රෝගී දරුවාටද ආරක්ෂාව සැලසෙන පරිදි මවටද පහසුකම් ඇති ඇඳක් හදුන්වාදීමට බෙරැල්ලේ රිජ්වේ ආර්යා ළමා රෝහල සුදානම් වේ.
රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය, මොරටු විශ්වවිද්‍යාලයයේ තාක්ෂණ දායකත්වය ඇතිව මේ ඇඳ නිර්මාණය කරන බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි ඒ හේවගේ මහතා පැවැසීය.
දැනට රෝගී දරුවකු සමග එන මවකට වෙනමම ඇඳක් ඇතැත් දරුවාගේ ආරක්ෂාව තකා බොහෝ විට ඇඳ ළඟ පුටුවක වාඩි වී රැය පහන් කරයි.
දරුවාට හා මවට ප්‍රමාණවත් ඇඳක් නිර්මාණය කිරීම තම අරමුණ බවත් ඒ සදහා තාක්ෂණික දායකත්වය දිය හැකි පිරිස් වෙතොත් 011-2693711 අමතන ලෙසත් අධ්‍යක්ෂවරයා ඉල්ලයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇඳ හදන්න ඕන L අකුරේ හැඩයට, මොකද පුංචි ළමයට ඇඳ දිගට ඕන නෑ (අ)
අනේ ලොකුදෙයක්.ලොකු සේවයක් (ත)
හොද දෙයක් (නි)
රජයේ කර්මාන්ත ශාලාවේ සහය ලබාගන්න කටයුතු කරන්න.(අ)
බොහොම පින්සිදුවෙන වැඩක් නැතිනම් අම්මල විඳින දුක (අ)
ශ්‍රේෂ්ඨ අදහසක් (ත)
ඉතාමත්ම වැදගත් දෙයක්.කාලීන වශයෙන් අත්‍යවශ්‍යයි (දී)