IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


හය දෙනෙකුට කරාටේ තරඟය වරදී

ඉතාලියේ පැවති ගුඩ්විල් ජාත්‍යන්තර කරාටේ තරගාවලිය නියෝජනය කිරීමට ආරාධනා ලැබුවද   විවිධ හේතු මත  එහි යාමට නොහැකි  වු ශ්‍රී ලංකික ක්‍රීඩික ක්‍රීඩිකාවක් වෙත ඉතාලි ඔලිමිපික් කමිටුවේ එන්ඩාස් ක්‍රීඩා දෙපාර්තමේන්තුවව  විසින් ක්‍රීඩා  උපකරණ  සහ ඇඳුම් තොගයක් පසුගියදා පිරිනමනු ලැබීය.

ඉතාලි ඔලිම්පික් කමිටුවේ ත්‍රෙවිසෝ නුවර පිහිටි එන්ඩාස් ක්‍රිඩා දෙපාර්තමේන්තුවේ ආචාර්‍ය  අල්බර්තෝ  සල්ගාරෝ මහතා විසින්  එම උපකරණ තොගය ශ්‍රී ලංකාවට යැවීම සඳහා ඉතාලි කරාටේ සම්මේලනයේ ප්‍රධාන විදායක නිලධාරියෙකු වන සඳුන් ලක්සිරි මහතාට බාර දෙමින් කියා සිටියේ  ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගත හැකි මෙවැනි යුරෝපීය තරගාවලියකට පැමිණීමට නොහැකිවීම පිළිබඳව තමන් ඛෙහෙවින් කනගාටුවන බවයි.

කෙසේ  වෙතත් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්  දිරිමත් කිරිම සඳහා ඉදිරියේදි ශ්‍රී ලංකාවේ කරාටේ ක්‍රීඩාව  ඉහළට ඔසවා තැබිමට යම් යම් පියවර කිහිපයක් ගැනීමට බලාපොරොත්තු වන බවත් 2017 වසරේ පැවැත්වෙන මීලඟ තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගෙන්වා ගැනීමට හැකි  සියළු  දේ  කල් වේලා ඇතිව සිදුකරන බවත්  ඔහු එහිදි පවසා ඇත.

මෙම තරගාවලිය සඳහා සහභාගී වන ලෙස ඉතාලි ජාතික ඔලිම්පික්  කම්ටුවේ  ‘එන්ඩාස්‘ ක්‍රීඩා  දෙපාර්තමේන්තුව විසින්  ශ්‍රී ලංකාවේ ‘ජිකෝ‘ ජාතික කරාටේ කණ්ඩායමට කර තිබු ආරාධනාවක් මත මෙරට  ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය  දෙනෙක්  තරගාවලිය සඳහා  සහභාගී විමට  නියමිතව තිබුණි.

එසේ වුවද විවිධ හේතු මත  ශ්‍රී  ලාංකා කණ්ඩායමට තරගාවලිය සඳහා මෙරටින් පිටත්ව යාමට   නොහැකි වී ඇත.

කෙසේ වෙතත්  ශ්‍රී ලංකාවට මෙම  අවස්ථාව ලබා දීම සඳහා ඉතාලි රජය සමග මැදහත්කරුවෙකු ලෙස කටයුතු කළ ඉතාලි  කරාටේ සම්මේලනයේ ප්‍රධාන විදායක නිලධාරියෙකු වන සඳුන් ලක්සිරි විසින්  ඉතාලියේ සිටින ශ්‍රී  ලාංකික කරාටේ ක්‍රීඩකයන් කිහිපදෛනකු තරගාවලිය සඳහා සහභාගී කරවීමට  සමත් වු අතර එහිදී ශ්‍රී ලංකාව  රිදී පදක්කමක් හිමි කරගත්තේය.

මේ පිළිබඳව සඳුන් ලක්සිරි මහතා එසැනට පැවසුවේ

         ‘ශ්‍රී ලංකාවේ  ජාතික කරාටේ සංචිතයේ වසර 10 යක පමණ කාලයක් තිස්සේ ක්‍රීඩා කරන  ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනෙක්   මේ තරගාවලියට ඉතාලියට පැමිණීමට සුදානම්ව සිටියා.

