IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


හිරුණිකාගෙන් අභියාචනයක්

(මනෝප්‍රිය ගුණසේකර)

තරුණයකු පැහැරගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගැන්වීම සඳහා සිය ආරක්‍ෂක නිලධාරීන්ට ආධාර අනුබල දීම ඇතුළු චෝදනාවන්ට වරදකාරිය වී බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කරමින් තමන්ට පනවා ඇති දණ්ඩන ඉවත දමා සියළු චෝදනවලින් තමන් නිදොස් කර නිදහස් කරන්නැයි ඉල්ලමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කොළඹ මහාධිකරණයට අභියාචනයක් අද ඉදිරිපත් කළාය.

වසර 09ක කාලයකට ඉහතදී කළ අපරාධයක් සම්බන්ධයෙන් වු චෝදනා 19න් 18කටම වරදකාරිය බවට තීන්දු කරමින් වසර 03කින් ගෙවී යන අන්දමින් තමන්ට නියම කළ වසර 33ක බරපතල වැඩ සහිත සිරදඬුවම සහ රුපියල් ලක්‍ෂ 3 1/2ක දඩය ඉවත දමන්නැයි ඉල්ලමින් ජනාධිපති නීතීඥ නලින්ද ඉන්දතිස්ස මහතා මාර්ගයෙන් ගොනු කළ අභියාචනා පෙත්සම කොළඹ මහාධිකරණ ලේඛකාධිකාරිවරියට බාරදුන් නීතීඥවරු අභියාචනා පෙත්සම අභියාචනාධිකරණයට යොමු කරන්නැයි ඉල්ලීමක්ද කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ගොනු කළ මෙම අභියාචනා පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නීතීපතිවරයා නම් කර ඇත.

මහාධිකරණ විනිසුරුවරයා තමන් වරදකාරිය කරමින් නිකුත් කළ තීන්දුව දෝෂ සහගත බවත් තමන් ඉදිරිපත් කළ කරුණු පිළිබඳ විනිසුරුවරයා සැළකිල්ලක් දක්වා නැති බවත් පෙන්වා දෙන පෙත්සම්කාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තමන් වරදකාරිය කරමින් දුන් තීන්දුව හා තමන්ට පැනවු දඬුවම් ඉවත දමා සියළු චෝදනා වලින් තමන් නිදොස් කර නිදහස් කරන්නැයි ඇය ඉල්ලා සිටින්නීය.

මෙම අභියාචනා පෙත්සම සළකා බැලීමෙන් අනතුරුව පෙත්සම ලබන 04 වැනිදා කැඳවීමට නියම කළ කොළඹ මහාධිකරණය විනිසුරු අමල් රණරාජා මහතා වගඋත්තරකාර නීතිපතිවරයාට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් නොතීසි නිකුත් කළේය.

2015 වසරේ දෙසැම්බර් මස 21 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දෙමටගොඩදී අමිල ප්‍රියංග අමරසිංහ නමැත්තා අයුතු ලෙස සිරකිරීමේ අදහසින් පැහැරගැනීමට කුමන්ත්‍රණය කිරීම, අමරසිංහ නමැත්තා අයුතු ලෙස සිරකිරීම පොදු අරමුණ කරගත් නීතීවිරෝධී රැස්වීමක සාමාජිකයින් ලෙස කටයුතු කිරීම, එලෙස කටයුතු කරමින් ඔහු පැහැරගෙන යෑම, ඒ සඳහා ආධාර අනුබල දීම, සාපරාධී බලහත්කාරය පෑම, අඬන්තේට්ටම් කිරීම, සාපරාධී ලෙස බියගැන්වීම ඇතුළු චෝදනා 29ක් යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබිණී.

 



අදහස් (11)

හිරුණිකාගෙන් අභියාචනයක්

Rosa Monday, 01 July 2024 04:45 PM

ඒකනේ අනේ... පව්නේ... බේරා ගනිල්ලකෝ...!

