IMG-LOGO

2024 ඔක්තෝබර් මස 22 වන අඟහරුවාදා


සිරුරේ ලේ අඩුවෙන ලෙඩේ තැලසීමියාව

මවුපියන් වාහකයෙන් වුණොත් දරුවට හැදෙනවා 

විවාහයට පෙර ලේ බලාගන්න 

(උපදෙස් - කුරුණෑගල ශික්ෂණ රෝහලේල ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඊ.එම්. රංජනී එදිරිසූරිය) 

වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන්  වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැනයි මේ සටහන. 

මොනවගේ රෝගයක්ද?

තැලසීමියාව නම් ජානගත රෝගය දරුවෙකුට  වැලඳෙන්නෙ මවුපියන්ගෙන් එනම් මෙය උපතේදීම ඇතිවන රුධිරගත රෝගී තත්ත්වයක්. ජානමය වෙනසක් මගින් හිමොග්ලොබින් නිෂ්පාදනයේ දෝෂ ඇතිවීම නිසා හටගන්නා රෝගී තත්ත්වයක්ග මහා තැලසීමියාව යනු  තැලසීමියාවේ වඩාත් බරපතළ තත්ත්වයයි. 

අපේ රටේ තත්ත්වය කොහොමද? 

මේ වනවිට අපේ රටේ දරුවන් ​ දෙදහසක් පමණ මහා තැලසීමියා රෝගීන්බවට පත්ව සිටිනවා. මිලියන භාගයක් පමණ පිරිසක්  තැලසීමියා වාහකයින් ලෙස රට පුරාම සිටිනබවටද ගණන් බලා තිබෙනවා.

හැදෙන්නෙ කොහොමද?

තැලසීමියාව සහිත දරුවෙකු උපදින්නේ තැලසීමියා රෝගී වාහකයන් දෙදෙනෙකු අතර සිදුවන එක්වීමකින් පමණයි. එසේ නොමැතිව මෙය බෝවීමකින් හෝ වෙනත්  හේතුවකින් වැළඳෙන රෝගයක් නොවෙයි.

දරුවාගේ රුධිරයේ හිමොග්ලොබින් තත්ත්වය ඉතා අවම වෙනවාග රතු රුධිරාණුවක ආයු කාලය දින එකසිය විස්සයි. මහ තැලසීමියා තත්ත්වය ඇති කෙනකුගේ සිරුරේ  රතු රුධිරාණුවක් තියෙන්නෙ සතියක් දෙකක් වගේ ඉතාම කෙටි කාලයක්ග. මෙම දරුවන්  නිරෝගීව ඉපදී  මාස තුන හතරක් යනවිට  සුදුමැලි වෙන්නල කහ පාට වෙන්න පටන් ගන්නවා දරුවා කෑම කන්නෙ නැහැ.  කිරි උරා බනෝනෙ නැහැ. නිතරම  උණ සෑදෙනවා.  මෙවැනි රෝග ලක්ෂණ තිබෙන විට ඒ තැලසීමියා තත්ත්වයක් දැයි අම්මට අවබෝධයක් නැතිවෙන්න පුළුවන්ග එහෙත්  රුධිර පරීක්ෂණයකින් මේ තත්ත්වය හඳුනාගන්න පුළුවන්. 

රෝගය හඳුනාගත් පසු 

මහා තැලසීමියා රෝගී දරුවෙකුට ජීවිතය පවත්වා ගැනීමට නම් අඩුම තරමින් මාසයකට වරක්වත් රුධිරය පාරවිලනය කළ යුතුයි.එය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක්. මේ නිසා ලේ දන්දීමේ වැඩසටහන්වලින් ලේ බැංකුවලට එකතුවන රුධිරයෙන් වැඩිම ප්‍රමාණයක්  භාවිතා කරන්නේ මේ රෝගී දරුවන්ටයි. රුධිරය  ලබාදීමේදී සිරුරට යකඩ ද එකතුවෙන අතර  එම යකඩ දරා ගැනීමේ හැකියාවක් මේ දරුවන්ට නැහැ. මේ නිසා අතිරික්ත යකඩ ප්‍රමාණය සිරුරෙන් ඉවත් කිරීමටද  නැවත ඖෂධ ලබාදිය යුතුයි. එසේ නොකළොත්  හෘදය අකර්මණ්‍යවීමටල  ඇට මිදුලු ප්‍රසාරණය වී ඉදිමීමටල අග්න්‍යාශයේ යකඩ තැන්පත් වී දියවැඩියාව ඇතිවීමටග අක්මාවට හානිවීමට පුළුවන්ග තැලසීමියාව රෝගියෙකුට ප්‍රතිකාර ලබාදීම ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් වන්නේ  මේ සියලු සංකූලතා ද මැඩපවත්වා ගනිමින්  ප්‍රතිකාර කළ යුතු නිසයි. 

