IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


හරියට සුරංගනා කතාවක් වගෙයි

38

මිටර් 12 ක් දිගැති ‘‘සිතුමිණ‘‘ මසුන් මරන යාත‍්‍රාව ජූනි 12 වැනිදා අලූයම 2.30 ට පමණ  මඩකළපුවෙන් පිටත් විය.

මුහුදේ මිටර සියගණනක් යාත‍්‍රා කළ තැන එය වෙත ළගාවූයේ මඟීන් පටවාගත් කුඩා මෝටර් බෝට්ටු 2 කි.බෝට්ටු 2 හිම සිටි මඟීන්ගේ එකතුව 41 ක් වුනි.ඔවුහු වහ වහා ‘‘සිතුමිණ‘‘ ට නැග ගත්හ.

මඟීන් අතුරින් බහුතරය පිරිමිවිය.ශී‍්‍රලංකාවෙන් බොහෝ දුර ඈත නවසීලන්තයේ යසඉසුරු සොයා ඔවුහු පැමිණ සිටියහ.දින 14 ක් ඔවුහු නිරුපද්‍රිතව නවසීලන්තය  බලා යාත‍්‍රා කළෝය.නමුත් 14 වැනි දිනයේදී වාසනාව තවත් ඔවුන් කෙරේ නොවුනි.මුර සංචාරයේ යෙදී සිටි  ඕස්ටේ‍්‍රලියා රාජකීය නාවික හමුදාවට අයත් යාත‍්‍රාවක ඇසට ඔවුන් හසුවිය.

සඳුදා දිනයේදී 41 දෙනාම ශී‍්‍ර ලංකාව වෙත භාරදීමට  ඕස්ටේ‍්‍රලියා රජය කටයුතු කළේය.ඔවුන්ගේ ආරක්ෂාව හා යහපැවැත්ම ගැන වැඩි සැළැකිල්ලක්  ඕස්ටේ‍්‍රලියා  සංක‍්‍රමණික හා දේශසීමා ආරක්ෂක ඇමැති ස්කොට් මොරිසන් දැක්වූවේද නැත.

නමුත් සිතුමිණේ සිටියෝ සියලූදෙනාම රැකියා අපේක්ෂාවෙන් පැමිණ සිටියෝ  නොවූහ.බියකරු රහස් සඟවාගෙන ප‍්‍රාණාශාව නිසා ශී‍්‍ර ලංකාව අතහැර  පැමිණියෝද ඔවුන් අතර වූහ.දැන් ඔවුහු තමන්ගේ ජීවිත වලට තර්ජන එල්ල වනු ඇතැයි  බියපත්ව සිටින්නෝය.

තමන් සිටිනා තත්ත්වය ගැන  ඕස්ටේ‍්‍රලියා රජයේ හෝ වෙනත්  රජයක් හෝ සංවිධානයක අවධානය යොමුකරවා ගෙන ආරක්ෂාව සළසා ගැනීමේ  අරමුණින් මෙම සාමාජිකයෝ ඔවුන් තමන්ගේ උපන් රටින් පිටමං වීමට තරම් මෙහෙයවීමේ සමත්වුණු ඇඟ ලොමු ඩැහැගැන්වෙන සුළු ජීවිත කතා ෆෙයාර්ෆැක්ස් මාධ්‍ය ආයතනය හමුවේ හෙළිකළහ.

එකිනෙකා හෙළිකළ දේ එකිනෙකාගෙන් වෙනස්වූවා සේම එම හෙළි කළ දෙයෙහි බියකරු බව එකකට එකක් සමාන ද නොවීය.

සූජිවා සපරමාදු (42) නව යොවුන් දරුවන් තිදෙනෙකුගේ මවකි.ඇය  හා ඇයගේ සැමියා රංජිත් (44) සාර්ථක ව්‍යාපාරයක හිමිකරුවෝ වූහ.ශී‍්‍රලංකාවේ ඉහළ මධ්‍යම පාන්තික පවුලක් වූ ඔවුන්ට දරුවන්ට පෞද්ගලික අධ්‍යාපනය ලබාදීමට තරම් හැකියාවක්ද විය.

සපරමාදු මහත්මියට අනුව සියලූ කරදර ආරම්භ වී ඇත්තේ ඇයගේ මව,සහෝදරයින් තිදෙනා,හා තවත් ඥාති සහෝදරයින් හා සහෝදරියන් ඇතුළු නෑ හිතවතුන් අට දෙනෙකු  ඕස්ටේ‍්‍රලියාවට ගොඩබැසීමත් සමගය.ඒ 2012 වසරේදීය.

ඔවුන් ශී‍්‍ර ලංකාවේ කි‍්‍රයාත්මක මාක්ස්වාදී - ලෙනින්වාදී පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රබල ආධාරකරුවන් බව ඇය කියන්නීය.ජනතා විමුක්ති පෙරමුණ යනු 1971 හා 1980 යන වසරවලදී ශී‍්‍ර ලංකාවේ ඇතිවූ අවිගත් අරගල  දෙකකට මුල්වූ පක්ෂයකි.මෙනිසාම දේශපාලන රැකවරණ පතා ඔවුන් ශී‍්‍රලංකාව අතහැර ගිය බව ඇය පවසන්නීය.

අට දෙනාගෙන් සපරමාදු මහත්මියගේ මවද ඇතුළු හතර  දෙනෙකුට  ඕස්ටේ‍්‍රලියාවේ  ජීවත්වීමට අවසරය ලැබී ඇත.ඇයගේ මව දැනට ජීවත්වන්නේ බි‍්‍රස්බේන් නගරයේය.

