මේ ලිපිය උපුටා ගැනුණේ මා 2019 වසරේ පළ කළ 'ඔබ නොදුටු ලෙනින්' නමැති පරිවර්තන පොතෙනි. මේ කෘතිය වනාහි Thamara Deutscuher නමැති ලෝකප්‍රකට ලේඛිකාව ඉංග්‍රීසියෙන් කළ Not by Politics Alone - The Other Lenin යන සම්මානිත පරිවර්තන ලිපි සංග්‍රහයෙන් තෝරාගත් වැදගත් ලිපි රැසක් සිංහලට නඟා මවිසින් සම්පාදිත වූවකි. සුප්‍රකට දේශපාලන නායක ලෙනින් තුළ අප්‍රකට තව ලෙනින් කෙනෙකු සිටි බව මේ පොතෙන් හෙළි වෙයි. ඒ අනිකෙක් නොව ලෙනින් නමැති සැබෑ මිනිසාය. අපට ඔහු දැකිය හැක්කේ මේ පොතේ එන ලෙනින්ගේ ලිපි හා ඔහු ළඟින් ඇසුරු කළවුන්ගේ මතක සටහන් කියවීමෙනි. විශිෂ්ට මාක්ස්වාදී බුද්ධිමතෙකු වන Leon Trotsky ගේ අපදානය ලිවීමෙන් ලෝකප්‍රකට වූ Isaac Deutscuher නම් ලේඛකයා මේ පොතේ කතුවරියගේ කීර්තිමත් සැමියාය. තම විරුද්ධ වාදීන් මෙන්ම විරුද්ධ මතධාරීන්ද කෙරෙහි ලෙනින් දැක්වූ ආකල්පය හා ඔහුගේ අප්‍රකට පෙම්වතිය ගැන තතු පමණක් නොව, සාහිත්‍යය, නාට්‍යය,සිනමාව, ලේඛකයන්,කලාකරුවන් සම්බන්ධයෙන් ඔහු දැරූ මතද 'ඔබ නොදුටු ලෙනින්' පොත කියවූ කල ඔබට පසක් කරගත හැකි වනු නිසැකය.
කෘතහස්ත විශ්ව සාහිත්‍ය පරිවර්තකයන් මෙන්ම අදීන ලේඛකයන්ද වන ආනන්ද අමරසිරි සහ චූලානන්ද සමරනායක විසින් මගේ එම 'ඔබ නොදුටු ලෙනින්' පොත අරබයා අගතියෙන් තොරව ලියා එවන ලද විචාර දෙකකි. ඒ අතරින් චූලානන්දයන් විසින් රචිත විචාරය එක්තරා පුවත්පත් සාහිත්‍ය අතිරේකයකට යවන ලද මුත් එහි සංස්කාරකවරයාට එය අරුචි විචාරයක් විය. ඔහු එය පළ නොකළේ ලෙනින්ගේ මහා පෞරුෂ්යයට ඔහු අඳ ඇස් ඇත්තෙක් වූ නිසාද නැතහොත් පරිවර්තන ග්‍රන්ථය හෝ පරිවර්තකයා හෝ විචාරකයා හෝ ඔහු නුරුස්නා බැවින්දැයි නොදනිමි. චුලානන්දයන් 'ඔබ නුදුටු ලෙනින්' පොත විමසුමට ගත් තැත ඉදිරි දිනක මගේ FB පත මත පතිත වනු ඇත.
