සුචරිත ගම්ලත් පණ්ඩිත ශිරෝමණීහු ස්වකීය මානව ජීවන සම්ප්රදානය අරභයා භුවංගත වූයේ ක්රෛස්තවාබ්ද 1934 මැදින් මාසයේ 10 වනදාය. එතුමන් තම ජාත භූමි ජනතාවගේ ඥාන නයනෝන්මීලනය උදෙසා දැරූ උත්කෘෂ්ට පරිශ්රම නිමවා 79 වන වියේදී දිවංගත වූයේ ක්රෛස්තවාබ්ද 2013 මැදින් මාසයේම 30 වන ශනිදාය. ඒ මීට පුරා 12 වසරකට පෙරය.
මෙවේලේ මගේ ස්මෘති පත්ලෙන් එක්තරා අතීත සිද්ධියක් ඉබේම උද්ගතව ඒම කෙසේ වළකම්ද?
මුනිදාස කුමාරතුංග පඬිතුමා එලෝ බලා ගොස් හරියටම මසකුත් දින 06 ක් ගෙවුණු 1944 අප්‍රේල් 08 වැනිදා
'සිංහල බෞද්ධයා' පුවත්පතෙහි පී.මලල්ගොඩ කවියා විසින් පළ කරන ලද 'වීරයකුගේ සොහොන ළඟ' යන මැයෙන් යුත් පැදි පෙළින් උපුටා ගත් පැදියක් යැ මේ.
මුවින් ගිලිහුණු එකමැ පදයකැ රසය ගැටලුව සොයා යළි යළි
සොවින් සන්තාපයෙන් මිරිකී හෙළමි මම උණු කඳුළු ගුළි ගුළි
ඔබෙන් හිස් වුණු නිසා සත් රඟ මඬල මින් පසු නැති වැ විළි පිළි
ඉතින් කාටත් බැලියැ හැකි වෙයි මහ දවල් බක මුහුණු නළු කෙළි
මුනිදාස කුමාරතුංගයන් වැනි භාෂා ප්‍රාඥයෙකුගේ අභාවයෙන් පසු එතෙක් අඳුරේ සැඟවී හුන් භාෂා අඥයන් කාඩ්බෝඩ් පණ්ඩිතයන්ගේ වෙසින් කලඑළියට එනු ඇතැයි යන අනාවැකිය මලල්ගොඩ කිවිඳුන් එදා උපහාස මුඛයෙන් පැවසුවේ එසේය. එදා කෙසේ වෙතත් ඒ අනාවැකිය මෙකල මෙලක නම් ප්රත්යක්ෂ සත්‍යයක් බවට පත්ව ඇතැයි පැවසීම කවර වරදද?
මා සන්මිතු සුචරිත ගම්ලතු අරබයා පහත දැක්වෙන දෙපැදිය මගේ අතින් බැඳුණේ එය සිහිවීමෙනි.
කතු හට 'ටෙන් පසන්ට්' පිළිවෙත රැකගත්තූ
පොත් පළ කරන අපෙ සිංහල
සිරිමත්තූ
දන සම්මාන දී කතු හට
දුප්පත්තූ
සාහිතෙ නඟනු දක්නට නැත
ගම්ලත්තූ
වැකි නොලියැකිවුන්ද ලැබ දන සම්මාන
සිකි මෙන් රඟන කල වස මග පෙන්නාන
දකිනෙම් පාළු බව සාහිත රජදාන
සකි නැති හෙයිනි උන්ගේ ඒ අබිමාන
මගේ සන්මිත්‍ර සුචරිත ගම්ලතුන්ගේ ප්රශස්ත සංස්කෘත පාණ්ඩිත්‍යයට ප්රණාම පිණිස මවිසින් සකු බසින් විරචිත මේ ශ්ලෝක චතුෂ්කයට මෙසේ සරල සිංහල භාවාර්ථයන්ද ලියූවේ සකු බස නොදත් රසිකයන්ගේ සුඛාවබෝධය පතාය.
මුග්ධ පණ්ඩිතමානි ජන ගජ කුම්භ නාශන කේශර
ශාස්ත්‍ර සේවිත විබුධ ජන ගණ ශීර්ෂ ශෝභන ශේබර
පාලි සංස්කෘත සිංහලාංගල ඥාන මාණික්‍ය ආකර
අචල මානව භක්ති පූරිත සාහිත්‍ය
රස සාගර
(මෝඩ අහංකාර පණ්ඩිතයන් නමැති ඇතුන්ගේ කුඹු තල පළන කේශර සිංහයෙකි. ශාස්ත්‍ර උගත් නැණවත් දනන්ගේ හිස සරසන මුදුන් මල්කඩකි. හෙළ පෙළ සකු ඉංගිරිසි යන බස් දැනුම් සයුරකි. නොසැලෙන මිනිස් බැතියෙන් සපිරි සාහිත රස සයුරකි.)