නමුත් ඇයගේ සොහොයුරන් තිදෙනාට නැවත ලංකාව බලා හැරී ඒමට සිදුව තිබේ.ඔවුන්  අතරින් අජිත් කි‍්‍රශාන්ත වනිසිංහ (32) හා සුසිරිපාල වනිගසිංහ (39) යන සොහොයුරන් දෙදෙනා  ඕස්ටේ‍්‍රලියාවේ සිට පැමිණි දිනයේ පටන් ආගිය අතක් නොමැති බව ඇය කියන්නීය.

‘‘මම දන්නේ නැහැ ඔවුන් මියගොසින්ද,ජීවතුන් අතරද කියලා‘‘ ඇය පවසන්නීය.‘‘මගේ තුන්වැනි සොහොයුරා,සුනිල් වනිගසිංහ,ශී‍්‍ර ලංකාවට පැමිණිලා මාස හයකට පස්සේ අත්අඩංගුවට ගත්තා.මම හිතන්නේ ඔහු දැන් ඉන්නේ මිගමුව බන්ධනාගාරයේ.මට ඒක සහතික කර ගන්න විදියක් නැහැ‘‘

පවුලේ සාමාජිකයින් සිව්දෙනා නැවත ශී‍්‍ර ලංකාව බලා පැමිණි පසු තමන්  ඕස්ටේ‍්‍රලියා ගුවන්විදුලි සංස්ථාවේ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් 2005 වසරේ සිට  බලයේ සිටින මහින්ද රාජපක්ෂ ජනපතිවරයාගේ රජය සම්බන්ධව විචේචනාත්මකව අදහස් දැක්වූ බව ඇය පවසන්නීය.

‘‘මට එකක් පස්සේ එකක් තර්ජන ගලාගෙන එන්න පටන් ගත්තා.විවිධාකාර  අය මට දුරකථනයෙන් කතා කළා.ඔවුන් මට තර්ජනය කළා,පාරේ ඇවිදගෙන යනකොට නාඳුනන අය මගේ මග හරස්කර මා නවත්වාගෙන ‘‘ඔයා කොහොමද අපේ රට ගැන ඔය වගේ දේවල් කියන්නේ? ‘‘ කියලා අහපු අවස්ථාවනුත් තිබුණා යැයි ‘‘ ඇය සිහි කැඳවන්නීය.

හිංසනයන් දිගින් දිගටම සිදුවෙද්දී ජපානයේ පිහිටි මෝටර් රථ සමාගමක හිමිකරුවෙකු හා එනිසාම එරටම ජීවත්වීමේ වරප‍්‍රසාදයද හිමි ඇයගේ සැමියා රංජිත් ස්ථීර පදිංචිය සදහා අයදුම්පත‍්‍රයක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.මේ සම්බන්ධයෙන් සාක්කි  ලෙස ෆෙයාර්ෆැක්ස් මාධ්‍ය ආයතනයට ඉදිරිපත්ක කළ ලියකියැවිලි වලට අනුව එම  කටයුතු ආරම්භවී ඇත්තේ 2012 වසරේදීය.

මාස කිහිපයක් ගතවිය.රංජිත් තවමත් ජපානයේ රැකියාවේ නිරතව සිටී.මේ කාලය අතරතුරදී සපරමාදු පවුලට සිදුවන්නට ගත් හිංසන ක‍්‍රමයෙන් ඉහළ යෑමටද පටන්ගෙන තිබුණි.ඒවා වඩාත් බරපතළ ස්වරූපයක් ගැනීමට යන බවක් පෙනෙන්නට ගත්තේ 2013 පෙබරවාරි මස 13 වැනිදා සපරමාදු මහත්මියගේ පුතු ප්‍රෙයෝන් පාසල හැරී නිවෙස බලා එමින් සිටියදී පැහැර ගැනීමට ලක්වීමත් සමගය.

‘‘ඔවුන් මට පැයක් යන්නට ඉස්සෙල්ලා කතා කළා.කතා කරලා කිව්වා පුතා නිදහස් කරගන්න  ඕනෑ නම් රුපියල් ලක්ෂ 5 ක් දෙන්නය කියලා.මගේ ළග තිබ්මේ රුපියල් ලක්ෂ 4 යි‘‘

කෙසේ හෝ ලක්ෂ 4 ක් ලබාදීමට ඔවුන් එකඟකරවාගත් ඇය අසල පිහිටි ස්ථානයකදී ඔවුන් හමුවූවාය.ඇය ඔවුන් වෙතට රුපියල් ලක්ෂ 4 ක් පිරි බෑගය විසිකළාය.මුදල් පරීක්ෂා කළ පසු පුතු නැවත සපරමාදු මහත්මියට ලැබිණි.

‘‘පොලිසි ගියොත් තවත් දරුණු දේවල් වලට මුහුණ දෙන්න සිද්දවෙයි කියලා ඔවුන් කීවා‘‘

ඇත්තෙන්ම තවත් දේ සිදුවන්නට පටන් ගත්තේය.සපරමාදු මහත්මියගේ නිවසේ ජනෙල් වීදුරු ගල් ගසා සුණුවිසුණු කර දැමිමට කිසියම් කණ්ඩායමක් කටයුතු කළෝය.සුදු වෑන් වලින් ඇය ලූහුබැදිණි.2013 මැයි මස 15 වැනිදා මුහුණු ආවරණය කරගත් දෙදෙනෙකු නිවසට ඇතුළුවීමට උත්සාහ කළේ යැයිද ඔවුන් එක් අයෙකු අත ගිනි අවියක්ද තිබුණේ යැයිද ඇය පවසන්නීය.නමුත් නිවසේ ගේට්ටු විවෘත කරගත  නොහැකිව ඔවුන් නැවත හැරී ගොස් ඇත.

