IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


ඇස් අන්ධකරන‘ග්ලුකෝමා‘

ග්ලෝකෝමා යනු ලංකාවේ පමණක් නොව ලොව පුරා ජනයා සදාකාලික අන්ධභාවයට පත් කරන ප්‍රධානම රෝගී තත්ත්වයක් වන අතර, අන්ධභාවයට බලපාන තෙවැනි හේතුවද මෙය වේ. ලෝකයේ අන්ධ පුද්ගලයන්ගෙන් සියයට 30ක් 40කටම හේතුව ග්ලෝකෝමා තත්ත්වයයි.

ග්ලෝකෝමා යනු ඇහේ පීඩනය වැඩි වීම නිසා ඇහේ ස්නායුවල තෙරපීමක් ඇති වී පෙනීම ක්‍රම ක්‍රමයෙන් අඩු වී යාමකි. එනම් ඇහේ ස්නායුවලට සිදුවන බලපෑම් නිසා ස්නායු විනාශ වීම නිසා ඇති වන තත්ත්වයකි. එහි අවසන ප්‍රතිඵලය අන්ධභාවයට පත් වීමයි.

ග්ලෝකෝමා ඇති වීමට හේතු

සාමාන්‍යයෙන් අපේ රටේ පුද්ගලයකුගේ ඇහේ පීඩනය පැවැතිය යුතු වන්නේ 10ත් 20ත් අතර මටටමකය. එය සාමාන්‍යවේ. ග්ලෝකෝමාවලද විවිධ ප්‍රභේද පවතින නිසා ඇහේ පීඩනය සාමාන්‍ය වුවද එනම් 10ත් 15ත් අතර පීඩන මට්ටමක පැවතියද සියයට 15කට පමණ පිරිසකට ග්ලෝකෝමා ඇති විය හැකිය. ඒ වගේම ඇහේ පීඩනය 18ත් 28ත් අතර පවතිද්දී ඇහේ දුර්වලතාවක් ඇති නොවීම පසුවට ග්ලෝකෝමා ඇති වීමේ අවදානමක් පවතී.මෙම තත්ත්වය අධික අක්ෂි පීඩනය නම් වේ.

අවදානම් පාර්ශ්ව

පවුලේ ග්ලෝකෝමා ඉතිහාසයක් ඇත්නම් එවන් පුද්ගලයකුට ග්ලෝකෝමා වැළඳීමේ වැඩි ඉඩකඩක් පවතී. ඒ අනුව පවුලක මව සහ පියා ග්ලෝකෝමාවලින් පෙළේනම් දරුවන්ට එය වැළඳීමේ සම්භාවිතාව සියයට 30කි. සහෝදර සහෝදරියන් ග්ලෝකෝමා තත්ත්වයට ගොදුරුව ඇත්නම් සෙසු සහෝදරයන්ට ඇත්තේ සියයට 60ක සම්භාවිතාවකි. මෙය ප්‍රවේණිගත ග්ලෝකෝමා තත්ත්වයයි. තවද වයස්ගත වනවිට ඇහේ පීඩනය ක්‍රම ක්‍රමයෙන් වැඩි වීම නිසා ඇහේ දුර්වලතාව වර්ධනය වී ග්ලෝකෝමා තත්ත්වයට ගොදුරු විය හැකිය. සාමාන්‍යයෙන් අවුරුදු 40න් පටන් ගෙන අවුරුදු 45න් නැත්නම් 50න් වැළඳිය හැකිය. එසේම දියවැඩියාව, අධික රුධිර පීඩනය ඇති අයටද ග්ලෝකෝමා ඇති වීමේ අවදානමක් පවතී. සමහර පුද්ගලයන් දීර්ඝ කාලයක් ගන්නා බෙහෙත් නිසාද මේ තත්ත්වය ඇති වීමට පුළුවන.

උදාහරණයක් ලෙස ‘steroid‘ ගණයේ ඖෂධ වර්ග දිගු කලක් පුරාම ඇහැට දැමීමේ අතුරුපලයකි. ඇතැම් විටෙකදී අවිදුර දෘෂ්ඨිකත්වයෙන් පෙළෙන පුද්ගලයන්, මීට ප්‍රථම ඇහැට අනතුරු සිදු වූයේ නම් එවැනි පිරිස්ද අවදානම් කණ්ඩායමේ වෙති.

