IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


හිස්බුල්ලා පෙන්නලා බිල්ලා මවනවා

(යොහාන් භාසුර)

ශානි අබේසේකර සහ හිජාස් හිස්බුල්ලා වැනි පුද්ගලයන් පෙන්වා බිල්ලන් මවා ජාතිවාදය වපුරවමින් රට විනාශ නොකරන ලෙස සමඟ ජනබලවේග මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් පැවසීය.  එහිදී මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

“ශානි අබේසේකර, හිජාස් හිස්බුල්ලා පෙන්වලා මේ රටේ බිල්ලො මවනවා වෙනුවට අලුත් ගමනක් යන්න ඕන නම් දේශපාලන වශයෙන් අපි සර් කියන්න කැමති මිනිස්සු ගන්න”

“ලංකාවට ගණිකා වෘත්තිය ගේන, අපේ ලංකාව තරම්වත් ආර්ථිකයක් නැති සංචාරකයො ගෙනල්ලා යාල වස්සලා. සීගිරිය පොළොන්නරුවට ගේන්න හදලා. මේ කරන විනාශයට විරුද්ධව ඔබතුමාලත් හිට ගනී කියලා හිතනවා”

“ගරු මුලාසනය හොඹවන මන්ත්‍රීතුමනි, අවාසනාවකට, එක රටක් එක නීතියක් කියන විට මට මතක් වෙන්නේ අපි වැස්ස දවසකට ත්‍රීවිල් එකක යනවා වගේ. කොයි වෙලාවෙ මොන වළේ වැටෙයිද? කොයි වෙලාවේ ත්‍රීවිල් එක නවතීද? කොයි වෙලාවේ අපිව තෙමෙයිද? හරියට තීන්දුවක් නොමැතිව විශ්වාසයක් නොමැතිව බලාගෙන ඉන්න අවදියක එක රටක් එක නීතියක් ගැනත් පුංචි ප්‍රශ්නයක් තියෙනවා”

“ජනාධිපති සමාව දෙන රැල්ලක් පටන් අරන්. ඔය රැල්ල එන්නෙ මොන පොල් පැළේ කන්නද කියලත් අපි හොඳට දන්නවා”

“මේ රටේ මිනිස්සු හිතුවේ අවුරුද්දක් යනකොට කොහොමද නීතිය කියලා ඇහුවම අතිවිශිෂ්ටයි සර් කියයි කියලා. අද මේ ලංකාවේ තියෙනවා අමුතු නීති රාශියක්. රාජපක්‍ෂ නීතිය, ගජමිතුරු නීතිය, කෝවිඩි නීතිය, දුප්පතුන්ගේ නීතිය, යුක්රේන් ජාතිකයන්ට දෙන නීතිය”

“සර් නෙවිඩාලෝ කියනවා. මේක යුක්රේන භාෂාවෙන් සර් ෆේල් කියන එක. ආපු පළමු ගුවන් යානයේම කෙල්ලො 18 දෙනෙක්ටම මාස තුනක වීසා දීලා. මේකට හේතුව තමයි දේශපාලනයේ ප්‍රාදේශීය සභාවකවත් හිටපු නැති කෙනෙක් ජනාධිපති වීම. සිස්ටම් වෙනස් කරන්න ආවට සිස්ටම් එක තේරෙන්නේ නෑ”

“අද රට පාලනය කරන්නේ කවුද? සර්ගේ සාපේ අපි කියන්නේ ‘ස’ සාපේ. පස්දෙනෙක් තමයි රට පාලනය කරන්නේ”

“උදයංග වීරතුංග, සංචාරක බුබුලේ ඉන්න ඕන කෙනා මාස් එකක් දාන්නෙ නැතුව මාධ්‍ය සාකච්ඡා තියෙනවා. හොඳ නළුවා විල්සන් කරූ හිරේ යනවා. ලැජ්ජයි, කැතයි...”

