වකුගඩු අකර්මණ්‍යතාව කියන්නේ
වකුගඩුවේ ක්‍රියාකාරීත්වය මාස හෝ අවුරුදු කිහිපයක් මුළුල්ලේ සිට ක්‍රමයෙන් අඩු වීම මේ නමින් හැඳින්වේ. රසායනාගාර පරීක්ෂණ මගින් මෙය අනාවරණය කර ගත හැකි වනුයේ තත්ත්වය උග්‍ර වූ පසුවයි. සෑම පුද්ගලයන් 10 දෙනකුගෙන් 01 අයෙක් මේ තත්ත්වයට ගොදුරු වන අතර ඕනෑම වයසකදී වැළඳිය හැකිය.
රෝගී ලක්ෂණ
මහන්සිය, උග්‍ර රක්තහීනතාව, සිරුර - දෙපා ඉදිමීම, ඇඟ කැසීම, කෑම අරුචිය, වමනය, ස්වසන සංකූලතා, දෙපා හිරිවැටීම්
වකුගඩුවල ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීම
මේ සඳහා යොදා ගැනෙන්නේ 'සීරිම් ක්‍රියැටිනැන්' පරීක්ෂණයයි. නිරෝගි පුද්ගලයකුගේ වකුගඩුවෙන් රුධිරය පෙරෙන ප්‍රමාණය 90 ත් 120ත් අතර වේ. එය 90 ට වඩා අඩු නම් අවධානම් තත්ත්වයකි. 60 ට වඩා අඩු නම් වකුගඩු රෝගීන් ලෙසත් 10 ට වඩා අඩු නම් රුධිර කාන්දුකරණය ලබා දේ.
වකුගඩු අකර්මණ්‍යතාවට හේතු
අධි රුධිර පීඩනය සහ දියවැඩියාව වකුගඩු අකර්මණ්‍යතාවට හේතු වේ. ලොව පුරා වකුගඩු අකර්මණ්‍යතා අතුරින් 1/4 ට අධි රුධිර පීඩනයද, 1/3 ට දියවැඩියාවද වේ.
මීට අමතරව වකුගඩුවේ නිතර ඇතිවන ප්‍රදාහ, නිරන්තරයෙන් සෑදෙන වකුගඩු ආසාදන, ඇතැම් නිදන්ගත රෝග, ( පොලිසිස්ටික් වකුගඩු) දීර්ඝකාලීනව ඇතිවන මුත්‍ර ගල්, මුත්‍ර මාර්ගයේ විවිධ අවහිරතාද හේතු ලෙස දැක්වේ.
එසේම ඇතැම් වේදනා නාශක ඖෂධ දිගු කලක් පුරා කිසිදු වෛද්‍ය උපදෙසකින් තොරව භාවිත තිරීමද වකුගඩුවලට බලපෑම් කළ හැකි තත්ත්වයකි.
කාලීන සහ තීව්‍ර වකුගඩු අකරණිය
වකුගඩු අකර්මණ්‍යතාව කාලීන සහ තීව්‍ර වකුගඩු අකරණිය ලෙස කොටස් 02කි. කාලීන වකුගඩු අකර්ණිය යනු පරීක්ෂණවලින් සනාථ වූ ඉහත රෝගී තත්ත්වය මත වකුගඩු රෝගය වැළඳීමයි.
තීව්‍ර වකුගඩු අකර්ණිය යනු මී උණ සහ වෙනත් ආසාදන, සර්ප දෂ්ටනය වැනි හේතු මත තාවකාලිකව වකුගඩුවට බලපෑම් ඇති වීමයි.
ප්‍රතිකාර
වකුගඩු අකර්මණ්‍යතාව සුව කළ නොහැකි රෝගයකි. එහෙත් එය උත්සන්න වීම සහ ඇතිවන සංකූලතා පහසුවෙන් මග හරවා ගත හැකියි. මුල් අවදියේම ඖෂධ ගැනීම, ආහාර පාලනය සහ ජීවන රටාව වෙනස් කර ගැනීමෙන් ශරීරයේ සමතුලිතතාව රැක ගත හැකියි. පසුකාලීනව රුධිර කාන්දුකරණය හෝ වකුගඩු බද්ධ කිරීම මගින් ජීවිත රැක ගත හැකියි.
-සටහන- මාධවී ධර්මරත්න
මහනුවර දළදා වන්දනාවට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා බුද්ධි අංශ නිලධාරීන්ද දහසක් යොදවා ඇති බව පොලිසිය පවසයි.
යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.
දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.
මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වකුගඩු ලෙඩ වෙන්නේ ඇයි?