රෝග ලක්ෂණ

ග්ලෝකෝමාවලදී ප්‍රධාන කොටම කිසිඳු ලක්ෂණයක් බාහිරෙන් නොපෙන්වයි. සියයට 80කට පමණ පිරිසකට මෙයාකාරයට රෝග ලක්ෂණ නොදැනේ. ඇහේ පීඩනය ක්‍රමයෙන් වැඩි වෙමින් යාම මීට හේතුවය. පීඩනය වැඩි වනවිට ඇහැට කිසිඳු සංවේදනයක් නොදැනේ.

ග්ලෝකොමා පවතිද්දී වුව ඇහේ කැක්කුමක් නැති වීම, ඇහැ රතු නොවීම, කඳුළු ගලා නොඒම වැනි ලක්ෂණ තිබිය හැකි අතර මේ තත්ත්වය සුලබ වේ.

එහෙත් Primary Angel Closure ග්ලෝකෝමා තත්ත්වයේදී ඇහැ රතු වීම, ඇසේ කැක්කුම, පෙනීම අඩු වීම වැනි රෝගාබාධ එකවර මතු වීමට පුළුවන. මේ තත්ත්වයට බොහෝවිට කාන්තා පාර්ශ්වය වැඩිපුරම ගොදුරු වේ.

අපි මීට ප්‍රථම කතා කළ රෝග ලක්ෂණ නොපෙන්වන ග්ලෝකෝමා තත්ත්වයේදී පෙනීම අඩු නොවීමට හේතුව එමගින් ඇහේ වටපිටාව බැලීමට ඇති ස්නායු දුර්වල කිරීමයි. මෙහිදී තමා ඉදිරියේ ඇති රූප හොඳින් පෙනෙන අතර වටපිටාවේ රූප නොපෙනී යාමට පටන් ගැනේ. මේ තත්ත්වය කල් යද්දී තමාට සෘජුවේ ඇති රූප පවා නොපෙනී යාම දක්වා වර්ධනය වේ. එපමණක් නොව පොත්පත්වල අකුරු කියැවීමට නොහැකි වීම, පුද්ගලයකු අඳුරා ගැනීමට අපහසු වීම දක්වා දුර දිග යයි. ග්ලෝකෝමාවල දරුණුකම කියන්නේ මේ තත්ත්වය මතුවන්නේ රෝගයේ අවසාන අදියරේදී වීමයි. එනම් ඇස් අන්ධ වීමට ඉතා ආසන්නයේදීය. මේ තත්ත්වය Tunnel Vision වේ. ඇතැම් විටෙකදී මේ මොහොත වනවිටත් පොත් පත් කියැවීමට පෙනීම බාධාවක් නොවන අවස්ථාද ඇත. එනම් පුද්ගලයකුගේ පෙනුම 6න් 6 තිබිය හැකිය. ඒත් Visual field පරීක්ෂාවේදී ඇහේ නොපෙනීමේ දුර්වලතාව හඳුනා ගැනේ.

ග්ලෝකෝමාව හඳුනා ගැනීම

ඉහත සඳහන් කළ අවදානම ඇති පුද්ගලයන් ,අවුරුදු 40ට වැඩි පිරිස් වසරකට වරක්වත් අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයකු හමුවී ග්ලෝකෝමාව සඳහා අක්ෂි පරීක්ෂාව සිදු කර ගත යුතු වේ. ඇස් පරීක්ෂාව අක්ෂි ඒකකයක් ඇති ඕනෑම රජයේ රෝහලකින් හෝ ඕනෑම ශික්ෂණ හෝ මහ රෝහලකින් හෝ ඇතැම් මූලික රෝහල්වලින් නොමිලේ කර ගත හැකිය.

ග්ලෝකෝමාව හඳුනා ගැනීම සඳහා දෘෂ්ඨි ස්නායු පරීක්ෂාව, ඇසේ පීඩනය මැනීම, ඇසේ දෘෂ්ඨි පරාසය මැනීම, ස්නායු සඳහා OCT පරීක්ෂණ පවා සිදු කෙරේ. මේවා අතුරින් OCT ස්කෑන් පරීක්ෂණය නව ක්‍රමවේදයක් වන අතර එමගින් අක්ෂි ස්නායු පටලයේ ඝනකම පරීක්ෂා කර බැලේ. ස්නායු විනාශ වෙද්දී ගණකම මයික්‍රෝ ගණනින් අඩුවී යයි. සාමාන්‍යයෙන් එම අගය සියයට 2ක් හෝ සියයට 3ක් වෙද්දී ග්ලෝකෝමා පළමු අදියරේදීම හඳුනා ගත හැකිය. ඒ අනුව මෙකී රෝගී තත්ත්වය පාලනය සඳහා ඖෂධ ප්‍රතිකාර, ලේසර් කිරණ ප්‍රතිකාර සහ ශල්‍ය ප්‍රතිකාර ක්‍රමද පවතී. රෝගී තත්ත්වයට වැඩිදුර පරීක්ෂණ හා ප්‍රතිකර්ම අවශ්‍ය වූ විට රෝගියා ශික්ෂණ රෝහලක් කරා යොමු කෙරේ. ඒ වනවිටත් රෝගියාගේ පෙනීම ග්ලෝකෝමාව නිසා දුර්වල වී ඇත්නම් ඒ සඳහා අවැසි දෘෂ්‍යාධාර උපකරණ හා අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා දීමට විශේෂ සායනද ශික්ෂණ රෝහල් තුළ ස්ථාපිත කර ඇත.මෙයට අමතරව පෞද්ගලික රෝහල්වලද අක්ෂි පරීක්ෂාව සහ අවශ්‍ය පරීක්ෂණ සඳහා පහසුකම් ඇත.

