රුපියල් 2000 හොර නෝට්ටු පනස් පහක් සමග වලස්මුල්ලේ හිමි දෙනමක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මේ දෙදෙනා ත්‍රීරෝද රථයකින් ගොස් කඹුරුපිටියේ කඩ 27කින් හොර සල්ලි මාරු කළ බවට පොලිසියට තොරතුරු ලැබී අැත.
කඩ 16කින් හොර නෝට්ටු සොයා ගත් බවත්, හිමි දෙනම මිද්දෙනියේ හා බණ්ඩාරගම පදිංචි කරුවන් බවත්, ත්‍රීරෝද රියදුරකු ද අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අපේ අර සේනා? මේ සේනා? අර බලය? මැර බලය?(නි)
දායක ඇත්තෝ දානේ ටික ව්ලාවට දෙනවනම් පන්සලට වෙලා බණක් භාවනාවක් කලානම් හොදයි නේද? (ත)
හාමුදුරුවෝ හරි . හොර සල්ලි ඇල්ලුවාට කමක් නැහැ. එයාලට නීත්‍යානුකූල මුදල් අකැපයි(නි)
කෝ ඉතින් අපේ ගණන්කාර හාමුදුරුවො ටික? මෙන්න හාමුදුරුවනේ ශාසනේ කනවා. මේවටත් ගිනි තියමු(නි)
චීවරධාරින් දෙන්නෙක් කියලා දාන්න. හිමිවරු ඔය වගේ හොර වැඩ කරන්නේ නැහැ. භික්ෂුවක් සොරකමකට හසුවුනොත් ඒ භික්ෂුව පාරාජික වෙනවා. භික්ෂු බාවය අහෝසි වෙනවා. (නි)
කෝ බොදු බල සේනා,රාවනා ...(නි)
මොනවටද හාමුදුරුවනේ ශාසනය පිරිහෙන්න වැඩ කරන්නේ? ඔවැනි වැඩ කරන්න වුවමනා නම් චීවරය තියලා ගෙදර යන්න, අපේ අහිංසක හාමුදුරුවරුන්ට පාඩුවේ ඉන්න දීලා. මෙවැනි අයට කිසිම සමාවක් නොදී ගෙදර යවන්න මහා නායක සහ අනුනායක හිමිවරු තිරණය කරනවා නම් ලොකු පිනක් අපට (නි)
මේක විජාතික කුමන්ත්‍රණයක් ද ?(නදී)
බුද්ධ චීවරයට වහන් වෙලා ඉන්න පවුකාරයෝ දෙන්නෙක්. මේ අයට යන්න වෙනම අපායක් ඕනෑ.(නි)
සාදු සාදු සාදු! කෝ අපේ බොදුබල ඇත්තෝ?(නි)
අර එක එක සංවිදාන මේවට මැදිහත් වුනොත් හොද නැද්ද, අනුන්ගේ ආගම් හදන්න කලින් ?(නි)
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා අපේ හාමුදුරුවනේ !(නි)
කෝ පිටිගල මිලානෝ.,....
මහා නායක හමුදුරුවරුනේ, ධර්ම සංඝායනාවක් පවත්වා දුසිල්වත් භික්ෂූන් සාසනයෙන් ඉවත් කල යුතුයි. නැතිනම් මේ හොර චීවරධාරීන් සාසනය විනාශ කරනු ඇත. එය, තමුන්ට වාතයක් ගියත් සේනාව, රාවය හොයන හබන් කුකුලන්ට රජ මගුල් වනු ඇත.(නදී)
මෙයාලානම් භික්ෂුන් වෙන්න බෑ. මෙයාලා සිව්රු දාගත්තු හොර කල්ලියක්. සිව්රට තියෙන ගෞරවය පාවිච්චි කරගෙන හොරකමේ යෙදෙන සංවිධානාත්මක හොරුන්. මේ යතාර්ථය ලංකාදීපෙන්ම අපට අනාගතයේදී කියා දෙන්න.(නදී)
යාලුවනේ බුදු දහමට ගරහන්න් නොයෙකුත් කුමන්ත්‍රණ සිද්ද වෙනවා , මේකත් එහෙම දෙයක් ඒ නිසා පරිස්සමට ප්‍රකාශ නිකුත් කරන්න.(නදී)
දැන් කියාවී මේ අය ඇත්ත හාමුදුරුවරු නෙමේ කියලා. අන්‍ය ආගමිකයෝද බුද්දාගම කන්නේ නැත්නම් ඔබලාමද?(නදී)
නායක හාමුදුරුවනේ ඔබ වහන්සේලාගේ පන්සල් රැක ගන්න. එහෙම නැත්නම් කිසිම වැරදි වැඩකදී මොනම අනුසාසනයක් දීමට නොහැකි වේවි.(නදී)
සිරස්තලය දැකපු ගමන් දැනගත්තා සේනාවල් ටික පට්ට ගහයි කියලා. කට්ටියකට ලොකු අමාරුවක් තියෙනවා මේ සේනාවන් ගැන. බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නැහැ හාමුදුරුවනේ. සිවුරේත් හොරු ඉන්න බව මේ කට්ටිය අදමයි දැකල තියෙන්නේ. බුදුහාමුදුරුවන්ගේ කාලෙත් ඔය වගේ හාමුදුරුවරු හිටියා.(නදී)
