වැළිමඩ අධිකරණය අය කරගත් දඩ මුදල් අතර රුපියල් දහසක හොර නෝට්ටුවක් තිබුණු බව වැලිමඩ බැංකුවක් කියයි.
මුදල් බැංකුවේ තැන්මත් කරන්නට ගෙන ගිය අවස්ථාවේ මේ බව සොයාගෙන ඇත.
දඩය ගෙවූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට සොයයි.
වැළිමඩ අධිකරණය අය කරගත් දඩ මුදල් අතර රුපියල් දහසක හොර නෝට්ටුවක් තිබුණු බව වැලිමඩ බැංකුවක් කියයි.
මුදල් බැංකුවේ තැන්මත් කරන්නට ගෙන ගිය අවස්ථාවේ මේ බව සොයාගෙන ඇත.
දඩය ගෙවූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට සොයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරණ මුදල් නෝට්ටු වල තිබුන බලනකොට අමුතු ගාම්භීර කමක්. දැන් තියෙන්නේ කිසිම වැඩකට නැති චිත්‍ර වගයක්. මේ අපේ සල්ලි කියල කාට වත් දෙන්නත් හිතෙන්නේ නැහැ. සල්ලි වල වටිනා කමකුත් නැහැ. නොට්ටුත් එකටම ගැලපෙනවා.(ස)
අස්මිත් හරි. තව ඉන්නවා හොර ගෙඩියෝ 225 ක්.
හොරුන්ට,මංකොල්ල කරුවන්ට, අපරාධ කරුවන්ට,කුඩු කාරයින්ට අප රටේ තියෙන නීතිය දරුණු මදී, මේ පවතින නීති වහා සංශෝධනය කලයුතු කාලය දැන් එළඹී ඇත.(ස)
මෙහෙම ගියොත් රුපියල් 1000 කට පාන් ගෙඩියක් විතරක් ගත හැකි තත්ත්වයක් තව අවුරුද්දකින් ඒවි. රුසියාවේදී කලකට ඉහතදී එවැනි තත්වයක් ඇතිවුනා. (නි)
අස්මිත් තමයි හරිම කතාව කියන්නේ. තව "හොර" දේවල් තියනවා රාශියක්. ඒත් පත්තරේ ඉඩ මදි නේද අස්මිත්? කොහොම වුනත් හොර නෝට්ටු වලංගු කරන්න තමයි අපි ඒවාට පොටෝ දාල හදන්නේ. ඒ හින්ද හොර නෝට්ටු කියල දෙයක් නැහැ.(නදී)
ලංකාවේ සල්ලි වලට ගිය කල! (නි)
මේකට කොමෙන්ට්ස් දාන්නේ පිස්සොද කියල හිතෙනවා. (ස)
හොර සල්ලි ගහන එක පව් වැඩක් නෙවෙයි. හොර සල්ලි අච්චු නොගහ කොහොමද බඩුමුට්ටුවල මිල ඉහළ යන හැටියට අද රටේ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? (ස)
ඔන්න ආයිබෝවන් බොහොම පරණ කතාවක්. අපේ ලංගම බස් ඩිපෝ වලට ඒ දවස් වල 1960 ගණන් වල විතර ගෙනාව ටිකට් නිකුත් කරන්න මැෂිමක්. හඳුන්වලා දුන්නේ මේකෙන් හොර කරන්න බැහැ කියල. අම්මපා. මාස දෙකක් ගියේ නැහැ අපේ කොන්දොස්තර මල්ලිලා දුන්න නේද? දොබෙන්. ටිකට් මසින් කොම්පැනියට කට උත්තරත් නැති වෙන්න.ටිකෙට් ප්‍රින්ට් වෙන රිබෙන් එක වැහෙන්න ශේවින් බ්ලේඩ් කැල්ලක් තියල.ඉතින් අපේ රටේ ඉන්නේ රියල් වැඩ කාරයෝ තමයි. සල්ලි කොළ ප්‍රින්ට් කරන්න ලේසි නේ දැන් තියෙන ඒවා.