එමෙන්ම ග්ලෝකෝමා රෝගියකු ඇසට නිවැරැදි අයුරින් බෙහෙත් දැමිය යුතුය. ඒ නිසි වෛද්‍ය උපදෙස් අනුවය. ග්ලෝකෝමා රෝගීන්ගේ ඇසට දැමීමට විශේෂ බෙහෙත් වර්ග ගණනාවක්ම ඇත. ග්ලෝකෝමා මට්ටම අනුව ඇහැට දමන බින්ඳු ප්‍රමාණය ( Eye Drop) කොතෙක්ද යන්න තීරණය කෙරේ. රෝගීන්ගෙන් බහුතරයක්ම ඇහැට දමන බින්ඳු ප්‍රතිකාරය ( Eye Drop) මගින් ඇහේ පීඩනය 14ට 15ට වගේ අඩු කර ගත හැකිවේ. ඊට අමතරව තාවකාලිකව Acetazolamide ගණයේ පෙති වර්ගද යොදා ගැනේ. මෙම පියවර අනුගමනය කරලත් ඇහේ පීඩනය අඩු නොවේ නම් පමණක් Trabaculectomy නම් සැත්කම නිර්දේශ කෙරේ. එමගින් ඇහැ තුළ ඇති දියරය ඇහේ පිටතට ගලායාම පහසු කරවයි. මෙය සැක්තමක් වුවද ඇහේ පීඩනය අඩු කරනවා පමණක් නොව ඇහැට දමන බින්දු ප්‍රතිකාර ක්‍රමය සම්පූර්ණයෙන්ම නැවැත් වීම හෝ ප්‍රමාණය අඩු කිරීමද සිදු වේ.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (1)

ඇස් අන්ධකරන‘ග්ලුකෝමා‘

K Nipuna Udeshka Friday, 09 February 2024 11:10 AM

දැන් දවස් 3ක් වගේ ඉදන් මගේ ඇස් දෙකෙන් මීදුම වගේ පේනව. සමහර වෙලාවට නැතුව යනවා. මං බයික් එකේ යන වෙලාවට කිසිම ප්‍රශ්නයක් නෑ. හොඳට පේනවා. ඒත් එක තැන ඉන්නකොට මට ආයෙත් මීදුම වගේ පේන්න ගන්නව. Light තියෙන තැන් වලදි ඒක ගොඩාක් වැඩී. මේකට මං මොකද කරන්න ඕනෙ.

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

දළදා වන්දනාවේ ආරක්ෂාවට බුද්ධි අංශයේ 1000ක්
2025 අප්‍රේල් මස 19 164 0

මහනුවර දළදා වන්දනාවට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා බුද්ධි අංශ නිලධාරීන්ද දහසක් යොදවා ඇති බව පොලිසිය පවසයි.


අතිරේක භෝග වගාවට 15000ක සහනාධාරයක්
2025 අප්‍රේල් මස 19 148 0

යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.


තියෙන නීති මදි නම් ජාතිවාදයට එරෙහිව අලුත් නීති හදනවා
2025 අප්‍රේල් මස 19 491 0

දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.


ආණ්ඩුව මන්තර වගේ බොරුව ජප කරනවා
2025 අප්‍රේල් මස 19 260 0

මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.


කුරුණෑගල පැරණි ස්මාරක රැසකුත් කළුගල් කොරිවලට බිලි
2025 අප්‍රේල් මස 19 556 0

කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි


ඇමති බංගලා වලට දෙස් විදෙස් ආයෝජකයෝත් පොරයක
2025 අප්‍රේල් මස 19 1376 0

කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 133 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 226 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 394 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site