එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ත්‍යාග මුදලක් ලැබී ඇති බව පවසා අන්තර්ජාලය ඔස්සේ මිනිසුන් රවටා මුදල් වංචා කළැයි කියන අකින්ෂෝලා හකිම් ඔලානියා නමැති නයිජීරියා ජාතිකයා ජූලි දෙවැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
අම්බලංගොඩ-තිලකපුර පදිංචිකාරියක වන කේ එච් දිල්රුක්ෂි මහත්මිය රහස් පොලිසියට කළ පැමිණිල්ලක් අනුව ඉකුත් 14 වැනි දින මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු රුපියල් ලක්ෂ 17ක් වංචා කර ඇතැයි ද ඔහුගේ මුදල් ඇති ගිණුම් හතක් පරීක්ෂා කිරීමට නියමිත බව ද පොලිසිය අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචාරකයෙක්ද? ඉස්සරනම් ආවේ ඒ රොප්පේ මහත්වරු. දැන් අප්‍රිකාවේ හොරු.(නදී)
මොකටද අහුවෙන්නේ ?වැඩි තණ්හාව ..අපිටත් ඔය මෙල් එනවා . (අ)
නයි ඇරියට අපෙන් තෑග්ගක් (ස)
මේ වගේ හොරුන්ට උපරිම දඩුවම් දන්නා ඕන . සල්ලි දීපු ආයටාත් මේ ව හොද පාඩම්. (ත)
අනේ අම්මප ..මේවට රැවටෙන එව්වොත් මේ රටේ ඉන්නවද..මේ මීහරකිට දෙන්න ඕන හොද බුවල්ලකින්...(අ)
මුදල් කේදර කමට අසුවෙන අපේ ලංකාවේ මෝඩයන්ට පුන්නක්කු පොවා මොලය සෝදා ගත යුතුය . මේ වගේ අප්‍රිකානුවන් ලංකාවට එන්නේ ලංකාවේ මෝඩයන් සිටින බව දන්නා නිසාත් . ඔවුන්ට මේවට උදව් කිරීමට අපේම ලාංකිකයන ඉන්න නිසාත්ය (අ)
ලංකාව තුල විතරක් නොව මුළු ලෝකය පුරාම නයිජීරියානුවෝ නොයෙකුත් වර්ගයේ කපටිකම් කරනවා. මුදල් අච්චු ගැසීම, ව්‍යාපාර වලට ආයෝජනය කිරීම, පිටරට ඇති වාහන නැව් ගාස්තු පමණක් ගෙවා ගෙන්වා ගැනීම, ඔය වගේ තවත් ගොඩක් දේවල් කරනවා. ඒවාට අහු නොවී පරෙස්සම් වෙන එක කාගේ කාගේත් ඇඟට හොදා (නි)
එක අතකට මිනිස්සු රවටන එක කලාවක්. බොරුව පෙනී පෙනී ඒවාට අහු වෙන එක මෝඩකමක් (නි)
මොහුට ෂරියා නීතිය ක්‍රියාත්මක කරමුද?(නදී)
හොරු වංචනිකයෝ ලෝකෙ පුරාම ඉන්නවා. ලෝක සමාජය හැදිලා තියෙන්නේ සකලවිධ පුද්ගලයන්ගෙන් නේ. වැදගත් දේ ඒ බව තේරුම් අරන් මොලේ පාවිච්චි කරලා ඔවුන්ට මුහුණ දීමයි. මේක කියන තරම් ලේසි නැහැ. වංචා කලාවේ අග තැන්පත් හොරුන්ට ලොකු බුද්ධිමතුනුත් අහුවෙනවා. අහලා නැද්ද ප්‍රංශයේ අයිෆල් කුලුන දෙපාරක්ම පරණ යකඩ වලට විකුනන්න තරම් දක්ෂ වූ පුද්ගලයා ගැන? (නි)
මේ වගේ සංචාරක හොරුත් ඇතුලත්ද දන්නේ නැහැ අර අවුරුද්දකට මෙච්චර විදේශිකයන් ආවා කියල බයිලා කියලා කෑගහන සංචාරක මණ්ඩල වාර්තාගණන් හිලවුවල.(නදී)