සපරමාදු මහත්මිය මේ සම්බන්ධව ඇය පොලිසියට කළ පැමිණිල්ල දැක්වෙන සහතිකයක්ද ඉදිරිපත් කළාය.පැමිණිලි කළද කිසිදු විමරෂණයක් සිදුනොකෙරුණු බව  ඇය පැවසුවාය.

ජීවිතය ගැන බිය ඉපිදවූ ඇය දරුවන්ද ඔවුන්ගේ පාසැල් වලින් ඉවත් කරවාගෙන රටේ තැනින් තැනට යමින් සැඟවී ජීවත්වීමට පටන්ගත්තාය.

 

ඇයගේ සැමියාද මේ වන විට සිටියේ ශී‍්‍ර ලංකාවේය.සපරමාදු  මහත්මිය තියෙන විදියට ඔවුන් දෙදෙනාට නීත්‍යනුකූල ලෙස රටින් පිටවීමට ඇති ඉඩකඩ අහුරා දමමින් සම්බාධක පනවා තිබී ඇත.දරුවනුත් සමග බෝට්ටුවක  නැගී  ඕස්ටේ‍්‍රලියාව බලා යෑමට ඔවුන් තීරණය කරන්නේ මේ හේතුව නිසාය.ඔවුන්  ඕස්ටේ‍්‍රලියාව බලා යෑමට දින නියම කරගන්නේ 2013 ජූනි මාසයේය

බෝට්ටුවට නැගීමට වෙරළේ රැඳී සිටියදී එතැනට කඩා වැඳුණු හමුදා  භට කණ්ඩායමකගේ අත්අඩංගුවට තමන්,තම සැමියා ඇතුලූ  ඕස්ටේ‍්‍රලියාව බලා යෑමට පැමිණ සිටි සියලූ දෙනා පත්වුණු බව ඇය පවසන්නීය.මේ සම්බන්ධයෙන් 2013 ජූනි මාසයේදී ලියැවුණු පුවත්පත් වාර්තාවක්ද ඇය ඉදිරිපත් කළාය.

ඇයගේ සැමියා පොලිස් ස්ථානයකට රැගෙන ගිය බවත් ඇයත්,කණ්ඩායමේ සිටි තවත්  කාන්තාවන් දෙදෙනෙකුත් හමුදා භටයින් හත් දෙනෙකුගේ මෙහෙයවීමෙන් වනයට රැගෙන යනු ලැබුණු බව ඇය කියන්නීය.

එහිදී සිදුවූ දේ ගැන ඉතාම දරුණු ගණයේ විස්තරයක්ද ඇය සිදුකළාය.ඒවා ප‍්‍රසිද්ධ  නොකරන්නයැයි ද ඇය ඉල්ලා සිටියාය.

‘‘මගේ සැමියාට විතරයි මම මේ වෙනකන් මම කියලා තිබ්බේ‘‘ ඇය පැවසුවාය.‘‘ඔවුන් මට තර්ජනය කළා.කාටවත් මේ ගැන කියලා තිබ්බොත් මාව මරලා දානවයි කියලා.මගේ දරුවනුත් මරනවයි කියලා කිව්වා‘‘

අනවසරයෙන් රටින් පිටවීමට තැත් කළේයැයි චෝදනාව පිට අධිකරණයට ඉදිරිපත් කෙරුණු පසු තමන්ගේ අපේක්ෂාභංගත්වය තවත් වර්ධනය වූ බව ඇය කියන්නීය.

‘‘මගේ සැමියාට ඔහුගේ රැකියාවේ නිරත වීමට නැවත ජපානයට යෑමට හැකියාවක් තිබුණේ නැහැ.අපි අසරණ වෙලයි හිටියේ කරන්න  ඕනේ මොකක්ද කියලා නොදැන‘‘

මෙම වසරේ මුල් භාගයේදී තම ජීවිත ගැන බිය ඉපිදවූ රංජිත් ඇතුළු තවත් කිහිපදෙනෙක් රටින් පිටවීමට තීරණය කළෝය.ඔවුන් සතු සියළු මුදල් යොදාගෙන ඔවුහු  සිතුමිණ ධීවර යාත‍්‍රාව මිලයට ගත්තෝය.ඒ සදහා ඔවුන්ට නවසීලන්ත ඩොලර් 14920 (රුපියල් 1711382.188)  ක  මුදලක් වැය විය. ගෝලීය පිහිටුම් අනාවරකයක් ජී පී එස්  ආධාරයෙන් ගමන් මග හැසිරවිය හැකි උපකරණයක් හැරෙන්නට යාත‍්‍රාවේ වැඩි පහසුකම් කිසිවක් නොවීය.

ගමන සදහා හවුල්වීමට තීරණය කළ හා බෝට්ටු මිලදී ගැනීමට මුදල් යෙදවූ අනෙක් පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු හේමන්ත කුරුප්පු (41) නම් විය.දරුවන් තිදෙනෙකුගේ පියෙක් වූ හෙතෙම ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු මාධ්‍ය සම්බන්ධීකාරකවරයෙකි.අනෙකා ඔහුගේ ව්‍යාපාරික සගයෙකු වූ ජානක ගයාන් අතුකෝරළ (40) ය.ඔහු දරු දෙදෙනෙකුගේ පියෙකි.