වාහකයෙක් හඳුනාගන්නෙ කොහොමද? 

තැලසීමියා වාහකයා කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැහැ . වාහක තත්ත්වය හඳුනාගත හැක්කේ රුධිර පරීක්ෂණයකින් පමණයි. වාහකයා තැලසීමියා රෝගියෙක් නොවන අතර එම රෝගය ඊළඟ පරම්පරාවට ගෙන යන්නේ එම වාහකයා යි.   වාහකයින් දෙදෙනෙකු අතර සිදුවන එක්වීමකින් උපදින දරුවා මහා තැලිසීමියා රෝගියෙක්බවට පත්වෙනවා. 

ඔබ සම්පූර්‍ණ රුධිර පරීක්ෂාවක් කින් මේ තත්ත්වයේ මූලික දැනුමක් ලබාගත හැකියිග එනම් එම පරීඣෂණ සටහනේ  හිමොග්ලොබින්  සහ ඊට පහළින් ඵඣඪ සහ ඵඣ්‍ය ලෙස රතු සෛලවල දත්ත දෙකක් දක්වනවාග  ඵඣඪ අගය 80 ට වැඩි සහ ඵඣ්‍ය අගය 27 ට වඩා අඩු  අගයක් දක්වන්නේ නම් එය සැලකිලිමත් විය යුතු තත්ත්වයක්ග එනම්  එම පුද්ගලයා තැලසීමියා වාහකයෙකුවීමේ සම්භාවිතාව ඉතා ඉහළයිග එවැනි විටෙක කළ යුත්තේ තැලසීමියා  සොයන පරීක්ෂණ සඳහා යොමුවීමයි.

එමෙන්ම වාහකයෙකු නම් එම පුද්ගලයාට රෝස පැහැති කඩ්පතක් නිකුත් කරන අතර වාහකයෙකු නොවන්නේ නම් කොළ පැහැති කාඩ්පතක් නිකුත් කරයිග රෝස පැහැති කාඩ්පතක් නිකුත් කළ පමණින් ඔහු හෝ ඇය රෝගයෙකුබව කියැවෙන්නේ නැහැ.

ඔබ  සම්පූර්ණ රැධිර පරීක්ෂාවක් කළ මොහොතක  එම වාර්තාව වෙද්‍යවරයාට පෙන්වා  තැලිසීමියා වාහක තත්ත්වයක් ඇත්දැයි දැන ගැනීමට වුවත් පුළුවන්.

දැන් හුඟක් රෝගී දරුවන් වෙනස් 

තැලසීමියාව මුළු ජීවිත කාලයටම බාලපාන රෝගයක් වගේම එයත් සමජ ජිවත්වීම ඉතා අසීරු කටයුත්තක්ග එහෙත් රෝගයට තමන්ව පරාජය කිරීමට ඉඩ නොදෙමින්  වැඩ කරන ධෛර්යවන්ත දරුවෝ බොහෝයිග විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබනල තැලසීමියා රෝගයේ ව්‍යාප්තිය නැවැත්වීමට තම කාලය -  ශ්‍රමය වැය කරනල සමාජ මාධ්‍ය හරහා සමාජය දැනුවත් කරමින් කටයුතු කරන දරුවන් ඒ අතර සිටිනවාග එය අපට ආඩම්බර විය හැකි කරුණක්ග සමහර දරුවන් තම රුව පිළිබඳව පවා සැලකිලිමත්වෙමින් ඉතා  ලස්සන ජිවිත ගත කරනවා

