IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


හිස්බුල්ලා සම්බන්ධ බැංකු ගිණුම් 2 කට කෝටි 400 ක් පිටරටින් ලැබිලා

(*** මුදිතා දයානන්ද)

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාද සම්බන්ධ බැංකු ගිණුම් දෙකකට වසර තුනක් වැනි කෙටි කාලයක් තුළ රුපියල් මිලියන 4,000 කට ආසන්න මුදලක් පිට රටවලින් ලැබී තිබෙන බවට පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ ඊයේ (23) සාක්ෂි ඉදිරිපත් විය.

මෙසේ තොරතුරු ඉදිරිපත් වූයේ ලංකා බැංකුවේ කොල්ලුපිටිය ශාඛාවේ හිටපු කළමනාකාරිණී අයි.සී.කේ. කන්නන්ගර මහත්මිය  කොමිසම හමුවේ දුන් සාක්‍ෂි අනුවය.

ලංකා බැංකුවේ කොල්ලුපිටිය ශාඛාවේ මෙම ගිණුම් දෙක ආරම්භ කර ඇති බවද එයින් එක් ගිණුමක් ශ්‍රී ලංකා හිරා පදනම නමින්ද අනෙක් ගිණුම බැටික්ලෝ යුනිවර්සිටි කොලේජ් යන නමින්ද ආරම්භ කර ඇති බවද ඒ ගිණුම් දෙකෙහිම බලයලත් පුද්ගලයන්ගේ නම් අතර හිස්බුල්ලා මහතාගේ නම පවතින බවද එම සාක්ෂි වලින් කියැවිණි.

ශ්‍රී ලංකා හිරා පදනම අවස්ථා 15කදී රුපියල් මිලියන 313.1ක් පමණ පිටරටවලින් ලැබී ඇති අතර ඒවා ලබාදී තිබෙන්නේ සවුදි අරාබියේ අලි අබ්දුල්ලා අල් ජුෆාලි භාරයෙන්, මහා බ්‍රිතාන්‍යයේ සිද්ධික් සහ ඩයනා ඔස්මන්ඩ් යන අයගෙන් සහ ක්‍රිඩෙන්ෂල් ලිමිටඩ් යන ආයතනවලින් බවද සාක්ෂි ඉදිරිපත් විය.

බැටික්ලෝ යුනිවර්සිටි කොලේජ් පුද්ගලික සමාගම නමින් ආරම්භ කළ ගිණුමට 2016 සහ 2017 අතර කාලය තුළ අවස්ථා හයකදී සවුදි අරාබියේ අල් අබ්දුල්ලා අලි ජුෆාලි භාරයෙන් රුපියල් මිලියන 3,640ක් පමණ බැර වී තිබෙන බවටද සාක්ෂි ඉදිරිපත් විය.
පිට රටකින් මෙරට බැංකු ගිණුමකට රුපියල් මිලියනයකට වැඩි මුදලක් බැර වන්නේ නම් හෝ එම ගිණුම්වලින් එකවර රුපියල් මිලියනයකට වැඩි මුදලක් ලබාගන්නේ නම් හෝ ඒ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුවත් කළ යුතු බවට වන රෙගුලාසියක් තිබියදීත් එම පියවර ගැනීමට ලංකා බැංකුව කටයුතු කර නැති බවද කළමනාකාරවරිය මෙහිදී සාක්ෂි දෙමින් පැවසුවාය.

 ‘‘අපේ බැංකුවෙන් ඒ ගැන ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ පවතින අනුකූලතා අංශයට දැනුම් දුන්නා. ඒ වගේම ඔවුන්ටත් එම ගිණුමෙන් ගනුදෙනු වන ආකාරය ගැන කෙටි පණිවුඩ ලැබෙනවා. එහෙත් ඔවුන් තීරණය කර තිබුණා එම ගිණුම්වලින් සිදුවන ගනුදෙනුවල සැකකටයුතු යමක් නැති බව”යැයිද හිටපු කළමනාකාරිණී කන්නන්ගර මහත්මිය පැවසුවාය.