ලෙනින් ගැන තම පුද්ගලික අත්දැකීමක් පාදක කොට ගෙන මෙම ලිපිය ලියූ වී.ඩී.බොන්ච් බෲයේවිච් (1873-1955) 1880 පටන් ක්‍රියාකාරී විප්ලවවාදියෙකි. ඉතිහාසඥයෙකි. මානවවංශ ශාස්ත්‍රඥයෙකි. ග්රන්ථ කර්තෘ වරයෙකි.1917 සිට 1920 දක්වා සෝවියට් මහජන කොමිසාර්වරුන්ගේ කවුන්සිලයේ
- ක්‍රෙම්ලින් ආයතනයේ- පරිපාලනය පිළිබඳ ප්‍රධාන වගකියයුත්තාද විය. 'පුද්ගල වන්දනාව' නමැති මෙම ලිපියෙහි ලා ඔහු හෙළි කරන සිද්ධිය වනාහි වෙඩි වැදීමෙන් තුවාල ලද ලෙනින් ඉන් සුවය ලබන කාල සීමාව තුළ සිදුවූවකි.1918 අගෝස්තු තිස් වැනි දා ඇෆ්.කප්ලාන් නමැත්තිය විසින් ලෙනින්ට වෙඩි තබා තුවාල කරන ලදී. ඇය ලෙනින් විරෝධී සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂ සාමාජිකාවකි. ප්‍රකෘති සිහිය ලබන්නට ලෙනින්ට සති දෙකක් පමණ ගත විය. ඔහු සැප්තැම්බර් මැද හරියේදී යළි තම කාර්යාලයේ සුපුරුදු ලෙස වැඩෙහි නිරත විය.
පුද්ගල වන්දනාව
වී.ඩී.බොන්ච් බෲයේවිච් විසිනි.
දහයට පමණ තම කාමරය තුළට පැමිණි ලෙනින් වහා පුවත්පත් බලන්නට පටන් ගති. පැය බාගයක්වත් ගත වූයේ නැත. හදිසියේම ඔහු තම සීනුව කීප වරක්ම එක දිගට නාද කරනු මට ඇසිණ. යම් කිසිවක් සිදුවී ඇතැයි බිය වූ මම වහා නැගිට ඔහුගේ කාමරය තුළට ගියෙමි. එහි ඇතුළු වන මගේ දෑසට ඔහුගේ මුහුණ හසු විය.සුදුමැලි වී ගිය ඔහු මහත් සේ කැලඹී සිටි බවක් පැහැදිලිවම පෙනිණ. ඔහු මා දෙසට හැරී චෝදනා මුඛයෙන් කතා කරන්නට පටන් ගති.
" මොනවද මේ?ඇයි මේවට ඉඩ දුන්නෙ? පේන්නෙ නැද්ද මේ මිනිස්සු පත්තරවල ලියලා තියන දේවල්? මේක ලැජ්ජා නැති වැඩක්! ඒගොල්ලො මං ගැන තොරතෝංචියක් නැතුව ලියනව. මං මේ වගේ කෙනෙක්ලු. අර වගේ කෙනෙක්ලු. අහස උසට වර්ණනා කරල. උත්පත්තියෙන්ම විශේෂ බුද්ධියක් පහළ වුණු අරුම පුදුම පුද්ගලයෙක් හැටියටයි මාව හඳුන්නල තියෙන්නෙ. මේ හැම එකකම ගුප්තවිද්‍යාත්මක ලක්ෂණයක් ගැබ් වෙලා. මං නැවත සුවය ලබාගත යුතුයිලු. ඒ අයගෙ සාමූහික පැතුම, ඉල්ලුම, යැදුම ඒකයි. මේ විදියට ගියොත් අන්තිමේදී මේ උදවිය යාච්ඤා කරන්නත් පටන් ගනීවි මාව නැවතත් සුවපත් කර දෙන්න කියල. කොහොම වුණත් මේක මහා භයානක තත්වයක්! මේකෙ මුල කොතැනද? අපි මුළු ජීවිතේම කැප කරමින් සටන් කළේ කුමකට විරුද්ධවද? පුද්ගලයා හුවා දැක්වීමට විරුද්ධව නේද? පුද්ගලයා නමැති වීරයාගේ අවසාන කෘත්‍යය අපේ අතින් සිද්ධ වුණේ බොහෝ කලකට පෙරයි. ඒත් මේ ආයෙමත්
භිස ඔසවාගෙන එන්නේ කුමක්ද? පුද්ගලයා හුවා දැක්වීමම නේද? මේක කොහෙත්ම හොඳ වැඩක් නෙවෙයි! මාත් අනිත් හැම කෙනෙක් වගේමයි. හැබැයි මට ප්‍රතිකාර කළේ හොඳම දොස්තරල.ඒ ඇරෙන්න මොකක්ද වෙනස? මට ලැබුණු විදියෙ විශේෂ අවධානය වගේම හොඳ වෛද්‍ය ප්‍රතිකාර හා ආරක්ෂාව අපේ මහජනතාවට තවම ලැබෙන්නෙ නැති බව ඇත්ත. සියලු පහසුකම් පොදු වරප්‍රසාද බවට පත් කරන්න තවම අපට ශක්තියක් නොලැබීමයි ඒකට හේතුව. ඒත් මේ මිනිස්සු මේ පත්තරවලින් මාව ඉස්මතු කරල පෙන්නන්න හදනව. ඒක ඉතාම භයානකයි!"
