IMG-LOGO

2024 නොවැම්බර් මස 21 වන බ්‍රහස්පතින්දා


අම්මලාට ලෙඩ වැඩි වෙන්න ප්‍රධාන හේතුව

(උපදෙස් - සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍යය පිළිබඳ විශේෂඥ වෛද්‍ය යමුනා එල්ලාවල) 

ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි  ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද? 

මේ සටහන කියවන ඔබ මවක් නම් ඔබ දරුවන් ගැන, සැමියා ගැන වද වෙන තරමට  ඔබ ගැන හිතලා තියෙනවද? 

මේ සටහනින් අපි පෙන්වා දෙන්නේ ඔබේ අම්මා ගොදුරු විය හැකි මානසික ගැටලු  ගැනයි. එහෙත් විශේෂයෙන් මතක තබාගත යුත්තකුත් තිබෙනවා. ඒ මානසික රෝග හැදෙන්න කාලයක්, වයසක්, තරාතිරමක් බලපාන්නෙ නැති බව. 

මානසික ගැටලුවක් ඇතිවෙන්න නම්  බොහොවිට ඊට හේතුවක් බලපානවා. අපි ඒ හේතු ගැන මුලින්ම කතා කරමු. 

රැකියාවෙන් විශ්‍රාම ගියාට පස්සෙ 

විශ්‍රාම යාමත් සමගම තමන්ට කලින් තිබූ සමාජ තත්ත්වය සහ සමාජයේ පිළිගැනීම යම් තරමකින් අඩු වූ බවක් ඇයට දැනෙන්න පුළුවන්. තමාගේ වටිනාකම අඩු වූවා සේ දැනීම ආත්මාභිමානයට බෙහෙවින්ම බලපානවා.  රැකියාව නිසා ගොඩනැගුණු සමාජ සබඳතාවලින් ඈත්වීමට සිදුවීම තුළින් තමා හුදකලා වූ බවක් ඔවුන්ට දැනෙන්න පුළුවන්. 

ගෙදර හිටිය දරුවො දැන් නෑ 

උසස් අධ්‍යාපනය,  රැකියා මෙන්ම විවාහවීම නිසා දරුවන්ට මවුපියන්ගෙන් ඈත් වී වාසය කරන්න සිදුවීම සාමාන්‍යයි.  එවිට හිස් වූ කැදැල්ලක, තමන් තනි වූවාක් වැනි හැඟීමක් ඇයට ඇතිවෙන්න පුළුවන්.  තමන්ට අයිතිව තිබූ දෙයක්  අහිමි වීමක්, වියෝවීමක්, තනිකමක්, පාළුවක් හෝ  තම දරුවන් පිළිබඳ බියක්  ඇතිවෙන්නත් පුඦඵවන්. 

සැමියා මිය ගියොත් ඇතිවෙන තනිකම 

තමන් සමග බොහෝ කලක් එකට දුක සැප බෙදා ගෙන සිටී සැමියා තමාගෙන්  වෙන් වූ විට එය බිරිඳකට මානසිකව විශාල ලෙස බලපානවා.  සමහරවිට ඇය එය දරවන්ට පෙන්වන්නේ නැහැ. එහෙත් ඇය නිරන්තරයෙන් ඉන්නේ දුකෙන්. 

සබඳතා  දුරස්වෙන්න පටන් ගත්තම

වැඩිහිටිවියට එළඹිමත් සමග අද බොහෝදෙනෙකුට ඇතිවන රෝගී තත්ත්වයක් තමයි  ඇවිදීමේ අපහසුතා ඇතිවීම. මේ නිසා අම්මලාට වෙනදා වගේ අසල්වැසියන් සහ ගමේ උදවිය සමග සබඳතා පවැත්වීම අපහසුවෙනවා. එයත් ඇයගේ මානසික සෞඛ්‍යයට අහිතකර ලෙස බලපානවා. 

ආර්ථික ගැටලු 

ආර්ථික ගැටලු හේතුවෙන් අද දුක් විඳින්නේ නැත්තේ කවුද? ගෙදර බර උහුලන පියවරු වගේම ඔහු සොයන මුදලෙන් නිවෙස් සහ දරුවන්ගේ සියලු කටයුතු සිදු කරන්නේ කෙසේදැයි  සිතාගත නොහැකිව මවුවරු කෙතරම් අසරණ වී සිටිනවාද? ඒ වගේම තමන්ට මුදල් උපයා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්වීම සහ අනුන්ගෙන් යැපීමට සිදුවීම නිසාත්  මවුවරු මානසික පීඩා විඳිනවා. 

කායික සෞඛ්‍ය ගැටලු

වයසට යාමත් සමග මස්පිඩුවල ප්‍රමාණය අඩුවීම සහ අස්ථි දිරායාම  සිදුවෙන්න පුළුවන්.  සන්ධි වේදනා, කොන්දේ  කැක්කුම් ආදිය නිසා වෙනදා මෙන් වේගයෙන් ඇවිදීමට, පඩිපෙළ නැඟීමට හෝ බැසීමට අසීරුතා ඇති විය හැකියි. පෙරට වඩා තමන්ට ක්‍රියාශීලීවීමට නොහැකිවීම නිසා සිත් තැවුලින් පසුවීමත් මානසික යහපැවැත්මට අහිතකර ලෙස බලපානවා.