 ඉතාලි ඔලිම්පික් කමිටුවෙන්  ශ්‍රී ලාංකිික කරාටේ ක්‍රීඩකයන්ට  ඉතාලියට පැමිණීම අසාදු ලේඛන ගත කර තිබුන මොහොතක මා වසර ගණනක් තිස්සේ ඉතාලි රජයේ අනුමැතිය ලත් ජාතික කරාටේ පුහුණුකරුවෙකු හා ජාත්‍යන්තර කරාටේ විනිසුරුවරයෙකු ලෙසත්, විශේෂයෙන් ගුඩිවිල් ජාත්‍යන්තර සම්මේලනයේ විධායක කමිටු සාමාජිකයෙකු  හා එම සම්මේලනයේ ආසියාතික රටවල් සඳහා සම්බන්ධීකරන නිලධාරියෙකු වශයෙන් සේවය කිරීම යන කරුනු මත මා ගැන විශ්වාසය තබා මගේ විශේෂ ඉල්ලීමට මතයි  මේ අවස්ථාව අපේ  ක්‍රීඩකයන්ට ලැබුනේ.

මේ සදහා මා ඉතාලියේ ඔලිම්පික් කමිටුවේ අනුමත එන්ඩාස් ක්‍රිඩා දෙපර්තමේන්තුව හරහා අපේ ක්‍රීඩකයන්ට අවස්ථාවක් ලබා දීමට විශේෂ ආරාධනාවක් පවා ලබා ගත්තා.

ඕනෑම ක්‍රීඩකයෙකුගේ සිහිනයක් තමයි යුරෝපයේ තරගාවලියකින් පදක්කමක් ලබා ගැනීම. නමුත්  මේ අයට  විවධ හේතූන්   මත ඒ අවස්තාව අහිමි වුනා. ඒ ගැන මා ඛෙහෙවින් කනගාටුවෙනවා.

ඒ කොහොම වුනත්  ශ්‍රී ලංකා නාමය රැක ගැනිම සඳහා ඉතාලියේ ජීවත් වන කරාටේ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් සහභාගී  කරවා  රිදී පදක්කමක් ලබා ගෙන ශ්‍රී ලංකාවට ගෞරවයක් හිමි කර දීමට හැකිවීම  ගැන මා ඛෙහෙවින් සතුටු වෙනවා.‘

මෙම තරගාවලිය පිළිබඳ විශේෂ මාධ්‍ය හමුවක් ඉතාලියේ  ‘ත්‍රෙවිසෝ කොමෝනේ‘  හි  පැවති  බවත් එයට  ත්‍රෙවිසෝ නගරාධිපති මහජන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය අසොසෝරේ ඔපේලියෝ මිකේලාන්, සින්දකෝ  නිතීඥ ජොවන්නි මනිල්ඩෝ, ඔලිම්පික් කමිටුවේ සභාවතියරයා සහ එන්ඩාස් සහභාගී අතර  ජිකෝ ඉතාලි සම්මේලනයේ ප්‍රධාන ලේකම් මාරාධි ජෝර්දා ඇතුළු මහත්ම මහත්මීන් සමග තමන්ටද සහභාගී විමට අවස්ථාව ලැබුන බවත්  එහිදී ශ්‍රී ලංකාවේ කරාටේ ක්‍රීඩාව සංවර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා වු බවත් ඔහු  කීවේය.