තමා ගැන රට පුරා මෙතරම් කැලඹීමක් හටගැන්ම ඔහුට මහත් සේ හානිකර විය හැකි යැයි බිය වූ ලෙනින් කොතරම් වේගයෙන් කතා කරගෙන ගියේද යත්, ඒ අතරතුර මට වචනයක්වත් කීමට අවකාශයක් නොලැබිණ. ඔහුගේ කතාව නැවතුණ පසුව මම හෙමිහිට මෙසේ පැවසුවෙමි.
"කෙළවරක් නැති විමසීම්, ලියුම්, ටැලිෆෝන් ඇමතුම්, ටැලිග්රෑම් ආදිය අපේ කන්තෝරුවටත් පුද්ගලිකව
මටත් ගලාගෙන එන්න පටන් ගත්ත.
කර්මාන්තශාලා වෘත්තීය සමිති නියෝජිත පිරිස්ද විශාල සංඛ්‍යාවක් පැමිණියා. ඔබේ පෞද්ගලික ආරක්ෂාව සඳහා යුද නැව් හමුදාවෙන් ආයුධ සන්නද්ධ මුර භට කණ්ඩායමක් එවන්න තීරණය කළ නැවියන් වගේම කම්කරුවන්, ගොවියන් හා සොල්දාදුවන් ආදි හැම කෙනෙකුටම ඕනැ කළේ ඔබේ සෞඛ්‍ය තත්වය දැන ගන්නයි. විශාල වශයෙන් පැතිරුණු මේ ආශාව පුවත්පත් සඟරා ලිපි, වාර්තා, ලියුම් හා සමූහ කම්කරු ව්‍යාපාරවල යෝජනා ආදිය මගින් ප්‍රකාශයට පත් වුණා."
ඉන් පසු ලෙනින් කතා කළේය.
" මේ හැම දෙයක්ම සිතේ
බලවත් හැඟීමක් ඇති කරන බව ඇත්ත.මං හිතුවෙ නෑ මං නිසා හැම තැනකම මේ තරම් භීතියක් උද්වේගයක් ඇති වෙලාය කියල. ඒත් දැන් කළ යුත්තක් තියෙනව. එනම් කාගෙවත් හිත නොරිදවා මේ සියල්ලක්ම නැවැත්වීමට පියවර ගැනීමයි.මේක බොළඳ දෙයක්. හානිකර දෙයක්.ඒ වගේම පුද්ගල භාවයට අයත් කාරිය ගැන අපේ මතයටත් විනිශ්චයටත් පටහැනි වූ දෙයක්.ඒ නිසා ඔබ වහාම ඔල්මින්ස්කියි, ලෙපෙෂින්ස්කියි මුණගැහිල තුන් දෙනා එක්ක ලොකු කුඩා සෑම පුවත් පතකම සඟරාවකම කර්තෘ මණ්ඩල කාර්යාලවලට ගිහින් මෙන්න මේ පණිවිඩය දිය යුතුයි"
"කරුණාකර මා පිළිබඳ සියලුම
ප්‍රචාරයන් ඉතාමත් උපක්‍රමශීලී ආකාරයකින් නවත්වාලීමට පියවර ගනු යෙහෙකි. ඒ වෙනුවට ඔබ හැමගේ ප්රකාශනවල පිටු, වඩා අවශ්‍ය වූත් වඩා සිත් ඇදගන්නා සුලු වූත් දෙයින් පුරවා ලනු මැනවි. කරුණාකර මා වෙනුවෙන් මේ ඉල්ලීම හැකි තරම් ඉක්මනින් ඉෂ්ට කර දෙනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමි".