හේමන්ත හා ජානක කොළඹ දකුණු දිග වෙරළතීරයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය සැපයුම්  සමාගමක හිමිකරුවෝ වූහ.එසේවුවත් ඔවුන්ටද දිවයින හැරයාමට හේතු වුනු කරුණු විය.ඒවා විශ්වාස කළ නොහැකි 

තරමේ වුවද,ස්වභාවයෙන් නම් බිය උපුදවන සුළුය.‘‘යුද සමයේ මම වැඩ කළේ ආරක්ෂක අමාත්‍යංශයේ‘‘ හේමන්ත කුරුප්පු කියන්නේය.‘‘ඒ  කාලයේ මගෙත් උතුරේ පන්සලක වැඩවාසය කළ හිමිනමකගෙත් අතර හොද මිත‍්‍රත්වයක්  ගොඩනැගුණා‘‘

කුරුප්පුගේ රැකියාවේ එක් කොටසක් වී තිබී ඇත්තේ ගැටුම් පවතින ප‍්‍රදේශ වීඩියෝ පටිගත කිරීමයි.මෙ නිසා නිතරම පාහේ උතුර බලා යෑමට සිදුවූ බවත්,විශේෂයෙන් දරුණු ගැටුම් පවතින ප‍්‍රදේශයන් ඉතා ආසන්නයට පවා යෑමට තමන්ට සිදුවුණු බවත් කුරුප්පු  පවසන්නේය.

‘‘එක දවසක් ඒ හිමිනම මගෙන් උදවුවක් ඉල්ලා සිටියා.උන්වහන්සේ මට ඉතා  පැරණි,ඒ වගේම වටිනා පොතක් දුන්නා‘‘ කුරුප්පු හෙළි කළේය.

කුරුප්පු හා අතුකෝරළ දෙදෙනාම එම පොත හදුන්වාදුන්නේ නිදන් වදුලක් ලෙසය.නිදන් වදුලූ යනු සඟවා තිබෙන ධන නිධානයන් සොයාගැනීමට ආධාර කර ගත  හැකි තොරතුරු අඩංගු ලියැවිල්ලක් ලෙස සැළකේ.

ඔවුන් දෙදෙනාම පොත කිලෝග්‍රෑම් 13 ක් පමණ බර වූවේ යැයිද එම පොතේම කුඩා  පරිමාණයේ සංස්කරණයන් ශී‍්‍ර ලංකා ජාතික කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයට තබා ඇතැයිද  පැවසූහ.කෙසේ වුවද මෙයින් සඟවා ඇති ධන නිධානයන් සොයාගත හැකිවේදැයි යන්න නිශ්චිත වශයෙන්ම තහවුරු කරගැනීමට හැකියාවක් නොමැත.

කුරුප්පු හා අතුකෝරළ යන දෙදෙනාම මේ නම් සැබෑම නිදන් වදුලෙකැයි විශ්වාස කළ බව අමුතුවෙන් සදහන් කළ යුතු නැත.පොත ඔවුන්ට ලබාදුන් හිමිනමද ඇතුළු තවත් පුද්ගලයෝ බොහෝ දෙනා එය සැබෑවක් ලෙසම සැළකූහ.

එම පොත දකුණේ පිහිටි තවත් පන්සලකට ගෙන යන්නැයි හිමිනම තමන්ගෙන් ඉල්ලා සිටි බව කුරුප්පු පැවසීය.දැන් බොහෝ දෙනා පොත පන්සලේ තිබෙන්නේයැයි දැනගෙන සිටි හෙයින් ආරක්ෂාව තකා එය වෙනත් තැනක් කරා ගෙනයෑම සුදුසුයැයි උන්වහස්සේ පැවසූ බව කුරුප්පු කීය.

ඉල්ලා සිටි පරිදිම පොත අදාළ පන්සල වෙත ගොස් භාර දීමට කුරුප්පු කටයුතු කර ඇත.එහිදී තවත් හිමිවරුන් ගණනාවකගේ ආරක්ෂාව යටතට එය පත්වුණු බව ඔහු පැවසීය.

‘‘2013 ජනවාරි මාසයේදී ඒ හිමිවරුන් මට කතාකළා.උන්වහන්සේලා පැවසුවා පොත රැගෙන යන්නය කියලා.උන්වහන්සේලා කියූ දේවල් වලට අනුව ප‍්‍රදේශයේ ඇතැම්  කඩාකප්පල්කාරීන් පොත පන්සලේ තිබෙනවාය කියලා දැනගෙන.ඒ නිසා උන්වහස්සේලා තමන්ට අනතුරක් වෙයි කියලා බයවෙලා හිටියේ‘‘

පොත රැගෙන පොලිසිය වෙත නොගියේ මන්දැයි විමසූ විට කුරුප්පු පැවසුවේ 2008 වසරේ ආරක්ෂක අමාත්‍යංශයේ සේවය කරමින් සිටි කාලයේම පොත ගෙනවිත් භාරනුදුන්නේයැයි චෝදනා නඟා තමන් අත්අඩංගුවට ගනු ඇතැයි බියපත් වූ නිසා එසේ  නොකළ බවයි.

