දන්නේ නැහැ? (ස)
බෞද්ධයෙක් හැටියට මා නම් දකින්නේ නැහැ මෙය සුදුසු ක්‍රියාවක් කියා. (ස)
සාංඝික දානයක් කියන්නෙ හොද පින්කමක්, ඒක දෙන්න ඕනෑ නියම තැන මේකයි කියලා නියම තැනක් පිළිබදව සදහන් කරලා තිබෙන බවක් අප දන්නා ශාසන ඉතිහාසයේ කොතැනකවත් නැහැ. ඉතින් හාමුදුරුවන වහන්සේලා කනත්තට වැඩියා කියන එකේ වැරෑද්දක් මම නම් දකින්නෙ නැහැ. මිනිස්සු මරනතැන් වලට යනවා නම් මැරිච්ච මිනිස්සු සුසාන ගත කරන තැනකට ගියාම වෙන අකටයුත්ත මොකක්ද? (නි)
මේ මොනවද වෙන්නේ? (නි)
පොදු සුසාන භූමිය තෝරා ගත්තේ වෙන තැනක් නොතිබුන නිසාවෙන්ද? නැත්නම් මේ වගේ තැනක ඉදලා දන් වලලා වැඩි යමක් බලාපොරොත්තු වුනාද? (නි)
බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත්තේ "භික්ෂුවක් තම පිණ්ඩපාතය හා තෘෂ්ණාවෙන් ගැට නොගැසෙයි, මුළා නොවෙයි, එහි නොගැලෙයි, ඇලුම් නොකරයි. එහි දොස් දක්නා සුළු වෙයි(අස්ථිර බව දකී) ,ප්‍රඥාවෙන් යුතුව වළඳයි." යනුවෙනි.(මජ්ජිම නිකාය ජීවක සූත්‍රය) ඉතින් තෘෂ්ණාව අතහැර අනිත්‍ය මෙනෙහි කිරීමට 'සුසානයකට' වඩා හොඳ තැනක් තවත් ඇත්ද?. මෙහි ඉහත අදහස් පලකර ඇති උදවිය බෞද්ධ දර්ශනයේ මූලික හරයවත් නොදන්නා බව පෙනෙයි."ප්‍රඥාවෙන් යුතුව" දන් වැලඳීමට ස්ථානය බාධාවක් නොවේ.(ස)
ලංකාව ඉතින් තම ආගම කබල් ගගා ඉන්නවා මිසක් කිසිම ආධ්‍යාත්මික වර්ධනයක් නෑ, දිනපතාම මිනිස්බවේ පිරිහීම පමනයි පෙනෙන්නේ.(ස)
සමන් ලංකාතිලක, ඇර අනිත් ඔක්කොම මෝඩයෝ......(ස)
බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ එක්තරා බමුණෙක් තමන්ගේ මිනිය වෙනත් කෙනෙක් භූමදානය කර නැති තැනක භූමදානය කරන්න සිතාගෙන ඉතා පැරණි ගසක් මුල වලක් කැපුවා. මෙය දුටු බුදු හිමියන් “ඔබම ඔය නමින්ම මෙම ස්ථානයේ 999 වතාවක් වළලා ඇති බව“ අනුශාසනා කළා.ඉතින් අපි ගෙවල් දොරවල් හදාගෙන ඉන්නේ පරණ සොහොන් වල විය හැකි නේද? ඉතින් අනිත්‍ය මෙනෙහි කරගෙන සොහොනක දානෙ වැළඳුවහම මොකද? (ස)