හිස්බුල්ලා මහතාට අයත් ශ්‍රී ලංකා හිරා පදනම සහ බැටික්ලෝ කැම්පස් පුද්ගලික සමාගමට අයත් බැංකු ගිණුම් පහක් පමණ අදාළ බැංකු ශාඛාවේ ක්‍රියාත්මක වී තිබෙන බවද සාක්ෂිකාරිය කොමිසම හමුවේ පැවසුවාය.

ශ්‍රී ලංකා හිරා පදනම නම් සංවිධානයට අයත් බැංකු ගිණුමේ ගනුදෙනු මෙහෙයවීම සඳහා බලයලත් පුද්ගලයින් ලෙස හිස්බුල්ලා, අබ්දුල් කාදර් මොහොමඩ් සම්සුදීන් සහ අහමඩ් ෆලීල් මොහොමඩ් යන අය නම් කර තිබූ බව ඇය සඳහන් කළාය.

මේ අතර එම බැංකු ගිණුම විවෘත කිරීම සඳහා ශ්‍රී ලංකා හිරා පදනම සමාජ සේවා සංවිධානයක් ලෙස ලියාපදිංචි කළ සහතිකයක් ඉදිරිපත් කර තිබේ ද යන්න රජයේ නීතිඥවරිය සාක්ෂිකාරියගෙන් විමසූ අවස්ථාවේ ඇය සඳහන් කළේ සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ අදාළ සංවිධානය  ලියාපදිංචි කරන ලද සහතිකයක් ඉදිරිපත් කර ඇති බවය.

 එය ඉදිරිපත් කර තිබෙන්නේ බැංකු ගිණුම විවෘත කර මාසයක් වැනි කාලයකට පසුව බව කොමිසම විමසූ අවස්ථාවේ සාක්ෂිකාරිය පැවසූයේ  ශ්‍රී ලංකා හිරා පදනම ලියාපදිංචි කිරීම සඳහා ඉදිරිපත් කර තිබූ ලියකියවිලි ඉදිරිපත් කළ නිසා එම ගිණුම විවෘත කරන්නට ඇති බවයි. එම ගිණුම 1993දී විවෘත කර ඇති අතර එකල තමන් එම ශාඛාවේ සේවය නොකළ බවද ඇය කීවාය.

සවුදි අරාබියෙන් ලැබුණු මුදල් අමෙරිකා එක්සත් ජනපදයේ බැංකුවක් හරහාත්, සිද්ධික් සහ ඩයනා ඔස්මන්ඩ් යන අයගෙන් ලැබුණු මුදල් මෙරට ද ක්‍රියාත්මක වන ජාත්‍යන්තර බැංකුවක් හරහාත්, ක්‍රිඩෙන්ෂල් ලිමිටඩ් යන ආයතනයෙන් ලැබුණු මුදල් මහා බ්‍රිතාන්‍යයේ බැංකුවක් හරහාත් එම ගිණුමට බැර වී තිබෙන බවද හිටපු කළමනාකාරිණී කන්නන්ගර මහත්මිය පැවසුවාය.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව එම ගිණුම හරහා සිදු වී ඇති ගනුදෙනු පිළිබඳව මහ බැංකුව දැනුවත් කිරීමට පියවර ගත් බවද ඇය සඳහන් කළාය.

අදාළ මුදල් ලැබී ඇත්තේ ණය මුදලක් ලෙස  යැයි දැක්වෙන යම් ලේඛනයක් තිබේ දැයි කොමිසම විමසා සිටි අවස්ථාවේ ඇය සඳහන් කළේ එවැනි ලේඛනයක් නොමැති බවය.

