IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


හයදාහේ තේ බී ඉහ මොළ රත්වෙයි

ලංකා රජය වෙනුවෙන් යුරෝපා රටකට පත්ව ගිය ජාත්‍යන්තර නිලධාරියකු ඒ රටේදී  දවසකට වේටර් වරයකු වූ පුවතක් වාර්ථා වේ. යුරෝපයේ පෞරාණික අග නගරයක පිහිටි කාර්යාලයකි. එම කාර්යාලයේ හිටපු නිලධාරියකුගේ ක්‍රියාවන් පිළිබඳව එරටේ ජිවත්වන ශ්‍රී ලාංකිකයෝ හොඳට දනිති.

ඔවුන්ගේ මතය අනුව හිටපු තානාපති මුදලට තරමක් කෑදරය. ලෝකයේ මිල අධිකම තේ කෝප්පය විකිණීමේ ගෞරවය ඔහු සතුය. සමාජ සුබසාධන කටයුත්තකට යැයි කියමින් තම නිල නිවසේ තේ පැන් සංග්‍රහයක් පැවැත්වීය.

එම තේ පැන් සංග්‍රහය සඳහා අග නගරයේ ජිවත්වන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රභූවරුන්ට ආරාධනා ලැබිණි. නිලධරයා ඔහුගේම අතින් පිරිනමන තේ කෝප්පයක රස බැලීමේ නොනිමි ආසාව ඔවුන්ටද තිබිණි.

එක් තේ කෝප්පයක මිල යුරෝ 50කි. එවක මිල අනුපාතය අනුව ලංකා මුදලින් රුපියල් 6000කි. පැමිණි විශාල පිරිස තේ පානයෙන් අනතුරුව තානාපති සමග සුහද සතුටු සාමිචියෙන් අනතුරුව විසිර ගියෝය. සමාජ සුබසාධන කටයුත්ත කුමක්දැයි, එකතු වූ මුදලට සිදුවුයේ කුමක්දැයි ඔවුහු අද වනතුරු නොදනිති.

 



අදහස් (0)

හයදාහේ තේ බී ඉහ මොළ රත්වෙයි

බන්දු Wednesday, 15 July 2015 02:59 AM

මුලදී ලංකාවේ සියලුම දෙපාර්තමේන්තුවලටත් අමාත්‍යංශවලටත්, පිටරට සියලු තානාපති කාර්යාලවලටත් රජගෙදර, අගමැති අරලියගහ මැදුරටත් සියලු විශ්ව විද්‍යාලවලටත් අවශ්‍ය සියලුම ඇඳ, පුටු, මේස, ආදී සියලුම දේ සාදා සැපයුවේ කොළොන්නාවේ රජයේ කර්මාන්ත ශාලාවෙනි. මේවගේ ඇමති වරුන්ටත්, තානාපති නිලධාරීන්ටත් ඕන ඕන විධියට මුදල් වියදම් කරන්න ඉඩ දුන්නේ නැහැ. නැවතත් ඒවගේ ක්‍රියාවක් සැදුවොත් රටට යහපතක් වේවිය කියා මා හිතනවා. (නදී)

:       0       0

සරත් රෝමය Monday, 13 July 2015 05:34 PM

එංගලන්තයේ මුදල් වංචා සහ දූෂණ වලට වැරදිකරුවන් වූ යුවලකට මෙරට රාජකාරි කිරීම තහනම් කිරීමෙන් පසුව එම කාන්තාවට යනඑන මං නැතිවූ මොහොතක පසුගිය රාජපක්ෂ රජය යුරෝපයේ තානාපති කමක් දුන්නේ (නදී)

:       0       0

සෙනරත් කහවත්ත Monday, 13 July 2015 10:08 PM

ඔන්න, ඉතාලි තානාපති කාර්යාලයේ වැඩ (නදී)

:       0       0

මානවි Monday, 13 July 2015 09:07 AM

මේ අර අපි වෙනුවෙන් අපි අරමුදල් සල්ලි වලට පිල්ලි ගහල දුවගේ මගුල ගත්ත උන්නැහේ නේද ? (බ)

:       0       0

මනෝ Tuesday, 14 July 2015 09:35 AM

යුරෝපේ නෙවේ මම නම් බිව්වා ලංකාවේ කෝපි එකක් . රුපියල් 1500 යි (නදී)

:       0       0

නිරෝෂන් Wednesday, 15 July 2015 01:44 AM

අප දැකලා තියන විදිහට අපට හිතෙනවා සමහර නිලධාරීන් වැඩ කරන්නේ රජයේ මුදල් මුදල් නොවේ කියලා‍. මන්ද හිතු හිතූ සම්පත් පහල කරගන්න රජයේ මුදල් තමන්ගේ වාගේ භාවිතා කරනවා. විදේශ තානාපති කාර්යාල වලට එන නිලධාරීන්ට තමන්ගේ පෞද්ගලික මුදලින් තම ගෙදරටවත් නොගන්නා භාණ්ඩ රජයේ මුදල් වියදම් කරමින් නිකරුනේ මිලදී ගන්නට තැත් කිරීම නොහොබිනා වැඩක් බව උගන්වා එවිය යුතුයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 832 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5196 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3037 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 268 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1411 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1519 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28244 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23580 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 406 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site