“අපිට ගැහුවා මහ බැකුවෙන් බිලියන 10 ක් ගැහුවා කියලා. එක ෂොට් එකෙන් සීනිවලින් ගැහුවා බිලියන 10 ක්. මහබැංකු හොරකම වෙනුවෙන් බිලියන 10 ක සංචිතයක් තියාගත්තා. එහෙම තිබුණා”

“මිනිස්සු 64,000 ක් එන්න බැරිව දුක්විදිනවා. හිතලා බලන්න, ටෙලිකොම් එකේ සන්නාම නාමය වෙනස් කරන්න බිලියන දෙකක් වියදම් කරනවා”

“මෙතුමන්ලා ජයග්‍රහණය කරන්න හදන්නෙ ජාතිවාදයෙන්මයි. මම හිටගන්නේ ජාතිකවාදයත් එක්ක. අලීස් අබී්‍ර මහත්තයා අධිකරණ ඇමති කළාට අලීස් අබී්‍ර මහත්තයා පිටින් තමයි ඔක්කෝම යන්නේ. ඔබතුමා මුස්ලිම් ජාතිකයෙක් නිසා ඔබතුමාලම පත්කළ ආණ්ඩුව ඔබතුමාට වටකරගෙන ගහනවා. අපි ගහන්නේ නෑ. අපිගාව තියෙන්නේ ජාතිකවාදයයි”

“හර්ෂණ රාජකරුණා මන්ත්‍රීතුමාගෙන් අහනවා ඔබේ ජාතිය මොකක්ද? ශ්‍රී ලාංකික, ආගම මොකක්ද? බුද්ධාගම. මගේ ජාතිය මොකක්ද? ශ්‍රී ලාංකික, ආගම රෝමානු කතෝලික, ඔබේ ජාතිය මොකක්ද? ශ්‍රී ලාංකික, ඔබ මුස්ලිම්. මේක දේශපාලනය කරගෙන තමන්ගේ බඩගෝස්තරය නිසා ජාතිවාදය අවුස්සමින් ඉන්නවා”

“හිජාස් හිස්බුල්ලා කියන්නේ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ කීර්තිමත් ශිෂ්‍යයෙක්. ප්‍රධාන ශිෂ්‍යනායක. ශ්‍රී ලංකා වෝටර්පෝලෝ කණ්ඩායමට ක්‍රීඩා කළා. සාන්ත තෝමස් වෝටර්පෝලෝ කණ්ඩායමේ නායකයෙක්. මෙතන තෝමියන්ස්ලා ඉන්නවා එක්කෙනෙක් කථා කරන්නේ නෑ මොකද මුස්ලිම් නිසා”

“හිජාස් හිස්බුල්ලට තියෙන චෝදනාව මොකක්ද? පුත්තලම පැත්තෙ පාසලකට ගිහිල්ලා මොනවද දේශනා කරයි කියලා. හැබැයි ඒ පාසලේ විදුහල්පතිගෙන්, ගුරුවරයෙක්ගෙන් හෝ ළමයකුගෙන්වත් සාක්‍ෂියක් අරන් නෑ”

“එතුමාව 8 වැනිදා උපාවියට ගේනවා. අපිට ආරංචියි අලුත් චෝදනාවක් දානවා කියලා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් ජනාධිපතිගේ අත්සනින් තමයි එතුමාව ඇතුළට ගත්තේ” යයිද හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.



අදහස් (10)

හිස්බුල්ලා පෙන්නලා බිල්ලා මවනවා

සිරා Thursday, 07 January 2021 04:46 PM

තාත්තාද කිව්වේ ...? ලැජ්ජයි මහත්තයෝ සුළු ජාතික ඡන්ද ටිකට නැවෙන විදිහට... බෝම්බ ගැහුවත් හැදෙන ජාතියේ කෙනෙක් නෙවෙයි මේ..

:       6       6

Bandara Thursday, 07 January 2021 06:54 PM

බිල්ලා එනබව දැනගෙනත් ඇඳයට හැංගෙනවා. ආත්මාර්ථකාමීන්...

:       2       0

Sam Thursday, 07 January 2021 08:28 PM

මේ කියන විදිහට රට යන අත භයානකයි.

:       0       1

Raveendra Friday, 08 January 2021 12:42 AM

රට පාලනය කරන " දේශපාලුවන්ගේ " අදහස් වලට කෙසේවෙතත් "විරුද්ධ දේශපාලුවන්" සිටිනවා බව කීමට කෑමොර දෙමින් රඟනවා නොවේද? කාරුණිකව මධ්‍යස්ථව සිතමු. එලෙස ගත්කල මෙම නීරස අදහස් වලින් අවංකවම රටට ශත පහක වැඩක් තිබේද?