මගේ ආයතනය මට රට යනවිට ඩොලර් 100 නෝට්ටු 10ක් බැංකුවකින් ගෙනවිත් දුන්නා. රට ගිහින් බලන විට එකක් හොර නෝට්ටුවක්. ආයතනය මාව විශ්වාස කරන්ඩද? සල්ලි මට ගෙනදුන් සහයක විශ්වාස කරන්ඩද බැංකුව මොනවා කරන්ද? (ත)
මේ රටේ මේකත් කජ්ජක්ද? ඉස්සරහට හොඳ සල්ලි වලටත් වටිනාකමක් නැති වේවි. සුබ අනාගතයක්! (ස)
වෝටර් සිංහයාගේ කඩුව මිටෙන් කඩලා පහලට නවාපු 50 කොළ ලංකා බැංකුවෙන් මට හම්බ වුණා. කොටි සංවිධානේ අච්චු ගහපුවා කියලා සමහරු කිව්වා. 2004 දී. ඒවා කිසි ප්‍රශ්නයක් නැතුව ගනුදෙනු වුණා. අර ඉතිහාසේ කරනකොට කව්දෝ පාලකයෙක් රටවැසියාට සල්ලි අච්චු ගහගන්න බලය දුන්නයි කියනවා. ඕක ගණන් ගන්න එපා අනේ. සුළු දේවල් අද අපේ රටේ වෙන දේවල් වල හැටියට.අර ඇස්මත් මහතා කියන දේ පොඩ්ඩක් බලන්නකෝ. මන් හිතන්නේ මේවා ගැන හිතලා සිත රිදවාගෙන අපට ඔල්මොරොන්දන් වේවි තව ටිකක් කල් මේ විදිහට ගියොත්.(අ)
වලංගු නෝට්ටු ගන්න කොහෙන්ද ආයිබොවන් සල්ලි. දැන් හැමතැනම හොර නෝට්ටු,හොර අරක්කු,නිදන් හොරු,හොර ඡන්ද,හොර හරක්,හොර වාහන,හොර සහතික,හොර කසාද,හොර උපාදි,හොර බෙහෙත්,හොර හොර ඔප්පු,හොර ගැණු,හොර සිගරට්,හොර කාමර,හොර බිස්නස්,හොර රැකියා ඒජන්සි,හොරෙන් රටයාම්,හොර පොලිස්,හොර පාරවල්,හොර දැව ජාවාරම්,හොර කට්ටඩි,හොර පුජකයෝ,හොර උප්පැන්න/මරණ/විවාහ/හැම දෙයක්ම හොරටම වෙන මේ ධර්මද්වීපයට දේවාශිර්වාදයක් ලබාගන්න වටිනවා ඉක්මනටම නැත්තම් ඉදිරි පරපුරට ඇත්ත කියල දෙයක් තිබුන පුරාණයේ කියල අද්යාපන විෂයට ඇතුලත් කරන්න වෙයි නේද?දෙය්යෝ සාක්කි!(නදී)
කරුණාකරලා අර පරණ තිබ්බ නොට්ටුම නැවත මුද්‍රණය කරන්න.(නදී)
පෙරකදෝරුවටත් ඕකම කරන්න ඇති. (ත)
මහේස්ත්‍රාත්වරයෙක් අධිවේගී මාර්ග හුවමාරුවෙදී හොරනෝට්‍ටුවක් දුන්නම එක හොර එකක් කියලා දැනගත්තම එයාම පොලිසියේ පැමිණිල්ලක් දැම්ම. (ත)
හසන්ත මහත්තයෝ බලන්නකෝ ආශ්චර්යය. මෙහෙම ආශ්චර්යයක් වෙනකොහෙන්ද බලන්න පුළුවන් (ත)