‘‘ඉතින් මම පොත ගත්තා. හැංගුවා.නමුත් ඇතැම් පුද්ගලයින් දැනන් හිටියා මම මේ පන්සලේ ඉන්න හිමිවරු එක්ක හොදින් මිතුරුවී සිටිනවාය කියලා.ඉතින් එක් එක් කල්ලි වලින් මට තර්ජන ගලාගෙන එන්න පටන් ගත්තා.තර්ජනය කරමින් ඔවුන් ඉල්ලා සිටියේ අර පොත.‘‘

‘‘ඇයි ඉතින් පොත දුන්නේ නැත්තේ?‘‘

මුලදී මට වුවමනාවක් තිබුණේ නැහැ.පස්සේ මම බය වුණා.මොකද කල්ලි එකක් නෙවේ  කිහිපයක්ම පොත ඉල්ලලා මට තර්ජනය කරමින් හිටියේ.ඉතින් එකකට පොත දීලා,ඒකෙ තරහට අනෙක් කට්ටිය මට මොනව හරි කළොත්?,මම බය වුණා එහෙම දෙයක් වෙයි කියලා‘‘

දිගින් දිගටම තර්ජන එල්ල කරමින් සිටි කල්ලියක් පසුගිය ජූනි මාසයේදී තමන්ට පහරදුන් බවද කුරුප්පු පැවසීය.තුවක්කුවක මිට පැත්තෙන් පහරදී ඔවුහු ඔහුගේ ඉදිරි දත් ඇන්දේ දත් 4 ක් ද කඩා දැමූහ.

‘‘ඔවුන් හැම වෙලේම මගේ නිවසට පැමිණියා.මට දුරකතනයෙන් ඇමතුවා,තර්ජන  වැඩිවුනා මිසක් අඩුවුනේ නැහැ‘‘

2013 ඔක්තෝබර් 20 වැනිදා දෙදෙනාම තමන්ගේ දරු පවුල්ද සමග පදිංචිව සිටින නිවාසද අතහැර ගොස් සැඟවී ජීවත්වීමට තීරණය කළහ.ඔවුන් පළමුවෙන් පැමිණයේ ශී‍්‍ර ලංකාවේ බටහිර දිග වෙරළ තීරයටය.

‘‘මුලූ කාලය පුරා ඔවුන් සිටියේ අපේ පවුල්වල අයට,අපේ බිරින්දෑවරුන්ගේ පවුල් වල අයට දුරකථනයෙන් අමතා කරදර කරමින්‘‘ අතුකෝරළ පැවසීය.

 

මෙම වසරේ මැයි මස 20 වැනිදා කුරුප්පු ඔහුගේ කොළඹ පිහිටි  නිවහන වෙත පැමිණියේය.

‘‘ඔවුන් මා එන තුරු බලා සිටියා.ඔවුන් පැවසුවා මම පොත දුන්නේ නැත්නම් මගේ දරුවන්ව මරා දමනවාය කියලා.එදා රැයේ තමයි මම තීරණය කළේ ලංකාව අතහැර යන්න.ජානකටත් මම කතා කළෘ.ඔහු පැවසුවා මා සමග එන බව.මේකෙන් ගැලවෙන්න  වෙන මාර්ගයක් අපට පෙනෙන්න තිබුණේ නැහැ‘‘

නීත්‍යනුකූල ලෙස ගුවන්යානයක නැගී රටින් පිටවීමට කටයුතු නොකළේ මන්දැයි විමසූ විට දෙදෙනාම පැවසූයේ ඔවුන් අත්අඩංගුවට ගනු ලබනු ඇතැයි බියපත්වූ බවයි.පොලිසියද නිදන් වදුලූ ගැන තොරතුරු අන්තර්ගත එම පොත සොයමින් සිටි බව  තමන් විශ්වාස කළේ යැයි ඔවුහු පැවසූහ.

‘‘මම කිව්වා මට තර්ජනය කළ අයට, පොත දෙන්නම් මට මාසයක් කල් දෙන්න කියලා‘‘ 

කුරුප්පු කීය.කුරුප්පු හා අතුකෝරළ ඔවුන්ගේ පවුලේ උදවියද සමග එළැඹුණු  සති කිහිපයෙදී රංජිත් හා සුජීවා සපරමාදු යුවළ සමග ශී‍්‍රලංකාවෙන් නික්ම යෑමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමේ යෙදුණෝය.

‘‘ජූනි 8 වැනිදා තවත් කල්ලියක් මා අල්ලා ගත්තා.ඔවුන්ට කීවෙත්  ඉස්සෙල්ලා අයට කී දේමයි.කල් දෙන්න මම පොත දෙන්නම්ය කියලා‘‘

ජූනි 12 වැනිදා දෙදෙනාම තම පවුලේ සාමාජිකයිනුත් සමග සිතුමිණ යාත‍්‍රාවට  ගොඩවුහ.ඔවුන්ගේ අපේක්ෂාව වූයේ නවසීලන්තයට ගොස් එහි සිට ඔවුන් සතුව ශී‍්‍රලංකාවේ දේපළ විකුණා ලැබෙන මුදල් වලින් නව ජීවිතයක් ආරම්භ කිරීමයි.

අත්අඩංගුවට පත්ව අධිකරණයට ඉදිරිපත් කළ  දිනයේදී ඔවුහු තමන්ගේ මුහුණු ආවරණය කර ගැනීමට උත්සාහ කළෝය.නමුත් පසුවදා පුවත්පත් සැරසී තිබුණේ ඔවුන්ගේ මුහුණුද ඇතුළත් වාර්තා වලිනි.

‘‘මගේ බිරිදගේ මවට දැනටමත් ඇමතුම් ලැබිලා තියෙනවා‘‘ කුරුප්පු පැවසීය.

සංවාදය අතරතුර එතැනට පැමිණි කුරුප්පුගේ බිරිද ඇයගේ සොහොයුරිගෙන් ඇමතුමක්  ලැබුණේ යැයි පැවසුවාය.කල්ලි කිහිපයක් දැන් තමන්ගේ පසුපසින්ද එන්නේ යැයි ඇය කීවේ හඬමිනි.

