හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ බෑනා වන ධනූන තිලකරත්න වරෙන්තුකරුවකු වී සිටියදී ඔහුගේ මිත්තනිය ඇලන් විමලා තිලකරත්න (80) 2010 පෙබරවාරි 16 වැනිදා ඔහුට රැකවරණ දී ඇතැයි රහස් පොලිස් කොස්තාපල් අජිත් පතිරණ කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිහාල් පිලපිටිය මහතා ඉදිරියේ සාක්කි දෙමින් ප්‍රකාශ කළේය.
ධනූන ඇගේ පිළියන්දල නිවසේ රැකවරණ ලබන බවට තොරතුරු ලැබුණු බවත් ඔහු කීවේය.
මේ නඩුවෙන් විමලා තිලකරත්න චෝදනා ලබා සිටින්නීය.
යුද හමුදාවට අවි සැපයීමෙන් වංචනික ක්‍රියාවක් කළැයි පවරා ඇති හයිකෝප් නඩුවේ ධනූන තිලකරත්න පළමු වැනි සැකකරු ය.
ධනූන මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.
ඔහුගේ මිත්තනිය ඇප පිට සිටින්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ හැමදාම මොකාක් හරි තියෙනවා නේද කාලෙකට (දී)
ආච්චිට මුණුපුරා ගැන බලන්නේ නැතිව මොනවා කරන්නද කියන්නේ ?(නු)
මොකක්ද වරද? අපේ හමුදාවට අවි සැපයීම? එතකොට කොටින්ට අවි සැපයීම?(නු)
අධි කරණය තීරණය කරයි ඇත්ත නැත්ත (දී)
වරෙන්තු තියෙන ධනුනව විතරක් හොයනව තව කීදෙනෙක් ඉන්නවාද ප්‍රසිද්ධියෙම වරෙන්තු තියන..!(නු)
අජිත් කියන දේ හරි. (නි)
වැරදි කලානම් හැමදාම හැංගෙන්න බැහැ (දී)
අහිංසක ආච්චි..... (නි)
වැරදි නම් කාගෙන්වත් රැකවරණය වැඩක් නැහැ (දී)
කව්රු උනත් වැරැද්ද වැරැද්ද තමයි (දී)
තොරතුරු ලැබිලත් අත්අඩංගුවට ගත්තේ නැත්තේ ඇයි ?(ස)
අයියෝ සල්ලි (දී)
අපි ෆොන්සේකාට අකමැති එක වෙනම කතාවක්. ඒත් ඉතින් මිත්තණිය ආරක්ෂාව දුන්න එකේ ඇති වැරැද්ද මොකක්ද? (නි)
වරෙන්තුකරුවෝ පැත්තකට දාමු. අපරාධකාරයෝ කීයකට විතර රැකවරණ දීලා ඇද්ද අපේ රටේ සමහරු? (නි)
නිතියට අසුකරගන්න අවශ්‍ය තවත් පුද්ගලයින් රැසක්ම අද රට තුළ නිදැල්ලේ සිටිනවා. (නි)
කව්රු කොහොම ආරක්ෂා කරත් නීතියට යටත් වෙන්න ඔනේ (දී)
අහෝ බලය! (නි)
රටේ මෙච්චර අපරාධ වෙද්දී .... අනේ මන්දා! (නි)
පවු ඒ අහිංසක ආච්චි. (නි)
පින්සිදුවේවි ඒ ආච්චි අම්මට කරදර කරන්න එපා (ස)
මටනම් මොකුත් කියන්න බැහැ (දී)
දැන් ඒකටත් නඩුද (දී)