සල්ලි සල්ලි ලොකු ලොකු සල්ලි හාමුදුරුවෝ කොහොම ගැහුවද මල්ලී... (නි)
අද කාලයේ බොහොම චීවරධාරීන් මුදල් පසුපස හඹා යන අය. මා දැක තිබෙනවා ඔවුන් පාවිච්චි කරන වාහන එහෙම. විශාල ධනපතියෙකුට හැරෙන්න ඒ වගේ වාහන මිලදී ගන්න බැහැ. බාහිර ජිවිත හොරෙන් ගත කරන අයද එමටය. කෙසේ වෙතත් සිල්වත් භික්ෂුන් වහන්සේලාට මෙම හොර චීවරධාරීන් නිසා චිත්ත පීඩා ඇතිවෙනවා. බුදුදහම රැක ගැනිමට සියලු චිවරධාරින්ට මෙන්ම බෞද්ධයන්ටද බුදුදහම ගැන අවබෝධයක් ලබා දිය යුතුය. චේතනාහම් බික්කවේ කම්මන් වදාමි. (නි)
අසේල, ඔබගේ අදහසට මමත් එකඟයි. (නි)
මේ අදහස් දක්වන අය බෞද්ධයන්ද කියලා හිතෙනවා. ඇයි මේ තමන්ගේ දහම තමන් විසින්ම විනාශ කරගන්න හදන්නේ? ලෝකයේ කවුරුත් සර්ව සම්පුර්ණ නැහැ. අඩු පාඩු හදාගෙන යන්න ඕනෑ. ඒ නිසා මේ ගැන උපේක්ෂාවෙන් බල විවේචනය කරන්නේ නැතුව වැරදී හදාගන්න උදව් වෙන එකයි කරන්න ඕනෑ. (නි)
කෝ මේ අපේ අර සේනා මේ සේනා මේවට කව්රුත් නැද්ද කෑගහන්න.(නදී)
සිවුරු දෙකත් හොර ඒවද දන්නෙ නැහැ(නි)
කෝ අපේ ලියන සංගමය ? කෝ අපේ අර සේනාව ? සාදු සාදු !!(නි)
ශාසනේට මුවා වෙලා ඉගෙනගන්නවා. ඊට පස්සේ ඒකත් නැති වෙන්න වැඩ කරනවා. (නි)
අන්‍ය ආගමිකයන්ගෙන් නෙමෙයි මේ අයගෙන් සාසනය බේරාගනිමු.(නදී)
මේ අපේ බෞද්ධ රටේ බෞද්ධ හාමුදුරුවරු කරන වැඩ. (නි)
ඔන්න ඔච්චරයි හාමුදුරුවන්ටත් අඩු වෙලා තිබුනේ. මේ වගේ වැඩයි සේනාවෙන් මුලින්ම නවත්තන්න ඕනෑ, ශාසනේ රැකගන්න ඕනෑ නම්. (නි)
බුදු දහම විනාශයට වැඩි පුරම දායක වෙන්නේ අපේ හාමුදුරුවරු (වෙනත් ආගමිකයන් නොවෙයි).(නි)
සිවුරු දාගත් හොරු දෙන්නෙක්. දැන් සිවුර දාගෙන හොර වැඩ කරන අය වැඩිවෙලා. සමහරු ලංකාවේ නිතිය අතට අරන්. අද කාලේ සිල්වත් භික්ෂුන් වහන්සේ කෙනෙක් සොයා ගැනීම ඉතා අපහසුය.බෞද්ධ රටේ බෞද්ධ භික්ෂූන් ගේ වැඩනේ මේ(නි)
දැන් කාලේ ඉන්න 80% විතර හාමුදුරුවරු සල්ලි පස්සේ හඹා යන, වදින්න තියා දානයක්වත් දෙන්න සුදුසු නැති පිරිසක්. මෙහෙම ගියොත් බුද්ධාගම විනාශයේ අතලග (නි)
කවුරුත් දාන මාන දෙන්නේ නැතුව ඇති නේද ?(නි)
ලංකාවට මොකද්ද මේ වෙලා තියෙන්නේ (දී)
මේවටත් ගිනි තියාගන්න ඕනා නේද?(නදී)
මම හිතන්නේ හිමි දෙනමක් නෙමෙයි සිවුරු පොරවාගත් දෙදෙනෙක් කියලයි.(නදී)
පවු පුරව ගන්නේ මොකද අපේ හාමුදුරුවනේ? (ත)
විහාරය සහ නම් දාන්නකෝ අපිටත් බලා ගන්න. එයාල ඇත්තම හාමුදුරුවරුද හොරුද කියල කවුද දන්නේ? නම් දැම්මා නම් අපිට හොයා ගන්න තිබුනා.(නි)
මුදලට හදලට ලොල් වී කාමෙට බුදුන් එපා කිවූ දේ කරමින්නේ කහවත කෙලෙසන දුසිල්වතුන්නේ ඔබ කොහි යන්නේ... අපායේ යන්නේ...(නි)
කෝ සේනාව....මේවා පෙනෙන්නේ නැද්ද..?(නි)
ඒත් හාමුදුරුවෝ බොරුකරන්නේ නැහැනේ(නි)
ධර්ම සංගායනාවක් කරන්න කාලය සුදුසුයි දැන් නම්. (නි)
හොරුන්ට කට පුරා "අපේ හාමුදුරුවෝ" කියා තමන්ට පව්පුරෝගන්නේ මෝඩ ශ්‍රද්ධාවන්ත්යෝ මැයි.(අ)
මේ හාමුදුරුවරු නොවේ. සිවුර පොරවා ගත් චිවරධාරියෝ (නි)