 


   


 

 



අදහස් (0)

හය දෙනෙකුට කරාටේ තරඟය වරදී

චමින්ද Monday, 21 April 2014 06:04 PM

බොහෝ විට, වෙනත් කෙනෙකුට මෙවැනි අවස්ථාවක් ලැබුන විට කෙසේ හෝ බලන්නේ තමුන්ටත් ඒ ගමනට මුක්කුවක් ගැසිය හැකිද කියායි.ඒ ක්‍රමවේදය හරි ගියේ නැතහොත් බලන්නේ සුදුස්සාට යාමට තිබු ගමන කෙසේ හෝ කඩාකප්පල් කර නැතිකර දැමීමටයි.ඉන් පසුවයි ඔවුන්ට නින්ද යන්නේ. මෙතන වෙන්න ඇත්තේ කුමනාකාරයේ දෙයක්ද කියා සිතාගන්න පුළුවන් (නි)

:       0       0

ඇන්ටන් Monday, 21 April 2014 07:38 PM

ලංකාව පාලනය කරන කට්ටියගේ මොකක්හරි ප්‍රශ්නයක් නිසාද දන්නෙ නැහැ යන්න ලැබිලා නැත්තේ (නි)

:       0       0

රණතුංග Monday, 21 April 2014 08:27 AM

නිලධාරීන් හැටක් විතර යන්න ලෑස්ති වෙන්න ඇති ක්‍රීඩකයෝ කීප දෙනත් එක්ක.මං හිතන්නෙ ඒක වෙන්න ඇති ක්‍රීඩකයන්ට, මේ තරගාවලියට සහභාගී වීමට බැරිවූ හේතුව. (ස)

:       0       0

නිල්මිණි Monday, 21 April 2014 10:14 AM

සමහර විට නිලධාරීන් කඹ අදින්න ඇති. එහෙම නැත්නම් ඉතාලිය නිසා යන්න පොරකන්න ඇති. (ස)

:       0       0

රොෂානි Monday, 21 April 2014 12:17 PM

මෙන්න අපේ රටට අවශ්‍ය තරුණ ජවයක් ඇති අපේ රටට වැඩක් කළ හැකි බව ෙප්න කරාතේ නිලධාරියක්. (ස)

:       0       0

අමිල Monday, 21 April 2014 01:10 PM

මමත් ලංකාවේ ක්‍රීඩා කරපු කෙනෙක් මට හිතන විදියට .ඔය වැඩේට ලංකාවේ ක්‍රීඩා අමාත්‍යංශය හා ඒ සම්මේලානේ නිළධාරීන්ගේ එයට අවශ්‍ය ලියකියවිලි ගැනීමට තවමත් ඒ තැන්වලට බඩ ගන්න වෙලා ඇති . අපේ ලංකාවේ වැඩක් කර ගන්න ඕනෙනම් වසර 10 පෙර ඉදලවත් එම නිළධාරී පස්සේ බඩ ගන්න්න ඕනේ එත් සුවර් නැහැ , (අ)

:       0       0

සමාදී ඉතාලියේ කොමෝ Monday, 21 April 2014 01:54 PM

රැක ගත යුතු ශ්‍රී ලාංකික ජවයක්. ගොඩක් රට වල ඉන්න ශ්‍රී ලාංකික අය කටින් තමයි වැඩ ඔක්කොම .හොයල බලද්දී කාඩ් බෝඩ් විරයෝ . මෙතන වැඩ පුළුවන් නියම ශ්‍රී ලංකා සිංහ කකුලක් මේ පොටෝ වලින් අපිට පේනවා. මොනවා වුණත් දිගටම ලංකාවට උපරිම දේ කරන්න අපෙන් සුබ පැතුම්. (ස)

:       0       0

අනුර - ඉතාලිය Monday, 21 April 2014 01:29 PM

ලංකාවේ ක්‍රීඩාවට ආදරය නැති නිලධාරී ඉන්නකම් ලංකාවේ ක්‍රීඩකයන්ට දෙවියන්ගේම පිහිටයි . (ස)