අද තරුණ විය ඉක්මවා යද්දීම බොහෝදෙනා බෝ නොවන රෝගවලට ගොදුරුවෙනවා.  දියවැඩියාව, කොලොස්ටරෝල්, අධික රුධිර පීඩනය වැනි රෝග නිසා පීඩා විඳින මවුවරුන් මානසිකව කඩා වැටෙන්න තිබෙන අවස්ථා වැඩියි. 

වැඩිපුරම ගොදුරු වෙන්නේ ඩිමෙන්ෂියාවට 

වැඩිහිටියන් වැඩිපුරම ගොදුරුවන මානසික රෝගී තත්ත්වය වන්නේ ඩිමෙන්ෂියාවයි. එහෙත් එය වැඩිහිටිවියේදී පමණක් හැදෙන රෝගයක් යැයි මෙහිදී වැරදි වැටහීමක් ඇති නොකරගත යුතුයි. එය ඕනෑම වයසක පුද්ගලයෙකුට වැලඳිය හැකියි. 

ඩිමෙන්ෂියාව යනු මතකය, සංජානන හැකියාවන්, හැසිරීම්වලට බලපාන රෝගවලදී දැකිය හැකි තත්ත්වයක්. එය පුද්ගලයෙකුගේ  එදිනෙදා ක්‍රියාකාරකම් කර ගැනීමට විශාල ලෙස බාධා කරනවා. 

ඩිමෙන්සියාට ඇති ප්‍රධානම අවදානම සාධකය වැසයි. වයස්ගතවිමත් සමග එහි අවදානම තවත් වැඩිවෙනවා. 

අම්මා ගැන සැලකිල්ලෙන් ඉන්න 

කෙසේ වෙතත් ඔබේ මවගේ හැසිරීමේ සහ කතාබහේ යම් වෙනසක් දක්නට ඇත්නම් එම තත්ත්වය නොසලකා හරින්නේ නැතිව වෛද්‍ය උපදෙස් ලබාගන්න.  සමහරවිට ඇය එයට අකමැති වේවි. එහෙත්  ඇය සමග ආදරයෙන් කතා කර ඊට කැමති කරවාගන්න.

අම්මාවරු යනු කවදාවත් තමන්ගේ ලෙඩ ගැන සිතන පිරිසක් නොවෙයි. ඔබ මවක් නම් ඔබට සිතේ යම් වෙනස්කමක් දැනෙනවා නම් දරුවන්ට හෝ සැමියාට ඒ බව පවසන්න. එසේත් නොහැකි නම් ළඟම ඥාතියකුට හෝ පවසා වෛද්‍ය උපදෙස් ලබාගන්න. 

උදේශිකා නෙලුම්දෙනිය 

 



අදහස් (0)

අම්මලාට ලෙඩ වැඩි වෙන්න ප්‍රධාන හේතුව

ඔබේ අදහස් එවන්න

දියත

ආන්දෝලනාත්මක අපරාධ වලට දඩුවම් දෙනවා
2024 නොවැම්බර් මස 21 42 0

සැමට බියෙන් සැකෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් බිහිකරන බවට අප ප්‍රතිඥා දෙන බව ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


ප්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක පාර්ලිමේන්තුවක් බිහිවී තිබෙනවා
2024 නොවැම්බර් මස 21 271 0

ප්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක බවින්ද යුත් පාර්ලිමේන්තුවක් බිහිවී ඇති බව ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය


ගත් ආකාරය කියන්න බැරි මෝටර් රථයක් සී.අයි.ඩී. බාරයට
2024 නොවැම්බර් මස 21 320 0

හිටපු ප්‍රබල අමාත්‍යවරයකුගේ බෑණාට අයත් යැයි සැලකෙන මර්සිඩීස් බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ භාරයට ගෙන ඇතැයි එම


පාර්ලිමේන්තු සභා වාරය යළි ඇරැඹෙයි
2024 නොවැම්බර් මස 21 2400 0

දසවැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය පෙ.ව 11.30 ට යළි නිල වශයෙන් ඇරැඹිණි.


අලුත් පාර්ලිමේන්තුව විවෘත කරන්න ජනපති එයි
2024 නොවැම්බර් මස 21 340 0

දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය විවෘත කිරීම සඳහා ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවට පැමිණියේය.


කෝටි 500ක කුඩු මාතරින් අල්ලයි
2024 නොවැම්බර් මස 21 697 0

රුපියල් කෝටි 500 කට අධික හෙරෝයින් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 240 ක තොගයක් සමග මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයින් 10 දෙනකු සැක පිට අත්අඩංගුවට ගත්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 444 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 684 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1945 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site