ශාස්ත්‍ර සාගර සමාන ප්‍රාඥ ජන
ගණ ආශ්රිත
ඥාන ප්‍රදීපායමාන ග්රන්ථ රත්න
පරිශීලිත
ස්වාධීන විද්වජ්ජන චරිතාංග
උපශෝභිත
කෘතවේදී ශිෂ්‍ය භෘංග ගුරු ගුණ
ගායන ගායිත
(සතර සයුරු වැනි නැණැති දනන්ම ඇසුරු කළ අයෙකි. නැණ පහන් වැනි ගත් රුවන්ම හැදෑරූවෙකි. නිවහල් විද්වත් චරිත ගතියෙන් හොබින්නෙකි. කෙළෙහි ගුණ දත් සිසු බිඟුන් ගුරු ගී ගයා පුදන්නෙකි.)
අවිචාර ප්රචාරක විචාරක ගණ
දුෂ්ට
බහුශ්‍රුත වේශ ධර අපණ්ඩිත ජන
කෂ්ට
රස භාව හීන ජන මාතෘ භාෂා
භ්රෂ්ට
ප්රමර්දිත නිර්භීත විද්වාන්
උත්කෘෂ්ට
(දුෂ්ට අවිචාර විචාරක ප්රචාරකයන්ද, ඇසූපිරූ වෙසින් පෙනී සිටින බොරු පණ්ඩිතයන්ද, මව්බස කෙලසන රස හීනයන්ද, නොබියව මැඩලූ උතුම් පැණවතෙකි.)
කර්ණ රසායන විචිත්‍ර ආකර්ෂණ
භාෂණ
හෘදය ආස්වාද ජනක රස පූර්ණ
ලේඛන
මිථ්‍යා මත දූරි භූත ප්‍රති
වාදාරෝපණ
සුචරිත පණ්ඩිත මූර්ති ලංකෘත මණි භූෂණ
(කන් පිනන සිත් අදන විසිතුරු බසින් කියන, හද පොබයන රස පිරි බසින් ලියන, විරුද්ධ වාද නගමින් බොරු මත දුරලන, සුචරිත පඬිඳු මනරම් මිණි අබරණකි.)
ලොව ජීවමානව සිටි ශ්‍රේෂ්ඨතම චින්තකයා මාර්තු 14වැනි දා පස්වරු තුනට කාලක් තිබියදී තම චින්තන ක්‍රියාවලිය නතර කළේය. ඔහුට තනිව සිටින්නට ඉඩ හැරියේ යන්තම් වි
ශ්‍රී ලංකා ගුවන්විදුලිය ආරම්භ කොට 2025 දෙසැම්බර් 16 වන දිනට ශත සංවත්සරයක් ආයුෂ සපිරෙයි. එහි පදවීතිහාරයේ හෙවත් ගමන් මගේ සුලමුල ආවර්ජනයට ගත් තැතකි මේ.
සුචරිත ගම්ලත් පණ්ඩිත ශිරෝමණීහු ස්වකීය මානව ජීවන සම්ප්රදානය අරභයා භුවංගත වූයේ ක්රෛස්තවාබ්ද 1934 මැදින් මාසයේ 10 වනදාය.
සිංහල භාෂාව හා ව්‍යාකරණය මෙන්ම පාලි හා සංස්කෘත මිශ්‍ර පැරණි ගද්‍ය පද්‍ය සිංහලයද එසේම ඉංග්රීසියද ව්‍යක්ත ලෙස හදාරා නොමැතිකම නිසා උපන් හීනමානය සඟවා ග
සක් දෙවිගේ ඇරියුමෙන් දෙව්ලොව ගිය ගුත්තිල ගඳඹ ඇදුරිඳු යළි මනුලොවට පැමිණි බව ඇසූ පුරවැසියෝ ඔහු කරා එළැඹ සුරපුර සිරිසර ගැන තොරතුරු හෙළි කරන ලෙස අයැද සිටි
දිගු කලක සිට විශ්වවිද්‍යාලවල ජන සන්නිවේදන අංශ අනුගමනය කරන ක්‍රියාමාර්ගයක් විය. එනම් තම විද්යස්ථානයන්හි ජන සන්නිවේදන පාඨමාලා හදාරන ශිෂ්‍ය ජනයාහට ප්
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
සන්මිතු ගම්ලතු