හිරියාල දුම්රිය පොළ අසළ අද උදේ අටහමාරේ සිට පැය හතරහමාරක් දක්වා පැවති උද්ඝෝෂණය කුරුණෑගල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සිසිල් ද සිල්වා මහතාගේ මැදහත්වීමෙන් සාමකාමීව විසඳාගත හැකිවිය. යාල්දේවි දුම්රිය හිරියාලේ නතරකරන ලෙස ඉල්ලමින් ඔවුහු රේල්පාරේ උද්ඝෝෂණය කිරීම නිසා දුම්රිය ගමන් නතරවිය. පොලිස් අධිකාරී ඔවුන් හමුවී කියා සිටියේ දුම්රිය සේවය සමග සාකච්ඡාවක් ලබාදෙන බවයි.
රත්මල්ගම හන්දියේ සිට හිරියාල දන්ගොල්ල හන්දිය දක්වා පාර කාපට් කර දෙන ලෙසද ඔවුහු තවත් ඉල්ලීමක් ඉදිරිපත් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ගොඩක් දුම්රිය වලට ඕක වෙනවා. සීග්‍රගාමී කියල දුම්රියක් දාන්නේ හැම තැනම නවත්වන්න නෙවේ. අන්තිමට දුම්රිය කාලය පැයකින් දෙකකින් වැඩි වෙනවා. (නි)
මොලේ පාවිච්චි කරනවා නම් ඔයිට වඩා බරපතල ප්‍රශ්න විසඳන්න පුළුවන්. අවාසනාව කියන්නේ කැත්තට පොල්ල වගේ විසඳුම් දීල තම තමන්ගේ කලර්ස් පෙන්නන්න සමහරු උත්සාහ කරන එකයි. (නදී)
ලංකාවෙ දැන් ඉන්න තරමක් ඉන්නෙ මෝඩයෝනේ. හිතෙන හිතෙන තැන් වල කෝච්චි නවත්තපුවම, ඒවා නගරාන්තර වෙනවද? ඕනෑ දේකට පාරවල් වහගෙන උද්ගෝශන. යටකරගෙන ගියාම ඒකටත් උද්ඝෝශන (නි)
රට පාලනය කරන්නේ පොලිසියද?(නදී)
බෞද්ධ යයි ලෝක සම්මත රටක ආර්ය්‍ය පුද්ගලත්වයට ඇතුලත් වීම සඳහා පොරවාගත් කහ සිවුර පාලකයන්ගෙන් ඉල්ලීම් සපුරා ගන්නා ලෞකික භාණ්ඩයක් වුන තැනට පත්කිරීම ගැන මෙතෙක් රට කරවූ හැම පාලකයෙකුම අතිශයින් ලැජ්ජා විය යුතුය.(නදී)
මෝඩයෝ එතකොට සීඝ්‍රරගාමි ¡ කාලය ?(නදී)
නෑ යසින්ත මල්ලි රටපාලනය කරන්නේ මේ රටේ සාමාන්‍යය ජනතාව.(නදී)
අනේ අපොයි බලන්න මේ ළමිස්සියො ටික පාරේ වාඩිලාගෙන ඉන්න හැටි ගෙදර දොරේ වැඩක් නැද්ද?(නදී)
යාල් දේවි ඔතන කොහොමත් නවත්තන්නේ නැහැනේ... බලහත්කාරයෙන් නවත්තගන්නනේ හදන්නේ මේගොල්ලෝ. (නි)
සිල්පර කොටේක ක්ලිප් එකක් අඩුයි. පලවෙනි රූපය බලන්න. (දී)
පාර වහගෙන උද්ඝෝෂනය කල එක නම් වැරදී තමයි. යාල් දේවි නෙමෙයි නාගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය, ඊට ටික වෙලාවකට පස්සෙ එන දැයට කිරුළ දුම්රිය තමයි නතරන්තර සීග්‍රගාමී. මේ දෙකම කෙටි කාල පරතරයකින් වවිනියාවට යක දුම්රිය 2ක්. ඒ නිසා යාල්දේවි නැවැත්තුවාට ගැටලුවක් නැහැ. මොකද මෙයාලට තියෙන එකම ප්‍රවාහන පහසුකම තමයි දුමරිය. එහෙ බස් දුවන්නෙ නැහැ. බස් එකක් අල්ල ගන්න ගොඩක් දුර ගනේවත්ත පැත්තට යන්න ඕනා. ගොඩක් දුෂ්කර පෙදෙසක් මේක. තමන් හදාගන්න එළවළු ටික උනත් කුරුණෑගල පොලට අරන් යන්නෙ දුම්රියේ දාගෙන තමයි. යාල්දේවි ගනේවත්තෙයි නාගොල්ලාගමයි දෙකේම නවත්තනවා ඒ අතර මැද්දෙ තියෙන හරියාලෙ විතරයි නවත්තන් නැත්තේ. මේ ප්‍රෙදේශයට ඇවිත්ම බලන්න ඕන මේ මිනිස්සු විදින දුක. හැබැයි පාරවල් කාපට් කරන්න කියල නම් රේල් පාර වහගෙන ඉන්න එක කොහොමත් වැරදියි.(නදී)
දුමිරිය පරිපාලනයේ හොදකම පේනවා (නි)
මෙය මුළු ගමක සෙනගද යාල්දේවි මෙතන නවත්වල කවුරු ගෙනියන්නද ? (ස)
මෝඩකම ලොකුවටම.(නදී)
මුතුකුඩ ඇත්තටම ඔයාගේ වයස කීයද? ඔයාට මේ ඔක්කොම ලමිස්සියෝවගේද පෙන්නේ!(නදී)
පුදුම මෝඩ ජාතියක්. (නි)