ලෝක ළමා දිනය වෙනුවෙන් ඔක්තෝබර් (1) වැනි දා දෙහිවල සත්තු වත්ත,පින්නවල සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය අවුරුදු 12 න් පහළ දරුවනට නොමිලේ නැරඹීමට ලබා දෙන බව තිරසාර සංවර්ධන හා වනජීවි වැඩ බලන ඇමැතිනි සුමේධා ජී ජයසේන මහත්මිය පවසයි.
විවිධ සංදර්ශන, චිත්‍ර තරඟ, මැජික් සංදර්ශන ඇතුළු තරඟ හා විනෝද ක්‍රීඩා රැසක් ද සත්වයන් කිහිප දෙනෙකුට නම් තැබීම ද සිදු කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයින්ගේ දිනයට නොමිලේ සත්තු බලලා සතුටු වෙන්න අවස්ථාවක් දුන්නා වගේ, සතුන්ටත් දිනයක් දාලා සත්තු වත්ත වහලා, උන්ටත් නිවීසැනසිල්ලේ විවේක ගන්න අවස්ථාවක් ලබාදෙනවා නම්.... (නි)
ඇත්තටම මේක නම් ගොඩක් හොඳයි
මේක නම් හොඳ වැඩක්. තවත් කලින් දැනුම් දී තිබුනා නම් ඉතා වටිනවා. (නි)
පාර්ලිමේන්තුවටත් එක්කගෙන ගිහින් ඒ දසුන් ටිකත් නොමිලේම පෙන්නුවා නම් වටිනවා නේද? (නි)
දියවන්නා සත්තු වත්ත වහලා ඇති. සමහරු නම් ඉතින් ඔක්තෝබර් 1 දිනේ සමරන අය තමා ඉන්නේ එතන.(බ)