(බන්ධුල ඉලේපෙරුම)
ළමා අපරාධ නඩු විභාග කිරිම සඳහා නව මහාධිකරණ 09 පිහිටුවීමට යෝජනා කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.ඇල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී අද (05) පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසුවේ පළාත් 09 කේන්ද්‍ර කරගනිමින් එය ක්‍රියාත්මක කරන බවයි.
එමෙන්ම නව ළමා මහෙස්ත්‍රාත් අධිකරණ 07 ක් පිහිටුවීම කෙරෙහි ද අවධානය යොමු කර තිබෙන බවත්, වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ මැදිරි 09 ක්ද අලුතින් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා කීවේය.
ළමා අපයෝජන පිළිබඳ නඩු කටයුතු නියාමනයට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ක්‍රමවේදයක් සකසා ඇති බවත්, ඊට අදාළව එම අධිකාරිය ජාතික දත්ත පද්ධතියක් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
ළමයින් උසාවි වෙත ප්‍රවාහනය කිරීමට සකසා ඇති වැඩපිළිවෙල කුමක්ද යන්න පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රශ්න කළ අතර ලබන මාර්තු මස අවසන් වීමට පෙර ළමා හිතකාමි පොලිස් විමර්ශන මාර්ගෝපදේශ පද්ධතියක් සකසා අවසන් කරන බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.
වීඩීයෝ සාක්ෂි පටිගත කිරීම මඟින් ද්විතික වින්දිතභාවයෙන් ළමයා ආරක්ෂා කරගත හැකිබවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
රටතුළ දැනට පවතින ළමා ආරක්ෂක නීතියේ අඩුපාඩු රැසක් පවතින බවත්, එම විෂමතා හඳුනා ගෙන නව පනතක් ගෙනඒමට ඉදිරියේදී කටයුතු කරන බවද ජී.එල්.පීරිස් මහතා එහිදී සඳහන් කළේය.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
රත්නපුර දිස්ත්‍රික්කයේ ජාතික ඡන්ද තැපැල් ඡන්ද ඡාතික ජන බලවේගය ඡන්ද 24,776ක් ලබා ගත් අතර සමගි ජනබලවේගය ලබා ගත් ඡන්ද සංඛයාව 2969කි. නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරම
පළමු තැපැල් ඡන්ද නිල ප්‍රතිපඵලය මීට සුළු මොහොතකට පෙර නිකුත් කළේය. ඒ අනුව ජාතික ජනබලවේගය ඡන්ද 32296ක් ලබා ගත් අතර සමගි ජනබලවේගයට හිමි වූයේ ඡන්ද 3523කි.
තෙවැනි චාල්ස් රජු සිය 76 වැනි උපන්දිනය රාජකීය කටයුතු වල නියැලෙමින් අද(14) සැමරුවේය. තෙවැනි චාල්ස් රජු අද(14) ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථාන දෙකක් මහජනතාව වෙනුව
මැතිවරණ ප්‍රතිඵලවලින් අනතුරුව කිසිම අයකුට පෙළපාලියාම සදහා අවසර ලබා නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා අද (14) පැවැස
ඡන්ද මධ්‍යස්ථානය තුළදී තම මනාපය සනාථ කිරීමෙන් අනතුරුව එය ඡායාරූප ගත කළ අයකු,14 දින පෙරවරුවේ ආලංකුඩාව මුස්ලිම් මහ විද්‍යාලයේ ශාලා අංක එක පරිශ්‍රයේ දී ඔහ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ළමා අපරාධ නඩු විභාගයට නව මහාධිකරණ 9 ක්
Ruhunu Tuesday, 05 January 2021 06:47 PM
හරියට නීතියක් ක්‍රියාත්මක නොවෙන රටක ගමක්, ගමක් ගානේ උසාවි දැම්මත් ඵලක් නැත.