අතුකෝරළ ද පසුගිය අගහරුවාදා දිනයේ සිට තමන්ගේ පවුලේ සාමාජිකයින් පසුපසින්ද විවිධ පුද්ගලයින් ලූහුබදිමින් සිටින බව පැවසීය.

කුරුප්පු හා අතුකෝරළ යන දෙදෙනාම තමන් උපන් රටේ තනිවී ඇතැයි විශ්වාස කරන්නෝය.කල්ලි සාමාජිකයින් හා සමානවම ශී‍්‍රලංකා පොලිසියද ඔවුන් බියපත් කර ඇත.

‘‘අපිට මොනවද කරන්න පුළුවන්? අපි එක්සත් ජාතින්ගේ සංවිධානයටත් කතා කළා,කොටින්ම කියනව නම් හැමදෙනාටම කතා කළා,ඔවුන් කියනවා අපට උදවු කරන්නඔවුන්ට හැකියාවක් නැතිලූ.අපේ ජීවිත ගැන දැන් අපට කිසිම විශ්වාසයක් නැහැ‘‘ ඇතුකෝරළ පැවසීය.

නවසීලන්තයට යෑමේ මෙම කි‍්‍රයාදාමය පසුපස සිටින තවත් පුද්ගලයෙක් ලෙස හදුනාගෙන සිටින්නේ මහින්ද ඉන්දික (32) නම් හිටපු විශේෂ කාර්ය බළකා නිළධාරියෙකි.ඔහුද  ඕස්ටේ‍්‍රලියාව බලා යාත‍්‍රා කරමින් සිටියදී අත්අඩංගුව පත්ව දැන් ශී‍්‍ර ලංකාවේ රිමාන්ඩ් බන්ධනාගාර ගත වී සිටියි. ඔහු රට හැර යෑමට තීරණය කර ඇත්තේ සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයේ හේතුවක් නිසාය.

වාර්තා වන ආකාරයට විශේෂ කාර්ය බළකායේ නිළධාරියෙකු වුවද ඉන්දික පසුගිය වසර අටක කාලය පුරාවට සේවය කර ඇත්තේ ශී‍්‍ර ලංකා පොලිස්පති එන්.කේ.ඉලංගකෝන්ගේ රියැදුරා ලෙසය.

මෙම වසරේ මුල් භාගයේදී ඉන්දික සොයා පැමිණි පාතාල කණ්ඩායමක් පොලිස්පති ඝාතනය කිරීමට ඔහුගේ සහය ඉල්ලා ඇතැයි අනාවරණය කර ගැනීමට හැකිව තිබේ.

‘‘ඔවුන් ඉන්දිකගෙන් ඉල්ලා තිබුණේ පොලිස්පති ගමන් කරන ස්ථාන ගැන තොරතුරු ඔවුන්ට ලබා දෙන්න කියලා‘‘ ෆෙයාර්ෆැක්ස් මාධ්‍ය ආයතනයේ තොරතුරු මූලාශ‍්‍රය හෙළි  කරන්නේය.‘‘ඉන්දික තමන්ගේ රැකියාව පළමු කොට සැළකුවේ.ඒ වගේම ඔහු තමන්ගේ ප‍්‍රධානියාට ලොකු ගෞරවයක් දැක්වීය.එනිසා ඔහු ඒකට කැමති වුණේ නැහැ.අපරාධකරුවන් කියලා තිබුණා ඔවුන් එක්ක සහයෝගයෙන් කටයුතු කළේ නැත්තම් ඉන්දික මරා දමන බවට‘‘

ඉන්දිකගේ බිරිද සීසර් සැත්කමක් ආධාරයෙන් දරුවෙකු බිහිකර තිබුණේ මිට සති කිහිපයකට පෙරය.තම දරුවාගේ හා බිරිදගේ ආරක්ෂාව ගැන සිතා ඔහු තමාට ගත හැකි යැයි පෙනෙන්නට තිබූ එකම පියවර ගත්තේය.

‘‘මේ කියන බෝට්ටුව නවසීලන්තය බලා පිටත්වෙන්න  තිබෙනවාය කියලා ඔහුට දැනගන්න ලැබුණා.දිවි  ගලවාගන්න තිබෙන එකම අවස්ථාව එකේ නැඟලා රටින් පිටවීම කියලා ඔහු තීරණය කළා‘‘ ෆෙයාර්ෆැක්ස් මාධ්‍ය ආයතනයේ තොරතුරු මූලාශ‍්‍රය කියන්නේය.

සම්මුඛ සාකච්ඡාවන්ට සහභාගී කරගත් පුද්ගලයින් සියලූදෙනාම කියන්නේ ඔවුනොවුන්ගේ තොරතුරු චන්ද්‍රිකා දුරකථන මාර්ගයෙන්  ඕස්ටේ‍්‍රලියා බළධාරීන්ට දැනුම් දුන් බවය.

‘‘ඔවුන් එක්ක සංවාදයේ යෙදීම එක හරිම අමාරු වුණා.එක සංවාදයක් සම්පූර්ණ කරන්න විනාඩි 20 - 30 අතර කාලයක් ගතවෙනවාමයි.එක වෙලාවකට එයාලා එක්ක තිබෙන සම්බන්ධතාවය නැතිවෙනවා.අනික මුහුදේ ඝෝෂාව නිසා අපි කියන දේ  ඔවුනට හරියට ඇහෙන්නෙත් නැහැ.මම සෑහෙන්න අඩමින් තමයි ඔවුන් එක්ක කතා කළෙත්.‘‘ සපරමාදු මහත්මිය කියන්නීය.