රුධිර පොරොන්දම ගළපාගන්න 

තැලිසීමියා රෝගී දරුවන් බිහිවෙන්නේ වාහකයින් අතර ඇතිවන එක්වීමකින් පමණක් වන හෙයින් එම රෝගය වළක්වා ගැනීමට නම් කළයුතු එකම දේ වාහකයින් අතර සිදුවන විවාහ වැළැක්වීමයි.  එබැවින් විවාහයට පෙර රුධිර පරීක්ෂාවක් මගින් දෙදෙනාම වාහකයින් නොවනබව හඳුනා ගැනීම සුදුසුම ක්‍රමයයි. 

තැලිසීමියා වාහකයින් රට පුරාම 

මීට පෙර තැලිසීමියා වාහකයින් බහුතරයක් හඳුනා ගත්තේ කුරුණෑගල සහ අනුරාධපුර ප්‍රදේශවලින් වුවත් මේ වනවිට රට පුරාම වාහකයින් සිටිනබව හඳුනාගෙන තිබෙනවාග මේ නිසා තැලිසීමියා අවදානම රටපුරාම විහිද ගොස් අවසන්ග අනුරාධපුරල රාගම, කුරුණැගල, මහනුවර ආදී රෝහල්වල තැලිසීමියා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානද පිහිටුවා තිබෙනවා. 

දැලිසීමියාව තුරන් කළ රටක් වෙනුවෙන් ඔබට කළ හැකි එකම දෙය  තමන් වාහකයෙකු දැයි හඳුනා ගැනීම තවත් වාහකයකු සමග විවාහ නොවී සිටීමයි. 

(උදේශිකා නෙලුම්දෙනිය) 
  



අදහස් (0)

සිරුරේ ලේ අඩුවෙන ලෙඩේ තැලසීමියාව

ඔබේ අදහස් එවන්න

දියත

රජයේ දේපල පාවිච්චි කරන විට ඉස්සර නරක පුරුදු එපා
2024 ඔක්තෝබර් මස 22 452 0

පළාත් සභා යාන්ත්‍රණය විධිමත් කිරීම සඳහා යෝජනාවලියක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පළාත් ආණ්ඩුකාරවරුන්ට (22) දැනුම් දුන්නේ


ආනවිළුන්දාව පරිසර පද්ධතිය
2024 ඔක්තෝබර් මස 22 10 0

දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය දිනා ගත් ආනවිළුන්දාව පරිසර පද්ධතිය දරුණු ව්‍යසනයකට ගොදුරු වෙමින් පවතී.


දුම්රිය පරණ යකඩ දේශීය කර්මාන්තවලට
2024 ඔක්තෝබර් මස 22 970 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පවතින අබලි ලෝහ බැහැර කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ම.ප.ප්‍රධාන ලේකම් කාර්යාල වාහන 38ක රාජ්‍ය ලාංඡනය නැහැ
2024 ඔක්තෝබර් මස 22 641 0

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයට අයත් වාහන 38ක රාජ්‍ය ලාංඡනය යෙදිම සහ වාහන බදෙහි ආයතනයේ නම සටහන් කිරිමට කටයුතු කර නොතිබු බව ජාතික විගණන කාර්යාලය ම


’’රවී - ශානි’’ තනතුරුවලින් ඉවත් කරන්නෑ
2024 ඔක්තෝබර් මස 22 1608 0

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ශානි අබේසේකර යන මහත්වරුද කිසිදු


‘‘ඉදිරි තීන්දු තීරණ කල්පනාවෙන් ගත යුතුයි‘‘
2024 ඔක්තෝබර් මස 22 150 0

’’මෙම පාර්ලිමේන්තු මැතිවරණය ඉතාමත් තීරණාත්මකයි. ඇත්තෙන්ම පසුගිය ජනාධිපතිවරණයේදී අපි සියලු දෙනාම බලාපොරොත්තු වුණේ අපේ රනිල් වික්‍රමසිංහ මහතා නැවත ම


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 83 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 772 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 535 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site