අවුරුදු තුන හමාරක හා දහතුනක දරු දෙදෙනා හැර දමා රට රැකියාවකට යාමට තැත් කළැයි බලන්ගොඩ කාන්තාවක අනුරාධපුර ප‍්‍රදේශයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඇගේ දහතුන් හැවිරිදි පුත‍්‍රයා, නැඟණිය ද සමඟ බලංගොඩ පොලිසියට කළ පැමිණිල්ලක් අනුව මෙම කාන්තාව සොයා අත්අඩංගුවට ගෙන ඇත.
කුරුණෑගල විදේශ රැකියා ඒජන්සියක් මඟින් ඇය විදේශ ගත වීමට උත්සාහ දරා ඇති අතර ඒ සඳහා ව්‍යාජ ලේඛණ උපයෝගි කර ගෙන ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.
ඇයට පවුල් පසුබිම් වාර්තාව සකස් කර දුන් බව කියන බලංගොඩ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත කාර්යංශයේ නිලධාරිනිය අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ අරඹා ඇතැයි කාර්යංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් ළමයි දෙන්නට බනි එයාට රට යන්න නොදුන්නට. ගැහැණුන්ව රට නම් එවන්න එපා. (ර)
පව් දුප්පත් කමට රට යන මිනුස්සු. (ර)
ඔන්න ඔය ලිපි ලේඛන හදලා දෙන නෝනලා මහත්තුරු ටික අල්ලා ගත්තොත් කාන්තාවෝ රට යන එක ඉබේම නතරවෙයි (බ)
අනේ මන්ද වෙන දේවල් ,පව් ඉතින් අහිංසක මිනිස්සු (බ)
මේ අම්මා හොර ලිපිලේඛන හදවාගෙන රට යන්න හැදුවේ දුප්පත්, අසරණ දරුපවුලක් රැකගන්නයි. ඒ වුණාට අර හිටපු ඇමතිලාගේ පවුල් වල අය හොර ලිපිලේඛන හදවාගෙන කීවරක් විනෝදයට රට ගිහින් තියෙනවද කියලා තාම කවුරුවත් දන්නේ නැහැ. එයාලා තාම නිදැල්ලේ, අර දුප්පත් අසරණිය හිරේ. (නි)
රජය එක එක රටවලින් සංවර්ධනය කියලා ණය ගන්නවා. ලොකු කට්ටිය ඉගෙනගන්න කියලා ඒ රටවලටම ගිහිල්ලා ඒවා වියදම් කරනවා සවාරි යනවා. කිසිවක් දන්නේ නැති කට්ටිය ඒ රටවලටම ගිහිල්ල විකිණෙනවා. ලංකාවේ සංස්කෘතියට හරියන මූල්‍ය ක්‍රමයක් අවශ්‍යයි. (නි)