කුරුප්පු හා අතුකෝරළ දෙදෙනා ද  මේ ආකාරයේම දුෂ්කරතා වලට මුහුණ දීමට තමන්ටද සිදුවිනැයි කියන්නෝය.ඔවුන්ට වඩාත් අපහසු වී ඇත්තේ සංවාදයේ යෙදෙන අතරතුර තමන්ගේ පෞද්ගලික තොරතුරුද අන් මගීන් ඉදිරියේම හෙළි කරන්නට සිදුවීමය.

‘‘දුරකථන තුනයි තිබුණේ.ඉතින් මම මගේ කතාව කියලා ඉවර වෙනකම් තව දෙන්නෙක් බලන් ඉන්නවා මගේ දෙපැත්තේ ඉදගෙන.මගේ තත්ත්වය ගැන ඔවුන් දැනගන්නවාට මම කැමති වුනේ නැහැ‘‘ කුරුප්පු කියන්නේය.

දවස් කිහිපයකට පසු  ඕස්ටේ‍්‍රලියා සංක‍්‍රමණ හා දේශ සීමා ආරක්ෂක  බළධාරීන් නැවත ශී‍්‍ර ලංකාව බලා හරවා යවන බව කියමින් තමන්ට කාඞ්පතක් ලබාදුන් බව කුරුප්පු හා සපරමාදු මහත්මිය කියන්නෝය.

‘‘මම නැව් තට්ටුවේ ඉඳගෙන හඩා වැටුණා.මම ඔවුන්ගෙන් වැඳලා ඉල්ලූවා මාව ආයේ ශී‍්‍ර ලංකාවට යවන්න එපා කියලා‘‘ කුරුප්පු පැවසීය.

දෛවය ඉදිරියට කෙසේ ඔවුනට සළකාවිදෝහෝයි ඔවුහු නොදන්නෝය.දැනට ඔවුන් 

ජීවත්වන්නේ ශී‍්‍ර ලංකාවේ වනයක පිහිටා ඇති අඩක් ඉදිකළ නිවෙසක සැගවීගෙනය.නිදා  ගැනීමට හෝ කෑම උයා පිහා ගැනීමට පහසුකම් පවා එහි නැත.

‘‘අපි දුප්පතුන් නොවේ.අපි අනෙක් අය වගේ සරණාගතයිනුත් නොවේ.ඒත් අපි අපේ ජීවිත ගැන බයෙන් ඉන්නේ.කවුරුහරි කරුණාකරලා අපිට උදවු කරන්න‘‘ සපරමාදු මහත්මිය ඉල්ලා සිටින්නීය.

පරිවර්තනය කෝවිද  ගුණසේකර

 

 



අදහස් (0)

හරියට සුරංගනා කතාවක් වගෙයි

නිෂේන් Tuesday, 15 July 2014 08:05 AM

දැන් ඔස්ට්‍ර්ලියාවෙත් රැකියා අර්බුධ . පුරවැසියන්ගේ දීමනා කපනවා. ළඟදී ආබාධිතයන්ටත් වැඩ කරන්න කිව්වා. උගත් වෘත්තිකයින්ටත් ලේසියෙන් රැකියාවක් සොයා ගන්න බැහැ. විශ්‍රාමිකයන්ට පවා කොන්දත් අල්ලාගෙන වැඩ කරන්න වෙලා. මෙහෙම තත්වයක් තියෙද්දිත් මිනිස්සු හිතන්නේ මෙහෙ ගොඩ බැස්සම කිසිම වැඩක් නොකර රජයේ දීමනා වලින් ජීවත් වෙන්න පුළුවන් කියලා. දියුණුවට කෙටිම මාර්ගය සරණාගත ලේබලය කියලා සමහරු හිතනවා. ඇවිල්ල වැටෙන අමාරුව කාටවත් තේරෙන්නේ නැහැ. කතු තුමනි ඉදිරියට සරණාගතයි කියාගෙන ඇවිල්ල මිනිස්සු අමාරුවේ වැටෙන එක වලක්වන්න වත් මෙය පල කරන්න. (නදී)

:       0       0

දසුනි Tuesday, 15 July 2014 08:09 AM

අනේ මට මේ කතා කියවලා පිස්සු වගේ. මොනවද මේ ලංකාවේ සමහරුන්ට වෙලා තියෙන්නේ ? ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන එක දිව්‍ය ලෝකේ යනවාටත් වඩා හොඳයි කියල නේ බහුතරයක් හිතාගෙන ඉන්නේ. (නදී)

:       0       0

බිමල් Tuesday, 15 July 2014 08:22 AM

බෝට්ටුවේ නෙවෙයි නීතියට අනුව විසා අරගෙන ගිය වෘත්තීය සුදුසුකම් තිබෙන අයටත් දැන් මෙහෙ ලේසියෙන් රැකියාවක් සොයාගන්න බැහැ . ඔක්කොම දීමනා කපලා . ආබාධිත සහ වයසක අයටත් වැඩ කරන්න වෙලා. එහෙම තත්වයක් තිබෙද්දී කොහොමද මේ සරණාගත ලේබල් ගහගත්ත හැමෝටම රැකවරණය දෙන්නේ ? (නදී)

:       0       0

සනත් Tuesday, 15 July 2014 08:24 AM

සුරඟන කතාවක්ම තමයි. හොඳට ගොතල ගලපලා තියෙනවා. (නදී)

:       1       1

දිනේෂ් Tuesday, 15 July 2014 08:28 AM

දේශපාලන රැකවරණය දෙන එක ලේසි වැඩක්ද ? අනේ මාව මරන්න එනවා කියපු පලියට කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව රැකවරණ දෙන්න පුලුවන්ද. එයට නිසි ක්‍රමවේදයක් තිබෙනවා. අනෙක දැන් ලංකාවෙන් එන ආර්ථික සරණාගතයන් කියන ටොම් පච නිසා කොහොමටත් මෙහෙ නීති රීති තදයි. (නදී)

