
(අම්බලන්තොට සනත් ගමගේ)
මත්තල ජාත්‍යයන්තර ගුවන් තොටුපල හා හම්බන්තොට ජාත්‍යයන්තර වරාය පෞද්ගලික අංශයට විකිණිමට එරෙහිව හම්බන්තොට දී පැවැති විරෝධතාවයක දී පොදු දේපලට හානි කළැයි චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හතළිස් එක් දෙනකුට එරෙහිව අධි චෝදනා පත්‍ර භාරදීමට හම්බන්තොට මහාධිකරණ විනිසුරු දුමින්ද මුදුන්කොටුව මහතා අද (16) නියෝග කළේය.
මෙම නඩු කරයේ 35 වන විත්තිකරුවන දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ මහාධිකරණයේ නඩුවකටද පෙනී සිටින හෙයින් හම්බන්තොට මහාධිකරණයේ මෙම නඩුවට බන්ධනාගාරය මගින් ඉදිරිපත් කර නොතිබිණි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක, හිටපු මන්ත්‍රීවරුන් වන උපාලි කොඩිකාර, ප්‍රසන්න රණවීර, අජිත් ප්‍රසන්න, සම්පත් අතුකෝරල, යන මහත්වරු සමඟ සෙසු විත්ති කරුවන්ගෙන් තිදෙනකු හැර අනෙක් විත්තිකරුවෝ මහාධිකරණය හමුවේ පෙනී සිටියහ.
අධිකරණ ශාලවේ විත්තිකරුවන් සියළුම දෙනා පෝලීම් කිරීමෙන් පසුව අධිකරණ නිළධාරින් විසින් අධි චෝදනා පත්‍ර වෙන් වෙන් වශයෙන් ලබාදීම සිදු විය.
සියළුම විත්තිකරුවන්ට රුපියල් ලක්ෂ පහ බැගින් ශරීර ඇප දෙකක් හා මුදලින් රුපියල් දසදහස බැගින් වූ ඇප කොන්දේසි මත ඇප ලබා දීමට හම්බන්තොට මහාධිකරණ විනිසුරු දුමින්ද මුදුන්කොටුව මහතා නියෝග කළේය. සියලුම විත්තිකරුවන්ගේ විදෙස් ගමන් ගමන්ද වළක්වාලමින් නියෝගයක් නිකුත් කළේය.
නැවත නඩුව කැඳවීම 2026 ජනවාරි මස 14 දිනට සිදු කරන ලෙසට මහාධිකරණ විනිසුරු වරයා නියෝග කලේය.
2017- මක්තෝබර් මස 06 දින හෝ ආසන්න දිනයක හම්බන්තොට ඡාත්‍යයන්තර වරාය මාර්ගය අවහිර කරමින්, ඉන්දියානු තනාපති කාර්යාලය හා නිල නිවස අවහිර කිරීම් සිදු කරමින් පැවැති විරෝධතාවයක දී අධිකරන නියෝගය කඩකිරීම, පොදු හා පෞද්ගලික දේපලට හානි සිදු කිරීම , අයුතු ජන රාශිය ඇතුළු චෝදනා යටතේ හම්බන්තොට පොලිසිය මගින් මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ බී.ආර් 1088 යටතේ නඩු පවරා තිබිණි. නීතිවරයාගේ උපදෙස් මත අදාල නඩුව හම්බන්තොට මහාධිකරණය වෙත යොමු කර විත්ති කරුවන්ට අධි චෝදනා පත්‍ර බාරදීමට ඉකුත් නොවැම්බර් මස 02 දින නියෝග කෙරිණි. ඒ අනුව හම්බන්තොට මහාධිකරණ නඩු අංක HAM/HC/PP/00032/2026 යටතේ හම්බන්තොට මහාධිකරණ විනිසුරු දුමින්ද මුදුන්කොටුව මහතා හමුවේ විත්තිකරුවන්ට අධි චෝදනා බාර දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd