පුංචි දේ පුංචි තැනින් කඩා ගත්තේ නැත්නම් පිළිලයක් වෙනවා. එහෙම වුනාම ඒකෙන් කරදර විදින්න වෙන්නේ තමන්ටමයි. මේ කතාව ලෙඩ රෝග සම්බන්ධයෙන් නිතර අහන්න ලැබෙන දෙයක්. විශේෂයෙන් අපේ කාන්තාවෝ වයසට යෑමත් සමඟ තමන් ගැන දක්වන උනන්දුව සාමාන්‍ය වෙනවා. තමන්ගේ ලෙඩ රෝග ගැන එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. නමුත් ශාරීරික වෙනස්වීමක්, රෝගයක් හෝ යම්, අපහසුතාවයක් දැනේ නම් කාන්තා ඔබ මූලික අවදියේම ප‍්‍රතිකාර ස`දහා යොමුවීම අතිශයින්ම වැදගත් වේ.
ලැජ්ජාවට ලෙඩ හංගන්න එපා
කාන්තා ඔබ ඔබට ඇතිවන ඕනෑම රෝගයක් පිළිබ`ද වෛද්‍යවරයකු මුණ ගැසී ප‍්‍රතිකාර ගැනීමට බිය විය යුතු නැත. සමහර රෝග ඉතා සුළු සැත්කම් මගින්ද සම්පූර්ණයෙන් ම සුව කළ හැකිය. ස්කෑන් පරීක්‍ෂණ මගින් සහ රුධිර පරීක්ෂා මඟින් රෝගය හඳුනාගෙන ලැපරොස්කොපි වැනි ඉතා සුළු කැපුමකින් කරන සැත්කම් ද අද බහුලව සිදු කෙරෙයි. එම නිසා රෝගයක් බරපතළ වනතුරු බලා නොසිට මුල් අවධියේම ප‍්‍රතිකාර ස`දහා යොමුවී ප‍්‍රතිකාර ගැනීමේ වාසිය ඇත්තේ ඔබටය. නිශ්චිතවම රෝගය සහ එහි තත්ත්්වය හඳුනාගෙන ප‍්‍රතිකාර කර සුවය ලබාදිය හැක්කේ වෛද්‍යවරයාට පමණක් බැවින් ලැජ්ජාවීමෙන් සිදුවන්නේ රෝගය බරපතළවීම පමණි.
කාන්තාවන් මැදිවිය සහ වයස්ගතවීමේදී සුලබව දක්නට ඇති ගර්භාශ පහත්වීම
ගර්භාශය පහත්වීම කාන්තාවන් මැදිවිය සහ වයස්ගතවීමේදී සුලබව දක්නට ඇති රෝගී තත්ත්්වයකි. මෙම රෝගී තත්ත්වය ආරම්භ වන්නේ මුත‍්‍රාශය පහත්වීමෙනි. හිටගෙන සිටින විට යෝනි මාර්ගයෙන් පිටතට කුඩා බෝලයක් මෙන් මතු වී ඇඳේ හාන්සි වූ විට නොපෙනී යයි. එය රෝගයේ මුල් අවස්ථාවයි. නිදාගෙන සිටිනවිටද යෝනි මාර්ගයෙන් පිටතට බෝලයක් පැමිණීම බරපතළ ය. මෙම බෝගය සමහරවිට නැවත ඇතුළට යන්නේ නැත. එය ඉතා අපහසු තතත්වයකි. එවිට මළපහ කිරිම, මූත‍්‍ර පිට කිරිම ද අපහසු ය. එමෙන්ම එම බෝයේ කෙළවර තුවාල වී රුධිරය සහ දියර ගලයි. එය තවත් අපහසුතා ගෙන දෙයි. එබැවින් පළමු අවස්ථාවේදී ම ප‍්‍රතිකාර සඳහා යොමුවීම වදගත් ය.
ඉර ඉසිලීම, තැටමීම, සුව නොකරගත් දිගුකාලීන කැස්ස වැනි හේතු නිසා මෙම රෝගී තත්ත්වය තවත් වැඩි වේ.
ප‍්‍රතිකාර
සැත්කම් කිරීමට නොහැකි බොහෝ වයස්ගත සහ වෙනත් රෝග ඇති කාන්තාවන්ට වළලූ (ප්ලාස්ටික්* දමා තත්ත්වය පාලනය කරයි. සැත්කමක් මගින් සුව කරගත හැකිය. එසේ නැතහොත් ගර්භාශය ඉවත් කරයි. මුත‍්‍රාශය පමණක් පහත් වී ඇත්නම් විශේෂ ව්‍යායාම මගින් ද සුව කරගත හැකිය.
හු`ගක් කාන්තාවන් බියවන සුදයාම බරපතළ රෝගයක්ද?
සුදයාමේ රෝගී තත්ත්වය ඇතිවන්නේ ‘කැන්ඩිඩා’ නමින් හැඳින්වෙන දිලීරය යෝනි මාර්ගය තුළ වැඞීම හේතුවෙනි. මෙම දිලීරය වර්ධනය වන්නේ ජලය සහ තෙතමනය ඇති ඇතිවීම නිසයි. සුදයාමේ තත්ත්වය වර්ධනයවීමට එය බලපායි.
මේ තත්වය මඟ හරවා ගන්නේ කොහොමද?
යට ඇ`දුම් භාවිතයේදී නයිලෝන් මිශ‍්‍රිත යට ඇඳුම් භාවිත නොකරන්න. හැමවිටම කපු මිශ්‍රීත රෙද්දෙන් මැසූ යට ඇඳුම් පමණක් තෝරාගන්න. සති දෙකකට වරක්වත් යෝනි ප‍්‍රදේශයේ රෝම ඉවත් කරන්න. හැකි තරම් සේදීම අඩු කරන්න. සෝදන විට නිතර සබන් දැමීම සුදුසු නැත. සේ¥ පසු ටිෂූ කඩදාසියකින් හොඳින් පිස දා වියළිව තබාගන්න.
සුදයාමට ප‍්‍රතිකාර?
සුදයාම ස`දහා ඖෂධ තිබුණත් ඒවා භාවිතයට ගැනීමෙන් අනතුරුව තම පෞද්ගලික පිරිසුදුබව රැුක ගැනීමට උනන්දු නොවුනොත් නැවතත් සුදයාම ඇතිවිය හැකිය. එය ඉතා පහසුවෙන් සුව කළ හැකි රෝගයකි. විවාහක කාන්තාවකට නම් යෝනි මාර්ගයට ඇතුළු කිරීමට පෙති ලබාදෙන අතර අවිවාහක අයට ගිලින පෙති ලබාදෙයි. මෙය පහසුවෙන් සුව නොවන අවස්ථාවලදී එම දියර රසායනගාරවලට යවා වැඩිදුර පරීක්‍ෂණ පවත්වා වෙනත් රෝගී
ලිංගික සබ`දතා වලදී ඔබත් වේදනා විදිනවද?
ලිංගික සබ`දතා වලදී වේදනාව අවස්ථා දෙකකදී ඇති වේ. එනම් පුරුෂ ලිංගය යෝනියට ඇතුළු කිරීමේදී සහ පසුභාගයේදී ය.ලිංගික සම්බන්ධතාවලදී ඇතිවන වේදනාව පහසුවෙන් සුව කළ හැකි රෝග තත්ත්වයකි. මෙම ගැටලූව බොහෝවිට ඇතිවන්නේ විවාහ වූ අලූත ය.
මානසික බිය, කන්‍යා සිවියේ තද ගතිය, හේතුවෙන් යෝනි මාර්ගය තදින් වැසී යාම මේ වේදනාවට හේතු වේ. එමෙන්ම ලිංගික සම්බන්ධතා පිළිබඳව ඇති වැරදි මත සහ බිය නිසා සැමියාට ඉඩ නොදීමද මෙම වේදනාවට හේතු වෙයි. වෛද්‍ය උපදෙස් මගින් මෙම වේදනාව නැති කර ගැනීමට අවශ්‍ය මගපෙන්වීම ලබාගත හැකිය. ඒ සඳහා විශේෂිත ව්‍යායාම තිබේ. මානසික ප‍්‍රතිකාර ද අවශ්‍ය ය.
උපදෙස් - නාරි හා ප‍්‍රසව විශේෂඥ වෛද්‍ය ආර්.එන්.ජී.ඒ. රාජපක්‍ෂ
(සටහන නයනා උදයංගනී)
දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ
වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.
දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා
අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පා
නුවරඑළියට අද සවස කෙටි කාලයක් තුළ ඇද හැලුනු මහා වර්ෂාවෙන් නුවරඑළිය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට විය.
සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ලැජ්ජා වුණොත් අමාරුවේ බෙහෙත් කළොත් ලෙඩ සුව වේ