(ඉන්දිකා රාමනායක)
පාස්කු ප්‍රහාරයට අදාලව සිදුකරන පරීක්ෂණයකට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා සමගි ජන බලගවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා අද (23) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත.
හරීන් ප්‍රනාන්දු මහතා කිසියම් රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායමක් ඊයේ පෙරවරවේ එම රෝහල වෙත පැමිණ මෙම දැනුම් දීම සිදුකළ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මීට පෙර ද හරීන් ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රකාශ ලබාගෙන තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් ලංකාදීප හරීන් ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසුමක දී ඒ මහතා පැවසුවේ තමන් රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත ව සිටින බවත්, වෛද්‍ය උපදෙස් අනුව ඉදිරි දිනක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ගොස් අදාල ප්‍රකාශය ලබා දෙන බවයි.
ත්‍රිරෝද රථ රියදුරන් කුලී ගමන් යන මුවාවෙන් රැගෙන ගොස් තියුණු ආයුධ පෙන්වා , යකඩ පොලු වලින් පහරදී ත්‍රිරෝද රථ සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ යෙදුණු සංවිධානාත්මක
උසස් පෙළ විභාගයේ (2024) ප්‍රතිඵල නැවත සමීක්‍ෂණය සඳහා ලබන මැයි මස 2 වැනිදා සිට 16 වැනිදා දක්වා අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැය තුනකට ආසන්න කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ දී ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මීට සුළු මොහොතකට පෙර පි
අනුරාධපුර වන්දනාවේ පැමිණ බසවක්කුලම (අභය ) වැවේ දිය නාමින් සිටි පිරිසකට අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් පස් දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බ
දළදා දැක්මෙන් පසු මහනුවර නගරයට කිසිදු ආකාරයක රෝග බෝවීමේ අවදානමක් නොමැතිි බව මහනුවර නාගරික ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය පසන් පැරකුම් ජයසිංහ මහතා කිය
ජනාධිපතිවරයාට දිවයින පුරා වෙන්කර ඇති බංගලා නවයෙන් දෙකක් පමණක් තබාගෙන ඉතිරි බංගලා ආර්ථික වශයෙන් ඵලදායී කටයුත්තකට යෙදවීමට ළඟදීම පියවර ගන්නා බව රාජ්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හරීන් සී අයි ඩී යට කැඳවයි
සමිත සේනක අලුත්ගමගේ. Friday, 23 April 2021 03:09 AM
පාස්කු ප්‍රහාරයට වගකිවයුතු ප්‍රධානම කෙනා එවකට සේනාධිනායක හා විධායක බලය තිබූ ජනපති මෛත්‍රීපාල. ඔහු පාර්ලිමේන්තු වරප්‍රසාද නිසා ආරක්ෂිත කෙනෙකු බවට පත්වී තිබෙනවා. මේ සියල්ල සිදුවුණේ ඔහුගේ වරදින්. ප්‍රධාන වරදකරු නිදැල්ලේ සිටිමින්, එන ඡන්දෙදී ඡන්දය ඉල්ලන්නත් හදනවා. පක්ෂ විපක්ෂ සැම එකතුවී ඔහු නීතියට යටත් කළ යුතුයි. ඔහු නිදැල්ලේ සිටිද්දී නිකං කාලය කා දමමින් වටේ යාමෙන් ඵලක් නැත.
KooralaheFriday, 23 April 2021 06:12 AM
සහතික ඇත්ත... නීතිගරුක රටක් නම්... හිටපු ජනපති මෛත්‍රීපාල දැන් ඉන්නේ හිරේ.. ඒ මැරුණු සියලුම ජීවිතවලට වගකියන්න ඕනේ මෙයා තමයි.
Raththaran Friday, 23 April 2021 04:01 AM
පාර්ලිමේන්තුවේ කගහනවා බොරුවට, කියන කතා වලට නඩු දාන්ඩ බැරි නිසා. ඇවිල්ලා දන්න දේ පොලිසියට කියන්ඩ කිව්වම මතක නෑ . නිකන් කිවේවේ.සාක්කි නැ. ඔන්න පණ්ඩිතයන් ගේ කයිවාරුව.
බණ්ඩාFriday, 23 April 2021 01:19 PM
පාර්ලිමේන්තුවේ වරප්‍රසාද පනතක් තියෙන බව දන්නේ නැද්ද?
nimalSaturday, 24 April 2021 01:56 PM
පාර්ලිමේන්තුවේ වරප්‍රසාදවලට මුවාවී වර්තමාන පාර්ලිමේන්තුව දේශපාලකයන්ගේ පුද්ගලික විවේචන කරගන්න්වූ මඩ ගොහොරුවක් බවට පත්කොට ගෙන ඇත. ඉදිරි මැතිවරණයේදී කළ යුත්තේ කුමක්ද? රටේ ජනතාවට රටේ වර්තමාන දේශපාලකයා ගැන සිතන්නට අවස්ථාවක් උදා වී ඇත.
Jagath Perera Kumaara kittuwa Friday, 23 April 2021 04:21 AM
අපරාදේ පැමිණිලිකාරයෝ සාක්කිකාරයෝ එල්ලුම් ගස් හිරේයද්දී චූදිතයෝ වන්දි අරන් නිදොස් කර නිදහස් වෙන බව සිහිතබා ගත්තොත් හොඳයි.
Rata Perata Friday, 23 April 2021 06:01 AM
රාජපක්ෂලා තරම් රට කාපු යුගයක් තවත් නෑ..
මල්Friday, 23 April 2021 12:06 PM
හරින් කියන්නෙත් රාජපක්ෂ කෙනෙක්ද එතකොට.? කොහෙද යන්නේ මල්ලේ පොල් කියන්නේ නැතුව මෙතන මාතෘකාව වන හරින් ගැන කතාව කරමුකෝ...
Rata PerataSaturday, 24 April 2021 07:03 AM
ඒක තමයි කිව්වේ... හරීනුත් නන්දසේන වගේ නඩුවලට වෙට්ටු දාන වැඩේ අල්ලගෙනද කොහේද? ඒකයි. හරීන් නම් තවම ලෝකල්.. නන්දසේන නම් සිංගප්පූරුනේ ගියේ...
BamunuarachchiSaturday, 24 April 2021 01:25 PM
මෙයා මැක්කගේ කතාවෙන් එහාට කතාවක් කියන්න දන්නේ නැහැ. හඳේ හාවා ඇන්ද කතාව කිව්වත් රාජපක්ෂලාගෙන් ඉවර වෙන්නේ. මේවගේ තව කොපමණ ඉන්නවද දන්නේ නැහැ මේ ප්‍රේත ලෝකේ?
sumudu Friday, 23 April 2021 07:34 AM
රුධිර පීඩනය හද ගැස්ම වැඩිවෙන්න බෙහෙත් බිලා . නැත්තන් වැරදි අගයක් පෙන්වන උපකරණ හයි කරගෙන
BamunuarachchiSaturday, 24 April 2021 11:05 AM
ලෙඩා මැරිලා කියලා උපකරණ පෙන්නුවොත්, මෙයා කෑගැසුවත් අනික් ලෙඩ්ඩුන්ට ඇහැරෙයි කෑගහන්න එපා කියලා මෝචරියට දමයි....