:       2       0

nipun Jayesundara Friday, 08 January 2021 02:15 AM

මේ වගේ අය කියන ඒවත් අහන්න රටේ හරක් ඉන්නවනේ.. 300ක් මැරෙනකන් හිටපු ගොන්නු. දැන් තමයි රට ගැන ආදරේ ඇතිවෙල තියෙන්නේ...

:       2       1

විජේ Friday, 08 January 2021 03:29 AM

කුඩු ගහන අය පාර්ලිමේන්තු ගියාම ඔහොම තමයි, ඉන්නෙ කොහෙද, කරන්නේ මොනවද, කරේ මොනවද දන්නේ නෑ.. මතක නෑ. අම්බරුවෙක් වුණාට කමක් නෑ, ප්‍රසිද්ධියේ තප්පුලන්න එපා, ඡන්දෙ දුන්න අය පව්. රෙද්ද පල්ලේ බේරෙනවා...

:       3       1

Bamunuarachchi Friday, 08 January 2021 03:57 AM

හිස් බුල්ලත් බිල්ලෙක් තමයි.. හැබැයි ඔහෙලා ගොනිබිල්ලෝ ...

:       2       1

SUNIL MILANO Friday, 08 January 2021 08:57 AM

ලැජ්ජයි.... මේ නම් මනුස්ස පරාණයක් වෙන්න බැහැ. එහෙමත් නැතිනම් මොලේ කුරවල් වෙලා.

:       4       3

BamunuarachchiTuesday, 12 January 2021 02:41 AM

කුරුවල් වෙන්නත් මොලයක් දීලා තිබෙන්න එපායැ. කටක් විතරක් දීලා තිබෙනවා තණකොළ ටිකක් හරි බුදින්න. කව්රුත් පාර්ලිමේන්තුවේ නැතිවෙලාවට කෑ ගැසුවාට මහින්දානන්ද අලුත්ගමගේ ඉන්නකොට මීක් නැහැ..

:       0       0

Bamunuarachchi Tuesday, 12 January 2021 02:37 AM

සර් මුවහමට තට්ටුවක් දැම්ම විතරයි බය වෙලා ආරක්ෂාව ඉල්ලනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඇල්ලේ නායයෑමෙන් රථවාහන ධාවනයට බාධා
2025 අප්‍රේල් මස 01 289 0

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 17 කනුව ප්‍රදේශයේ මීට සුලු මොහොතකට පෙර අද (01) සිදු වූ නායයාමක් හේතුවෙන් මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා සිදුව ඇතයි ආපදා කළමනාක


අකිල එජාප උප නායක ධූරයට
2025 අප්‍රේල් මස 01 471 0

එක්සත් ජාතික පක්ෂයේ උප නායක ධූරය සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත් කරනු ලැබ තිබේ.


ආලංකුලම වැව් ඉස්මත්තේ අනවසර ගොඩනැගිල්ලක්
2025 අප්‍රේල් මස 01 779 0

අනුරාධපුර ආලංකූලම වැව් ඉස්මත්තේ ඇති වගුරු සහිත කුඹුරු බිම සහ හග්ගමුව කැලේ සහිත අක්කර ගණනාවක භූමිය ලබා දී ඇත්තේ නිසි ක්‍රමවේදයට නොවන ආකාරයට ගොවිජන සංව


ඉන්ධන ලොරිය වෙළට පෙරළේ
2025 අප්‍රේල් මස 01 579 0

කොලොන්නාව සිට මඩකලපුව බලා ධාවනය වූ ඩීසල් හා පෙට්‍රල් ප්‍රවාහන බවුසරයක් මනම්පිටිය ආච්චිබෝක්කුව ප්‍රදේශයේදී අද සවස 4.00 ට පමණ පාරෙන් ඉවතට පෙරළී මෙන් එහි


අඩුවට කෑම දෙන ආණ්ඩුවේ හෝටලේ ඇරැඹෙයි
2025 අප්‍රේල් මස 01 1720 0

ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ පෝෂ්‍යදායි ආහාරවේලක් පහසු මිලට ලබා දීමට රජය හඳුන්වාදුන් වැඩසටහන නාරාහේන්පිට ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ “පැ


ගුරුවරයාගේ පහරකෑමෙන් සිසුවා රෝහලේ
2025 අප්‍රේල් මස 01 508 0

ගාල්ලේ විදුහලක ගුරුවරයෙකුගේ පහරදීමකින් කනට බර පතල තුවාල සිදුව ඇති සිසුවෙකු අද (01) සවස කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 149 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 736 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 764 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site