බැටික්ලෝ යුනිවර්සිටි කොලේජ් පෞද්ගලික සමාගම නමින් 2016 වසරේ ජනවාරි 14 දින තවත් ගිණුමක් විවෘත කර ඇති බවද එම ගිණුමේ ගනුදෙනු මෙහෙයවීම සඳහා බලයලත් පුද්ගලයින් ලෙස හිස්බුල්ලා මහතා සහ අහමඩ් ශිරාස් හිස්බුල්ලා යන අය නම් කර තිබූ බවද ඇය කීවාය.

‘‘මෙම ගිණුම විවෘත කළේ බැටික්ලෝ කැම්පස් නම් විශ්වවිද්‍යාලය ඉදිකරන්න. ඒ අනුව අපිට දැනගන්නට ලැබුණා මඩකලපුව ප්‍රදේශයේ අදාළ ඉඩම අත්පත් කරගෙන විශ්වවිද්‍යාලය ඉදිකිරීමේ කටයුතු සිදුවෙමින් පවතිනවා කියලා. එම නිසා අදාළ මුදල් ඒ සඳහා යොදවනවා ඇති කියලා අපි නිගමනය කළා. ඒ නිසා එම ගිණුම සැකකටයුතු ගිණුමක් නොවන බවට තීරණය කළා.

එහෙත් එම තීරණය සම්බන්ධයෙන් යම්කිසි ලේඛනයක් ඉදිරිපත් කිරීමට නොහැකි බව කොමිසම කළ විමසිමේදී සාක්ෂිකාරිය පැවසුවාය.

 



අදහස් (6)

හිස්බුල්ලා සම්බන්ධ බැංකු ගිණුම් 2 කට කෝටි 400 ක් පිටරටින් ලැබිලා

ranjith Tuesday, 24 November 2020 06:38 AM

පොඩි මිනිහෙක් බැංකුවක ගණුදෙණු කරන්න යනකොට තමයි රටේ නැති ඒවා අහන්නේ. මේ ගැන විමසන්න කිසිම නිලධාරියෙක් කටයුතු කළේ නැත්තේ මොකද?

:       1       25

Bayila goya Tuesday, 24 November 2020 07:38 AM

දැන්ද දේශප්‍රේමී ආණ්ඩුව ඇහැරුණේ? දැන් හීනෙන් බයවෙලා වගේ ජාතිවාදී ආකල්ප මතු කරන අරමුණෙන් මාරුවෙන් මාරුවට ... හිස්බුල්ලගෙයි, බදුර්දීන්ගෙයි පුවත් මවනවා. ඒවා ඔක්කොම අපි දන්නවා. ෆයිල් එක වහගන්න ඩ්‍රාමා පුවත් මවනවා කුලියට.

:       2       45

Rasika Tuesday, 24 November 2020 07:59 AM

ඕවා ලන්ඩන් උදව්... හොඳට සොයා බලන්න.

:       1       9

sharm warn Tuesday, 24 November 2020 08:23 AM

අප්පා... හීනෙන් බයවෙලාවත්ද මේ? මම ඒත් බැලුවා මෙතුමාව හලලා කොමිසමේ වැඩයන්නේ කොහොමද කියලා..? මුදල් විශුද්ධිකරණ පනතට අනුව.. මේ වෙලා තියෙන දේ සාධාරණීකරණය කරන්න පුළුවන් ඒවා නොවේ. නමුත් බලධාරීන් ඇස්, කන් පියාගෙන උන්නා.

:       30       5

prabha Tuesday, 24 November 2020 12:56 PM

දැනගන්න ලැබුණා අපි හිතුවා වගේ දේවල් හිතන්න වගකීමක් ඇති නිලධාරියෙක්ට අයිතියක් නැහැ.

:       0       0

Nilantha Tuesday, 24 November 2020 01:02 PM

ගිණුමකට විදේශ මුදල් ලැබීම රටකට අවාසි සහගත ඒවා නෙමෙයි.

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 412 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 329 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 722 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 5384 28

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1989 3

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 774 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 324 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 608 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1755 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site