හොදට නොසොදා පිසු ආහාර කෑමට ගත් ඉන්දියා පාසල් සිසුහු 22 ක් මරුමුවට පත් වුහ. 25 දෙනෙක් රෝගාතුර වුහ.
බිහාරයේ පැට්නා අග නුවර සිට කිගෝමීටර් 50 ක් දුරින් පිහිටි ගමක දිවා ආහාරය ගැනීමෙන් මේ සිද්ධිය ඇති විය. බත්, පරිප්පු ,සෝයා සහ අර්තාපල් වලින් ඔවුන්ගේ ආහාරය සමන්විත විය. පොස්පේට් නම් කෘමී නාශකය බහුල වශයෙන් මෙම ආහාර වල තිබු බව සොයා ගෙන ඇත. ඉවීමට පෙර සෝයා සහ අර්තාපල් නොසේදීම නිසා මේ තත්ත්වය ඇති වන්නට ඇතැයි කියති.
එම සෝයා සහ අර්තාපල් නොකෑ ළමයින් ලෙඩ වී නැත.
මිය ගිය අය වයස අවුරුදු අටත් එකොළහත් අතර වේ.
දිවා ආහාරය භාරව සිටි නිලධාරියාගේ වැඩ තහනම් කැර පාසලේ ප්‍රධාන ආචාර්යවරයාට එරෙහිව සාපරාධි නොසැලකිල්ල යටතේ නඩු පැවරීමට යයි.
ළමයින් අසනීපත් සමග ප්‍රධාන ආචාර්යවරයා පැන ගිය බවද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකුම කිල්ල නොසැලකිල්ල.අපේ අය ආදර්ශයට ගනිත්වා (නි)
ලොකුම කිල්ල නොසැලකිල්ල.අපේ අය ආදර්ශයට ගනිත්වා. (අ)
අපිත් ලාබෙට කෘමි නාශක ගන්නේ ඔය රටෙන් නේද? (නි)
අපේ රටෙත් කෘමිනාශක භාවිතය අධිකයි. එලවලු පලතුරු වල රසායනික ප්‍රතිශතය ඉහලයි. එන්න එන්න පිලිකා වැනි රෝගින් වැඩි වන්නේ මේ නිසයි. කාබනික පෝර භාවිතයට යොමු වීම තමා හොඳම දේ (නි)
ඕකව කොටිය කන්න එපැයි පැනල යනකොට ..ළමයි ටික ලෙඩවෙලා මැරෙනකොට මොකාටද දුවන්න දෙපයට වාරු වැටෙන්නේ .දුර්ජන මිනිස්සු , අසරණ දෙමාපියන්ගේ දුක් සෝ ගිනි නිවේවා !!! (අ)
ඉන්දියාවේ සෞභාග්‍යමත් කාලය ඉවරයි. බලන්න ඉදිරියට වෙන දේවල්. (නි)
මෙය අපේ රටෙ සිදුවුනා නම් බලන්න එපැයි අයියලගේ අදහස් (නි)
ඔන්න ඕක තමයි බොලවු යකුනේ ඔහේලට කියන්නේ අපේ රටේ දේවල් වලට ඇගිලි ගහන්න එන්නෙ නැතුව ඔහෙලගේ ඒවා බලාගන්න කියලා. (නි)
ඉන්දියාවෙන් ගෙනල්ලා ඔය කඩවල්වල විකුණන කඩල මුං කවුපි වැනි ඇට වර්ග මුලින් කීප වතාවක් අමුවෙන් සෝදලා තමයි තම්බන්න කලින් පෙඟෙන්න දාන්න ඕනෑ. නැත්නම් ගුල්ලො වහනවට ගහන කෘමිනාශක නොදැනුවත්වම අපට කැවෙනවා. (නි)
අපිව හදන්න එන ඉන්දියාවට කියන්න තින්නේ අපේ දේවල් හොයන්න බලන්න කලින් ඔබේ රටේ අසික්කිත දේවල් හදාගන්න. අපේ රට කොහොමත් දියුණු වෙනවා දැන් යුද්දේ නැති නිසා. ඒක නවත්වන්න කාටවත් බැහැ. (නි)
රුපවති , කොටිය කනවා සැපයි කියලා හිතෙන්න ඇති මිනිසුන්ට අහුවෙලා රෝස් පාන් වෙනවට වඩා නේද ? (නි)
ඔන්න ඕක ආභාෂයට අරන් ඒ ගොල්ලෝ මෙගා චිත්‍රපටයක් හදන්න යනවා. මාර ඇක්ෂන් හා සින්දුත් එක්ක. ලගම ඇති මකුණන් ගෙන් පිරි සිනමා හලට.(නදී)