රටේ උද්ගතව ඇති අර්බුදකාරී වාතාවරණයත් සමග ප්‍රවාහන සේවාවේද ගැටලුකාරී තත්ත්ව පැන නැගී ඇත. මෙම අවිනිශ්චිත වාතාවරණය හමුවේ දරු ප්‍රසූතිය සඳහා සූදානම් වන මවක් ඒ පිළිබඳ වෙනදාටත් වඩා වැඩි අවධානයක් , සංකූලතා ගැන විශේෂ සැලකිල්ලක් දැක්වීම අත්‍යවශ්‍ය වේ. ගැබිණි මවුවරුන්ට ඒ උදෙසා වන උපදෙස් මාලාවක් පහත ලිපියේ දැක්වේ.
දරු ප්‍රසූතියට සුදුසුම රෝහලයි
පසුගිය දශක කිහිපය පුරාම සෞඛ්‍ය සේවා පද්ධතියේ ඇති වූ ප්‍රගතියත්, දරු ප්‍රසූති අතුරින් සියයට 99.9ක්ම රෝහල්වල සිදු වීමත් හේතු කොට ගෙන ලංකාව ආසියාවේ අඩුම මාතෘ මරණ සහ ළදරු මරණ අවම රටක් ලෙස පිළිගෙන ඇත.
එයාකාරයෙන්ම මාතෘ මරණ සහ ළදරු මරණ අනුපාතිකය අවම මට්ටමක පවත්වා ගෙන යාම සඳහා දරු ප්‍රසූතිය සඳහා සුදුසුම ස්ථානය රෝහලකි. මන්ද ඕනෑම ගර්භනී කාන්තාවකට සෞඛ්‍ය ප්‍රශ්න රහිත පූර්ව ප්‍රසව කාල පරිච්ඡේදයක් තිබුණද දරු ප්‍රසූතියේදී සංකූලතා ඇති විය හැකියි. ඒ සඳහා ප්‍රමාණවත් පහසුකම් මෙන්ම පුහුණු සහ නිපුණ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලින් අපේ රටේ රෝහල් පද්ධතිය සමන්විතව ඇත.
ගැබිණි මවකට ප්‍රසව ලකුණු කලින් මතු වුවහොත්
එනම් පහළ උදරයේ වේදනාවක්, වතුර බෑගය කැඩී ගොස් නම් හෝ සැලසුම් කළ දරු ප්‍රසූතියේ දිනය ළඟා වුවහොත් කඩිනමින් රෝහලකට ඇතුළත් විය යුතුයි. ප්‍රසව ලකුණු ගැන සෑම මවක්ම හොඳ අවධානයකින් සිටිය යුතු අතර ගර්භනී කාලයේදී යම් සංකූලතා ඇති වූ මවුවරු ඒ අතුරින් විශේෂිත වේ. එසේම මවකට ප්‍රථම දරු උපතේදී ප්‍රසව ලකුණු පෙන්වීම තරමක් ප්‍රමාද වුවද දෙවැනි හා තෙවැනි දරු උපත්වලදී එය වේලාසනින් දැනීමට පුවවන. වේලාසනින් ප්‍රසව ලකුණු මතු වුවහොත් ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය බැවින් ඒ සඳහා වහාම රෝහලකට ඇතුළත් විය යුතුයි.
නිවෙස්ගත දරු ප්‍රසූති ඉතා අවදානම්
යම් හෙයකින් දරු ප්‍රසූතියක් නිවෙස්ගතව සිදු වුවහොත් පසු ප්‍රසව අවස්ථාවේ ඇති විය හැකි සංතූලතා හේතුවෙන් මව සහ බිළිදා දැඩි අවදානමකට පත් වීමට ඇති ඉඩකඩ වැඩිය. එනම් පසුප්‍රසව අවස්ථාවේදී අධික රුධිර වහනය, බිළිදාගේ ශ්වසන අපහසුතා, ආසාදන තත්ත්ව සහ ඇතැම් විට මරණය පවා ඇති වීමේ හැකියාව නිසා මව සහ බිලිඳා පසුවන්නේ දැඩි අවදානමකයි. මෙවැනි තත්ත්ව වැලැක්වීමට ගතහැකි සියලුම ක්‍රියා මාර්ග ගත යුතු බැවින් කල්ඇතුව රෝහල් ගත වීමට හොඳ සහ නිරවුල් සැලැස්මක් තිබීම වැදගත්ය.