ඉන් පසු ව්ලැඩිමීර් ඉලිච් තම ලිවීමේ කටයුතුවල නිරත විය.
(ඇම්.ඇස්.ඔල්මින්ස්කි(1863-1933):
බෝල්ෂෙවික් ලේබකයෙකි.පසුව පක්ෂ ඉතිහාසය පිළිබඳ ආයතනයේ සභාපතිවරයා විය).
(පී.ඇන්. ලෙපෙෂින්ස්කි:(1868-1944):
1880දී විප්ලව වාදී ව්‍යාපාරයට බැඳුණි. කලක් තුර්කිස්තානයේ අධ්‍යාපන කොමිසාර් කවුන්සිලයේ ප්‍රධානියා විය. ස්ටාලින්ගේ පාලන කාලයේ විප්ලවය හා ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයේ අධ්යක්ෂ තනතුර දැරීය.)
ලොව ජීවමානව සිටි ශ්‍රේෂ්ඨතම චින්තකයා මාර්තු 14වැනි දා පස්වරු තුනට කාලක් තිබියදී තම චින්තන ක්‍රියාවලිය නතර කළේය. ඔහුට තනිව සිටින්නට ඉඩ හැරියේ යන්තම් වි
ශ්‍රී ලංකා ගුවන්විදුලිය ආරම්භ කොට 2025 දෙසැම්බර් 16 වන දිනට ශත සංවත්සරයක් ආයුෂ සපිරෙයි. එහි පදවීතිහාරයේ හෙවත් ගමන් මගේ සුලමුල ආවර්ජනයට ගත් තැතකි මේ.
සුචරිත ගම්ලත් පණ්ඩිත ශිරෝමණීහු ස්වකීය මානව ජීවන සම්ප්රදානය අරභයා භුවංගත වූයේ ක්රෛස්තවාබ්ද 1934 මැදින් මාසයේ 10 වනදාය.
සිංහල භාෂාව හා ව්‍යාකරණය මෙන්ම පාලි හා සංස්කෘත මිශ්‍ර පැරණි ගද්‍ය පද්‍ය සිංහලයද එසේම ඉංග්රීසියද ව්‍යක්ත ලෙස හදාරා නොමැතිකම නිසා උපන් හීනමානය සඟවා ග
සක් දෙවිගේ ඇරියුමෙන් දෙව්ලොව ගිය ගුත්තිල ගඳඹ ඇදුරිඳු යළි මනුලොවට පැමිණි බව ඇසූ පුරවැසියෝ ඔහු කරා එළැඹ සුරපුර සිරිසර ගැන තොරතුරු හෙළි කරන ලෙස අයැද සිටි
දිගු කලක සිට විශ්වවිද්‍යාලවල ජන සන්නිවේදන අංශ අනුගමනය කරන ක්‍රියාමාර්ගයක් විය. එනම් තම විද්යස්ථානයන්හි ජන සන්නිවේදන පාඨමාලා හදාරන ශිෂ්‍ය ජනයාහට ප්
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
පුද්ගල වන්දනාව