:       0       0

දනු Tuesday, 15 July 2014 08:33 AM

මේ මිනිස්සුන්ට එන්න බැරි වීම ගැන මම දෙවියන්ට පින් දෙනවා. මෙහේ පැමිණියම අපේ තියෙන ගරුත්වයත් නැති වෙනවා. (ස)

:       0       0

පියුමි Tuesday, 15 July 2014 08:34 AM

තනියෙන් යන්න හදන්න එපා. (ස)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 15 July 2014 08:40 AM

වෙනත් රටක ඉසුරු සොයා නිත්‍යානුකුල නොවන මාර්ග වලින් යන්න මේ මිනිස්සු දෙසාබාන මුසාවාද ආහුවම ඇඟවල් හිරි වැටෙනවා. තමන් උපන් රටේ ගෞරවය කෙලසල මේ රට බොරුවෙන් පාවල දීල ලබන ඉසුරු වලින් මේ මිනිස්සු මේ ආත්මේ වගතුවක් ලැබුවත් ලබන ආත්මෙනම් වගතුවක් තියා මිනිස් ආත්මයක්වත් ලබන්න වරම නැති වේවි. මට පුදුම සුද්දෝ මේවා විශ්වාස කරන්න තරම් මෝඩද කියල..සෑම තානාපති කාර්යාලයක් හරහාම ඔවුන්ගේ ඔත්තු සේවා ක්‍රියාත්මක වෙනවා..මේවා බොරුයි කියල ඔවුන් නොදැන ඉන්න විදියක් නැහැ..මට පෙන්නේ මේ සරණාගත ව්‍යාපාරය අදායම් මාර්ගයක් කරගත් රාජ්‍ය සේවයේ ජරා පප්පල ඒ රටවල් වලත් ඉන්නවා ඇති කියල.සුද්දන්ගේ මේ අනුකම්පාව කවද හරි උන්ට භූමිකම්පාවක් වෙන බවනම් ඉතාම පැහැදිලියි. (ස)

:       0       0

ජෝන් Tuesday, 15 July 2014 08:42 AM

නියම බොරු ටික. මෙහෙමත් මිනිස්සු බොරු කියනවද ?කව්ද මේවා පිළිගන්නේ? (ස)

:       0       0

අතුල Tuesday, 15 July 2014 09:06 AM

වැදූ මව වැනි තමන්ගේ රට පාවා දෙන අය. (ස)

:       0       0

ගැමුණු Tuesday, 15 July 2014 09:25 AM

හොඳ කතා පුවත් කිහිපයක්ම තිබෙනවා. නෝනාවරුනි සහ මහත්වරුනි,...පපුවට අත තියල හදවතින් විමසන්න, මේ ප්‍රකාශ කල දෑ ඇත්තද කියලා,...ඇත්ත වුනත් ඔබලාට නීතියේ පිහිට ලබාගන්නට තිබුණා. බොරුනම් උපන් රටට ද්‍රෝහී වීමක් මේ ක්‍රියාව. දෙමව්පියන්ට සේම අප උපන් රටට ගරු කල යුතුයි. මොන තරම් කවුරු කෙසේ විවේචනය කලත් අපේ රටේ නම් ඔවැනි තත්වයන් නැහැ කියලයි මට හිතෙන්නේ. (ස)

:       0       0

බණ්ඩාර-කැන්බරා Tuesday, 15 July 2014 09:33 AM

ඔය ගොල්ලෝ ඉතාලි වගේ රටකට යනවා... (ස)

:       0       0

වසන්ත Tuesday, 15 July 2014 10:12 AM

අපි නොදන්නා ලංකාවක මෙයාල ඉන්නේ. සමහරුන්ට උපතින්ම එන උණක් වෙන රටක පදිංචි වෙන එක. යන තැනක තොලොංචි වෙන එකයි තියෙන්නේ රටට පව් නොදී. අපේ දුප්පත් රට අපිට තියලා. (නදී)

:       0       0

ගාමිණී - සිරි Tuesday, 15 July 2014 10:28 AM

සුරංගනා කතාවක් නොවේ පවුල් කීපයක විලාපයක්... රටේ සම්පත් ,බව බෝග ,මිනිස් ශ්‍රමය ,උගතුන්, කාර්මිකයින්,ඉන්න රටේ ඔවුන්ගෙන් ,සේවයක් ගෙන ,හොඳ වැටුපක් ,ලබාදී , බියෙන් තොරව ජනතාවට සැපවත් ජීවිකාවක් ගත කිරීමට ඉඩ ප්‍රස්තාව සලසා දීම රාජ්‍ය නායකයෙකුගේ වගකීමක්. වෙනත් රටවලට සංක්‍රමන වීමට හේතුව කුමක්ද ? ඊට පිළියම් යොදා දීම ජනාධිපතිගේ වගකීමක් මුරකාවල් දමනවාට වඩා. කටාර් රාජ්‍යය රටේ ජනතාවට සියලු අවශ්‍ය තාවයන් සපුරා දීලා ඉදිරි පරම්පරා 23 කටත් ජීවත් වීමට අවශ්‍ය මුල ධනයක් රැස්කරලලු තියෙන්නේ. අපේ රටේ ජනතාවට කෙසේ වෙතතත් නායකයෝ නම් ඒ වැඩේ කරගෙන ඇති දැනටමත් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 104 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 1024 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 201 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 899 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3591 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 2269 1

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37728 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24867 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site