:       5       18

NIMALMonday, 01 July 2024 06:47 PM

තරුණයකු පැහැරගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගැන්වීම සඳහා සිය ආරක්‍ෂක නිලධාරීන්ට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා එල්ල වූ අවස්ථාවේ ඇය මාධ්‍ය සකච්ඡා පවත්වා කියා සිටියේ එම පැහැර ගැනීම සම්බන්ධව නඩුවක් පවතින බැවින් අධිකරණ තීන්දුව කුමක් වුවද (සිරගත කිරීමක් හෝ නිදහස් වීමක්) එය පිළිගනිම සූදානම් බව අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කර සිටියේය. පැහැර ගැනීමට ලක්වූ පාර්ශවය කැමැති නම් වන්දි ගෙවීමක් කිරීමෙන් සහ සමාව ගැනීමෙන් සිරගත වීම වළක්වා ගැනීමට හැකියාව ඇත. කෙසේ වෙතත් අධිකරණයෙන් චෝදනා ලද කිසිවකුට යලිත් දේශපාලනයට සුදුසු නැත. RR ට සිදුවූ ආකාරයට ප්‍රජා අයිතිය පවා අහෝසි වීමට පවා ඉඩ ඇත. කුමන දේශපාලනයක යෙදුණද අවසානයේ ඉතිරි වන්නේ තමාට තමන් පමණක් බව තේරුම් ගෙන දේශපාලනයේ කටයුතු කළයුතු වේ...

:       0       8

මැක්ස් Monday, 01 July 2024 05:00 PM

කටහැකර කමට සීමාවක් දා ගන්නේ නැතුව අභියාචනාධිකරණයට ගිහින් එතැනින් සහනයක් ගත්තත්, තමුන්ගේ හෘද සාක්ෂියෙන් නම් බේරෙන්න නොහැකියි..!

:       6       37

රංබොඩ Monday, 01 July 2024 05:26 PM

අභියාචනාධිකරණයෙන් මෙයාව නිදොස් කොට නිදහස් කරලා අර කොලුවාව ඇතුළට දාන්නත් පුලුවන්... බලමුකෝ...

:       1       31

Ravi Monday, 01 July 2024 05:42 PM

මේවගේ රස්තියාදුකාර අම්මන්ඩිලාද මහජනතාවගෙන් ඡන්දෙ ඉල්ලන්නේ? නොදෝමකින් විතරක්. මම ප්‍රර්ථනා කරනවා මේ ඇපීල් එක විසිකරලා දඬුවම ස්ථිර කරයි කියලා. තව අවුරුදු 10ක් සිරදඬුවම වැඩිකළත් කමක් නැහැ. මොකද එළියේ හිටියයි කියලා මෙයා මොනවද කරන්නේ? ඔහේ කියව කියවා, චණ්ඩි පාට් දදා යන එක විතරනේ කළේ...

:       5       35

Prabha Monday, 01 July 2024 06:05 PM

ඔන්න දැන් තමයි රනිල්ට පණිවිඩයක් යවන්න වෙලාව...!

:       2       26

Rata Perata Monday, 01 July 2024 08:00 PM

මේ තමයි රාජිත අන්කල් ගිහින් දුන්න රනිල්ගේ සැලැස්ම එලියට ඇවිල්ලා රනිල්ව ශක්තිමත් කරන්න ඕනැ කියයි

:       0       0

Ruwan De Silva Monday, 01 July 2024 08:42 PM

කුඩු සල්ලි...

:       0       0

අරවින්ද මොනරවිල Monday, 01 July 2024 09:09 PM

මිනිස්සු පැහැරගෙන යාම පහරදීම සහ ඝාතනය කිරීම වගේ ලොකු වැඩ කරන්න පුළුවන් බණ්ඩාරනායකලා වික්‍රමසිංහලා රාජපක්ෂලා වගේ අයට විතරයි. ඒ නිසා තමන්ගේ තරම තමන්ගේ සීමාව දැනගෙන වැඩ කරන්න ඉගෙන ගන්න හිරුනිකෝ, නැත්නම් ඔයාට වෙන්නෙත් ගෙම්බාට වෙච්චි දෙයමයි...

:       0       0

Hemantha Peiris Tuesday, 02 July 2024 12:25 AM

ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කිසි දිනක වෙනස් කරන්න එපා පව් අර බන්ධනාගාර වල සිරගතවෙලා දුක් විඳින මිනිස්සු කාටත් එක සමානව නීතිය ක්‍රියාත්මක කරන්න

:       0       0

Hemantha Tuesday, 02 July 2024 12:28 AM

ඇයව නිදහස් කරොත් බන්ධනාගාරවර ලැගලා ඉන්න අහිංසක මිනිස්සුන්ට අසාධාරණයක්

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2127 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1375 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2195 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 539 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3106 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37177 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24486 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 626 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site