දෙමටගොඩ දී රෙදි සාප්පු සේවකයකු පැහැරගෙන පහර දුන්නේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ සහායකයන් බව කියන අට දෙනා හඳුනා ගැනිමේ පෙරට්ටුවේ දී හඳුනා ගැනීමට සාක්කි කරුවෝ සමත් වූහ.
පරීක්ෂණ බොහෝ දුරට අවසන් වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වීය.
ඒ අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා විසින් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මහත සැකකරුවෝ අට දෙනා මුදා හරිනු ලැබූහ.
රජයේ නීතීඥ ජනක බණ්ඩාර මහතා උසාවියට කියා සිටියේ වෙනත් සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නැති බවයි.
වෙනත් සැකකරුවන් යනුවෙන් ඔවුන් නම් කිසිවක් සඳහන් කළේ නැත.
පැහැර ගැනීමේ සිද්ධියට සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි තුන් වැනි සැකකරුගේ දියණිය (11) ද සාක්කිකාරියක ලෙස සිය පියා හැර සෙසු සැකකරුවෝ හඳුනා ගත්තාය.
ඇගේ පියා වන තුන් වැනි සැකකරු එම පෙරට්ටුවට ඉදිරිපත් කර නොතිබිණි.
ඇගේ පියා වෙනත් පෙරට්ටුවකට ඉදිරිපත් කර තිබූ අතර සෙසු සාක්කිකරුවෝ ඔහු හඳුනා ගත්හ.
එම දැරියට කිසිදු බලපෑමක් නොකරන ලෙස සෙසු සැකකරුවන්ට ඇප දෙද්දී මහේස්ත්‍රාත් තරේයේ අවවාද කළේය.
වීඩියෝ - කසුන් පතිරණ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ගිය අවුරුද්දෙ ජනවාරි 08 වැරද්දක් කරගත්ත කියල දැන් හිතෙනවා. (බ)
ගොඩක් අය ඉස්සරට වැඩිය දැන් නීතිය ක්‍රියාත්මක වෙනවා කියලා හිත හදාගන්න බලනවා. ඉස්සර වැරදි තිබුන නිසා තමයි, ඒ පාලනයට තිත තිබ්බේ. නැතුව මෙවන් නීතිය අතට ගැනීම් බලාපොරොත්තුවෙන් නෙමෙයි. (නි)
හිරුණිකා, නොසැළී සිටින්න. බුද්ධිමත් ජනතාවට හැමදේම හොඳට තේරෙනවා. (නි)
හිරුණිකාගේ පියා මරපු අයව අත්අඩංගුවට ගත්තාද? අනේ! ඒවා දැන් හැමෝටම අමතක වෙලාද? (නි)
කොහොමත් කලින් සිදුවුණ දේවල්ම බලය සහ නිලය යොදා දැනුත් කරනවා සහතිකයි (නි)
සිරිමලී, මහින්දගේ පළමු අවුරුද්දයි යහපාලනයේ පළමු අවුරුද්දයි සංසන්දනය කරලා බලන්න. එතකොට හොඳට තේරෙනවා මේ හිරුණිකාලා යන යහපාලනයේ තරම. (නි)
හොඳ හොඳ සෙල්ලම් තව ඉස්සරහට (නි)
අසාද්,සිරිමලී, අතීතය අතීතය සමඟ තියන්න. වර්තමානය හා අනාගතය ගැන කතා කරන්න. අතීතය හදන්න බැහැනේ, නමුත් අනාගතය හැදිය හැකියි (නි)
කොහොම වුනත් , මෙතන සැක කාරයෝ ඉන්නවා ඩිපෙන්ඩර් එකක් තියෙනවා , නඩුවක් තියෙනවා , උස්සපු එකා පණපිටින් ඉන්නවා... විස්තරේ දන්නවා.. සූදු වැන් වලින් උස්සපු උන් කෝ ? උන් ගේ මලකදන් වත් තිබුනද ? නඩු තියෙන වාද ? ඉස්සර මාධ්‍ය කතා කලාද ? ඉතින් යහ පාලනය නේද ? (කෞ)
වීඩියෙ එක බැලුවම පෙන්නේ මෙයා තොත්ත බබෙක් කියල. අවුලකට තියෙන්නේ කතා කරනකොට ගොත ගැහෙන එක. (අ)
ප්‍රධාන සැකකරුටත් නීතිය ක්‍රියාත්මක විය යුතුය (බ)
ඇති යන්තම් ඔහොමවත් වුණා, ලංකාවේ සිදුවුණ ලොකුම අපරාදේ හැටියට තමා මේක ප්‍රසිද්ධ වුනේ, සමහරක් කට්ටියට නින්ද යන එකක් නෑ එ්ත් තවම. (බ)
හිරුනිකා ඇතුළු ගෝලබාලයෝ ටිකට මඩු වලිගෙන් තලන්න ඕනේ ...අසරණයෝ පැහැරගෙන ගිහින් නඩු ඇහුවට (බ)
අපි ඒ ගොල්ලෝ හොඳ නැහැ කියල මේ ගොල්ලෝ පත් කළා.බලාගෙන ගියාම මේ ගොල්ලෝ කරනෙත් ඒ ගොල්ලෝ කරපු වැඩම තමයි. අනේ මන්ද අපි කාට චන්දෙ දෙන්නද කියල. (කෞ)
මේගොල්ලෝ කරන්නේ මහින්දගේ ඉතුරු ටික.. දෙගොල්ලම එකයි. (අ)
ලක්ෂ්මන්ලට මතක නැහැ මහින්දගේ කලේ කොහොමද නිතිය ක්‍රියාත්මක වුණේ කියල. ගොඩාක් මහින්දගේ ගෝල බාලයෝ ටිකට මේ යහපාලනයෙන් නිතිය ක්‍රියාත්මක වීම වහ කදුරු කනවා වගේ දෙයක්. (අ)
මෙතන රජයේ නීතිවේදීන් පෙනී ඉන්නේ කා වෙනුවෙන්ද? පොලිසිය සහ පැමිණිල්ල වෙනුවෙන්ද? එතකොට මේ නඩුව මෙහෙයවන්නේ නීතිපති දෙපාර්තමේන්තුවද? නොදන්නා නිසයි අහන්නේ. (බ)
එතකොට හිරුනිකා...? ආ මට වැරදුනා. එයා යහපාලනයේ එක්කෙනෙක්නේ..එයාට අත තැබීම තහනම්. (බ)
ප්‍රධාන සැකකරයා ඉදිරිපත් කරන්න බැහැ පොලිසියටත් නිතිපතිටත් පෙන්නේ නැති නිසා. පෙන්නේ මහා ජනයාට පමණයි. (බ)
ඒ වුනාට සිද්ධියට අදාල ප්‍රධාන සැකකාරිය ගැන කිසිම දෙයක් කරලා නැහැ .එතුමිය කොලොන්නාව පුරවරයේ ඒකාධිපතිනියක් වෙලා වගේ. මිනිස්සුන්ගේ ගෙවලුත් බලෙන් අයිතිකරගන්න යනවා කියල වටින් ගොඩින් ආරංචි පැතිරෙන්නේ නිකම්ම නොවේ වෙන්න ඇති (බ)
ඊළඟට මොකක්ද වෙන්නේ. (බ)
අනේ ස්වාමිනි.......කිසිවක් නොදන්නා මේ අහිංසක කිරිසප්පයෝ ටික නිදොස්කොට නිදහස්කරනු මැනවි.ඔහු තමන් විසින් තමන්ම පැහැර ගෙන ඇත. (බ)