කහතුඩුව පොලීසිය පාරේ ගිය යතුරු පැදියකට සංඥා කළේය.යතුරුපැදිකරු නොනවත්වා ගියේය. පොලීසිය එම අංක පිළිබඳ තොරතුරු මොටර් රථ ලියාපදිංචි කිරීමේ කාර්යාලයයෙන් ලබා ගත්තේය.
ඒ අනුව මිනුවන්ගොඩ ව්‍යාපාරිකයෙක් පොලීසියට කැඳවීය.ඔහු පැවසුයේ තමාට කිසිදු වාහනයක් නැති බවයි.
පොලීසිය යළිත් මොටර් රථ දෙපාර්තමේන්තුවෙන් වීමසීය. එවිට ද ලැබුණේ කලින් විස්තරමය.
වෙනත් පුද්ගලයකු නමින් යතුරුපැදියක් ලියාපදිංචි කර ඇති පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය සොයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ශ්‍රී ලංකාවේ, අපි ශ්‍රී ලංකාවේ.(අ)
අපේ රටේ ජනතාවගෙන් බහුතරය හොරු,(අ)
වාහනයක් ලියාපදිංචි කරන් ඡායාරූප ඉදිරිපත් කරන්න ඔනේ නේද ඡායාරූපයෙන් සොයාගන්න පුළුවන්නේ කවුද කියල (අ)
මෙවැනි කථා අපට අසන්නට ලැබෙන්නට හේතු සොයා බැලීමට කාලය නේද මේ? ඒත් සොයා බලන්නට අපි කවුද? වැරදි කරන වුන් සැමදාම නිදහසේ. නැතිනම් හිරගත වී මීට වඩා දෙයක් කරන හැටි අළුතින් හමුවූ එවැනිම තව අය සමග සැලසුම් කරනවා. වැරැද්ද කාගේ ද? කොතන ද? (නදී)
අපි මීට කලින් දවසකුත් සාකච්ඡා කළා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ගැන මෙම තීරුවෙන්. මෙන්න එහි ක්‍රියාකලාපයන් ගැන හොද නිදසුනක්. සල්ලි වියදම් කරනවා නම්, අද මොනවද කරන්න බැරි ලංකාවේ. (නදී)
හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්. මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් හරි විස්තරයක් ලබාගැනීම. ළගදි විනිස්චයකාර තුමෙක් කියල තිබුන කතාව මතකද මෝටර් රථ දෙපාර්තමේන්තුව ගැන.(නදී)
බන්දුල පෙරේරා මොනවද දන් නැහැ මේකට කියන්නේ.? බන්දුල ඔය දෙපාර්තමේන්තුව සුද්ද කරන්න හැදුවට, ඔතන තමයි ලංකාවේ නොම්බර එකේ හොර ගුහාව.(නදී)