ව්‍යාජ වෙබ් අඩවි පවත්වාගෙන යමින් විදේශ සංචාරකයනට නවාතැන් දෙන බව පවසා මුදල් වංචා කළැයි කියන මාලන් ප්‍රනාන්දු නම් තැනැත්තෙක් කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් ලබන 24 තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
වංචා සිද්ධිය රැසක් සම්බන්ධයෙන් පොලිසි ගණනාවකට හා ඉන්ටර්පෝල් පොලිසියට අවශ්‍ය බව කියන මෙම පුද්ගලයා නවාතැන් සොය එන විදේශිකයන්ගෙන් අත්තිකාරම් ගෙන මඟහරිතියි පොලිසිය අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අයට දැඩි දඬුවම් දියයුතුයි. (නි)
මෙවැනි කටයුතු සඳහා සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලබාගත යුතුවේ. අදාළ මණ්ඩලයේ අනුමැතිය ලත් අංකය සඳහන් නොකරන වෙබ් අඩවි ගැන ලංකා සංචාරක මණ්ඩලය විමසිල්ලෙන් නොසිටියොත් අපකීර්තිය ලංකාවටම බලපාවි (නි)
මම හිතනවා සංචාරක මණ්ඩල වෙබ් අඩවියේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ සංචාරකයන්ට අවවාදයක් තිබිය යුතුයි 'බොරු වෙබ් අඩවි තිබෙන නිසා ප්‍රවේශම් වෙන්න' කියල. (නදී)
ගාමිණී - සිරි, අපේ රටේ කීර්තිය තවත් උඩ යයි තංගල්ල නඩුවේ තීන්දුවෙන් පස්සේ. (නදී)
බොරුවට තැන තියෙන එකම රට අපේ ශ්‍රී ලංකාව කියලයි මට හිතෙන්නේ. ලකී කියන්න වගේ තංගල්ලේ නඩු තීන්දුව රටට කීර්තියක් ගෙනේවිද ? අපි බලා හිදිමු කල හැකි කිසිවක් නොමැති නිසාවෙන්. (නදී)
පැමිණිල්ලේ සාක්ෂි ශක්තිමත්ද? (නි)