:       0       0

දිනුෂි ඇමරිකාවේ ලොසන්ජලිස් සිට Monday, 21 April 2014 03:05 PM

ඔය මම දන්නා ක්‍රීඩා හදවතක්. ඔය ලංකාවේ ජාතික කරාටේ කණ්ඩායමේ හිටපු හොද දක්ෂ ක්‍රීඩකයෙක් . මට මෙයාව 2007 වසරේ ලංකාවේ පැවතී 10 සාෆ් ගේම්ස් ක්‍රීඩා උළලේදී අපේ බැජ් එකේ හිටපු ක්‍රීඩා ලෙසන් ඔෆිසවරයාය . ඔහු ඒ කණ්ඩායමේ හිටපු ලාබාලම ක්‍රීඩා ලෙසන් ඔෆිස වරයාය . මට ගොඩක් සතුටුයි ඉතාලියේ හොඳ වැඩක් කිරීම පිළිබදව . මා හට ඇති ක්‍රීඩා අත්දැකීම් අනුව කිව හැක්කේ ඔහුට හොද ගමනක් යන්න පුළුවන් කෙනෙක් හැටියට. ඒ වගේම මම නිවැරදිනම් මම හිතනවා ඔහු මිට වඩා යමක් දැනටමත් ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවට කර ඇති බවයි. මගෙන් සුබ පැතුම්. (ස)

:       0       0

විරාම වෙරෝනා Monday, 21 April 2014 03:19 PM

සෙන්සෙයි මගෙන් සුබ පැතුම් . (දිල්)

:       0       0

දම් Tuesday, 22 April 2014 01:14 AM

මේ වගේ අය රජ කරන තැනක ඉපදීමත් පාපයක්.(නදී)

:       0       0

ජයකොඩි පදෝව Monday, 21 April 2014 02:47 PM

මේ වගේ අවස්ථාවක් නැති කිරීමට දායක වුණ අයට හොඳක් සිද්ධ නොවේවා !!!!! ළමයෝ ඔයාගේ උත්සාහයන් අතහරින්න එපා .පුළුවන් හැම විටම ලංකාවට උදව් කරන්න පුතේ. (ස)

:       0       0

රොෂාන් Monday, 21 April 2014 02:52 PM

හය දෙනාට වරද්දපු වගකිය යුතු අයට හය කෝටි වාරයක් වරදිවා. (ස)

:       0       0

එරංග Tuesday, 22 April 2014 03:38 AM

සදුන් මගේ ඕ ලෙවල් පන්තියේ යාළුවෙක්. ඒ කාලෙත් හොද පපුවක් තිබුණු කොල්ලෙක්. ධෛර්‍ය අත් අරින්න එපා. රටට යමක් කරන්න ඔබට ජය.(නදී)

:       0       0

කෝලිත Tuesday, 22 April 2014 05:02 AM

කරාටේ සංගම් වල ඉන්න නිලධාරීන් සහ ක්‍රීඩා අමාංත්‍යංශය මේ ගැන හොයා බලන්න. ඇයි මේ ළමයිට යන්න බැරිවුනේ කියලා. අනික ඉතාලිය වගේ යුරොපීය රටකට යන්න ආරාධනවාක් ඒ රජයෙන් ගන්නවා කියන එකත් පොඩි වැඩක් නෙමෙයි. මෙතන යන්න හිටියේ ජාතික තලයේ ක්‍රීඩකයෝ නම් ඇයි එයාලට යන්න අවශ්‍ය ලිපි ලේඛන ලංකාවෙන් ගන්න බැරිවුනේ. ඉතාලි විසා ගන්න සති දෙකකට කලින් ලියකියවිලි තානාපතිකාරයාලයට බාරදෙන්න ඕනේ. මට පේන විදියට මේ සදුන් ළමයා මේ ක්‍රීඩකයෝ ගෙන්න ගන්න ඕන කරන ලියකියවිලි ලංකාවට එවලා ඇති. නමුත් ලංකාවේ මොකක් හෝ කඹ ඇදිල්ලකින් වැඩේ අතරමග නතරවෙන්න ඇති. (නදී)

:       0       0

ජනිත් Tuesday, 22 April 2014 05:02 AM

දන්න නිලදාරියෙක් ඉන්නව නම් ලියන්න ඇයි මෙහෙම වුනේ කියලා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 30 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 713 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 142 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 3346 0

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 1154 0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 2194 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30664 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23709 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 137 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 422 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 196 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site