කල් තියා රෝහල්ගත වීමේ සැලැස්ම
සෑම ගර්භනී කාන්තාවක්ම දරු ප්‍රසූතියේ සැලැස්ම ගැන පවුල් සෞඛ්‍ය සේවිකාව සමඟ සාකච්ඡා කොට ඇයව දැනුම්වත් කර තිබීම අවශ්‍ය වේ. එසේම තමා නොහිතන අවස්ථාවකදී වුව රෝහල් ගත වීමට සිදු වුවහොත් ඒ සඳහා හැකි ඉක්මනින් ළඟා වීම සඳහා වන ප්‍රවාහන සැලැස්මක්ද තිබිය යුතුයි.
නොවැලැක්විය හැකි ප්‍රවාහන දුෂ්කරතා මතුවේනම් ඉක්මනින් ළඟම ඇති රෝහලට ඇතුළත් වීම සම්බන්ධයෙන්ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ පවුල් සෞඛ්‍ය සේවා නිලදාරිනිය සමග කලින් සාකච්ඡා කොට තිබීම වැදගත්වේ. එවිට නොවැලැක්විය හැකි ප්‍රවාහන දුෂ්කරතාවකදී ඔබට ඉක්මනින් ළඟම ඇති රෝහලට යාමේ අවස්ථාව උදාවේ.
යම්හෙයකින් රෝහල වෙත යාමට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීම අපහසු නම් සුවසැරිය ගිලන් රථ සේවාව හරහා එම පහසුකම් ලබා ගත හැකියි. එබැවින් තව දුරටත් කාලය අපතේ නොයවා 1990 අංකය හරහා මෙම සේවාව සමග සම්බන්ධ විය හැකියි.
මවගේ පෝෂණය
මේ දුෂ්කර කාලසීමාවේදී වුවද මවක් තමාගේ මෙන්ම කුසතුළ සිටින සිඟිත්තාගේද පෝෂණය ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතුමයි. රෝහල් සායනයෙන් ලබා දෙන යකඩ පෙති ගැනීම ප්‍රතික්ෂේප නොකර නිසි පරිදි බෙහෙත් නොකඩවා ලබා ගන්න. ත්‍රිපෝෂ නිකුත් කිරීම වුවද ඉදිරි සතිවලදී යම් ප්‍රමාණයකින් හෝ රෝහල්වලට නිකුත් කිරීමට කටයුතු යොදමින් සිටී.
අනවශ්‍ය බියක් එපා
උද්ගතව ඇති තත්ත්වය හමුවේ ඔබගේ සහ සිඟිත්තාගේ ආරක්ෂාව සඳහා ගත යුතු ක්‍රියා මාර්ග පෙරතියා සූදානම් කර ගැනීම හැරුණු කොට අනවශ්‍ය බියක් , ආතතියක් ඇති කරගත යුතු නැත.
පූර්ණ රැකවරණය
වත්මන් තත්ත්වය හමුවේදී පවා දරු ප්‍රසූතියේදී සම්පූර්ණ රැකවරණය ලබා දීමට සියලුම රෝහල් වගකීමෙන් බැඳී සිටින නිසා හැකි ඉක්මනින් රෝහල් ගත වන්න. එය ඔබගේත් මෙලොව එළිය දැකීමට සිටින සිඟිත්තාගේත් ජීවිත ආරක්ෂාව උදෙසා වනු ඇත.
-සටහන- මාධවී ධර්මරත්න
කොළඹ ජාතික රෝහල ඇතුළු රටපුරා සියලුම රෝහල්වල ජීවිත ආරක්ෂක සහ අත්‍යවශ්‍ය ඖෂධ දැඩි හිඟයක් පවතින බව රෝගීහු පවසති.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (16) පෙරවරුවේ මහනුවර දී මල්වතු හා අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය.
විශ්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය මහතා සම්බන්ධව මහජනතාව නොමඟ යවන සුළු අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රකාශ විද්‍යුත් ,මුද්‍රිත මාධ්‍යයට නිකුත් කිරීම, හා
ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසු නව වසරේ රාජකාරී ආරම්භ කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුව කාලයේ විදුලි ඉල්ලුම අඩුවීමත් සමඟ විදුලි පද්ධතිය සමතුලිත කිරීම සඳහා අක්‍රීය කළ ඉන්ධන විදුලි බලාගාර මේ මස 21 වැනිදා ව
කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපතිධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා මහාචාර්ය සේනක රාජපක්‍ෂ මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාද කොමිෂන් සභාව විසින් පත් කරනු ලැබීය.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
තෙල් ගැටලු හමුවේ ගැබිණි මවට කල්තියා රෝහල් ගතවීමේ සැලසුමක්